Urban Development Authority - UDA

Urban Development Authority - UDA

Share

Urban Development Authority (UDA)
| Official page |
සුසැදි සුරැකි සොදුරු නාගරිකරණයක් කරා

Photos from Urban Development Authority - UDA's post 23/12/2025

ගරු. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව 2025.11.06 දින පැවැත්වූ සාකච්ඡාව

ගරු අමාත්‍යතුමා වෙත නාගරික සංවර්ධන විෂය පථය පැවරීමත් සමඟම ඉදිරි නගර සංවර්ධන සැලසුම් හා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 2025/11/06 දින දහවල් 12.00 සිට ප.ව. 2.00 දක්වා නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමා ද අතිරේක ලේකම්වරුන්ද සහභාගි විය. ඊට අමතරව, අධිකාරියේ හිටපු සභාපතිතුමා ද, අධ්‍යක්‍ෂ ජනරාල්තුමා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරු හා ප්‍රධාන කාර්යාලයේ සියලු අධ්‍යක්‍ෂවරු ද අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ සියලු නිලධාරීන් ද මීට සහභාගි විය. මීට අමතරව සියළු පළාත් අධ්‍යක්‍ෂවරු හා දිස්ත්‍රික් භාර නිලධාරීන්ද සූම් තාක්ෂණය (Zoom) ඔස්සේ සම්බන්ධ විය.

අධිකාරියේ සාමාජික භවතුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් කළමණාකරණ ගැටළු විසඳීම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක අවශ්‍යතාව ගරු අමාත්‍යතුමා විසින් පැහැදිලි කරන ලදී. ඒ අනුව, ඊට අදාළ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පදනම දැනටමත් සකස් කර ඇති බැවින් කඩිනමින් විසඳුම් ලබා දීමට එකඟතාව ප්‍රකාශ කරන ලදී.

තවද, දැනට ප්‍රකාශිත නාගරික සංවර්ධන බල ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම සිදුවන අතර, 2030 වන විට එම ප්‍රදේශ ආවරණය වන ලෙස සියලු සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වන බව ද සවිස්තරාත්මකව සාකච්ඡා විය.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නගර සංවර්ධන සැලසුම්වලින් හඳුනා ගන්නා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගරු අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, සංවර්ධන සැලසුම් දේශපාලනීකරණය නොවිය යුතු අතර, රටේ ජාතික සංවර්ධනයට ඝෘජු ලෙස දායකවන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. මේ පිළිබඳව අධිකාරියේ සියලු නිලධාරීන්ගේ එකඟතාවය ඵලවිය. තවද, දිගු කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම හා නිශ්චිත කාල වකවානු සහිතව එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ද ගරු අමාත්‍යතුමා සභාවට දැනුම් දෙන ලදී.

යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අධිකාරියේ අදාළ නිලධාරීන් විසින්, ඒ පිළිබඳව පරිගණක ආශ්‍රිතව ඉදිරිපත් කිරීම් (Power Point Presentation) සිදු කළේය. නාගරික සංවර්ධන අධිකාරියේ අනාගත දිශානතිය පිළිබඳව වැදගත් අදහස් ඉදිරිපත් වීම වඩාත් ප්‍රසංසනීය වේ. මේ සාකච්ඡාව ඉතා ඵලදායී විය.

Photos from Urban Development Authority - UDA's post 17/10/2025

නාගරික සංවර්ධන අධිකාරියේ 2025 – 2029, පස් අවුරුදු කාල පරිච්ඡේදය සඳහා සකස් කරනු ලබන සංයුක්ත සැලැස්ම (Cooperate Plan) සඳහා, අධිකාරියේ ඉහළ කළමණාකාරිත්වයේ හා අංශ ප්‍රධානීන්ගේ අදහස් ලබා ගැනීම සඳහා වූ මූලික වැඩමුළුව - 2025.09.13

නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2022 වර්ෂයේදී පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්මේ (Cooperate Plan) කාලය 2024 දී අවසන් විය. ඒ අනුව නව සංයුක්ත සැලැස්මක් 2025 – 2029 කාලය සඳහා සකස් කළ යුතුවේ. මෙවැනි සැලැස්මක් සකස් කිරීමේදී ඊට අනුගතවූ විශේෂඥ දැනුම හා වෘත්තිය නිපුණතාව ලබා ගැනීම වඩාත් සුදුසුවේ. විශේෂයෙන් මෙවැනි සැලසුමක් සකස් කිරීමේදී පුළුල් පරාසයක් තුළ මෙම කාර්ය සාධන ක්‍රියා පටිපාටිය ආවරණය විය යුතුවේ. ඒ අනුව මෙම සැලැස්ම සකස් කිරීම සඳහා කේ.පී.එම්.ජී. උපදේශන ආයතනය (KPMG Consultancy Institute) මෙම අධිකාරියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව තෝරා ගන්නා ලදී. එසේ තෝරා ගත් කේ.පී.එම්.ජී. උපදේශන ආයතනය 2025 අගෝස්තු මස මුල් සතියේ සිට මෙම කාර්යයේ නිරත වන ලදී. තවද, උපදේශන ආයතනය වෘත්තීය නිපුණතාවයෙන් හෙබි පළපුරුදු වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පිළිගත් උපදේශන ආයතනයක් ද වේ.

මෙම සැලසුම් ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර, සැලැස්ම සකස් කිරීමේ කටයුතු, මෙම අධිකාරියේ ප්‍රගති සමාලෝචන ඒකකය වෙත පවරා ඇත. ඒ අනුව උපදේශන ආයතනය විසින් මේ වන විට ප්‍රගති සමාලේචන ඒකකයේ සම්බන්ධීකරණය තුළින්, ආයතනයේ සියලුම අංශ සමඟ මූලික තොරතුරු රැස් කිරීමේ කටයුතු අවසන් කර ඇත. මෙලෙස සංවිධානාත්මකව සිදුවන මෙම කාර්ය සඳහා ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයේ හා අංශ ප්‍රධානීන්ගේ අදහස් ලබා ගැනිම සඳහා 2025 සැප්තැම්බර් 13 වන දින වෝටර්ස් ඒජ් හෝටලයේදී (Water’s Edge Hotel) පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා මෙම වැඩමුළුව පැවැත්විය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ සංයුක්ත සැලැස්ම සකස් කිරීමට, ආයතනයේ දැක්ම (vision), මෙහෙවර (Mission), උපායමාර්ග හා අරමුණු පිළිබඳ අදහස් ලබා ගැනීමයි. තවද ආයතනයේ කාර්යයන් හා සම්බන්ධ පාර්ශවකරුවන් හඳුනා ගැනීම හා ආයතනයේ ඉදිරි දිශානතිය පිළිබඳව තීරණය කිරීම හා සැලසුම් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා ගත යුතුවේ. මෙම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා, මෙම වැඩමුළුවට දේශණ, සාමුහික ඉදිරිපත් කිරීම් (Team Presentation) කණ්ඩායම් සාකච්ඡා, ප්‍රශ්නාවලී සඳහා පිළිතුරු ලබාදීම, නව්‍ය අදහස් ඉදිරිපත් කිරීම හා සාකච්ඡා කිරීම යනාදී විවිධ ක්‍රම මඟින් පැවැත්විණි. සංයුක්ත සැලැස්ම සකස් විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී බොහෝ කරුණු කාරණා සාකච්ඡා වූ අතර, වැදගත් යෝජනා හා අදහස් ඉදිරිපත් විය. මෙම සියළු කරුණු සම්පිණ්ඩනය කර 2025 – 2029 කාල වකවානුව සඳහා සංයුක්ත සැලැස්ම සකස් කෙරේ.

Photos from Urban Development Authority - UDA's post 17/10/2025

පළාත් පාලන ආයතනවල සැලසුම් කමිටු විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා, ඉඩම් අනුබෙදුම් සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් අයදුම්පත්වලට අදාළ
සංවර්ධන බලපත්‍ර පෙරසැරි කිරීමේ ව්‍යාපෘතිය යටතේ
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පැවති මූලික වැඩමුළුව - 2025.10.02

නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2017 වසරේ සිට ඉඩම් අනුබෙදුම් හා ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ අනුමත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. තවද දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන වෙත මෙම මාර්ගගත ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. යාපනය, මහනුවර, මාතලේ දිස්ත්‍රික්ක සදහා මෙලෙස මාර්ගගත ක්‍රමවේදයට අනුකූලව සංවර්ධන සැලසුම් අයදුම්පත් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ. මෙම මාර්ගගත ක්‍රමවේදය තවදුරටත් පුළුල් කරමින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශිත ප්‍රදේශයන්හි, ඉඩම් අනුබෙදුම් හා ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් පෙරසැරි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩමුළුවක් 2025.10.02 දින නුවරඑළියේදී පැවැත්විය. මේ සඳහා නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශිත ප්‍රදේශයන්හි, පළාත් පාලන ආයතනවල නාගරික කොමසාරිස්, ලේකම්, වැඩ අධිකාරී, කාර්මික නිලධාරීන් හා අදාළ කළමනාකරණ සේවා නිලධාරීන් සහභාගී විය. එමෙන්ම මෙම වැඩමුළුවට මෙම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්‍ෂ, තොරතුරු තාක්ෂණ පද්ධති අංශයේ අධ්‍යක්‍ෂ හා නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ද සම්බන්ධ විය. (අදාළ සම්පත් දායකයින් ලෙස මෙම අධිකාරියේ නිලධාරීන් සම්බන්ධ විය.)

මෙම මාර්ගත අයදුම්පත් අනුමත කිරීමේ ක්‍රියාවලිය, නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන් යාවත්කාලීන කිරීම හා ප්‍රශස්ත කිරීම සඳහා වන අතර, එමඟින් සිය පාර්ශවයන්ට වඩාත් විධිමත්, විනිවිද භාවයෙන් යුතු, කාර්යක්ෂම සේවාවක් සපයනු ඇත. තවද මෙමඟින් පරිපාලනමය ගැටළු අවම කර ගත හැකි අතර, අධිකාරියේ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාව උපරීම ලෙස දායක කරගත හැකිවීම විශේෂත්වයකි.

මෙලෙස මාර්ගගත අයදුම්පත් අනුමත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණු පහත ආකාරයට විස්තර කළ හැකිවේ.

1. කාර්යක්ෂමතාව - මාර්ගගත මෘදුකාංග පද්ධතිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම තුළින් ඊට ගතවන කාලය, අයදුම්පත් සැකසීම හා අනුමැතියට ගතවන කාලය සාපේක්ෂව අඩු වනු ඇත.
2. විනිවිදභාවය - සියලු පාර්ශ්වයන්ට ඔවුන්ගේ ලිපිගොනුවල තත්ත්වය සහ අදාළ ලියකියවිලි සඳහා විනිවිදභාවයකින් යුතු කාලීන ප්‍රවේශය හිමිවේ.
3. ප්‍රවේශ්‍යතාව - අයදුම්කරුවන්ට ඕනෑම ස්ථානයක සිට තම ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිවේ. තවද නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යාල වෙත පැමිණීමට අවශ්‍ය නොවනු ඇත.
4. පිරිවැය ඵලදායීතාව - ඩිජිටල් ක්‍රියාවලිය හේතුකොට ගෙන මුද්‍රණය, ගබඩා කිරීම, ලේඛනගත කිරීම අවම කළ හැකිවන අතර, අතින් වාර්තා තබා ගැනීම සම්බන්ධ පිරිවැය අඩුවේ.

මෙලෙස මෙම ක්‍රියාවලිය, සමස්ථයක් ලෙස ගත් විට ඉතා උසස්, දියුණු මෘදුකාංග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මකවේ. මෙතුළින් සංවර්ධන අයදුම්පත් කඩිනමින් පෙරසැරි කළ හැකිවීම විශේෂත්වයකි.

Photos from Urban Development Authority - UDA's post 25/07/2025

The Nationalised Service Cricket Tournament is Scheduled to Take Place from July 26 to August 1, 2025, in Kawalampur, Malaysia

The nationalised service cricket tournament is scheduled to take place from July 26 to August 1, 2025, in Kawalampur, Malaysia. Five employees from the UDA have been selected to represent the team, including the team captain. Mr. Saman Hettiarachchi, the Chief Executive Officer of External Projects at Home Land Construction, is providing financial support for the team. The cheque was received by Engineer Kumudu Lal, the Chairman of the UDA, with Mr. Ananda Samarasinghe, the Deputy Director General of Design Management, also present at the event. The UDA extends its sincere gratitude to Home Land Construction for their financial assistance and wishes the team members the best of luck for success in the tournament.

