DJPLanka

Directions Website Contact the organization

DJPLanka දේශප්‍රේමී ජාතික පෙරමුණ

අවුරුදු 178 කට පසුවත්  පුරන් අප්පු තරුණයාගේ වීරත්වය අපිට දැනෙනවා. ඒ වීරත්වයේ ආශ්වාදය අපිට අදටත් අවශ්‍යයයි. ජාතික විමුක්ත...
08/08/2026

අවුරුදු 178 කට පසුවත් පුරන් අප්පු තරුණයාගේ වීරත්වය අපිට දැනෙනවා. ඒ වීරත්වයේ ආශ්වාදය අපිට අදටත් අවශ්‍යයයි. ජාතික විමුක්ති සටන කුළුගන්වන්න , අධිරාජ්‍යවාදින්ට එරෙහිව සටන් කරන්න පුරන් අප්පුලගේ චරිතයෙන් අපිට ඒ හයිය ගන්න ඕනේ. ජාතික නිදහස් සටන කවදාවත් අවසානයක් දකින්නේ නෑ. අපි කවදාවත් විදේශිය සතුරන්ට යටත් වුන ජාතියක් නෙමේ.

අපි නිදහස වෙනුවෙන් අඛණ්ඩව සටන් කරපු ජාතියක්. මේ පොළව පෝෂණය වෙලා තියෙන්නේ රණබිමේ මිය ගිය රණවිරුවන්ගේ ලෙයින් සහ දහඩියෙන්. නිදහස් සටන අඛණ්ඩ , අනවරත අරගලයක්. ඒ අරගලයේ ජීව ගුණය උද්දීපනය කරන්න විරපුරන් අප්පු වැනි චරිත සිහිකිරිම ඉතා වැදගත්.

එදා පුරන් අප්පු සටන් කලේ ලංකාවෙන් ආපු ආදායම නැතිවෙන කොට බ්‍රිතාන්‍ය ඉන්දියා වෙළඳ සමාගමේ උපදෙස් මත කරත්ත බදු, තුවක්කු බදු , ඇඟ බදු විතරක් නෙමේ ගෙදර සුරතලේට ඇතිකරපු බලු කුක්කටත් බදු ගහපු ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ ආණ්ඩුවට එරෙහිව. අදත් වෙනසක් නෑ. අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අරගෙන අපි මත බදු බර පටවන අධිරාජ්‍යවාදයේ එජන්තයෝ තමයි මේ රට පාලනය කරන්නෙ...

තිස්ස විහාරයේ ඉඩම මැද්දෙන් පාරක් කපන කොට ඇස් කන් පියාගෙන නිවටව ඉන්න ආණ්ඩුව අපේ ආණ්ඩුවක් ද? 09 වෙනි වගන්තියේ බුදු දහම පෝෂණය කරන්න රාජ්‍යයේ යුතුකම ඉටුවෙනවද? ඊයේ පෙරේදා ඉන්දියාවේ විදේශ ලේකම් ඇවිල්ලා පළාත් සභා මැතිවරණය තියන්න කියලා අපේ ආණ්ඩුවට උපදෙස් දෙනවා. අපේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කල යුත්තෙ කොයි වෙලාවෙද? කොහොමද? කියලා අපිට කියලා දෙන්නත් ඔවුන් එනවා. අදත් තියෙන්නේ එදා වගේම අධිරාජ්‍යවාදි පාලනයට සහ ඔවුන්ගේ අතකොළු වලට එරෙහිව සටන් කල යුතු යුගයක්.

