Department of Rural Development-W.P
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Rural Development-W.P, Government Organization, No. 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.
20/01/2024
අග්‍රහාර රක්ෂණ හිමිකම් අයදුම්පත්‍රය ලබා ගැනීමට පහත ලින්කුවට පිවිසෙන්න.
https://nitf.lk/en/downloads.html?fbclid=IwAR2tz8rs9R3GSUl5XHowL2l6lWDPRPQgbeodNaCPglGZc7adIgL3KQn7wOM
18/10/2023
💥 කොස්සින්න නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය හා කැළණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්යීන්ගේ සංගමය එක්ව කොස්සින්න ශ්‍රී ශීලානන්ද මහා විද්‍යාලයේ සංවිධානය කල විශේෂ වැඩසටහන 2023/10/06 දින පැවැත්වුණි.
මෙහිදී ,
👉අඩු ආදායම්ලාභී දරුවන් සදහා නිල ඇදුම් රෙදි බෙදාදීම . 👉පාසල් දරුවන් හා ගුරු මණ්ඩලය සදහා දිවා ආහාරය හා අයිස් ක්‍රීම් ලබාදීම
👉මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 👉දන්ත සායනයක්
👉වෛද්‍ය සායනයක්
👉අක්ෂි සායනයක් යන වැඩසටහන් සංවිධානය කරන ලදී.
💥💥💥
13/10/2023
💥බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් බිම්මල් වගාව හඳුන්වාදීමේ පුහුණු වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරපොල , නිල්පනාගොඩ බටහිර හා මැඩෑමුල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිති ත්‍රිත්ත්වයහි සමිති සාමාජිකයන් පහළොස් දෙනෙකු වෙනුවෙන් 2023.10.05 දින මාරපොල සණස ශාලාවේ දී පැවැත්වීය. ඒ සඳහා සම්පත් දායකත්වය මාබොදල කෘෂි උපදේශක සාවිත්‍රි ප්‍රනාන්දු මිය විසිනි.💥
13/10/2023
💥ලෝක ළමා දිනය නිමතිකොට ගෙන නැගෙනහිර කළුදැවල පුස්තකාලයෙදී පැවැත්වු පාසල් සිසුන් හට පොත් බෙදාදීමේ හා එම සිසුන් හට විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් කප් කේක් සැදීම හා අයිසිං කිරිම පිලිබඳ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වීම💥
🔥දිනය - 2023 ඔක්තෝබර් 2
🔥සංවිධානය - ග්‍රාමසංවර්ධන නිලධාරි පානදුර
🔥සම්පත් දායකත්වය මැහුම් උපදේශිකා - පානදුර
🔥අනුග්‍රාහය - වාද්දුව සිංහ සමාජය
12/10/2023
💥බණ්ඩාරගම ප්‍රාදේශ්‍රිය ලේකම් . කොට්ඨාශයේ. සමරණායකපුර ග්‍රාම සංවර්ධන සමිතිය ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කල චිත්‍ර තරඟාවලිය පසුගිය පලවන දින බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමාගේ සහ තවත් රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
12/10/2023
💥ග්‍රාම සංවර්ධන සති වැඩසටහන - 2023💥
අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇවරිවත්ත සමගි ග්‍රාම සංවර්ධන සමිතිය සදහා *කුස්සියට බිම්මලක්* (ගෘහ ආශ්‍රිත බිම්මල් සෑදීමේ පුහුණු වැඩසටහනක්) 2023.09.26 දින ප්‍රාදේශීය ලේකම් සදරේඛා වෙල්ගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ශෂිකලා සිරිවර්ධන මෙනවිය, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී, ඇවරිවත්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය විද්‍යා හා තාක්ෂණ සම්පත් නිලධාරී ලක්ෂිත සම්පත් මහතා විසින් සපයන ලදී.
12/10/2023
💥💥ග්‍රාම සංවර්ධන සතිය 2023💥💥 ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ලෙස බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත පාදුක්ක වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය සදහා සබන් නිෂ්පාදන වැඩසටහනක් 2023.09.22 දින වග බටහිර ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබීය.
🙏🙏මෙහි සම්පත් දායකත්වය විද්‍යා හා තාක්ෂණ සම්පත් නිලධාරී ආශා හේවාවසම් මහත්මිය විසිනි.වැඩසටහන මෙහෙයවීම හා සම්බන්ධීකරණය මානව් සම්පත් නිලධාරී නයනා කුමුදුනී මහත්මිය විසිනි.සහාය දුන් සියලු නිලධාරීන්ට හා වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතියට ස්තුතිය පිරිනමමි🙏🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
No. 204, Denzil Kobbekaduwa Mawatha
Battaramulla
10120
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 08:30 - 16:00 |
| Thursday | 08:30 - 16:00 |
| Friday | 08:30 - 16:00 |
