Sri Lanka Bureau of Foreign Employment

Sri Lanka Bureau of Foreign Employment

Share

Welcome to the Sri Lanka Bureau of Foreign Employment (SLBFE)

SLBFE Contact Details

Head office:
+94 112 864101 – 105
+94 112880500


"Sahanapiyasa" Unit:
+94 112 259953

email : [email protected]

skype : inforcenter_slbfe

01/06/2026

සංචාරක වීසා මගින් විදේශ රැකියා ජාවාරම් කළ ඩුබායි සුද්දා අත්අඩංගුවට...

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රිවරයෙක්...

සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද දින (6/1) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර, කඩුවෙල ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන අතර, සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබේ. සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර, මොහු මීට පෙර කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු හෙට දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට විදේශ රැකියා සඳහා බඳවාගැනීම නීතිවිරෝධි වන අතර, ඔබ හෝ ඔබගේ පවුලේ ඥාතියෙකු විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයාට මුදල් ලබාදී මෙම ජාවාරමට හසුවී ඇති අයෙකු නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112882229 අංකය වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.

01/06/2026
Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No 234, Denzil Kobbekaduwa Mawatha, Koswatta
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30