සටන් බිම වෙනස්, සටනේ ආයුධ වෙනස් වෙලා, උපාය මාර්ග විකාශනය වෙලා. හැබැයි එදත් අදත් අපිට තිබුනේ එකම අරමුණක්. ඒ සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය මේ ලක්දෙරණ තුල ආරක්ෂා කරන්න. පුරන්අප්පු අන්තිම කිවුවේ මොකක්ද? අපේ අම්මට මං වගේ පුත්තු දහ දෙනෙක් හිටිය නම්, උඩරට එක සුද්දෙක් ඉතිරි වෙන්නේ නෑ කියලා. දැන් නම් පුත්තු දහ දෙනෙක් නෙමේ.අපිට පුරන් අප්පුලාගෙ පරම්පරාවක් අවශ්‍යයි. සුද්දගේ ඊනීයා අධ්‍යාපන ක්‍රමයෙන් රට ජාතිය ගැන හැඟිමක් නැති පරපුරක් ඇති වෙලා. හමේ කලුපාට විතරයි සිංහල. සිතුවිලි ආකල්ප වලින් අපි බටහිර වෙලා. පහුගිය කාලේ දේශපාලන ව්‍යාපාර සංඝරත්නය ගැන, දෙමාපියන් , ගුරුවරුන් ගැන අලුත් පරම්පරාවට තියෙන ගෞරවය විනාශ කරලා.එහෙමයි ඔවුන් සමාජ සංස්ථාව ගඩොලින් ගඩොල ගලවලා බිඳ දමන්නේ. සුද්දාගේ උපාය මාර්ගය තමයි තවමත් යටින් ක්‍රියාත්මක වෙන්නේ. මේ අලුත් පරම්පරාව ඉපදෙන කොට ජෙන්සිලා උනේ නැ. ඒ දරුවෝ හුදකලා උනේ මේ අධ්‍යාපන ක්‍රමය ,සමාජ ආර්ථික වැඩ පිළිවෙල නිසා. ඒ නිසා වරද තියෙන්නේ මේක පෙරලන්න කටයුතු නොකරපු අපේ අතේ මිසක් ඒ දරුවන්ගේ අතේ නෙමේ. අද පුරන් අප්පු වීරයා සමරන මේ මොහොතේ අපේ අධිෂ්ඨානය වෙන්න ඕනේ පුරන් අප්පු ජිවිත පරිත්‍යාගයෙන් සටන් කරපු අධිරාජ්‍යවාදය සහ එහි ඉතිරි වුන නටබුන් උන මේ අධ්‍යාපනය, පාර්ලිමේන්තු ක්‍රමය ,මිනිස්සු බෙදන මජර පක්ෂ ක්‍රමය පරාජය කරන්න.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව නායක , දේශප්‍රේමි ජාතික පෙරමුණ.

රෙදි ගැලවුන යහපාලනය...                                                                                         හඳෙන් හාල...
28/07/2026

රෙදි ගැලවුන යහපාලනය...
හඳෙන් හාල්, ඇට අට, තුනයි පණහට පාන් වගේ ලංකාවේ දේශපාලනය අමු අමුවේ විකුණුන සටන් පාඨයක් තමා යහාපාලනය. 1994 ට කලින් ගොඩක් තිබුනේ බඩට කතා කරපු සටන් පාඨ. 1994 ඉඳන් ආවේ 77 විවෘත ආර්ථිකයේ පරම්පරාවට ආමණ්ත්‍රණය කරපු සටන් පාඨ. චන්ද්‍රිකාගේ විවෘත ආර්ථිකයට මානුෂික මෙහෙවරක ඉඳලා යහපාලන පොරොන්දු, ලස්සන අනාගතයක් වගේ ඒවා. මේ සටන් පාඨවල රිංගලා තිබ්බේ ජේ.ආර් ගේ විවෘත ආර්ථිකයත් එක්ක බිහි වුන මධ්‍යම පන්තියේ ඔලුවලට රිංගලා තිබුන හීන. ව්ටිස් කාර් වගේ භෞතික හීනවගේම සිංගප්පුරුව වගේ දියුණු රටක්, යුරෝපීය ප්‍රජාත්‍රන්තවාදය වගේ ආශාවන්. රනිල්- මෛත්‍රි- හකිම්- අනුර 2015 ආණ්ඩුවෙනුත් මෙරට මධ්‍යම පන්තිය බලාපොරොත්තු වුනේ ඔය ප්‍රජාතන්තවාදය , වගවීම, වගකීම, නිර්දේශපාලනිකරණ, මානව හිමිකම්...බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ කිවුවා වගේ මේ මානව හිමිකම් ඇතුලු මේ යහපාලන සංකල්පත් හොඳ බිස්නස් එකක් කියලා. පිපාසෙන් ඉන්න එකාට ඕන එකක් තිබහට විකුණන්න පුලුවන් වගේ, ඌණ වර්ධිත දේශපාලන සංස්කෘතියක හැදුනු අපේ දූෂිත දේශපාලන සංස්කෘතියෙ ඇතුලේ යහපාලනයත් විකුණන්න මරු භාණ්ඩයක්. යහපාලනය විකුණපු එන්ජිඕ කුක්කෝ සහ දේශපාලඥයන් සහ සද්භාවයෙන් විශ්වාස කරපු මිනිස්සු හිතුවේ ව්‍යවස්ථා සංශෝධන, ස්වාධීන කොමිසම් සභා ගෙනාවම ප්‍රජාත්‍රන්තවාදය, යහාපාලනය ඇති වෙනවා කියලා.
රනිල්ලගේ, අනුරලගේ යහපාලනය ප්‍රෝඩාවක් බවත් ඒක රාජපක්ෂලා හදපු දූෂිත නාස්තිකාර විලම්භිත සංස්කෘතිය ඇතුලේ වෙසක් එකට කූඩු විකුණන, දෙසැම්බර් නත්තලට ගස් විකුණන ආයේ පෙබරවාරියේ සිංහ කොඩි විකුණන බිස්නස් එකක් මිස අඩුම ගානේ ඔවුන්වත් විශ්වාස කරපු ඔවුන්ගේ ජිවිතවලට ඓන්ද්‍රීය දෙයක් වුනේ නෑ.

17, 19 සහ 22 ව්‍යවස්ථා සංශෝධන එන්නෙ ඔය මිත්‍යාවත් කරපින්නාගෙන. ද්ව්ත්ව පුරවැසියන්ට සීමා දාපු යහපාලන ආණ්ඩුව කිසිම පුරවැසිබවක් නැති අර්ජුන් මහේන්ද්‍රන්ට මහා බැංකුවේ අධිපතිකම දුන්නා.මෑන් ආගිය අතක් නැ. රනිල් ඇවිද ඇවිද කරපුවා අනුර දුව දුව කරනවා. අනුරගේ ආණ්ඩුවෙ නියෝජ්‍ය ඇමතිවෙලා ඉඳලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වුන හර්ෂණ සූරියප්පෙරුමත් ඒ බෝට්ටුවෙමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව බෑම කියන කොට සභාවේ සභිකයන්ගේ ධූර කාලය ඉවරවෙනකන් හොර ගල් ඇහිදලා තමන්ගේ ගජයෙක් විඝණකාධිපතිධූරයට දා ගත්තේ මාලිමාව සියතින් ඔවුන්ගේ යහපාලන රෙදි ගලවගෙන. ඒ වගෙම තමා දැන් ඉහල අධිකරණ වල විනිසුරුවන් ගේ ධූර කාලය වැඩි කරන්න සංශෝධන ගේන ගමන් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පුරවන්න තියෙන මැලිකම මාලිමාවේ සුපිරි යහපාලනයේ ලකුණු. විනිශ්ච්‍යකාරවරුන් පත් කිරිම සහ ඉවත් කිරිම කියන්නේ අධිකරණ ස්වාධිනතාවයේ අ යන්න ආ යන්න වගේ මූළධර්ම. බොරුවක් නම් පාර්ලිමේන්තුවේ කියනවා ඇත්තක් නම් එළියේ කියනවා කියපු නායකයෙක් ඉන්න තැනක යහපාලනය සහ වගවීම ගැන කතා කරලා වැඩක් නෑ. අපේ වගේ රටකට බ්‍ර්තාන්‍යයේ අවුරුදු ගානක දේශපාලන සටන් වලින් ඔපවත් වුනු දේශපාලන සංකල්ප සහ ව්‍යවස්ථානුකූලවාදය අපිට යා දෙන්නේ නෑ. තෙරෙන්නෙත් නෑ. හෘද සාක්ෂියට බරක් දැනෙන්නෙ නෑ. අපිට දැනෙන්න නම් අපිට තේරෙන පින් පවු එක්ක බැඳිච්ච සිංහල බෞද්ධ හරයන් මුල් කරගත්ත දේශපාලන සම්ප්‍රදායක් පටන් ගන්න ඕනේ.

