14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සැමට නිරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!
The national wealth of the Sri Lankan nation
14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සැමට නිරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!
05/04/2026
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ රජයේ “ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ” සංකල්පය අනුව ක්‍රියාත්මක වන නිරවුල් බිමක නීත්‍යානුකූල අයිතිය පවරාදීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ට්‍රිමේෂ් මංජුල සුරවීර ආරච්චි මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් R.A.D.T.N. තෙන්නකෝන් මහත්මිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල් මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2026.04.02 වන බ්‍රහස්පතින්දා දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවත්වන ලද “හිමිකම” ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනේ අවස්ථා.
26/03/2026
ගරු කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා 2026.03.24 වන අඟහරුවාදා දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරුන් සහ සෙසු සේවකයන් හමුවීමට කටයුතු කරන ලදී. එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වැඩකටයුතු සිදුවන ආකාරය, පවතින ගැටළු පිළිබදව හා ලබාදිය හැකි විසඳුම් පිලිබඳව දීර්ඝව සාකච්ඡා කිරීම කටයුතු කරන ලදී.
25/02/2026
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම හා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් විශේෂ හමුවක් 2026.02.25 දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම හමුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් දිනේකා ජයසූරිය මහත්මිය, අධ්‍යක්ෂ/ඉඩම් සහ කලාප සහකාර අධක්ෂවරුන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට කටයුතු කරන ලදී.
රට වෙනුවෙන් දිවි පරදුවට තබා විශිෂ්ට සේවාවක් සිදු කළ විරෝධාර රණවිරුවන්ගේ සේවය අගය කරමින් රජයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් තම දිවි පරදුවට තබා සේවය කළ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කොටස් ලබාදීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සාකච්ඡා වූ අතර මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් වන සාධනීය තීරණ රැසක් මෙම සාකච්ඡාව තුලින් ලබාගැනීමට කටයුතු කරන ලදී.
24/02/2026
හිමිකම නිදහස් දීමනා පත්‍ර බෙදා දීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ඉඩමට සින්නක්කර අයිතිය නොමැති ජනතාව වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම ගරු කෘෂිකර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා, ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, කෘෂිකර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල් මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිනේකා ජයසූරිය මහත්මිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරුන් සහ නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් 2026.02.23 වන සඳුදා දින ඉඩම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
19/02/2026
ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් දිනේකා ජයසූරිය මහත්මිය ඇතුළු සියළුම ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරුන් හා කලාප නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් 2026 වර්ෂයේ පළමු කාර්තුවට අදාලව අද දින ( 2026.02.19) කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලද ප්‍රගති සමාලෝචන රැස්වීමේ අවස්ථා.
04/02/2026
30/01/2026
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිළිබඳ සාකච්ඡාවක් 2026.01.29 දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවැත්වීමට කටයුතු කරන ලදී. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්තුමිය වන ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මියගේ සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් සභාපති ආර්.කේ. නිහාල් මහතා, අධ්‍යක්ෂ (ඉඩම්) ජගත් හපුආරච්චි මහතා, සහකාර අධ්‍යක්ෂ (ඉඩම් උපරිම සීමා) නිහාල් විජේසිංහ මහතා සහ කලාප සහකාර අධ්‍යක්ෂ/නුවරඑළිය රුවන් චන්ද්‍රසිරි මහතා සහභාගී වූ අතර ඉඩම් අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යතුමාගේ උපදේශක සරත් විජේකෝන් මහතාත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්/වරියන්, තවත් ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු කණ්ඩායමක්ද සහභාගී වීමට කටයුතු කරන ලදී.
මෙම සාකච්ඡාව තුල “දිට්වා” සුලි කුණාටුව හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙත ඉඩම් ලබාදීම පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා වූ අතර අවතැන්වූ ජනතාව පදිංචි කරවීම සඳහා සුදුසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් රජය වෙත අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව අනුමැතිය ලබාදීම මෙහිදී සිදුකරන ලදී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අනෙක් ඉඩම් ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර එම ගැටළු සඳහාද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ පාර්ශවය විසින් සාධනීය විසඳුම් රැසක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
16/01/2026
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යාපනය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් ඉඩම් ප්‍රතිසංස්කරණ බලමණ්ඩල කාර්යාලයන්හි සහ ප්‍රධාන කාර්යාලයේ දමිළ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් හා සුබසාධක සංගමයේ සහයෝගයෙන් සභාපති ආර්.කේ. නිහාල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් දිනේකා ජයසූරිය මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ, නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කාර්යාලයේ සියළුම සේවකයන්ගේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වන සිකුරාදා දින තෛපොංගල් උත්සවය චාරිත්‍රානුකූලව සැමරීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලදී.
தைப்பொங்கல் திருவிழா 2026 ஜனவரி 16 ஆம் திகதி வெள்ளிக்கிழமை, நிலச் சீர்திருத்த ஆணைக்குழுவின் தலைமையகத்தில் முறையான மரபுகளுடன் கொண்டாடப்பட்டது. இதில் தலைவர் திரு. ஆர். கே. நிஹால், பொதுநிர்வாக இயக்குநர் திருமதி தினேகா ஜயசூரிய, இயக்குநர்கள், உதவி/துணை இயக்குநர்கள் மற்றும் தலைமையகத்தின் அனைத்து ஊழியர்களும் கலந்து கொண்டனர். இந்த நிகழ்வு யாழ்ப்பாணம், மட்டக்களப்பு மற்றும் அம்பாறை மாவட்ட நிலச் சீர்திருத்த வாரியங்களின் தமிழ் ஊழியர்களின் ஆதரவுடனும், நலன்புரி சங்கத்தின் ஒத்துழைப்புடனும் ஏற்பாடு செய்யப்பட்டது.
15/01/2026
"May the Sun bring light and energy to
your life, and may the harvest bring endless blessings. Happy Pongal!"
05/01/2026
දැව ඉවත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රසිද්ධ වෙන්දේසිය 2026.01.14 දින පෙ.ව 10.00 ට රටලංකාව වත්ත ආදාහනාගාරය අසළ ඉඩමේදී පැවැත්වේ.
මෙම ඉඩමේදී වෙන්දේසි වන සියළුම දැව වර්ග වලට අදාල තොරතුරු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ (lrc.gov.lk) භාෂාත්‍රයෙන්ම පළකර ඇත.
සිංහල -https://lrc.gov.lk/images/Valuation/Timber_Add/SINHALA/SIN.pdf
ඉංග්‍රීසි -https://lrc.gov.lk/images/Valuation/Timber_Add/ENGLISH/ENG.pdf
දමිළ -https://lrc.gov.lk/images/Valuation/Timber_Add/TAMIL/TAM.pdf
01/01/2026
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සුභ සාධක සංගමයේ මූල්‍ය දායකත්වයෙන් මිලදී ගත් රු. 26,000/- ක් වටිනා පොත් ප්‍රමාණයක් සභාපති ආර්.කේ. නිහාල් මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් දිනේකා ජයසූරිය මහත්මියගේ දෑතින් 2026.01.01 දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පුස්ථකාලයේ පරිහරණය සඳහා ප්‍රදානය කරන ලදී.
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |