ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல

ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல

Share

Social service providing healthy meals to visiting patients at Apeksha Cancer Hospital, Maharagama.

Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 18/01/2026

මහරගම අපේක්ෂා රෝහලට දිනපතා පැමිණෙන සායනික රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන් සඳහා සායන පැවැත්වෙන දිනයන්හීදී දහවල් ආහාර (උදෑසන 10.30 සිට සවස 3.30 දක්වා) ලබාදීම අප සංවිධානය විසින් සිදුකරනු ලබනවා. මේ දිනවල 700 - 1000 අතර දෙනෙකුට ආහාර ලබාදීම සිදුකරනු කරනවා.

ඔබට කැමති ප්‍රමාණයකින් භාණ්ඩ මේ සදහා ලබාදිය හැක.

දිනකට සාමාන්‍යයෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය
කීරි සම්බා 90 kg
පරිප්පු 15kg
එළවළු 3ක් (30kg බැගින්)
(1.අඹ/ ඇඹරැල්ලා,
2. එළවලුවක්
3.මැල්ලුමක්/ සලාදයක්)
පපඩම් 5kg
මාලු/චිකන්/බිත්තර කෑලි 800
යෝගට් 800
පොල්ගෙඩි 18
ලූනු 8kg
සුදුලූනු 500g
මිරිස් කුඩු 500g
මිරිස් කෑලි 250g
ලුණු කුඩු 500g
තුනපහ 500g
කහ 250g
පොල්තෙල් 5L
මුද්දරපලම් 250g
අමුමිරිස් තක්කාලි දෙහි 250g බැගින්.
රම්ප කරපිංචා මිටියයි.
කුරුඳුපොතු 100g

භාණ්ඩ ලබා දීමට හෝ සහභාගි වීමට

ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல
077 256 1321
https://maps.app.goo.gl/bKzwuLNVVMj3gCGX7

Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 01/12/2025

අද දිනයේත් ගංවතුර උවදුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විජේරාම ප්‍රජා මුලුතැන්ගෙයි සහෘද පිරිස හා සහසම්බන්ධව මහරගම ජනසුවබල පරිස්‍රයේ ආහාර පාර්සල් සැපයීමේ කටයුතු ආරම්භ උනා.
මේ දක්වා කෑම පාර්සල් 4500ක් පමණ විපතට පත් ජනතාව වෙනුවෙන් සැපයීමට අපට හැකි වුනා.
මේ සඳාහා ශ්‍රම දායකත්වය සැපයූ, භාන්ඩ පරිත්‍යාග කල සැම වෙත අපගේ ස්තූතිය පිරිනමමු.
#ජනසුවබල

Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 09/10/2025

ජන සුව බල වැඩසටහන පටන් ගත්ත 2019 සැප්තැම්බර් 09 දවසෙ ඉදල, දවසකට ආපු වැඩිම සෙන ආව දවස අද. දල වශයෙන් 986 දෙනෙක්ට අද දවසෙ විතරක් සටහන් වෙලා තිබ්බා. සෙනග වැඩි නිසා යම් ප්‍රමාණයක් සටහන් කරන්නෙ නැතුවත් යැව්වා. එහෙම බැලුවහම 1000කට වගේ අද දවසෙ කෑම ලබාදෙන්න පුළුවන් උනා. ඉස්සර ඉදන්ම මේ ගෲප් එකේ අය සෑහෙන්න මේ වැඩසටහන නොකඩවා කරන් යන්න උදව් කලා. ඒ අයව මේ ගැන දැනුවත් කරන්න හිතුන හින්ද පොඩි සටහනක් දැම්මේ.

බොහොම ස්තූතියි ...

Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 12/06/2025
Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 27/05/2025

ජන සුව බල 27/05/2025

05/02/2025

ජනසුවබල වැඩසටහන මගින් පිළිකා රෝගයෙන් පීඩා විදින රෝගීන්ගේ මෙතෙක් පාසල් පොත් ලබාගැනීමට නොහැකි වූ දූ දරැවන් සහ ප්‍රතිකාරලබන රෝගී දරුවන් සදහා 2025 අධ්‍යන වර්ෂයට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ලබාදීමේ වැඩසටහනක් ජනවාරි 24 දින සිට මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.
මෙම වැඩසටහන යටතේ;

*එක් දරුවෙකු සිටින රෝගියෙකුගේ දරුවා සදහා හෝ ප්‍රතිකාර ලබන රෝගී දරුවෙකු සදහා රු 5,000/- ක් වටිනා පාසල් උපකරණ*

*දරුවන් දෙදෙනෙකු සිටින රෝගියෙකුගේ දරුවන් සදහා රු 8,000/- ක් වටිනා පාසල් උපකරණ*

*දරුවන් තුන් දෙනෙකු සිටින රෝගියෙකුගේ දරුවන් සදහා රු 10,000/- ක් වටිනා පාසල් උපකරණ*
ලබාදීමට අදහස් කර ඇත.

ඔබට හැකිනම් එක් දරුවකුගේ හෝ අධ්‍යාපනය වෙනුවෙන් දායක විය හැක.

ඔබගේ පරිත්‍යාග
ජනසුවබල,
203/6, නල්ලවත්‍ත පාර, මහරගම, යන
ලිපිනයට භාණ්ඩ ගෙනවිත් භාරදීම හෝ පහත ගිණුම් අංකයට මුදල් තැන්පත් කිරීමෙන් සිදුකල හැක.

අවශ්‍යනම් එම ස්ථානයට පැමිණ ඔබ අතින්ම දරුවන්ට පොත්පත් ලබාදීම සිදුකල හැක.
මූල්‍යමය පරිත්‍යාග සඳහා;
Trustees-Way Back To Profound Root (Guarantee) Limited
021110001239
Sampath Bank-
Talahena Branch
මේ සදහා ඔබගේ කාරුණික සහයෝගය අපේක්ෂා කරන්නෙමු.

පහත දක්වා ඇත්තේ එක් එක් වසර සදහා සාමාන්‍යයෙන් අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ වේ. කැමති ප්‍රමාණයකින් භාණ්ඩ හෝ මුදල් ලබාදිය හැක.

*1,2 වසර සහ පෙර පාසල්*

රූල් නැති පොත් (පිටු 80) - 02
අගල් 1 තනි රූල් (පිටු 80)- 02
අගල් 1/2 කොටු රූල් (පිටු 80) - 02
බොට්නි පොත් (පිටු 80) - 04
චිත්‍ර පොත් (පිටු 40) - 02
වාර්නිෂ් කොල - 02
පාට ඩිමයි - 02
බ්‍රිස්ටල් බෝඩ් - 01
පාට පැන්සල් පෙට්ටි (12) - 01
පැස්ටල් පෙට්ටි (12) - 01
අග රවුම් කුඩා කතුරු - 01
බයින්ඩර් ගම් (කුඩා) - 01
පැන්සල්,මකන, කටර්
පැන්සල් පෙට්ටි - 01
කුඩා පොත් බෑග් - 01
වතුර බෝතල් - 01

*3,4,5 වසර*

තනි රූල් (පිටු 120) - 04
තනි රූල් (පිටු 80) - 02
කොටු රූල් (පිටු 120) - 03
CR බොට්නි පොත් (පිටු 120) - 02
චිත්‍ර පොත් (පිටු 40) - 02
වාර්නිෂ් කොල - 02
පාට ඩිමයි - 02
බ්‍රිස්ටල් බෝඩ් - 01
පාට පැන්සල් පෙට්ටි (12) - 01
පැස්ටල් පෙට්ටි (24) - 01
අග රවුම් කුඩා කතුරු - 01
බයින්ඩර් ගම් (කුඩා) - 01
පැන්සල්, පෑන්,මකන, කටර්
දිග අඩි රූල් - 01
පැන්සල් පෙට්ටි - 01
පොත් බෑග් - 01
වතුර බෝතල් - 01

*6,7,8 වසර*

තනි රූල් (පිටු 120) - 06
තනි රූල් (පිටු 160) - 04
කොටු රූල් (පිටු 160) - 03
CR බොට්නි (පිටු 120) - 01
චිත්‍ර පොත් (පිටු 40) - 02
බ්‍රිස්ටල් බෝඩ් - 01
පාට පැන්සල් පෙට්ටි (12) - 01
පැස්ටල් පෙට්ටි (24) - 01
අග රවුම් කුඩා කතුරු - 01
බයින්ඩර් ගම් (කුඩා) - 01
පැන්සල් ,පෑන්, මකන , කටර්
දිග අඩි රූල් - 01
පැන්සල් පෙට්ටි - 01
කවකටු පෙට්ටි - 01
පොත් බෑග් - 01
වතුර බෝතල් - 01

*9,10,11 වසර*

තනි රූල් (පිටු 120) - 04
තනි රූල් (පිටු 160) - 08
කොටු රූල් (පිටු 160) - 04
CR පොත් (පිටු 160) - 02
චිත්‍ර පොත් (පිටු 40) - 02
පැන්සල් ,පෑන්, මකන , කටර්
දිග අඩි රූල් - 01
පැන්සල් කේස් - 01
කවකටු පෙට්ටි - 01
පොත් බෑග් - 01

*12,13 වසර*

තනි රූල් (පිටු 200) - 04
කොටු රූල් (පිටු 200) - 02
CR පොත් (පිටු 160) - 04
පැන්සල් ,පෑන්, මකන , කටර්, රූල්
පැන්සල් කේස් - 01
පොත් බෑග් - 01

වැඩි විස්තර
උදයංග 077 309 65 95
ජනසුවබල 076 8477677

Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 01/02/2025

ජනසුවබල වැඩසටහන මගින් පවත්වන පොත් බෙදාදීමේ වැඩසටහනට සුපුරුදු පරිදි සිය නොමසුරු දායකත්වය සපනය ලද හිතාදර Ramma Wickrama මැතිනියට අපගේ ගෞරවනීය ස්තූතියි පුදකරමු.💐💐💐🙏🙏🙏

මේ දිනවල අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන මෙම උපකාරක වැඩසටහනට ඔබගේ දායකත්වය ද ලබාදිය හැක. එක් දරුවකු වෙනුවෙන් හෝ ඔබගේ දෑතින්ම පාසල් පොත් කට්ටලයක් ලබාදීමට ඔබට හැකියාව ඇත්නම් අප අමතන්න.

වැඩිවිස්තර සඳහා
janasuwabala +94 76 847 7677
තිවංක 0772561321
උදයංග 0773096595

Photos from ජනසුවබල  Jana Suwa Bala ஜனசுவபல's post 01/02/2024

මහරගම අපේක්ෂා රෝහලට දිනපතා පැමිණෙන සායනික රෝගීන් බහුතරයක් දෙනාට උදෑසන ආහාරය මග හැරෙන නිසා උදෑසන තේ සහ බනිස්/බිස්කට් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. සාමාන්‍යයෙන් දිනකට 1200 දෙනෙකුට පමණ කිරි තේ සහ බනිස් ලබාදීම සංවිධානය කිහිපයක් මගින් සිදුකරනු ලබනවා.

එම වැඩසටහන කරගැනීම සදහා ඔබගේ සහය බලාපොරොත්තු වෙනවා.

තේ වැඩසටහනට දිනකට අවශ්‍ය ද්‍රව්‍ය

කිරිපිටි 8kg
සීනි 8kg
තේ කොල 1.5kg
පේපර් කප් 1200
ටී බනිස් 1200

වැඩි විස්තර
Whatsapp - 0772561321

බොහොම ස්තුතියි

ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல · 199/6 Hospital road, Maharagama 10280, Sri Lanka 13/01/2024

මහරගම අපේක්ෂා රෝහලේ දුරබැහැර සිට සායන සදහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් සාමාන්‍යයෙන් මේ දිනවල 1200කට වඩා වැඩි ප්‍රමාණයකට උදේ කිරි තේ සමග බනිස් ( අප සහ වෙනත් සංවිධානය කිහිපයක් මගින්) සහ 600-800කට අතර පිරිසකට දහවල් කෑම ලබා දෙනවා.