12/07/2026
23/05/2026

විජයග්‍රහණයට එරෙහි මාලිමා කුහකත්වය

2009 මැයි 18 විජයග්‍රහණය අවතක්සේරු කිරිමට අනුර කුමාරගේ ආණ්ඩුවට ලොකු උවමනාවක් තියෙනවා. ලෝකේ වටේ කරක්ගහලා ඩයස්පොරාවෙන් ගත්ත ණයට වන්දි ගෙවන්න වගෙම ජනාධිපතිවරණයට කලින් උතුරට ගිහින් සුමන්තිරන්ලට දුන්න පොරොන්දුවලටත් සාධාරණයක් කරන්න ඕනේ. මේ ඔක්කොම එක්ක ජෙප්පන්ගෙ නෛසර්ගික කුහකකම නිසාත් විජයග්‍රහණය පිළිබඳව ගැම්මෙන් කතා කරන්න බැරියාවක් තියෙනවා.

අනුර කුමාර පොවන තර්කය තමා, එල් ටීටීය කියන්නේ, ලංකාවේම තවත් ජන කොටසක් වු දෙමළ ජනතාව ඉලක්ක කරගත් ත්‍රස්තවාදි සංවිධානයක්. අපේම රටේ අපේම මිනිස්සුන්ට එරෙහිව ලබන යුධ ජයග්‍රහණයකින් සතුටු වෙන්න බෑ. මේ යුද්ධයෙන් දෙපාර්ශවයෙන්ම මැරුනේ අපේම මිනිස්සු. ඒක තවත් රටකට එරෙහිව සටන් කරන ජාත්‍යන්තර යුද්ධයක් උනා නම් සමරන්න තිබුනලු.

අපි වගෙ නෙමේ, මාක්ස්වාදින් කියන්නේ ජාත්‍යන්තරවාදීන්. දේශ සීමා ඉක්මවා ගිය මානුෂිකත්වයක්. එතකොට ප්‍රශ්නේ වෙන වෙන රටවල් වල ඉන්නේ මිනිස්සු නෙමේද? එකම විශ්වයක අපේම මිනිස්සු නෙමේද? මේ 15 වන ශත වර්ෂයේ ඇති කර ගත් ජාතික රාජ්‍ය සීමාවන් වලින් විශ්වීය මනුෂ්‍යත්වය බෙදා වෙන් කර ගැනීම මාක්ස්වාදීන් කොහොමද සාධාරණිකරණය කරන්නේ. මේක ජෙප්පන්ගෙ බුද්ධියට යටපත් කරගෙන කුහකත්වය උඩට ආපු අවස්ථාවක්.

අනිත් අතට ජවිපේ 2009 යේ අය වැයේදි ඇදපු බකට් එක සාර්ථක වුනා නම් , අද අනුර කුමාරට රටවල් දෙකක යුධ ජයග්‍රහණයක් විදිහට සමරන්න තමයි වෙන්නේ. ඒ සැමරුම එක රටක් විදිහටම අවසන් උනේ, රණවිරුවන්ගේ මෙහෙවර නිසා. අනුර කුමාර කියනවා වගේ ප්‍රභාකරන් යුද්ධය කලේ රටවල් දෙකක් කියල හිතා ගෙන තමා. වවුනියාවෙන් එහාට යන කොට අලුත් දේශ සීමාවක්. වාහනෙන් බැහැලා ලියා පදිංචි වෙලා පරික්ෂාවට ලක්වෙලා ආයේ නගින්න ඕනේ. පාස්පොර්ට් එකක් විතරයි නොතිබුනේ. අන්තිමට සිංහල මිනිස්සු හිටපු ගම්මාන , මායිම් ගම්මාන වෙලා තිබුනේ. ප්‍රභාකරන් නඩේසන් එක්ක වෙනම පොලිසි හැදුවා. එල්ට්ටීඊ අධිකරණවල නඩු ඇහුවා. ඔවුන්ට නතු වෙලා තියෙන ප්‍රදේශ වල වෙනම බදු හඳුන්වා දුන්නා. එල්ටීටීඊ බැංකු තිබුනා.

