13/05/2025
Dear followers,
We are beyond proud to see our beloved alumna Anudi Gunasekara shining bright on the global stage as she represents Sri Lanka at Miss World!
Here’s how you can help Anudi rise to the top:
1. Download the Miss World App
2. Follow Anudi Gunasekara’s official profile on the app
3. Follow the Miss World Sri Lanka channel
4. Use this link to access her profile directly:
https://rtb.missworld.com/shortUrl/aa9ORhO
(Open in an external browser after downloading the app)
While the Sri Lanka channel is doing well, Anudi’s individual profile still needs more support to reach the leaderboard.
Let’s come together, show our school pride, and back one of our own.
Bonus: Don’t miss a moment of Anudi’s incredible journey. Follow her on Facebook and send your love and cheers from wherever you are!
Go Anudi – we’re behind you all the way!
12/05/2023
🔥 The Battle of Kingdoms is HERE! ⚔️🏏 Today is the long-awaited game day where Central College Anuradhapura and Royal Central College Polonnaruwa will collide in the epic cricket big match, Battle of Kingdoms! 🌟✨ The stage is set, the players are ready, and the excitement is palpable. Witness the clash of these cricketing giants as they fight for supremacy on the field. 🏆🔥 It's time to cheer, roar, and celebrate the spirit of the game! Let the Battle of Kingdoms begin! 🙌💥
11/05/2023
"⏳ The Battle of Kingdoms is TOMORROW! ⚔️🏏 Brace yourself for an epic clash as Central College Anuradhapura goes head-to-head against Royal Central College Polonnaruwa in the highly anticipated cricket big match! 🌟✨ The countdown is almost over, and tomorrow the cricketing world will witness a battle of skill, determination, and passion like never before. 🏆🔥 Get ready to witness the clash of these cricketing titans as they vie for glory! Don't miss out on this historic showdown! 🙌💥 "
10/05/2023
"⚔️ The Battle of Kingdoms is only 2 days away! 🏏 Brace yourselves as Central College Anuradhapura and Royal Central College Polonnaruwa gear up for an epic clash in the cricket big match of the season! 🌟✨ Witness the clash of these mighty titans as they step onto the field, leaving no stone unturned in their pursuit of glory. 🏆🔥 Get ready for a rollercoaster of emotions, nail-biting moments, and adrenaline-fueled action! This is the battle you've been waiting for! ⏳💥 "
09/05/2023
🔥 The Battle of Kingdoms is upon us! Brace yourself for an exhilarating showdown as Central College Anuradhapura and Royal Central College Polonnaruwa lock horns in the highly anticipated cricket big match! 🏏⚔️ In just 3 days, witness the clash of titans as these two cricket powerhouses go head-to-head, leaving no stone unturned in their quest for supremacy. 🏆✨ Get ready to witness cricketing brilliance, intense rivalries, and the roar of the crowd as history is made on the field! Don't miss out on this epic battle! 🙌🔥
04/05/2023
වෛශාක්‍ය මංගල්‍යයේ සිරියෙන් ඇලලී ගිය මධ්‍ය විද්‍යාලයීය පින්බිම
සුවහසක් බෞද්ධාගමිකයන්ගේ අති පූජනීය වූ ද වන්දනීය වූ ද ශාස්තෘවරයානන් වූ ශ්‍රී ගෞතම සම්බුද්ධරාජයාණන් වහන්සේ ගේ තෙමඟුල සිහිකරනු වස් වැව්බැඳි දනව්වේ මහා තක්සලාව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පූජා බුද්ධිය පෙරටු කොට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව උතුම් වෛශාක්‍ය මංගල්‍යය සැමරූ වගයි.
විද්‍යාලයීය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව උතුම් අෂ්ඨාංග සීලයේ පිහිටුවීම හා දාන, සීල, භාවනා ආදී ත්‍රිවිධ පුන්‍ය ක්‍රියා සඳහා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පෙළඹවීම මෙන්ම ලොව බිහි වූ ශ්‍රේෂ්ඨත ම දාර්ශනික ශාස්තෘවරයා ලෙස සැලකෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වටිනාකම හා කාලීන බව පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම ද මෙහි දී සිදුකෙරිණ .
සිදුහත් කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත ව සමරනු වස්, විද්‍යාලයීය බෞද්ධ සංගමය හා පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආගමික හා සාරධර්ම කටයුතු අමාත්‍යාංශය එක් ව සංවිධානය කළ මෙම වෙසක් වැඩසටහන අති සාර්ථක අන්දමින් පැවැත්වීම සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ සියලුදෙනා වෙත විද්‍යාලයේ ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිමු.
ඔබ සැමට පින්බර වෛශාක්‍ය මංගල්‍යයක් වේවා !
03/05/2023
බක් මහේ කොවුල් නද පැරදූ Infinity Emerald සංගීත සුයාමය
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් සංවිධානය කරනු ලැබූ Infinity Emerald vibes සංගීත සුයාමය, පසුගිය දා උතුරු මැද පළාත් සභා නව ශ්‍රවණාගාරයේ දී අති සාර්ථක අන්දමින් පැවැත්විණ.
වාර්ෂිකව පවත්වනු ලබන විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයට පූර්ණ ආධාර පිණිස සංවිධානය කරනු ලැබූ මෙම ප්‍රසංගය සඳහා Infinity ස්වර රටා සමඟින් රසාලිප්ත හද රසකාමීත්වයන් සුසංයෝග වූ අසිරිමත් සැඳෑ වරුවක අසිරිය සජීවී ව විඳගන්නට ඉඩහසර සලසා දුන් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට හා ඒ සපඳහා නන් අයුරින් සහය වූ සියලු දෙනා වෙත විද්‍යාලයේ ස්තුතිය හා ගෞරවය පුදකර සිටිමු.
27/04/2023
ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය කලාව පෝෂණය කරනු වස් නිරන්තරයෙන් නාට්‍ය කෘති සමාජයට දායාද කළ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනියගේ විකෘති වේදිකා නාට්‍යය, 2023 අප්‍රේල් මස 28 වන සිකුරාදා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය නව රංග ශාලාවේ දී වේදිකාගත වේ.
විද්‍යාලයීය ගුරු සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම නාට්‍යය නැරඹීම සඳහා අප විසින් පාසල් දර්ශනයට අමතරව රාත්‍රී දර්ශනයක් ද සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමට මේ වන විට ඉඩ ප්‍රස්ථාව පවතී.
11 ශ්‍රේණියේ නාට්‍ය හා රංගකලා විෂය සඳහා ද නිර්දේශිත මෙම නාට්‍ය කෘතිය නරඹමින් නාට්‍යමය සැඳෑ වරුවක අසිරිය සජීවීව විඳගැනීමට ඔබට කෙරෙන ආදරණීය ඇරයුමයි මේ.
ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න...
ප්‍රවේශපත්‍ර සඳහා විමසීම්
සුරංග මයා - 071 4325 961
තමරා මිය - 071 9699 555
නිලූ මිය - 077 2410 820
25/04/2023
මැදි මව් තුරුලට සපැමිණි නවක දූ දරු පෙළහර
දැනුම, කුසලතා හා ආකල්ප නම් වූ තෙවැදෑරුම් ශිල්ප ක්‍රම ඔප්නැංවීම තුළින් හෙට ලොව රජයන කුමර කුමරියන් ලොවට දායාද කරන්නා වූ වැව් බැඳි රජරට මහා තක්සලාව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසු සිසුවියන් බඳවාගැනීමේ උත්සවය පසුගිය දා විද්‍යාලයීය නව රංග ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
මෙහිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු වාර්තා කළ ශිෂ්‍යත්වධාරීන් හාරසියයකට අධික පිරිසක් මධ්‍ය විද්‍යාලයීයන් ලෙස අභිෂේක ගැන්වූ අතර, මෙම අවස්ථාව සඳහා විද්‍යාලයීය විදුහල්පතිතුමා, ආදිශිෂ්‍ය සංගමයේ ලේකම්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඇතුලු සම්භාවනීය අමුත්තන්, ගුරුභවතුන් හා නවක සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් රැසක් සහභාගි වූහ.
විචිත්‍ර නර්තනාංග, ගීතමය වැඩසටහන් ආදියෙන් සමන්විත වූ මෙහි දී ශිෂ්‍යයන් තුළ ආධ්‍යාත්මික ගුණාංග ඉස්මතු කිරීම සඳහා දේශනයක් ද අන්තර්ගත වූ අතර, මෙම භාරදූර කර්තව්‍යය විචිත්‍ර ලෙස සංවිධානය කිරිම සඳහා ඇප කැප වූ විද්‍යාලයීය 6-7 අංශය සහ මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අනේක අයුරින් දායක වූ සියලු දෙනා වෙත විද්‍යාලයීය ස්තුති පූර්ව ප්‍රණාමය පුදකර සිටිමු
14/04/2023
වසන්ත ශ්‍රීයෙන් සකල ලාංකීය ජනී ජනයා සුවපත් කරන්නා වූ ද චමත්කාරය වඩවන එරබදු මල්දමින් ස්වභාදහම් දෙවඟන නිරන්තරයෙන් ගැවසෙන්නා වූ ද මද නල හා මුසුවන කොවුල් නාදයෙන් දෙසවන් පිරී යන්නා වූ ද බක් මාසය, සෞන්දර්යාත්මක හා සෞභාග්‍යයමත් කාලපරිච්ඡේදයක සුබ සිහින දල්වමින් සම්ප්‍රාප්ත වන සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යය වෙනුවෙන් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය විද්‍යාලාධිපතිතුමා කාර්ය මණ්ඩලය ඇතුලු සමස්ත මධ්‍ය විද්‍යාලයීයන් විසින් මෙලෙස සුබාශිංසන පුදකර සිටිමු.
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !