National Productivity Secretariat

National Productivity Secretariat

Share

Foremost contributor in socio-economic development of Sri Lanka by promoting productivity

29/05/2026

ඔබේ ආයතනය තුළ ශක්තිමත් 5S විගණන කණ්ඩායම් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා නිපුණතාව ලබාදීම සඳහා 5S විගණනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් 5S විගණක නිලධාරින් පුහුණු කිරීමේ තෙදින විශේෂ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කෙරේ.

මෙම පුහුණු වැඩසටහන 2026 ජූනි 24, 25 හා 26 දිනයන්හීදි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිතය.
මෙම පුහුණු වැඩසටහන මගින්
* 5S සංකල්පයේ ප්‍රායෝගික භාවිතය පිළිබද දැනුම ලබා දීම
* 5S විගණනය සිදු කිරීම සම්බන්ධ පූර්ණ අවබෝධය ලබා දීම
* තෝරාගත් ආයතනයක 5S විගණනයක් සිදු කිරීම මගින් ප්‍රායෝගික අවබෝධය ලබා දීම (Practical Session)
* 5S විගණනය සහ ආයතනික කාර්ය දර්ශක අතර අන්තර් සම්බන්ධය පිළිබඳ දැනුවත් කිරීම
* විගණන ප්‍රතිඵල අර්ථකථනය කිරීම සහ පසුවිපරම් කිරීම සිදු කෙරෙනු ලැබේ.
ඔබේ ආයතනය තුළත් 5S විගණන කණ්ඩායමක් ස්ථාපිත කර ගැනීමට මෙම පුහුණු වැඩසටහන සඳහා පහත සබැඳිය මගින් 2026 ජූනි 19 දිනට පෙර අයදුම් කරන්න.
https://forms.gle/Z3nuQNPq1vA18wTLA
සැ.යු : ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බැවින් සහ සීමිත සංඛ්‍යාවක් පමණක් සහභාගි කරගනු ලබන බැවින් මුලින් අයදුම් කරන ආයතන/ නිලධාරින් හට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

පුහුණු පාඨමාලාවට අදාල ගෙවීම් පිළිබඳ විස්තර
බැංකුව : ලංකා බැංකුව
ගිණුම් අංකය : 7040648
ගිණුමේ නම : අධ්‍යක්ෂ ජනරාල් - ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය
ශාඛාව : බත්තරමුල්ල

* උදේ තේ, දවල් ආහාර, සවස තේ හා ලිපි ද්‍රව්‍ය සපයනු ලැබේ.
 වැඩි විස්තර සඳහා දු.ක. 0112186031/ 0711937371 මගින් සුගත් දසනායක මහතා අමතන්න.

Photos from National Productivity Secretariat's post 27/05/2026

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන “දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ගම්මානවල ප්‍රජාව සවිබලගන්වන ආකාරයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි කලාපවල ප්‍රජාව ද බලගැන්විම සඳහා වු ඒකාබද්ධ වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක කෙරේ. මෙහි ආරම්භක වැඩසටහනෙහි දෙවන වැඩසටහන මහවැලි අධිකාරියට අයත් ඇඹිලිපිටිය නේවාසික ව්‍යාපාර කළමනාකාර ආයතනය ශ්‍රවණාගාරයේ දී 2026.05.26 වන දින පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, නෙරංජ එස් ජයකොඩි මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, දර්ශනී රණසිංහ මහත්මිය විසින් සපයන ලද අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ (ව්‍යාපාර සංවර්ධන) පී.වී.ජේ. අබේරත්න මහතා, නේවාසික ව්‍යාපාර කළමනාකාර, ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා ඇතුළු නිලධාරින් වැඩසටහන සඳහා සම්බන්ධ විය. එමෙන්ම ඵලදායිතා සංවර්ධන නිලධාරී, සමන්මලී සේනානායක මහත්මිය විසින් ප්‍රජා ඵලදායිතා වැඩසටහන යටතේ තෝරාගෙන ඇති කෝන්කටුව වසමට අයත් වැවගම ගම්මානය තුළ ක්‍රියාත්මක ප්‍රජා ඵලදායිතා වැඩසටහන පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීම ද මෙම වැඩසටහන තුළ සිදු කරන ලදී.

26/05/2026

Transform Your Workplace: Achieve Official 5S Certification

Are you ready to elevate your organization’s efficiency, safety, and reputation?

By implementing and maintaining the 5S Standard, you create a high-quality work environment that drives sustainable growth. The National Productivity Secretariat offers the only official 5S standard certificate issued by a government institution to recognize workplace excellence.

Why Apply?
The Benefits of 5S Implementation
Adopting the 5S framework delivers immediate, measurable organizational advantages:

• Boost Productivity: Significantly increase the production and quality of your goods and services.
• Cut Hidden Costs: Prevent unnecessary expenses by systematically minimizing waste.
• Optimize Delivery: Eliminate operational bottlenecks and prevent delays in service delivery.
• Empower Your Team: Create a safer, cleaner work environment that naturally increases employee motivation.
• Build Trust: Attract more customers and sharply improve your corporate reputation.

Who Can Apply?

This certification program is open to a diverse range of institutions. You can apply as an entire organization or nominate specific departments:

* Private Companies
* Government Institutions
* Semi-Government Organizations
* Academic Institutions

Take the First Step Toward Excellence
Join the ranks of high-performing organizations. Secure your official government-backed certification and build a culture of continuous improvement.

Click Here to Apply Today via the Official Portal
https://productivity.lk/index.php?option=com_content&view=article&id=19&Itemid=127&lang=en

25/05/2026
22/05/2026

ශ්‍රී ලාංකේය ප්‍රජාව ඵලදායිතාවෙන් සවිබල ගන්වමු

ඵලදායි පුද්ගලයින් හා පවුල් නිර්මාණය කරමින් එතුලින් සඵලදායී සමාජයක් හා සංවර්ධිත රටක් බිහිකිරීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ප්‍රජා ඵලදායිතාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව මාර්ගගතව (Zoom) තාක්ෂණය ඔස්සේ හැදෑරීමට ඔබට මහඟු අවස්ථාවක්!

ප්‍රජා සත්කාර ක්ෂේත්‍රයේ නව මං සොයන ඔබට සම්බන්ධ විය හැක. ඒ අනුව, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, රාජ්‍ය නොවන සංවිධානවල නිරත වූවන්, විවිධ සමාජ සංවිධානවල නිලතල දරන සාමාජික, සාමාජිකාවන්ට මේ සඳහා ලියාපදිංචි විය හැක.

රු 20,000/- ක් වටිනා මෙම සහතිකපත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දේ.

2026 ජූනි මස 18 වන දින සිට බ්‍රහස්පතින්දා (රජයේ හෝ ප්‍රසිද්ධ නිවාඩු දින හැර) දින 14ක දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම පාඨමාලාව සඳහා සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් 2026 ජූනි මස 15 වන දිනට පෙර පහත සබැඳිය ( Link) ඔස්සේ නොපමාව ලියාපදිංචි වන්න.

https://forms.gle/C35R39fdddEVo92M9

 පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන අයදුම්කරුවන්හට වටිනා e- සහතිකයක් පිරිනැමේ.

 සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව.7.00 සිට ප.ව 9.00 දක්වා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ සිංහල (ඉංග්‍රීසි යෙදීම් සහිතව) මාධ්‍යයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පාඨමාලාවේ අන්තර්ගතය

01. ප්‍රජා ඵලදායිතාව හා ග්‍රාමීය සංවර්ධනය
02. ඵලදායිතා විෂයය හැඳින්වීම, ගෘහස්ත කළමනාකරණය හා සමාජ යහපැවැත්ම
03. ප්‍රජා සංවර්ධනයේ දී විධිමත්, නොවිධිමත් හා අවිධිමත් අධ්‍යාපනයේ ඇති වැදගත්කම
04. සමාජ පාරිසරික වගකීම් හා පරිසර සංරක්ෂණය
05. ග්‍රාමීය ආර්ථිකය හා පවුල් ආර්ථිකය සවිබල ගැන්වීම
06. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සහ යහපත් මනෝ සමාජීය පරිසරයක් ඇති කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධනය
07. සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය
08. ග්‍රාමීය ව්‍යවසායකත්වය
09. තිරසාර සංවර්ධනය ඉලක්ක කර ගත් ඵලදායි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම
10. ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධවී කටයුතු කරන ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන
11. ප්‍රජා ඵලදායිතා ව්‍යාපෘතියේ ඩිජිටල් මෙවලම් භාවිතය
12. සපිරි ගමක් ආදර්ශ ගම්මාන ප්‍රජා ඵලදායිතා ව්‍යාපෘතිය හැඳින්වීම
13. ප්‍රජා ඵලදායිතා ව්‍යාපෘති සැලසුම් කිරීම හා ව්‍යාපෘති කළමනාකරණය
14. ප්‍රජා ඵලදායිතා ව්‍යාපෘති ඇගයීම හා පසු විපරම

Photos from National Productivity Secretariat's post 21/05/2026

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදුන් උපදෙස් ප්‍රකාරව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් අභ්‍යන්තර කටයුතු ඒ්කකයක් (Internal Affairs Unit) ස්ථාපිත කරන ලද අතර, එම ඒකකයේ නිලධාරීන් ගේ ධාරිතා සංවර්ධනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2026 මැයි මස 12 හා 13 දිනයන්හිදී පුහුණු වැඩහනක් පවත්වන ලදී.

එම පුහුණු වැඩසටහන මගින් ලබාගත් දැනුම ආයතනයේ කාර්ය මණ්ඩලය සමග හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් 2026. 05. 20 දින පෙ. ව. 9.30 සිට ප. ව. 1.00 දක්වා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී, අභ්‍යන්තර කටයුතු ඒ්කකයේ සංයුතිය හා කාර්ය භාරය, සුපිළිපන්න බව, නීති, චක්‍රලේඛ, අණපනත්, ආයතනයේ අභ්‍යන්තර යාන්ත්‍රණය සහ පුද්ගල සංවර්ධනය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලද අතර, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සියළුම අංශ වල දායකත්වය මත 2026 වසරේ සුපිළිපන් ක්‍රියාකාරී සැලැස්මට අදාල කණ්ඩායම් ක්‍රියාකාරකම ද සිදු කරන ලදී.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් - ඩබ්. එම්. ඩී. සුරංග ගුණරත්න මයා, අධ්‍යක්ෂ (සංවර්ධන) - නිරංජ එස්. ජයකොඩි මයා සහ අධ්‍යක්ෂ (පාලන) හා අභ්‍යන්තර කටයුතු ඒ්කකයේ ප්‍රධානී කුමුදු කරුණාතුංග මිය විසින් රාජ්‍ය ආයතනවල සුපිළිපන් බව වර්ධනය කිරීමේ විවිධ පැතිකඩයන් ඔස්සේ දේශන පැවැත්වූ අතර, 2026 මැයි මස 12 හා 13 දිනයන්හිදී පවත්වන ලද පුහුණු වැඩහනෙන් ලැබූ දැනුම කාර්ය මණ්ඩලය වෙත ලබාදීම නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සුපිළිපන්න නිලධාරි ලසිතා දේවගේ මිය විසින් සිදුකරන ලදී. වැඩසටහන මෙහෙයවීම ඵලදායිතා සංවර්ධන නිලධාරි හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජික කමල් කංකානම්ගේ මයා විසින් සිදුකරන ලදී.

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


National Productivity Secretariat , 10th Floor, Sethsiripaya Stage II
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00