තව කාලයක් යුද්දේ ඇදුනා නම්, අනුර කුමාර කියන විදිහට උතුරේ ඔය කියන විදිහට දෙමළ සහෝදරවරු මොන්ටිවීඩියෝ ජාත්‍යන්තර සම්මුතිය අනුව වෙනම රාජ්‍යය ප්‍රකාශයට පත්කරනවා.
මේ වගේම තමයි යුධ ජයග්‍රහණයට ලබාදුන් දේශපාලන නායකත්වය පිළිගන්න බැරි කුහකත්වය. යුධ ජයග්‍රහණය නිසැකවම සාමුහික ප්‍රයත්නයක්. දේශපාලන නායකත්වය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, කොටි කටේ ගම් අතහැර යන්නේ නැතුව හිටපු සිංහල මිනිස්සු, එල්ට්ටීයට එරෙහිව අපිට සහය දුන්න දෙමළ මිනිස්සු, රණවිරුවන්ගේදෙමාපියන්, බිරින්දවරුන්, දරුවන්, බස් බෝම්බ වලට බය නැතුව රටේ ආර්ථිකය ශක්තිමක් කරපු මිනිස්සු, බෝධි පුජා තියලා රණවිරුවන්ට ආශිර්වාද කරපු ස්වාමින් වහ්න්සේලා සහ ගම් වල ජනතාව, මේ යුද්දෙ කරන්න පුලුවන් කියන ජාතිකවාදි මතය සමාජ බලවේගයක් කරපු ජාතිකවාදින්.
ඒ විතරක් නෙමේ බිල් ලාඩර්න්ගේ සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව ලෝකය පුරා ත්‍රස්තවාදයට එරෙහිව පැතිර ගිය මෙහෙයුම, ප්‍රභාකරන් රජිව් ඝාතනය, ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරය, ඉන්දිය- පකිස්තානු රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටුම වැනි අවස්ථානුගත කරුණුත් යුධ ජයග්‍රහණයට සමෝධානික ශක්තියක් උනා.

ඒ වුනත් ජනතා පරමාධිපත්‍යය තිබෙන ප්‍රජාත්‍රන්තවාදි රටක සිවිල් බලය තිබෙන්නෙ සන්නද්ධ බලයට ඉහලින්. ඒ නිසා තමයි ප්‍රජාත්‍රන්තවාදි රටවල සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායකයා සහ යුද්ධය සහ සාමය ප්‍රකාශයට පත් කිරිම හැම විටම දේශපාලන නායකත්වයට පැවරිමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායේ හරය. යුද්ධය කරනවා වගේ මහා දැවන්ත වැඩ විතරක් නෙමේ, මාලිමා ආණ්ඩුව යටතේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට දාන වේලක් , ගිලන් පස වේලක් හමුදා කඳවුරකින් දෙන්නවත් දේශපාලන අධිකාරියේ ආශිර්වාදය නැතුව බැරි බව උතුරු සහ නැගෙනහිර වැඩකරන අපේ අය දන්නවා.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ

මියගිය රණවිරුවන්ගේ ගෞරවයත්, ජිවත්වන රණවිරුවන්ගේ නිදහසත් , මවුබිමේ ඒකීයබව සහ ස්වෛරිත්වය යළි යළිත් සපථ කරමින් දේශප්‍රේමි ජ...
18/05/2026

මියගිය රණවිරුවන්ගේ ගෞරවයත්, ජිවත්වන රණවිරුවන්ගේ නිදහසත් , මවුබිමේ ඒකීයබව සහ ස්වෛරිත්වය යළි යළිත් සපථ කරමින් දේශප්‍රේමි ජාතික පෙරමුණ , සීතාවක ජන සහන සභාව සමග 17 වන විජයග්‍රහණයේ සැමරුම අවිස්සාවේල්ල ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවාගේ ප්‍රතිමාව ඉදිරියේදි පවත්වන ලදි. මේ අවස්ථාවට ලලිත් ජයසිංහ රණවිරුවාගේ ආදරණිය මව, බිරිඳ දියණිය සහ සක්‍රිය සේවයේ නියුතු වු රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විශාල පිරිසක් සහභාගි වුහ.

Address

Battaramulla

Alerts

Be the first to know and let us send you an email when DJPLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DJPLanka:

Shortcuts

Share