21/03/2026
📢 දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්: විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මහවිලච්චියෙදී 👨👩👧👦✨
අනාගත පරපුර යහපත් මගට යොමු කරමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ මානසික සෞඛ්‍යය තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (2026.03.21) දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් නිර්මාණි අමරතුංග මියගේ මගපෙන්වීම යටතේ, අනුරාධපුර පරිවාස කාර්යාලයේ ස්ථානභාර පරිවාස නිලධාරී හා විලච්චිය ප්‍රාදේශීය භාර පරිවාස නිලධාරී විසින් මෙම වැඩසටහනය සංවිධානය කරන ලදී.
🌟 ප්‍රධාන සම්පත් දායකත්වය:
මෙහි ප්‍රධාන සම්පත් දායකයා ලෙස හිටපු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා සහභාගී වූ අතර, දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍යය සහ යහපත් පුරුදු පිළිබඳව ඉතා වටිනා දේශනයක් එතුමන් විසින් පවත්වන ලදී.
වැඩසටහනේ සුවිශේෂී අවස්ථා:
✅ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ටී.එස්.සී.
පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම.
✅ තන්තිරිමලේ සහ විලච්චිය පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්ගේ දායකත්වය.
✅ ප්‍රදේශයේ පරිවාස අධීක්ෂණය යටතේ පසුවන දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසකගේ සහභාගීත්වය.
මෙම වැඩමුළුව මගින් දරුවන්ගේ සුබසාධනය උදෙසා දෙමාපියන් සතු වගකීම සහ නීතිමය පසුබිම පිළිබඳව ප්‍රජාව මැනවින් දැනුවත් කෙරිණි....
15/02/2026
📝 මල්විකුණන දරුවන් පිළිබඳව පැවැත්වු සමීක්ෂණය 🌸
=================================
2026 පෙබරවාරි 13 වන දින පවත්වනු ලැබූ "මල් විකුණන දරුවන් පිළිබඳ සමීක්ෂණය" සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි විය.
විශේෂ ස්තූතිය:
ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී අමරා මහත්මිය ඇතුළු අප දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එක්වූ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට,
ළමා හා කාන්තා ඒකකය නියෝජනය කරමින් සහභාගී වූ සියලුම දිස්ත්‍රික් නිලධාරී මහත්ම මහත්මීන්ට,
මධ්‍යම නුවරගම් පළාත හා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා ඒක්කයන්හි නිලධාරී මහත්ම මහත්මීන්ට, ✨
--------------------------------------
31/01/2026
---------------------------------------
📢 පරිවාස නිලධාරී වෘත්තීය නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන - 2026
පළාත් පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද, පරිවාස නිලධාරීන් සඳහා වැදගත් වන අණපනත් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් අද දින (2026.01.31) එම ඒකක ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
🗓️ වැඩසටහනේ විස්තර:
දිනය: 2026 ජනවාරි 31
ස්ථානය: පළාත් පුහුණු ඒකකය
විෂය පථය: පරිවාස නිලධාරීන් සඳහා වැදගත් වන අණපනත් පිළිබඳ දැනුවත් කිරීම.
🎙️ සම්පත්දායකත්වය:
මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ වයඹ පළාත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී තිලකරත්න බණ්ඩාර මහතා විසිනි. එතුමන්ගේ වසර ගණනාවක අත්දැකීම් සහ නීතිමය ක්ෂේත්රය පිළිබඳ හසළ දැනුම නිලධාරීන්ගේ වෘත්තීය වර්ධනයට මහත් පිටුවහලක් විය.
👥 සහභාගිත්වය:
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නිර්මාණි අමරතුංග මහත්මියගේ මගපෙන්වීම හා සහභාගිත්වය යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා පළාතේ සියලුම පරිවාස නිලධාරීන් උද්යෝගයෙන් සහභාගි වූහ.
දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නිවැරදි අණපනත් භාවිතය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
===================================
25/01/2026
🪷🪷🪷ආශිර්වාද පිරිත් සජ්ඣායනය සහ හීල් දානමය පිංකම🪷🪷🪷
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන්ට සහ දෙපාර්තමේන්තු ගත සියලුම නිලධාරී මහත්ම මහත්මීන් ආශිර්වාද පතා සංවිධානය කරන ලද පිරිත් සජ්ඣායනය හා හීල් දානමය පින්කම 2026.01.23 හා 24 දිනවල ඉතා සාර්ථකව පවත්වන ලදී.
උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් නිර්මාණි අමරතුංග මහත්මියගේ මගපෙන්වීම යටතේ සහ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ පූර්ණ කැපවීමෙන් හා සහයෝගයෙන් මෙම පින්කම සංවිධානය විය.
✨ විශේෂ සහභාගීත්වය:
මෙම උදාර පින්කම උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගෞරවනීය සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
"අධ්‍යාත්මික සුවය තුළින් සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කරමු."
සමස්ත කාර්ය මණ්ඩලයටත්, පළාත්වාසී සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණින් ආශිර්වාදය හා සෙත සැලසේවා!
05/01/2026
🕉️🕉️🕉️කිරි ඉතිරවීමේ මංගල්‍යය🕉️🕉️🕉️
===================================
🛕🛕උතුරු මැද පළාත් පරිවාස හාළමාරක්ෂක සේවා දොර්තමේන්තු කාර්යමණ්ඩලයේ සියළුම මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් නව වසර ආරම්භය සඳහා 2026-01-01 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු භූමියේ පවත්වන ලද කිරි ඉතිරවීමේ මංගල්‍ය ඉතා සාර්ථකව පැවැත්විණි. උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ණිර්මාණි අමරතුංග මහත්මිය ඇතුළු සමස්ත කාර්යමණ්ඩලයට සුභම සුභ නව වසරක්වේවා!!!🛕🛕🛕
********************************************
28/12/2025
-----නත්තල් දින සැමරුම් උළෙල-------
================================
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පිරිමි ළමා රැදවුම් නිවාසය මඟින් අභය රජයේ භාරගැනීමේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය හා පිරිමි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ දරුවන් හා දරුවන් වෙනුවෙන් කැපවෙන නිවාසගත කාර්යමණ්ඩලය සඳහා සැලසුම් කරන ලද නත්තල් දින සැමරුම ඉතා සාර්ථකව පැවත්වීමට හැකි වු අතර, එය සාර්ථක කර ගැනීම සඳහා අපහට මඟ පෙන්වු පළාත් පරිවාස කොමසාරිස් නිර්මාණි අමරතුංග මැතිණිය, මුල්‍ය අනුග්‍රහය දැක්වු Rajarata Praja Kendraya රජරට ප්‍රජා කේන්ද්‍රය ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශීලා රත්නායක මැතිණිය, ඇතුළු උදවු උපකාර කළ කාර්යමන්ඩලයේ හා සියළුම දෙනාහට අපගේ ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කරමු.
21/12/2025
"රාජ්‍ය සේවය යනු හුදෙක් රැකියාවක් පමණක් නොව, එය ජනතාවට සහ රටට සිදු කරන උදාර මෙහෙවරකි. එවන් වූ දුෂ්කර මෙන්ම වගකීම් සහගත ගමනක දශක ගණනාවක් පුරා අභිමානයෙන් ගමන් කර, සිය රාජකාරි ජීවිතයෙන් නිල වශයෙන් විශ්‍රාම ලැබු අපගේ ආදරණීය නිලධාරීන් ඇගයීම සඳහා උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂකසේවා දෙපාර්තමේන්තුවේ සුභසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද " උපහාර උළෙල -2025"
===========================================
උපහාර උළෙල
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
06/12/2025
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සදහා රජයේ ගබඩා කාර්යය පටිපාටිය හා භාණ්ඩ සමීක්ෂණය පිළිබඳ ප්‍රයෝගික පුහුණු වැඩසටහනේ පළමු දිනය වන 2025.12. 06 වන දින වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමන් වන ඩී. එස්. ජයසිරි මහතා විසින් ලබාදෙන ලදී.