Divisional Secretariat Bulathsinghala

Call Directions Website Contact the organization

Divisional Secretariat Bulathsinghala ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - බුලත්සිංහල
(1)

'Our Vision'
To be the excellent government institution that helps the lifestyles of the To be the excellent government institution that helps the lifestyles of the community in a beneficial way to the society.

“අකුරින් උපන් සිතුවිලි,ස්වරයෙන් හැඩ වූ හැඟීම්, එකට මුසුවී කලාවෙන් ජීවිතය දකිනසොඳුරු මොහොතකට…ඔබත් එක්වන්න.”..මග නොහැර , න...
06/10/2026

“අකුරින් උපන් සිතුවිලි,
ස්වරයෙන් හැඩ වූ හැඟීම්, එකට මුසුවී
කලාවෙන් ජීවිතය දකින
සොඳුරු මොහොතකට…
ඔබත් එක්වන්න.”..
මග නොහැර , නොවරදාවම මේ සොඳුරු මොහොතට ඔබ සැමට කෙරෙන ⁣සුහද ඇරයුමයි..

කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය (IETI Moratuwa) විසින් පවත්වනු ලබන පාඨමාලාසඳහා දැන් අයදුම්පත් කැඳවේ! අදම ලියාපද...
03/10/2026

කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය (IETI Moratuwa) විසින් පවත්වනු ලබන පාඨමාලාසඳහා දැන් අයදුම්පත් කැඳවේ!

අදම ලියාපදිංචි වන්න! (Register Now!)

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

011 2 641092 / 011 2 647393 / 011 2 643356

✉️ ඊමේල් (Email): [email protected]

අයදුම්පත්‍රය - https://drive.google.com/file/d/1J7Yn0Jg5KwQ09X49qkMrO-stSG1scw0r/view?usp=sharing

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ මහගම නැගෙනහිර ග්‍රා.නි. වසමේ ඉදිකරන ලද බුද්ධිකා රම්‍යලතා  මහත්ම...
03/10/2026

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ මහගම නැගෙනහිර ග්‍රා.නි. වසමේ ඉදිකරන ලද බුද්ධිකා රම්‍යලතා මහත්මියගේ නිවස විවෘත කිරීම 2026.10.01 දින සිදු කරන ලදී ."තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ මහගම නැගෙනහිර ග්‍රා.නි. වසමේ ඉදිකරන ලද බුද්ධිකා රම්‍යලතා මහත්මියගේ නිවස විවෘත කිරීම 2026.10.01 දින සිදු කරන ලදී . ප්‍රාදේශිය ලේකම්තුමිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරිය මෙයට සහභාගී විය.

ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ 2026.09.25 වන දින 822/c බෝතලේගංගොඩ පෙර පාසල් ගොඩනැගිල්ලේ වැඩිහිටි පිරිස  වෙනුවෙන්...
28/09/2026

ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ 2026.09.25 වන දින 822/c බෝතලේගංගොඩ පෙර පාසල් ගොඩනැගිල්ලේ වැඩිහිටි පිරිස වෙනුවෙන් ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීම , ආයුර්වේද සායන හා තෙල් බෙහෙත් සත්කාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වුණි.

සම්පත් දායකත්වය- ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දෙපළ

සංවිධානය - 822/c බෝතලේගංගොඩ වසමේ නිලධාරීන් සහ වැඩිහිටි සමීතියේ සාමාජිකාවන්.

සම්බන්ධීකරණය - දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී.

ප්‍රාදේශිය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ 2026.09.25 වන දින බුලත්සිංහල දකුණ  වැඩිහිටි සරණ සමීතිය වෙනුවෙන් ආයුර්වේද ප්‍රතික...
28/09/2026

ප්‍රාදේශිය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ 2026.09.25 වන දින බුලත්සිංහල දකුණ වැඩිහිටි සරණ සමීතිය වෙනුවෙන් ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීම , ආයුර්වේද සායන හා තෙල් බෙහෙත් සත්කාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වුණි.

සම්පත් දායකත්වය- ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දෙපළ

සංවිධානය - 821 B බුලත්සිංහල දකුණ වසමේ නිලධාරීන්, සමාජ සේවා නිලධාරි

සම්බන්ධීකරණය - දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 825 සී පරගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, ගංවතුර ආපදා පෙර සූදානම පිලිබද (ගංවතුර පෙරහ...
27/09/2026

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 825 සී පරගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, ගංවතුර ආපදා පෙර සූදානම පිලිබද (ගංවතුර පෙරහුරු අභ්‍යාසය) වැඩසටහනක් 2026.09.27 වන දින පරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ සුරක්ෂිත මධ්‍යස්ථානයේදී පැවැත්විණි. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් වැඩසටහන සංවිධානය කෙරුණි. මේ සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලදාරීන්, බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ නිලදාරීන්, ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නිලදාරීන් හා අනෙකුත් රාජ්‍ය ආයතන වල නිළදාරීන්, ගම්වාසීන් මෙම වැඩසටහනට සම්බන්ධ විය.

බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සදහා පලමු මට්ටමේ නාය අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත. අවදානම් ස්ථානයක පදිංචි නම් විම...
24/09/2026

බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සදහා පලමු මට්ටමේ නාය අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත. අවදානම් ස්ථානයක පදිංචි නම් විමසිලිමත්ව සිටින්න.

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.09.24 දින පෙ.ව. 4.00 සිට 2026.09.25 දින පෙ.ව.4.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* පස්බාගේ කෝරලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠අඹගමුව
* ⁠නෝර්වුඩ්
* ⁠කොත්මලේ බටහිර
* ⁠කොත්මලේ නැගෙනහිර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

ගාල්ල දිස්ත්‍රික්කය:
* තවලම
* ⁠නාගොඩ
* ⁠නෙළුව
* ⁠නියාගම

මහනුවර දිස්ත්‍රික්කය:
* උඩපලාත
* ⁠ගඟ ඉහල කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠දැරණියගල
* ⁠යටියන්තොට
* ⁠මාවනැල්ල
* ⁠දෙහිඕවිට
* ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠රත්නපුර

මාතර දිස්ත්‍රික්කය:
* ⁠කොටපොල
* ⁠පස්ගොඩ
* ⁠පිටබැද්දර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
* ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:
* ⁠බද්දේගම
* ⁠ඇල්පිටිය

ගම්පහ දිස්ත්‍රික්කය:
* ⁠අත්තනගල්ල
* ⁠මීරිගම

හම්බන්තොට දිස්ත්‍රික්කය:
* ⁠කටුවන
* ⁠වලස්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠වරකාපොළ
* ⁠කෑගල්ල
* ⁠ගලිගමුව
* ⁠බුලත්කොහුපිටිය
* ⁠රුවන්වැල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පාතදුම්බර
* ⁠යටිනුවර
* ⁠දොළුව
* ⁠උඩුනුවර

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠අලව්ව
* ⁠මාවතගම
* ⁠පොල්ගහවෙල
* ⁠මල්ලවපිටිය

කළුතර දිස්ත්‍රික්කය:
* ⁠ඉංගිරිය
* ⁠බුලත්සිංහල
* ⁠වලල්ලාවිට

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠කලවාන
* ⁠ඇලපාත
* ⁠අයගම
* ⁠පැල්මඩුල්ල
* ⁠නිවිතිගල
* ⁠කුරුවිට

ප්‍රසම්පාදන දැන්වීමයි(2026.09.22 වන දින දිනමිණ පුවත්පතේ දැන්වීම පල කර ඇත.
23/09/2026

ප්‍රසම්පාදන දැන්වීමයි(2026.09.22 වන දින දිනමිණ පුවත්පතේ දැන්වීම පල කර ඇත.

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ...
23/09/2026

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 සැප්තැම්බර් මස 24 වන දින පෙ.ව 07.00 දක්වා වලංගු වන පරිදි
2026 සැප්තැම්බර් මස 23 වන දින පෙ.ව 07.00 නිකුත් කරන ලදී.

⛔බුලත්සිංහල කොට්ඨාශයට බලපෑ සුළු ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩු වේ. වර්ෂා තත්වය අඩු වීමත්, කුකුලේ ජලාශයේ වාන් පිට කිරීම තත්පර...
22/09/2026

⛔බුලත්සිංහල කොට්ඨාශයට බලපෑ සුළු ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩු වේ. වර්ෂා තත්වය අඩු වීමත්, කුකුලේ ජලාශයේ වාන් පිට කිරීම තත්පරයට ඝන මීටර් 78 ක් දක්වා අඩු කිරීමත් සමග ගංවතුර මට්ටම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගෙන ඇත. කෙසේ වෙතත් තවමත් මාර්ග වල වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇත.

Address

Bulathsinhala
Bulatsinhala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94342283185

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Bulathsinghala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Bulathsinghala:

Shortcuts

Share