මේ වැඩිපුර එන පිරිස වෙනුවෙන් අමතර සහයක් අවශ්‍ය වෙනවා. හැකියාවක් තිබේනම් ඒ සදහා දායකත්වය ලබාදිය හැකියි. නෑදෑ හිතවතුන්වද මේ වැඩසටහන ගැන දැනුවත් කරන්න පුළුවන්නම් වටිනවා.
එක් අයෙකුට යෝගට් එකක් සමග රු 250/- ක පමණ මුදලක් වැය වනවා. භාණ්ඩ හෝ මුදල් ලබාදීමට පුළුවන්.

20- 5,000/-
50- 12,500/-
100- 25,000/-
200- 50,000/-

ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல
077 256 1321
https://maps.app.goo.gl/bKzwuLNVVMj3gCGX7

භාණ්ඩ දෙනවනම් මෙතනට ගෙනල්ල බාර දෙන්න පුළුවන්
ස්තූතියි

ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல · 199/6 Hospital road, Maharagama 10280, Sri Lanka ★★★★☆ · Social services organization

ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல · 199/6 Hospital road, Maharagama 10280, Sri Lanka 13/01/2024

අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සදහා පැමිනෙන රෝගීන්ට පහසු මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට සහ සමාජ සේවා ව්‍යාපෘති වලට අවශ්‍ය මුදල් උපයා ගැනීම සදහා සුභසාධක වෙළදසලක් ආරම්භ කිරීමට අප අදහස් කර ඇත.

මේ සදහා ඔබ සතුව ඇති භාවිතා නොකරන අනවශ්‍ය භාණ්ඩ අප වෙත ලබාදිය හැක.

අප වෙත ලබාදිය හැකි භාණ්ඩ (හොද තත්වයේ හෝ අලුත්වැඩියා කල හැකි)

*හොද තත්වයේ ඇදුම්
*පොත් පත්
*පාසල් උපකරණ
*බෑග්
*පාවහන්
*විලාසිතා භාණ්ඩ
*විසිතුරු භාණ්ඩ
*විදුලි උපකරණ
*ඉලෙක්ට්‍රොනික භාණ්ඩ
*ගෘහ භාණ්ඩ
*ගෘහ උපකරණ
*හෝ වෙනත් ඕනෑම භාවිතා නොකරන භාණ්ඩ.

මෙම භාණ්ඩ විකිනීමෙන් ලැබන මුදල් පහත සමාජ සේවා ව්‍යාපෘති සදහා යොදාගනු ඇත

* අපේක්ෂා රෝහලේ සායනික රෝගීන් වෙත දහවල් ආහාර ලබාදීමේ වැඩසටහන.
* පිළිකාවෙන් පීඩා විදින රෝගීන්ගේ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරන ලබාදීමේ වැඩසටහන.
* පිළිකාවෙන් පීඩා විදින රෝගීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන.
* පිළිකා රෝගීන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලීමට වියලි ආහාර සහ අතිරේක පෝෂණ ආහාර ලබාදීමේ වැඩසටහන.
* සාමාන්‍යපෙළ මුහුනදීමට සිටින දුර්වල සිසුන් සදහා පවත්වන විශේෂ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ වැඩසටහන.

ජන සුව බල වැඩසටහන
ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல
077 256 1321
https://maps.app.goo.gl/bKzwuLNVVMj3gCGX7

භාණ්ඩ දෙනවනම් මෙතනට ගෙනල්ල බාර දෙන්න පුළුවන්
ස්තූතියි ...
Whatsapp - 077 256 1321

ජනසුවබල Jana Suwa Bala ஜனசுவபல · 199/6 Hospital road, Maharagama 10280, Sri Lanka ★★★★☆ · Social services organization

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


203/6, Nallawatta Road, Maharagama
Colombo
10280

Opening Hours

Monday 10:30 - 15:30
Tuesday 10:30 - 15:30
Wednesday 10:30 - 15:30
Thursday 10:30 - 15:30
Friday 10:30 - 15:30