Social Democratic Students Union

Social Democratic Students Union

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Social Democratic Students Union, Political organisation, Nelum Mawatha, Battaramulla.

Photos from Social Democratic Students Union's post 19/05/2024

ශ්‍රී ලංකා මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරනු පිණිස සිය ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර යුධ, ගුවන් හා නාවික - පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝධාර රණවිරුවන් අභිමානයෙන් සිහි කරමි.

එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත්, ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ සහ පොලිසියේ මෙන්ම සියළු ආරක්ෂක අංශ වල ශක්තියෙන් ඒකීය රාජ්‍යයක් ස්ථාපිත කරන ලදි. එසේ දිනා දුන් අභිමානවත් ඒකීය රාජ්‍යය අප විසින් ඉදිරියට ද සුරක්ෂිත කළ යුතු බව විශ්වාස කරමි.

ඔබ සැමගේ ශක්තියෙන් දිනා දුන් නිදහසට මෙන්ම, සදාතනික වු ඔබේ මතකයට හා වීරත්වයට අපි සැමදා උත්තමාචාරය පුදකරමු.

30/04/2024

පොදුජන මැයි රැළිය සජීව විකාශය මෙම පිටුවෙන් බලාපොරොත්තු වන්න..

03/11/2023

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" අපේ පක්ෂයේ 7 වන සැමරුමට පොදුජන තරුණ පෙරමුණ අපගේ උණුසුම් සුබ පැතුම් ... !

02/08/2023

ශ්‍රී ලංකා නම ස්වෙච්ඡා සේවයෙන් ජාත්‍යන්තරයට ගෙනයාමට අනගි අවස්ථාවක්
= = = = = = == = = = = = = = = = = = = =
ඔබ නියෝජනය කරන්නාවූ ස්වෙච්ඡා සංවිධානයට හෝ ස්වෙච්ඡා සේවය කරන තනි පුද්ගලයන්ට තමන් කරන්නාවූ ස්වෙච්ඡා සේවය ජාත්‍යන්තර ඇගයීමකට ලක් වීමට අවස්ථාවක්.
මෙම Link එකට ගොස් තමන් කරන්නාවූ හෝ සංවිධානය කරන්නාවූ හෝ කල ස්වෙච්ඡා සේවය ඇතුලත් කරන්න.

https://wearetogetherprize.com/forms2023

13/10/2022

නවකවදය සම්පූර්ණයෙන් නැවැත්විය හැකිද?

ඒ පිළිබඳ විවාදාත්මක කතිකාවක් සදහා තරිඳු අබේවික්‍රම ගුණරත්න සහෝදරයා 2022.10.13 බ්‍රහස්පතින්දා දින ස්වාධීන රූපවාහිනී තුලාව වැඩසටහන ඔස්සේ රාත්‍රී 10.25ට ඔබ හමුවට පැමිණෙනු ඇත.

මේ සංවාදයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක, නීතිඥ ශාන්ත ජයවර්ධන, පේරාදෙණිය ම.ම.ශි.ස. සභාපති අනුරාධ විදානගේ සහ මංගල මද්දුමගේ ‍යන මහත්වරුන් සම්බන්ධවීමට නියමිතයි..

#තුලාව #නවකවදය

11/10/2022

සරසවියේ නිදහස උදෙසා නවකවදව ගැන අපේ අදහස
13 වන දින බ්‍රහස්පතින්දා 10.25 ස්වාධීන රුපවාහිනියේ තුලාව වෙතින්..
තරිඳු අබේවික්‍රම ගුණරත්න
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමයේ සම කැඳවුම්කරු ..

08/11/2020

අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල
2020.11.07

අමාත්‍යතුමනි,

විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ උසස් පෙළ කඩඉම් ලකුණු පිළිබඳව මතුවී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙනි

2019 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා විෂය නිර්දේශ 2 ක් යටතේ ශිෂ්‍ය කණ්ඩායම් 2 ක් පෙනී සිට ඇති අතර ඒ අනුව එම ශිෂ්‍ය කණ්ඩායම් දෙකටම අසාධාරණයක් නොවන පරිද්දෙන් පසුගිය වසරට සාපේක්ෂව වැඩිපුර ශිෂ්‍යන් 10,000 ක් විශ්වවිද්‍යාල වෙත බඳවා ගැනීම සඳහා කටයුතු කරන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත. එහෙත් එම ක්‍රියාදාමය සිදු වන ආකාරය පිලිබඳ නිරවුල් අදහසක් මේ වන විටත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරට සන්නිවේදනය වී නොමැත.

ඒ හේතුවෙන් උක්ත කරුණ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කොට කරුණු නිරවුල් කරගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව ඔබ වෙත දැනුම් දීමට කැමැත්තෙමි. තවද අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස එකී ලියවිල්ලේ සඳහන් අයුරින්ම ඉදිරි කාල වකවානුව තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් සළසා දෙන ලෙසද වැඩිදුරටත් දන්වා සිටින්නෙමු.

