Nuwaragam Palatha Central Divisional Secretariat

Nuwaragam Palatha Central Divisional Secretariat

Share

An efficient and a productive service to people by strengthening the process of administration.

Photos from Nuwaragam Palatha Central Divisional Secretariat's post 23/06/2023

"ගීතය තුළින් ජීවිතය දකිමු"
--------------------------------------------------------
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කළ අ.පො.ස.(සා/පෙළ) විභාගය සමත් 2022 - 2024 අධ්‍යන වර්ෂය සඳහා උසස් පෙළ විභාගයට පෙනි සිටින දූ දරුවන් සඳහා "සිප්දොර ශිෂ්‍යත්වලාභි" වැඩසටහනට සමගාමීව "ගීතය තුළින් ජීවිතය දකිමු" යන්න තේමා කරගත් රස වින්දන වැඩසටහනක් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී 2023.06.21 දින පැවැත්විය.

මේ සඳහා කොට්ඨාසයේ තෝරාගත් ශිෂ්‍යත්වලාභි දරුවන් 64 දෙනෙක් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී විය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ අ.පො.ස.(උ/පෙළ) හදාරන දරුවන් මෙම කඩඉම් වසර දෙක අතර මඟ නැවතීම වළක්වා ගැනීමත්, යහපත් ආකල්ප වලින් සංවර්ධිත දරු පරපුරක් රටට දායාද කිරිමත්ය.

"ගීතය තුළින් ජීවිතය දකිමු" වැඩසටහනේ ප්‍රධාන ආරාධිත දේශනය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ඒ.වසන්ත මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු නදීෂා දිලානි ජයපත්ම මහත්මිය, බැංකු සමිති කළමනාකරු ගයාන් ජී මුදියන්සේ මහතා, සමාජ සංවර්ධන නිලධාරි චන්දන ප්‍රේමසිරි මහතා ඇතුළු සමෘද්ධි අංශයේ නිලධාරි මහත්ම මහත්මින් බොහෝ පිරිසක් සහභාගී විය.

තොරතුරු අනුග්‍රහය - මධ්‍යම නුවරගම් පළාත ⁣ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි .
එම්.ඩබ්.කේ.ජයලත්.

Photos from Nuwaragam Palatha Central Divisional Secretariat's post 07/06/2023

𝟮𝟬𝟮𝟯 ජූනි 𝟬𝟱 දිනට යෙදුණු ජගත් පරිසර දිනට සමගාමීව අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අසල භූ දර්ශනය අලංකාර කිරීමේ වැඩසටහන
.....................................................................................................................

ජගත් පරිසර දිනයට සමගාමීව අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අසල භූ දර්ශනය අලංකාර කිරීමේ වැඩසටහනක් පැවැත්විය. ඒ අභයගිරි විහාරාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශණශූරි කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් හා ප්‍රධානත්වයෙනි.
ඒ අනුව සමාධි බුද්ධ ප්‍රතිමාව අසල පූජා භූමියේ "සංසිපා" හෙවත් ඇක්ටේරියා පැළ 100ක් රෝපණය කිරීම සිදු විය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ගත සිත සනසන සමාධි ප්‍රතිමා වහන්සේ තව තවත් සමීප කිරීමට හා ආකර්ෂණීය භූමියක් බවට පත් කෙරලීම අරමුණ කර ගෙන පරිසර දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවේ දී කෙටි අනුශාසනයක් පැවැත් වූ අභයගිරි විහාරාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශණශූරි ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේ දේශනා කර සිටියේ උතුම් පිං බිමක් තුල සිදු කරන පරිසර අලංකාරය, රුක් රෝපණ වැඩසටහන කුසල් වැඩෙන උසස් ක්‍රියාවක් බවත්, රුක් රෝපණය මිනිසාට පමණක් නොව පෘථිවියේ ජීවත් වන සෑම ජීවියෙකුට ම තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන ප්‍රධාන වන ජලය, ආහාර, වාතය සහ ඖෂධ වැනි මූලික දෑ ලැබෙන බවත් එම නිසා බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ වන රෝප සුත්‍රයේ දී දේශනා කොට ඇත්තේ රුක් රෝපණය කුසල් වැඩෙන උතුම් ක්‍රියාවක් බවයි.
මෙකී අවස්ථාව සඳහා සහභාගී වූ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙය මාහැඟි උතුම් පුණ්‍ය කටයුත්තක් බවත් සැදැහැවතුන්ගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් තුන්සිත පහදවාගෙන වන්දනා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට මේ තුළින් හැකියාව ලැබෙන බවයි.
රමණීය, සුන්දර පරිසරයක් තුළ ආගමික වතාවත් සිදු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ජගත් පරිසර දිනයට සමගාමීව ඇක්ටේරියා පැළ රෝපණය සඳහා අනුග්‍රහයක දායකත්වය දක්වන ලද්දේ සීසෙත් පදනමේ සභාපති ගීපද රචක ඉන්දික අප්පුරාළ, ජාතික හරිත පෙරමුණේ වෛද්‍ය පැතුම් කර්නල් යන මහත්වරුන් විසිනි.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි එම්.ඩබ්ලිව්.කේ.ජයලත් මහතා සහ අභයගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු එම්.එච්.පී.ආනන්ද ජයවර්ධන යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණය තුළින් ය. අනුරාධපුර උඩමලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්දන වෑත්තෑව මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සහ අභයගිරි ව්‍යාපෘතියේ නිලධාරි ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.