Photos from Urban Development Authority - UDA's post 23/06/2025

කොළඹ දිස්ත්‍රික්කය සඳහා “මගේ කලාපය” (“My Zone”) මාර්ගගත කලාපීයකරණ යෙදුම භාවිතයට යොදා ගැනීම

මෙම අධිකාරියේ, නාගරික පර්යේෂණ මධ්‍යස්ථානය (URC) හා භූගෝලීය තොරතුරු පද්ධති අංශය (GIS Division) සහ තොරතුරු පද්ධති අංශය (IT Division) සමඟ එක්ව, ශ්‍රී ලංකාව පුරා කලාපීයකරණ තොරතුරු ඩිජිටල්ගත කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස “මගේ කලාපය” (My Zone) යන නමින් හඳුන්වන, මාර්ගගත කලාපීයකරණ යෙඳුම දියත් කිරීමට අදාළ සියලු කටයුතු සිදු කර ඇත. එය 2025/05/22 දින ගරු අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශයේ ලේකම්තුමා, අධිකාරියේ සභාපතිතුමා හා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ඉහළ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්විණී. මෙම දිනයේ සිට, මහජනතාවට නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය (www.uda.gov.lk) වෙත පිවිසෙමින් “මගේ කලාපය” (My Zone) යෙදුම භාවිතා කළ හැකිවේ. මෙම යෙඳුම ජපාන ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) තාක්ෂණික සහය ඇතිව “නගර වර්ධනය” (“CITY-UP”) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකා රජයේ “නව ඩිජිටල්කරණය”, යන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුරූප වන අයුරින් මෙම නාගරික සැලසුම් සේවාවන්, ඩිජිටල්කරණ වේදිකාවකට ගෙන ඒම වැදගත් අදියරක් වේ. රාජ්‍ය සේවයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ මහජන සහභාගිත්වය වැඩි දියුණු කිරීම සහ මහජන ප්‍රවේශය පහසු කිරීම, මෙම යෙදුමේ මූලික අරමුණු වේ.

“මගේ කලාපය” (My Zone) යන යෙදුමේ ආරම්භක අදියරේදී, කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින පළාත් පාලන ආයතන අටක් සඳහා කලාපීයකරණ සිතියම් හා සංවර්ධන රෙගුලාසි පිළිබඳව මහජනයාට පහසුවෙන්, පරිගණක තාක්ෂණය ඔස්සේ ඍජු ප්‍රවේශය ලබාදෙනු ඇත. එම පළාත් පාලන ආයතන අට පහත දැක්වේ.

1. කොළඹ මහ නගර සභාව
2. දෙහිවල–ගල්කිස්ස මහ නගර සභාව
3. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
4. කඩුවෙල මහ නගර සභාව
5. මොරටුව මහ නගර සභාව
6. මහරගම නගර සභාව
7. කැස්බෑව මහ නගර සභාව
8. හෝමාගම ප්‍රදේශීය සභාව

මෙම පරිශීලක-හිතකාමී ඩිජිටල් යෙඳුම මඟින් ආයෝජකයින්, ඉදිකිරීම් හා දේපළ වෙළඳාම් වෘත්තිකයින්, දේපල හිමියන් සහ දේපල සංවර්ධනකරුවන්ට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා, මෙම යෙඳුම අතිශයින් වැදගත්වේ. විශේෂයෙන් පළාත් පාලන ආයතනවල සංවර්ධන රෙගුලාසි බලාත්මක කිරීමේ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් සඳහා කලාපීයකරණ රෙගුලාසි සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිවේ.

නාගරික සංවර්ධන අධිකාරිය මෙම නව්‍ය විසඳුම හරහා සැලසුම් ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම, නියාමන තොරතුරු සම්බන්ධයෙන් මහජන අවබෝධය වර්ධනය කිරීම සඳහා සක්‍රීය පියවරක් ඉදිරියට තබා ඇත. ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ සියලු නාගරික සංවර්ධන බල ප්‍රදේශවල, සංවර්ධන සැලසුම් සඳහා මෙම යෙදුම ඇතුළත් කරමින්, දිවයින පුරා ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම් ක්ෂේත්‍රයෙහි නව සන්ධිස්ථානයක් සඳහා “මගේ කලාපය” (My Zone) යන යෙඳුම ඔස්සේ කලාපීයකරණ තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබා ගත හැකි පුළුල් ද්වාරයක් මෙතුළින් විවෘත වේ.

