06/10/2026
නිවාස 5000ක් අලුත් බලාපොරොත්තුවක් !
ලෝක ජනාවාස දිනයට සමගාමීව
"තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් " නිවාස සංවර්ධන වැඩසටහන - 2026
සැමට නිවහනක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ කල්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිපතයාය ග්රාම නිලධාරී වසමේ ගයානි කුසුමලතා මහත්මියගේ නිවස අද දින (06.10.2026) බලංගොඩ පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්පකුමාර සහෝදරයාගේ ගේ ප්රධානත්වයෙන් විවෘත කරන ලදි.
මේ සඳහා කල්තොට ප්රාදේශීය සභා උප සභාපති ධනුෂ්ක නන්දසිරි සහෝදරයා ප්රාදේශීය සභා මන්ත්රී ධර්මසිරි සහෝදරයා , රාජ්ය නිලධාරීන් ඇතුළු ප්රදේශවාසීන් සහභාගී වුණි.
නිවාස හා ඉදිකිරීම් අමාත්යාංශයේ ප්රතිපාදන රු. ලක්ෂ 10 ක් එක් නිවාස ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් යොදන අතර නිවාස සංවර්ධන අධිකාරිය මෙම වැඩසටහන් සෘජු අධීක්ෂණය යටතේ මෙහි ඉදි කිරීම් සිදු විය.