01/08/2023
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු සුබ සාධක සංගමය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා බත් දන්සල මෙවරත් 2023/08/01 අද දින උඩමළුව ප්‍රධාන රථගාල ඉදිරිපිට භූමියේ දී අති සාර්ථකව පැවැත් විණි. පළාත් වාරිමාර්ග අධ්යක්ෂතුමා, සුබ සාධක සංගමයේ සභාපතිතුමා, ලේකම් තුමිය ඇතුළු සියලුම නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන්ටත් මේ පූණ්‍යකර්මය සදහා දායකත්වය දැක්වූ සැමටත් පිං අනුමෝදන් කරමු.
10/05/2023
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම 2023/05/10 දින පෙරවරු 9.30ට පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
03/03/2023
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධක සමිතියේ මහ සභා රැස්වීම 2023/03/03 දින දහවල් 12.00 ට පමණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. එහිදී දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ස්ථාන මාරු ලැබී ගිය අසංක විජේතුංග, ඉන්දුල මහේෂ්, විජිත් නන්දන, ඩිලානී යන තාක්ෂණ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීම හා තිළිණ ප්රදානය කිරීම සිදු කරනු ලැබීය. තවද සුබසාධක සමිතිය සංවිධානය කරන අවුරුදු උත්සවය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කරන ලදි.
03/03/2023
2023 සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දින (2023/03/03) පෙ.ව. 9.30 ට පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී කාර්ය මණ්ඩල රැස්වීම පවත්වන ලදි.
02/01/2023
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවක මහත්ම මහත්මීන් දෙපාර්තමේන්තු රැස්වීම් ශාලාවේදී ප්‍රතිඥා දෙමින් 2023 වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී.
26/10/2022
දෙපාර්තමේන්තු මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
පළාත් වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග අධ්යක්ෂතුමා ඇතුළු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සහ කොන්ත්‍රාත් ආයතන සහභාගීත්වයෙන් 2022/10/26 පෙ.ව. 10.00 ට පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.
22/10/2022
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු විගණන කළමනාකරණ කමිටු රැස්වීම
2022/10/06
22/10/2022
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම 2022/09/26
26/09/2021
කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අපහසු තාවයට පත් අනුරාධපුර නගරයේ යාචක ප්‍රජාව වෙත දිවා ආහාරය පිළියෙල කර දීමේ පුණ්‍ය කර්මය වාරිමාර්ග සේවක සුබසාධක සංගමය මගින් අද දින සිදු කරන ලදි. මෙම සද් කාර්යය සාර්ථක කරගැනීමට සහය වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමු.