25/03/2025
"සමුදුරේ සැඟවුණු රෝලෙක්ස් ඔරලෝසුවේ අපූරු කතාව" ⌚
"අපූරු දිනයක ඔස්ට්‍රේලියානු සර්ෆිං ක්‍රීඩකයෙක් වන මැට් කඩිහි, 2023 දී ක්වීන්ස්ලන්තයේ නූසා අසලදී සමුදුර යටින් පැරණි රෝලෙක්ස් සබ්මැරීන් ඔරලෝසුවක් සොයා ගත්තා. විශ්මයජනක ලෙස, මේ ඔරලෝසුව වසර හතරකට ආසන්න කාලයක් ජලය යට තිබුණත් තවමත් වැඩ කළා! මැට් මේ සොයාගැනීම ගැන ඔන්ලයින් හි පළ කළාට පස්සේ, ඔහු ඒකේ හිමිකරු වන රික් ඕට්‍රිම්ව හොයා ගත්තා. රික්ට මේ ඔරලෝසුව 2019 දී සමුදුරේදී අහිමි වුණේ එය ඔහුට ලොකු හැඟීම්බර වටිනාකමක් තිබුණු නිසා. ඒ ඔරලෝසුවේ “ආර්. ඕට්‍රිම්, 1971දී පිරිනැමුණු” කියලා කැටයම් කරලා තිබුණා.
පසුව රෝලෙක්ස් සමාගම ඒ ඔරලෝසුව ගෙන ගිහින් එය ආයෙමත් ඒකේ පැරණි තත්ත්වයටම පත් කළා. මේ සුන්දර සිදුවීම නිසා මැට් සහ රික් අතරේ මිතුදමක් ඇති වුණා. දැන් ඔවුන් දෙදෙනාම ඒ ඔරලෝසුව හමු වුණු තැනට ආයෙමත් එකට යන්න හිතාගෙන ඉන්නවා. මේක ඇත්තෙන්ම ත්‍රාසජනක ගමනක්, වාසනාවක් සහ අපූරු ආපසු හමුවීමක ලස්සන කතාවක්!"
24/03/2025
🌻 ඉරාකයේ, පොත් වෙළඳසැල් බොහෝ විට රාත්‍රියේදී පොත් පිටත තබා තිබෙන්නේ
✅ "පාඨකයන් සොරකම් කරන්නේ නැති අතර, සොරුන් පොත් කියවන්නේ නැත"
යන ජන විශ්වාසය මතයි. මෙය ඉරාක සංස්කෘතියේ පොත් කෙරෙහි ඇති ගැඹුරු ගෞරවය පිළිබිඹු කරනවා. පොත් යනු දැනුමේ සහ ප්‍රඥාවේ මූලාශ්‍ර ලෙස සැලකෙන නිසා, ඒවා සොරකම් කිරීමේ සිදුවීම් ඉතා අඩුයි.
#පොත්_කෙරෙහි_ආදරය_සහ_ගෞරවය💡
මෙම විශ්වාසය තිබුණත්, පොත් සොරකම් කිරීම් ගැන කිසිදු වාර්තාවක් නොඇසුණත්, එය සම්පූර්ණයෙන්ම සිදු නොවන බව කිව නොහැකියි. එහෙත්, ඉරාක ජනතාව දිගු කාලයක සිට පොත්වලට සහ ඉගෙනීමට ආදරය කරනවා. ඉතිහාසය පුරාම ඉරාකයට විද්වතුන් බිහිවූ බලකොටුවක් ලෙස ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන්ම බැග්ඩෑඩ් නුවර පිහිටි "ප්‍රඥා මන්දිරය" ප්‍රසිද්ධයි. එහිදී විවිධ සංස්කෘතීන් නියෝජනය කළ විද්වතුන් එක්වී දැනුම හුවමාරු කළා.
#යුද්ධවලින්_පොත්වලට_සිදුවූ_හානිය 💡
අවාසනාවකට, ඉරාකයේ ඉතිහාසයේ පොත් විනාශ වූ අවස්ථා ද තිබෙනවා. යුද්ධ සහ ගැටුම් නිසා බොහෝ #පුස්තකාල සහ #අත්පිටපත් නැතිවී ගියා. ඒත් මේ හැම අභියෝගයකට මුහුණ දෙමින්, ඉරාක පොත් වෙළඳපොළවල් තුළ පොත් කෙරෙහි ඇති ආදරය තවමත් ශක්තිමත්ව පවතිනවා. එහිදී පොත් ඉතා ගෞරවයෙන් තවමත් සලකනු ලබනවා.
ඉරාක ජනතාවගේ පොත් කෙරෙහි ඇති මේ ආදරය සහ ගෞරවය, ඔවුන්ගේ සංස්කෘතියේ ගැඹුරු පැතිකඩක් පෙන්වනවා. එය ඔවුන්ගේ ඉතිහාසයේ දැනුමට ඇති ගරුත්වය සහ එය ආරක්ෂා කිරීමට ඔවුන් දක්වන කැපවීම පිළිබිඹු කරනවා.
14/02/2025
බ්ලොක් උන නම්බර් වලත් ලාස්ට් සීන් බලන
තරමටම..
මං උබට ඇබ්බැහි වෙලා..
කෑ ගහලා කිව්වත් මෙච්චරක් ආදරේ
බව මම..
අන්තිමට කතා කරපු දවසෙත්..
උබ ඒක හෑල්ලුම
කරා..
නොවෙනස්ව උබ හිටියනම් අද එදා
වාගේ මගෙ වෙලා..
අපේ ආදරෙත් වසර ගානක් කල් පිරූ කතාවක්
වෙලා..
හීනෙකින්වත් නෑ මැනික මං උබට
කරලා වැරද්දක්..
වෙන කෙනෙක් නුබ ලග ඇති බව දැනත් මං ,
තව උබට ආදරෙ කලා..
පරන අංකෙට මතකනම් මම එක ඇමතුමක්
වත් දියන්..
තවම තියෙනවා..
එදා ඉදලම අත් හරිනු බැරි නරක
පුරුද්දක්..
පුරුද්දට වගේ හැමදාම මං අනුන්ගෙ දේවල්
වලම බැදුනා..
මතක් උනොතින් කතා කරපන්..
තවම නෑ මං වෙනස් වෙලා..
13/02/2025
“ රිදෙනවා මෝඩියේ "
" පොඩ්ඩක් ඉන්න තව ටිකයි "
" මොකද ඔය කරන්නෙ..? "
" ඔයාව මගෙ නමට ලියාගන්නවා "
" දැන් මේ ලියාගෙන තියෙන තරම මදිද..? "
" එහෙම මදි. ඔයා මගෙ විතරක් කියලා ඔයාටත් දැනෙන්න ඕනි "
" ඒකද මේ පිට පහුරුගාන්නෙ..? "
" ඔව්. ආයෙ වෙන එක නැට්ටිච්චියෙක්ටවත් ඔයා දිහා බලන්න
වෙන්නෙ නෑ "
" ඒ මොකද..? "
" එහෙම තමයි.මගෙ එකා දිහා වෙන වෙන තේ උඩිච්චියො
බලනවට මං කැමති නෑ "
" දැන් මොකක්ද ඔය පිට දිගේ පහුරුගෑවෙ..? "
" MINE කියලා "
" ඔයාගෙ තමයි මෝඩියෙ. ඔයාගෙම විතරයි. ආයෙ ඕකට වෙනම
ලේබල් ගහන්න ඕනෙ නෑ "
" ඒ වුනාට කියන්න බෑනෙ මේකව කොහෙහරි ඉන්න
නැට්ටුක්කාරියෙක් අල්ලගත්තොත් එහෙම මට යන කලදසාව
මොකක්ද..? "
" මාව ඔච්චරටම සැකද..? "
" ඔයාව සැක නෑ මහත්තයො මට සැක අනික් තේ උඩිච්චියන්ව.
බලන්න එපැයි මං එක්ක පාරෙ යද්දිත් උන්ගෙ තියෙන මුකුලුව "
" මං ඕවට අහුවෙන්නෙ නෑ "
" මායමක් දාලා අල්ලගත්තොත් එහෙම "
" අම්මෝ. මට මේ ඉන්න කරදරේ ඇති. තව ඒවා ඔලුවෙ දාගන්න
මට පිස්සු නෑ "
" ආහ් එතකොට දැන් මං කරදරයක්ද..? එහෙමද ආහ්..? "
" නැත්තන්. පේනවනෙ මේ ලඟ ඉන්න විනාඩියට මට දෙන වද
ගොඩ "
" ඒ ආදරේටනෙ "
" ආදරේට කියලා පිට පහුරුගාන ගෑණියෙක් දැක්කමයි. ගිය
ආත්මෙ පූසියක්ද කොහෙද "
" ලෝබකම, අයිතිවාසිකම නැත්තන් මේ ගෑණුකමෙන් වැඩක්
තියෙද..? "
" ඔයාගෙ තමයි මං. ආයෙ වෙන කෙනෙකුට ලංවෙන්න හිස්තැන්
අපි දෙන්නා අතරෙ නෑ "
" ගෑණියෙකුට තියෙන ලොකුම බය මේක "
" මොකක්ද..? "
" ආදරෙන් බදාගත්තට පස්සෙ ඒ මනුස්සයා ඈත්වෙයි කියන බය "
" ඇයි එහෙම හිතන්නෙ..? "
" හිතන්නෙ නෑ හිතෙනවා. දෙයක් තදින් අල්ලගත්තට පස්සෙ ඒ දේ
නැතිකරගන්න මං හරි බයයි "
" ඒකද මේ හැමදේම..? "
" ඔව්, ලෝබකම් කරන්නෙ අයිතිවාසිකම් කියන්නෙ තමන්ගෙ
ආදරේ ලඟ තියාගන්න මිසක් වෙන කිසි දේකට නෙවෙයි "
" ඉතින් මං කිව්වනෙ. මාව දැන් වෙන කෙනෙකුට අයිතිකරගන්න
ඉඩක් නෑ "
" ඒ විශ්වාසෙ බිඳින්නත් එපා. මට එහෙම දෙයක් දරාගන්න
බැරිවෙයි " තමන්ගේ කියන අයිතිවාසිකම්වලට ගෑණු හිත් හැමදාම ලෝබකම් කෙරුවා
13/02/2025
අසම්මතය වැරදියි තමයි...
ඒත්..
දන්නවාද..
අසම්මත ආදරය පරිස්සම් කරන්න හැමෝටම බෑ.
එයා මාව පරිස්සම් කරන්න පටන් ගත්තෙ එහෙම.
කාටත් හොරෙන් සිප ගන්න අපි දෙන්නා තුරුලු උනු බව ඇත්තයි..
ඒත්..
හැමදාම උඹ මාව පුදුම තරම් පරිස්සම් කෙරුවා.
කවුරුත් ඉන්න තැනක හිනාවත් උනේ නෑ.
මුලදි නම් දුක හිතුනා සත්තයි.
ඒත්..
ඇත්ත ඔයාම ඇත්ත තේරුම් කරලා ආදරෙන් මාව සිප ගත්තාම..
ඔයාට තිබුණු ආදරේ තව තවත් වැඩි උනා සත්තයි..
ඇත්තමයි
හැමෝම කිව්වාට අසම්මතය හොයන්නෙ රාගය විතරයි කියලා..
අනේ මට නම් එහෙම නෑ..
උඹ මාව පරිස්සමින් බලා ගන්න මහා වෘක්ශයක්...❤️
11/02/2025
සමහර මිනිස්සු හරි පව්. 🖤
සමහර මිනිස්සු ඉන්නවා එයාලව කවදාවත් කිසිම දවසක කවුරුත්ම තේරුම් අරගෙන නෑ. තේරුම් ගන්න උත්සහ කරලත් නෑ.
ඒ මිනිස්සුන්ගෙ හදවත ඇතුලෙ කෑ ගහන කතාව තේරුම් ගන්න කාටවත්ම කිසිම වුවමනාවක් තිබිලත් නෑ.
ඒ මිනිස්සු ජීව්තේ කවදාවත් තමන් වෙනුවෙන් තව මනුස්සයෙක්ගෙන් පක්ෂපාතීත්වයක් විදලා නෑ.
තමන් වෙනුවෙන් තව කෙනෙක් ඉන්නවා කියන හැගීම ඒ මිනිස්සුන්ට කවදාවත් දැනිලත් නෑ.
හැබැයි ඒ මිනිස්සු කවදාවත්ම තමන්ගෙ ඒ වේදනවා පිටට පෙන්නන්නෙ නෑ. ඒ තනිකම පෙන්නන්නෙ නෑ.
එයාලා හැමදාමත් මොකක්දෝ අමුතු තනිකමක් එක්ක මුකුත් ම දැනෙන්නෑ තේරෙන්නෑ කවුරුත් ඕන්නෑ වගේ ඉන්නවා.
හැමදේම හිනාව අස්සෙ හංගන් හිනාවෙනවා. ඔව් හැමවෙලේම අනිත් අයටත් වඩා සැහෙන්න හිනාවෙනවා.
තාමත් හිනා වෙනවා. ඉස්සරහටත් හිනාවෙයි.
ඉතින් , ඔව්.
හිනාවෙන හැම මනුස්සයම ඉන්නෙ සතුටින් නෙමෙයි. 🤍✨️
11/02/2025
දවසම හිනාවෙලා දරාගත්ත දේවල් ,
දරාගන්න අමාරුම මහ රෑට තනිවුනාම!❤️🩹🥺
11/02/2025
මං හරි ආසයි ... දැන් ලේසියෙන්ම පරාජය වෙලා අයින් වෙන්න ...
මං හරි ආසයි... දැන් ලේසියෙන්ම මම වැරදියි කියලා , එයාලා හරි කියලා එයාලටම හිතන්න දෙන්න...
මං හරි ආසයි , පොර නොකා , ගන්න පුළුවන් හැමදේම ගන්න කියලා පැත්තකට වෙන්න...
මං හරි ආසයි .. යන අයට යන්න දීලා දොර ඇරලා පැත්තකට වෙන්න ....
කාලෙකට කලින් ඔය හැම තැනකදිම මම..
මං හරි කියලා ඔප්පු කරන්න..
පරද්දලා කොහොම හරි දිනන්න...
පොර කාලා හරි අයිති දේ පරිස්සම් කරගන්න..
යන්න හදද්දි කොහොමහරි තදින් අල්ලගෙන නවත්වගන්න. ....
නිතරම උත්සාහ කළා !
මං හිතන්නේ දැන් හැමදේම වෙනස් වෙලා...
ඔය හැමදේටත් වඩා මට වටින්නේ මගේ මානසික නිදහස විතරයි !
මට වටින්නේ මගේ මානසික සාමය විතරයි !
එතනින් එහාට රණ්ඩු කරලා ඔප්පු කරලා නවත්තගෙන මට රැක ගන්න දෙයක් නැහැ !
11/02/2025
Definitely one of my favorite "position".
11/02/2025
"තරුණ වයසේදී සාර්ථක වීමට උත්සාහ කරන යෞවනයෙකු තරම් පීඩනයකට පත්වන කිසිවෙකු නැත."
08/02/2025
මන් කොහොම හරි ගේම ගහනවා !🤍🌻
08/02/2025
එක වසරෙදි අමර නයනට සල් මල් පෙන්නනන ඇති..
පහ වසරෙදි නයනා අමරට සල් මල් පෙන්නන්න ඇති…
එකොලහ වසරෙදි දෙන්නම සල් ගහ යට මල් කඩන්න ඇති…
අන්තිම දවසෙදි සල් ගස යට සල් මල් විතරක් තනි වෙන්න ඇති…
කැම්පස් ගිය අමරලා නයනලා අද හොද තැන් වල ඇති…
කැම්පස් නොගිය අමරලා ජිවිත් වෙන්න කට්ටක් කනවා ඇති…
තවත් සමහර නයනලා විවාහ වි දරු සුරතල් බලනවා ඇති…
ඔය කිසිවක් නොදන්න සල් ගසේ අදටත් මල් පිපෙනවා ඇති…