මධ්‍යම කමිටුව
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය

පිටපත්:
1. ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය
2. සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

27/08/2020

වසරක පසුවිපරම

2019 වසරේ අගෝස්තු 25 දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශිෂ්‍ය අංශය ලෙස ස්ථාපිත කෙරුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය, 2020 වසරේදී සිය පළමු සංවත්සරය සිහිපත් කරන්නේ ජයග්‍රහණ රැසක මතකය සහ නව බලාපොරොත්තු ගොන්නක වගකීම හිස මත දරා ගනිමිනි. 2015 වේ ජාතිකවාදී කඳවුර බිඳ වැටීමේ පටන් මඩ, අවලාද සහ සරදම් සරදම් වලට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය සමඟ අඛණ්ඩව අත්වැල් බැඳගත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවට අපගේ ගෞරවය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු.

දැන් එළඹ ඇත්තේ වැඩ කරන සමයයි.

මෙරට හුදී ජනතාව අතුරින් සාතිශය බහුතරය අපගේ "සෞභාග්‍යයේ දැක්ම" පස් අවුරුදු වැඩපිළිවෙල අනුමත කොට ඇත. ඒ අනුව එම වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත් කොට ජනතා විශ්වාසය ආරක්ෂා කරගැනීමේ වගකීම අප සතු බව අප අවධාරණය කොට ගත යුතුය. එහිදී, අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති සහ ඉලක්ක සපුරා ගැනීමට අපගේ රජය සමඟ එක්ව කටයුතු කිරීම සහ අවශ්‍ය වන මැදිහත්වීම් සිදු කිරීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රමුඛ කාර්‍යභාරය බව අපගේ හැඟීමයි.

බාහිර සතුරා පළවා හැරීමට කෙරෙන සටනට වඩා අභ්‍යන්තරය නිවැරදි අස්ථානයක පිහිටුවාගැනීමට කෙරෙන අරගලය බැරෑරුම් බවත්, දුෂ්කර බවත් අප අවබෝධ කොටගෙන සිටින්නෙමු. එම දුෂ්කර සහ බැරෑරුම් මාවත තුළ සබුද්ධිකව ගමන් කිරීමම "අපගේ ඉදිරි දේශපාලනය" වනු ඇත.

27/06/2020

දේශපාලන නැඹුරුවක් සහිත තරුණයන් සඳහා වන සන්නිවේදන වැඩමුළුව 03

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සම්බන්ධීකරණයෙන්, අන්තර්ජාතික ජනරජ ආයතනයේ (IRI) මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම වැඩමුළු මාලාවේ තුන්වැනි අදියර අද දිනයේදී පැවැත්වුණේ කැපී පෙනෙන කාන්තා සහභාගීත්වයක් සමගිනි.

දේශපාලන සන්නිවේදනය සඳහා නවීන ප්‍රචාරක මාධ්‍යන් පලදායී ආකාරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන්ද, එම මාධ්‍ය වල නව ප්‍රවණතා සම්බන්ධයෙන්ද, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා සිදුවන අයහපත් බලපෑම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ සඳහා සම්බන්ධ වූ අනාගත්වාදී තරුණ සහෝදරයන්ටද, සම්පත් දායකත්වය සැපයූ IRI ආයතනයට සහ පොදුජන තරුණ පෙරමුණට ද අපගේ ස්තුතිය පිරිනමන්නෙමු. ලාංකේය දේශපාලනය සඳහා කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

21/06/2020

දේශපාලන නැඹුරුවක් සහිත තරුණයන් සඳහා වන සන්නිවේදන වැඩමුළුව 02

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සම්බන්ධීකරණයෙන්, අන්තර්ජාතික ජනරජ ආයතනයේ (IRI) මෙහෙයවීමෙන් මෙම වැඩමුළු මාලාව පවත්වනු ලැබේ.

දේශපාලන සන්නිවේදනය සඳහා නවීන ප්‍රචාරක මාධ්‍යන් පලදායී ආකාරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන්ද, එම මාධ්‍ය වල නව ප්‍රවණතා සම්බන්ධයෙන්ද, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා සිදුවන අයහපත් බලපෑම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ සඳහා සම්බන්ධ වූ අනාගත්වාදී තරුණ සහෝදරයන්ටද, සම්පත් දායකත්වය සැපයූ IRI ආයතනයට සහ පොදුජන තරුණ පෙරමුණට ද අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

20/06/2020

දේශපාලන නැඹුරුවක් සහිත තරුණයන් සඳහා වන සන්නිවේදන වැඩමුළු මාලාවක පළමු අදියර අද දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සම්බන්ධීකරණයෙන්, අන්තර්ජාතික ජනරජ ආයතනයේ (IRI) මෙහෙයවීමෙන් මෙම වැඩමුළු මාලාව පවත්වනු ලැබේ.

දේශපාලන සන්නිවේදනය සඳහා නවීන ප්‍රචාරක මාධ්‍යන් පලදායී ආකාරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන්ද, එම මාධ්‍ය වල නව ප්‍රවණතා සම්බන්ධයෙන්ද, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා සිදුවන අයහපත් බලපෑම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Nelum Mawatha
Battaramulla