යෙදුමේ භාවිතයන් සහ ප්‍රයෝජන:

මෙම නව්‍ය පද්ධතිය මඟින් මහජනතාවට පහසුවෙන් තම දේපල පිහිටි ස්ථානය අයත්වන කලාපය හා එහි භාවිතය, සංවර්ධනය කළ හැකි ආකාරය, ගොඩනැගිලි උස, පරිසර තත්ත්වය හා අපේක්ෂිත නිර්මිත පරිසර තත්ත්වය පරීක්ෂා කළ හැකිය. එමඟින්,

1. දේපල හිමියන්ට – තම ඉඩම්වලට අදාල ඉදිකිරීම් සීමා, අවසර ලබාගත හැකි ආකාරය , වාණිජ / නේවාසික/ කර්මාන්ත ඇතුළු අනෙකුත් භාවිතයන් පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැකිය.
2. ආයෝජකයින්ට – ව්‍යාපෘති සැලසුම් කිරීමේදී කලාපීයකරණ රෙගුලාසි පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැකිවේ.
දේපල වෙළඳාම් වෘත්තිකයන්ට – දේපලක් මිලදී ගැනීම හෝ විකුණීමේදී එහි භාවිත හැකියාව සහ සීමා පූර්ව විශ්ලේෂණය කිරීමට හැකිවේ.
3. පළාත් පාලන ආයතනවල රෙගුලාසි බලාත්මක කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් – නිවැරදිව හා කාර්යක්ෂමව බලාත්මක රාජකාරි කටයුතු කිරීමට හැකිවීම .
4. මහජනතාවට – තම අවට සිදුවන භෞතික සංවර්ධනය පිළිබඳ දැනුවත්වීම.

ලංකාවේ නව දේශපාලන සහ තාක්ෂණික දෘෂ්ටිකෝණය:

“මගේ කලාපය” (My Zone) යෙඳුම, ශ්‍රී ලංකාවේ නවීන දේශපාලන හා තාක්ෂණික අභිප්‍රේරණයන්ට ගැලපෙන අයුරින් සංවර්ධනය කර ඇත. එය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කළ මනා කාර්යක්ෂමතාවයකින් යුතු “සුහුරු රාජ්‍ය ප්‍රතිපත්තිය” (“Smart Government”) යටතේ, රාජ්‍ය තොරතුරු, සේවා සහ පරිපාලන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හැකිවේ. මෙය නාගරික සෙසු සේවාවන්ට ද, පදනමක් ලෙස යොදා ගත හැකිවේ.

අනාගත දිශානති:

“මගේ කලාපය” (My Zone) යෙඳුම තවදුරටත් සංවර්ධනය කරමින්, ශ්‍රී ලංකාව පුරා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ, සියලු නාගරික සංවර්ධන ප්‍රදේශවල සංවර්ධන සැලසුම්වල කලාප තත්වයන් සහ නියාමන රෙගුලාසි මෙම පද්ධතිය තුළට එක් කිරීමට කටයුතු කෙරේ. මෙමඟින්, දිවයින පුරා එකිනෙකාට සම්බන්ධිත හා විශ්වාසනීය නාගරික තොරතුරු පද්ධතියක් බිහි කළ හැකිවේ.

මහජනතාව යෙඳුම භාවිතයට යොදා ගත යුතු ආකාරය:

2025 මැයි 22 වැනිදා සිට නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියට (www.uda.gov.lk) පිවිසීමෙන් “මගේ කලාපය” (“My Zone”) යෙදුම භාවිතයට යොදා ගත හැකිවේ. අදාළ ස්ථානය පිහිටි ලිපිනයට පිවිසීමෙන් පසු, භූමියේ පිහිටි ස්ථානය සොයා බලා, එයට අදාල කලාප තත්ත්වය, භාවිත සීමාවන්, සහ නියාමන තොරතුරු ලබාගත හැකිවේ. මෙම පද්ධතිය රටට හඳුන්වා දීම අතිශයින්ම කාලෝචිත ක්‍රියාවක්වේ.



Photos from Urban Development Authority - UDA's post 09/08/2024

නොව පැරණිය වන රමණිය කෝට්ටේ !

බැද්දගාන තෙත්බිම් උද්‍යානය
බැද්දගාන තෙත්බිම් උද්‍යානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නුදුරින්, දියවන්නාඔය ජලාශය ආශ්‍රිත කලාපය තුළ ස්ථානගතවී ඇත. මෙම තෙත්බිම් උද්‍යානය ආශ්‍රිත කලාපයට පහත්බිම්, ජලාශ්‍රිත ප්‍රදේශ හා උස්බිම් ප්‍රදේශ ඇතුලත්වේ. මෙම උද්‍යානය හෙක්ටයාර් 18 ක වපසරියක් තුළ පැතිරී ඇති අතර, සිසිල් දිය දහරාවන්ගෙන් හෙබි මනස්කාන්ත දැකුම්කළු පරිසරයක් වන අතර, වනජීවී දෙපාර්තමේන්තුව විසින් 1985 දී මෙම ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම උද්‍යානයට ගමන් කිරීමට මංපෙත් දෙකක් ඇත.

