මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ සංකල්පයකට අනුව පොලිස් නිළධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා පවත්වනු ලබන පොලිස් හමුව 22 දින ඉතාමත් සාර්ථක ලෙස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
Ministry Of Public Security - Sri Lanka
Welcome to the official page of the Ministry of Public Security Sri Lanka!
22/08/2021
පින්බර නිකිණි පසළොස්වක පොහොය දිනයක් වේවා!
23/07/2021
සිදුහත් කුමරැ මව්කුස පිළිසිද ගැනීම, සිදුහත් කුමරැ අභිනිෂ්ක්‍රමණය කිරීම, ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය සහ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස කලිගු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරැ විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය වැනි වැදගත් සිදුවීම් බොහොමයක් සිදු වූ
ඇසල පසළොස්වක පොහොය දිනය අදයි!
21/07/2021
සාමය සතුට පිරි සුබ හජ්ජි උත්සවයක් වේවා!
Happy Hajji Festival !
இனிய ஹஜ்ஜி திருவிழா !
18/07/2021
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකිරීම මූලික කරගත් මෙන්ම පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම ලෙස ජනතාව වෙත සමීප කිරීමේ අරමුණින්, නව පොලිස් ස්ථාන පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව,පානදුර හිරණ සහ අලුබෝමුල්ල කොට්ඨාශවල නව පොලිස් ස්ථාන පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා, බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක්ද සහභාගී විය.
18/07/2021
රටතුළ ජල මාර්ග සහ ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීතී විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අධිවේගී ප්‍රතිචාර ඒකකයක් ලෙසින් මෑතකදී ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකායට එක් කරන ලද “දියමත විශේෂ මෙහෙයුමි බලඝනය” (Special Waterborne Operations Squadron) වෙත නවතම "සීඩූ" වර්ගයේ අධිවේගී ජෙට් ස්කී (See-Doo Jet Ski) යාත්‍රාවක් ශ්‍රී ලංකා පවර් බෝට්ටු සංගමය (Sri Lanka Powerboat Association) විසින් පරිත්‍යාග කරන ලදි.
පසුගිය 13 දින, සිනමන් ලේක්සයිඩ් පරිශ්‍රෙය්දී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වෙත එම යාත්‍රාව පිළිගැන්වීම සිදුවිය.
මෙම අවස්ථාවට මොටර් බොට්ටු සංගමයේ සභාපති ප්‍රසන්න රණවීර මහතා, රජීව ප්‍රනාන්දු මහතා, මාලන් ලෝ මහතා සහ විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි නිතීඥ වරුන ජයසුන්දර මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, විශේෂ කාර්ය බලකාය මුලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි (තොරතුරු තාක්ෂණ) අරුන කටුගම්පල මහතා ද එක්විය.
02/07/2021
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ Gotabaya Rajapaksa මහතාගේ සෞභාගගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රි ලංකා පොලිස් සේවය කාර්යක්ෂම කිරීම උදෙසා සෑම පොලිස් ස්ථානයක් සඳහාම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශයතාවය අරමුණු කර ගනිමින් නව ත්‍රිරෝද රථ 2,000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩපිළිවෙල ඊයේ (01) ගරු අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ Mahinda Rajapaksa මැතිතුමාගේ ප්‍රධානත්තවයෙන් ඇරඹින. මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාතය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර Sarath Weerasekera මහතාද එක්විය.
අපරාධ වැළැක්වීම හා විමර්ශණ කටයුතු, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා යෙදවීම, ළමා හා කාන්තා කාර්යාංශය,දූෂණ මර්ධන අංශවල රාජකාරි මෙන්ම විශේෂයෙන් පොලිසිය හා මහජනතාව අතර ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කර ගනිමින් ප්‍රජා පොලිස් සංකල්පය වඩාත් ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ත්‍රීරෝද රථ පොලිස් ස්ථාන වෙත ලබා දීමෙන් අපේක්ෂා කෙරේ.මෙලෙස බෙදා දීමට නියමිත ත්‍රීරෝද රථ අමාත්‍යවරයා විසින් ගාලුමුවදොර පිටියේදී නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්තන මහතා, බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක්ද සහභාගී විය.
28/06/2021
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකිරීම මූලික කරගත් මෙන්ම පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම ලෙස ජනතාව වෙත සමීප කිරීමේ අරමුණින්, නව පොලිස් ස්ථාන පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව, ගම්පහ දිස්ත්‍රික්කයේ බෙම්මුල්ල නව පොලිස් ස්ථානය පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මේ අවස්ථාව සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුුලු පිරිසක්ද සහභාගී විය.
26/06/2021
අනාගත පරපුර උදෙසා මතින් තොර සමාජයක් බිහිකිරීමට ඔබත් අදම මතින් තොර මිනිසෙක් වන්න.
#මතින්තොරසමාජයක්උදෙසා
24/06/2021
පානදුර පිංවත්ත කොට්ඨාශයේ නව පොලිස් ස්ථානය විවෘත කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් පසුගිය දා සිදුවිය.
මේ අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
24/06/2021
අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලාත්, සුමන සාමනේරයන්ද භන්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස අනුරපුර මිස්සක පව්වට වැඩමකර ලක්දිව බුදුසසුන පිහිටවූ උතුම් දිනය අදයි.
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Suhurupaya
Battaramulla
10120
