08/10/2026
"හරිත නායක වැඩසටහන- ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය 2026 "
ගුරු ශික්ෂණලාභියා පරිසර වගකීම්වලින් බැදුණු ජීවන රටාවකට හුරුකිරීම, පරිසර සංවේදී පුද්ගලයෙකු කිරීම හා පරිසර සංරක්ෂණයෙහිලා නියමුවකු කිරීම මෙන්ම පාසල් පරිසර වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය හා ඒකාබද්ධව දිවයිනේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ "හරිත නායක වැඩසටහන" ක්‍රියාත්මක කරනු ලබයි.
බණ්ඩාරවෙල, බිඳුණුවැව, ඌව ජාතික අධ්‍යාපන විද්‍යාඨයේ 2026 වර්ෂයේ නවක ගුරු ශික්ෂණලාභින් 135 දෙනෙකු සඳහා "හරිත නායක වැඩසටහන" හදුන්වාදීමේ වැඩසටහන 2026-10-02 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ, සී.පී. පලිහපිටිය මියගේ මගපෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.පී.තුසිත දිසානායක මයාගේ හා කේ.ජී.එස්.රුක්ෂාන් මයාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පවත්වන ලදි.
මේ සඳහා ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති, කේ. බුලේගොඩ ආරච්චි මිය නියෝජනය කරමින් උප පීඨාධිපති ඩී.එම්.සී.සී. ගුණරත්න මෙනවිය හා කථිකාචාර්යවරුන් සහභාගී විය.
මෙහිදි මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.පී.තුසිත දිසානායක මයා, පරිසර නිලධාරී, එම්.එම්.ඒ.අයි. මාරසිංහ මයා සහ අයි.ඕ. හෙට්ටිආරච්චි මියගේ සම්පත්දායකත්වයෙන් පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය හා හරිත නායක වැඩසටහනේ ක්‍රියාකාරකම් පිළිබද දේශනය දේශන පවත්වන ලදි.
මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ ඒකකයේ අනුග්‍රහයෙන්, ඌව පළාත් අධ්‍යක්ෂගේ මියගේ මඟපෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඌව පළාත් කාර්යමණ්ඩලයේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශයේ පරිසර නිලධාරීන් වන ඉනොක්ෂි හෙට්ටිආරච්චි මිය, අසංක මාරසිංහ මයා සහ සංවර්ධන නිලධාරී නදීරා කල්පනී මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්, පරිසර නිලධාරීන් හා අනෙකුත් සියලු නිලධාරීන් හා ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති, කථිකාචාර්යවරු ඇතුළු කාර්යමණ්ඩලයේ දායකත්වය ලබාදෙන ලදි.