(අ) දියවන්නාඔයට මායිම්ව පිහිටි නිපොන් මාවත
(ආ) තෙත්බිම් වනාන්තරය හරහා ගමන් කරන අභ්‍යන්තර මාර්ගය වේ.
මෙම තෙත්බිම් උද්‍යානය අධිනාගරික කලාපයක් තුළ පිහිටා ඇති හෙයින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම උද්‍යානය සැලසුම් කිරීමට බලපාන ලද සාධක රැසක් පවතී.

1. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර ආශ්‍රිතව අතීතයේ සිටම වගුරු බිම් බහුලව පැවතිණි. නව පාර්ලිමේන්තුව 1982 දී මෙම නගරය තුළ ස්ථාපිත කිරීමත් සමඟම දියවන්නාඔය ආශ්‍රිතව පැවති ආන්තික බිම උපයෝගී කර විශාල ජලාශයක් නිර්මාණය කර ඇත. එමෙන්ම ඒ ආශ්‍රිත කලාපය තුළ පහත්බිම් රැසක් පවතින අතර, එම ඉඩම් බහුතර ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය සතුවේ. එහෙයින් මෙම සංවේදී පාරිසරික පද්ධතියට අනුබද්ධව පවතින ජල බරිත ප්‍රදේශ, ආන්තික බිම් තීරු හා ගොඩඉඩම් තීරු සම්බන්ධ කර මෙම භූමිය ප්‍රශස්ථ ලෙස භාවිතා කර මෙම තෙත්බිම් උද්‍යානය නිර්මාණය කර ඇත.

2. තෙත්බිම් පාරිසරික සංතුලනය සුරක්ෂිත කිරීමට මෙන්ම, ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම සඳහා ද, සත්ව අභිජනනය සහ දඩයම් ස්ථාන ලෙස ද ක්‍රියාත්මක වන අතර, කෘමි පාලනයට ද එම ස්ථාන දායක වේ. ඒ අනුව තෙත්බිම් පරිසර පද්ධතිය ආශ්‍රිතව ජීවත්වන ශාඛ හා සත්ව ප්‍රජාව සංරක්ෂණය කරමින් ජෛවීය විිවිධත්වය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා ඍජු දායකත්වයක් සැපයේ.

3. මෙම කලාපය තුළ පැවති අනවසර ඉදිකිරීම් ඉවත්කර, සංවේදී පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින් සංවේදී පක්ෂීන්, උභය ජීවීන්, උරගයින් හා මෙම පරිසර පද්ධතියට අනුගතව ජීවත්වන වන සතුන්ගේ ගහණය වර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම. එමෙන්ම, මෙම පරිසර පද්ධතියට අනුගතව ජීවත්වන පක්ෂීන්ගේ හා සතුන්ගේ අභිජනන ක්‍රියාවලිය පවත්වා ගැනීමට අවශ්‍ය හිතකර පරිසර පද්ධතියක් සකස් කිරීම හා නිර්මිත පරිසරය ඊට අනුගත වන ලෙස නිර්මාණය කිරීම.

4. අධිනාගරික කලාපය තුළ සංවර්ධනය සමතුලිතව පවත්වා ගැනීම සඳහා නීල හරිත විශේෂ පාරිසරික සංවර්ධන කලාපයක් ලෙස මෙම ප්‍රදේශය පවත්වා ගෙන යාම.

5. අගනුවර ආශ්‍රිතව මහජනයා වෙනුවෙන් හා සංචාරකයින් හට ප්‍රතිමෝදක පහසුකම් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම හා වර්ධනය කිරීම. එමෙන්ම විවෘත භූමි වඩාත් ආකර්ශණීය ලෙස පරිසර හිතකාමීව පවත්වා ගැනීම.

6. ගංවතුර පාලනය කිරීම සඳහා තෙත්බිම් ඵලදායී ලෙස පවත්වා ගැනීම හා එතුලින් නගරාශ්‍රිත කලාප ගංවතුර උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා සුදුසු ලෙස පවත්වා ගැනීම.