තොරතුරු අනුග්‍රහය -
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි එම්.ඩබ්ලිව්.කේ.ජයලත්.

Photos from Nuwaragam Palatha Central Divisional Secretariat's post 31/05/2023

පොසොන් උත්සවය ආරම්භ කරමින් 𝟒𝟒 වන වතාවට පැවැත් වූ ඓතිහාසික පැන් පෙරහැර - 𝟐𝟎𝟐𝟑

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන සති පිරිත් පිංකම සමාරම්භ කරමින් පැවැත්වෙන ඓතිහාසික පැන් පෙරහැර මෙවරත් අති සාර්ථක අන්දමින් 2023 මැයි මස 30 වන දින ප.ව.3.00 ඉසුරුමුනි රාජ මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි . දිස්ත්රික්කය තුළ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල අනුග්‍රහයෙන් සිදු කරන මෙම උත්සවයේ සංවිධාන කටයුතු මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි වලින් ලබා ගන්නා පැන් මෙලෙස මහමෙව්නා උයනේ පිහිටුවා ඇති පිරිත් මණ්ඩපය වෙත රැගෙන එනු ලබයි. මෙලෙස ගෙන එනු ලැබූ පැන් පිරිත් මණ්ඩපයේ තැන්පත් කර ඇති පැන් පාත්‍රයට පුරවනු ලැබුයේ , අටමස්ථානාධිපති , නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අනතුරුවයි.
ඒ අනුව අද (30) රාත්‍රීයේ සිට පුරා දින හතක් පිරිත් සජ්ඣායනය පැවැත්වේ. දොරකඩ අස්න පැවැත්වෙන්නේ ජුනි මස 06 වනදා රාත්‍රී 8.00 ට යි.
අද පැවැති පැන් පෙරහැරට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර , ශාමිලා වික්‍රමආරච්චි යන මහත්මීන් , මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමිණි සේනාරත්න , කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී.මැදිවක , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.

SYSCGAA කාර්යාල කළමණාකරණ පද්ධතිය හරහා "කළ වැඩසටහන් හා ඉදිරි වැඩසටහන්" ඇතුලත් කරන ආකාරය 03/08/2022

SYSCGAA කාර්යාල කළමණාකරණ පද්ධතිය හරහා "කළ වැඩසටහන් හා ඉදිරි වැඩසටහන්" ඇතුලත් කරන ආකාරය

SYSCGAA කාර්යාල කළමණාකරණ පද්ධතිය හරහා "කළ වැඩසටහන් හා ඉදිරි වැඩසටහන්" ඇතුලත් කරන ආකාරය zoom වැඩසටහනක් මගින් පටිගත කර සකසන ලද වීඩියෝවකි.විශේෂ ස්තුතිය - අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය තොරතුරු තාක්...

20/07/2022

ජාතික හැදුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව සතියේ වැඩ කරන සෑම දිනකම පැවැත්වේ...

04/07/2022

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2022.07.04 සිට 2022.07.29 දක්වා කාලය තුල අත්හිටුවා ඇති බව කාරුණිකව සලකන්න!!!
මෙම කාලය තුල උතුරු මැද පළාතේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු නොලැබේ.
අදාල කාලය සඳහා දඩ මුදල් අය කරනු නොලැබේ.

29/03/2022

වාර්ෂික ලේ දන්දීමේ පිංකම
මනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
මාර්තු 30 පෙ.ව 8.30 - ප.ව. 3.00
ඔබ සැමට ආරාධනා
සංවිධානය -> සංවර්ධන නිලධාරීන්

15/02/2022

මනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුහද ක්‍රිකට් තරගාවලිය 2022. 02. 16 වන බදාදා දින පෙ.ව.8.00 බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දි පැවැත්වේ

24/01/2022

Advanced Certificate in Public Procurement and Asset Management

07/01/2022

ජපන්, කොරියා, ඊශ්‍රායල්, ජෝර්දාන් හා මැදපෙරදිග රට වල විදෙස් රැකියා සඳහා සුදුසුකම් පරික්ෂා කිරීම හා බඳවා ගැනීමේ වැඩසටහන 2022.01.19 දින පෙ.ව. 9.00 ට මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතා ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
0711024074 - chinthaka
0713710703 - chathuranga
0712344375 - sandunmala
0713130686 – Priyadarshana

Photos from Nuwaragam Palatha Central Divisional Secretariat's post 03/01/2022

ලැබුවාවූ 2022 නව වසර කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශවාසීන්ටත්, රට වැසියන්ටත්, ලෝ වැසියන්ටත් උපද්‍රව වලින් තොර නිදුක් නීරෝගිමත් සුභ නව වසරක් වේවායි පතමින් ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්යාල නිලධාරීන් එක්ව සුභ පැතුම් එක් කල අවස්ථාව...

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Pandulagama
Anuradhapura
50029

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15