7. ඒක දේශීය ශාඛ හා සත්ව විශේෂයන් සංරක්ෂණය කිරීමට අවශ්‍ය සුදුසු පරිසරය එම ආකාරයටම පවත්වා ගනිමින්, වනජීවීන් හා ස්වාභාවික වෘක්ෂලතා සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම හා ඊට අවශ්‍ය සානු බල දිරිගැන්වීම් සිදු කිරීම.

8. මෙම උද්‍යානය තුළ විවිධ වර්ගයේ තෙත්බිම් ආශ්‍රිත ශාක, (කඩොලාන වර්ග ඇතුළුව) හා සඳුන්, හොර, බුලු, මාදං, මහනුග, නා, දං ඇතුළු තෙත් කලාපීය දේශගුණයට සුදුසු, නිවර්තන සදාහරිත ශාඛ විශේෂ පනහක් පමණ රෝපණය කර වනගහනය වර්ධනය කිරීමට ක්‍රියා කිරීම. එමෙන්ම මෙම ජල බරිත ප්‍රදේශ සඳහා සුදුසු මානෙල්, වෙල් ආත්ත, වැටකෙයියා වර්ග, දං, උණ, පඔ වැල්, කදුරු වැනි ජලජ පරිසර පද්ධතියට අනුවර්තනය වන පැලවර්ග රෝපණය කිරීම හා එම ශාක පද්ධතිය ආරක්ෂා කිරීම තුළින් පාරිසරික සමතුලිතතාව රැකගැනීම.

මෙම අරමුණු මුදුන් පමුණුවා ගනිමින් බැද්දගාන තෙත්බිම් උද්‍යානය තුළ පහත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

I. තොරතුරු මධ්‍යස්ථානය - මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ ප්‍රයෝජනයට හා පරිශීලනය කිරීම සඳහා අදාළ වන තොරතුරු අන්තර්ගත කර මෙම තොරතුරු මධ්‍යස්ථානය, එම පරිසරයට අනුගතවන ආකාරයට ඉදිකිරීම.

II. උද්‍යානය නඩත්තු කිරීමට හා සංවර්ධන කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රවේශපත්‍ර මධ්‍යස්ථානයක් ඉදිකිරීම.

III. රථ වාහන නැවැත්වීම සඳහා රථනැවතුම් ස්ථානය ඉදිකිරීම.

IV. පක්ෂී නැරඹුම් කුළුණු (Bird Watching Tower) හා කුරුළු/ සමනල වර්ග නැරඔුම් ස්ථාන (Viewing Deck) සකස් කිරීම - අවට පරිසරයේ චමත්කාරය වින්දනය කිරීමට හා පක්ෂීන් නැරඹීම සඳහා ඊට උචිත ස්ථානයන්හි නැරඔුම් ස්ථාන ඉදිකිරීම.

V. ප්‍රමිතියකට අනුකූලව ඉදිකළ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම - උද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ගේ ශාරීරික අවශ්‍යතා සඳහා ඉදිකර ඇත.

VI. උද්‍යානය තුළ පයින් ගමන් කළ හැකි ලෙස බොරලු පාරවල් හා කුඩා අතු පාරවල් සකස් කිරීම. මෙය හුදෙක් පරිසර පද්ධතිය වින්දනය කිරීමට හැකිවන ලෙස හා තිරසාර පරිසර පද්ධතිය සුරක්ෂිත වන ආකාරයට සැලසුම්කර, උද්‍යානය තුළ පයින් ගමන් කළ හැකි ලෙස බොරලු පාරවල් හා කුඩා අතු පාරවල් සකස් කිරීම.

VII. විශේෂයෙන් ජලය මතින් ගමන් කළ හැකි පරිදි දැව යොදා ගනිමින් සකස් කරන ලද ඇවිදින මංතීරු පද්ධතිය ඉදිකිරීම.
මෙලෙස බහුවිෂයාත්මක අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ බැද්දගාන තෙත්බිම් උද්‍යානය සාර්ථකව සැලසුම්කර සියලු ඉදිකිරීම් නිමකර ඇත. තවද දේශීය හා විදේශීය සංචාරකයින්ට පහසුවෙන් පැමිණිය හැකි මනස්කාන්ත භූදර්ශණයකින් හෙබි, අතිශයින් සිත්ගන්නා පාරිසරික උද්‍යානයක් වේ. මෙම ව්‍යාපෘතිය අතිශයින් සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක්වී ඇත.

𝐁𝐚𝐝𝐝𝐚𝐠𝐚𝐧𝐚 𝐖𝐞𝐭𝐥𝐚𝐧𝐝 𝐏𝐚𝐫𝐤

Baddagana Wetland Park is located in the capital city of Sri Jayawardenepura Kotte, not far from the Parliament of Sri Lanka, in the area surrounding the Diyawannaoya Reservoir. The area surrounding this wetland park includes lowlands, Waterfront areas and upland areas. Spread over an area of 18 hectares, the park has a breathtaking landscape with cool streams abundant and the Wildlife Department declared the area as a wildlife sanctuary in 1985. There are two trails to walk into this park.
(𝙖) Nippon Mawatha bordering Diyawannaoya
(𝙗) On the inner road passing through the wetland forest.
As this wetland park is located in a metropolitan area, there are many factors that influenced the planning of this park by the Urban Development Authority.

𝟏. Swamp lands were abundant around the capital of Sri Jayawardenepura Kotte since ancient times. With the establishment of the new Parliament in this city in 1982, a large reservoir was created by using the marginal land around Diyawannaoya. Also, there are many low-lying lands in the surrounding area, and the majority of those lands are owned by the Urban Development Authority. Therefore, this wetland park has been created by connecting the wetlands, marginal land strips and land strips attached to this sensitive ecological system.

𝟐. Wetlands also serve as animal breeding, and contribute to insect control, as well as securing ecological balance. Accordingly, by conserving the plant and animal community living in the wetland ecosystem, a direct contribution is made to create the environment necessary to secure biological diversity.

𝟑. Remove unauthorized constructions in this region and create the necessary environment to develop the population of sensitive birds, amphibians, reptiles and wild animals that live in harmony with this ecosystem by securing the sensitive ecosystem. Also, to prepare a favorable ecosystem necessary to maintain the breeding process of birds and animals that live in accordance with this ecosystem and to create the built environment in accordance with it.

𝟒. To maintain this area as a Blue Green Special Environmental Development Zone to maintain balanced development within the metropolitan area.

𝟓. To expand and develop the space needed for the public and tourists in relation to the capital city. And maintaining open spaces in an attractive and environmentally friendly manner.

𝟔. Effective maintenance of wetlands for flood control and suitable maintenance thereof to protect marginal urban areas from flood hazard.

𝟕. By maintaining the suitable environment necessary to conserve the native flora and fauna, work to secure wildlife and natural vegetation and provide the necessary plateau power incentives.

𝟖. In this park, various types of wetland related plants (including mangroves) and about fifty species of tropical evergreen plants suitable for humid region climates including Sandalwood, Hora, Bulu, Madang, Mahnuga, Na, dang and working to develop the forest population. Also, for these water-stressed areas, plant species that adapt to the aquatic ecosystem such as water lily, velatta, watakeyia, sorghum, bamboo, pao vine, and kaduru and preserve the ecological balance by protecting the plant system.
To achieve these objectives, the following development projects have been implemented in Baddagana Wetland Park.

𝐈. Information Center - This information center should be constructed in such a way as to adapt to the environment by storing relevant information for the use and reference of visitors to the park.

𝐈𝐈. Construction of a ticket office to maintain the park and expand development activities.

𝐈𝐈𝐈. Construction of parking lot for parking of vehicles.

𝐈𝐕. Construction of Bird Watch Towers and Bird/Butterfly Viewing Decks - Construction of viewing decks/viewing towers at appropriate locations to enjoy the charm of the surrounding environment and to observe birds.

𝐕. Arrangement of toilet system constructed to a standard - constructed for the physical needs of visitors to the park.

𝐕𝐈. Paving of gravel roads and small branch roads within the park to make walking possible. This is simply the creation of gravel roads and small footpaths within the park designed to enable the enjoyment of the ecosystem and to secure the sustainable ecosystem.

𝐕𝐈𝐈. Construction of walkway system specially made using wood to be able to walk on water.
Baddagana Wetland Park, which was implemented to achieve multidisciplinary objectives, has been successfully planned and all constructions have been completed. It is also an extremely Mind-blowing landscape ecological park with a breathtaking landscape that can be easily visited by local and foreign tourists. This project has been an extremely successful development project.

15/07/2024

මහල් නිවාස හිමියන් 50000 කට සින්නක්කර ඔප්පු ලබාදීම පිළිබද ITN 7 වැනි පැය සාකච්ඡාව

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Sethsiripaya
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15