People's library of the struggle

People's library of the struggle

Share

අරගලයේ ජනතා පුස්තකාලය නිල Facebook පිටුව ව?

08/09/2023

2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකථාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය.
2023 ස්වර්ණ පුස්තක සම්මානය හිමි කෘතිය

Photos from People's library of the struggle's post 26/04/2023

අරගලයේ ජනතා පුස්ථකාලයේ සාමාජිකයින් භූමියෙන් ඉවත් වූවද පුස්ථකාල සාමජිකයින් සක්‍රීයයි...

මේ එවන් සක්‍රීය සාමාජිකයින් විසින් අප්‍රේල් මාසය තුල පුරවැසියන්ගේ ආධාරයෙන් පොඩිත්තන් 13 දෙනෙකු දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ගේ අත්‍යවශ්‍ය පාසල් උපකරන
ලබා දීම....

(මාසයේ මුල ලබා දුන් පොත් සහ උපකරන වල ලබාදුන් චායාරූප එම චායාරූප ගත් දුරකථනය හි යම් දෝශයක් හේතුවෙන් අහිමි වී ඇත.. එය නැවත සැකසුම් කර ගත හැකි වූ විගස එම චායාරූප උඩුගත කරනු ලැබේ..)

13/02/2023
Photos from People's library of the struggle's post 02/01/2023

අලුත් අවුරුද්දෙ පළවෙනි වැඩේ 🤟

අරගලයේ ජනතා පුස්තකාලය විසින් අද (02) දිනයේදී මහරගම බෞද්ධ විද්‍යාලයේ දරුවන් 81 දෙනෙකු සඳහා නව වසරට පාසල් පොත් සහ උපකරණ ලබා දීම සිදුකෙරිණ.

අඩු ආදායම්ලාභී දරුවන්, දෙමාපියන් අහිමි දරුවන් මෙන්ම, උප්පැන්න සහතිකපතක් පවා නොමැති දරුවන් ද මේ පාසලේ ඉගෙනුම ලබනවා.

මේ සඳහා සහයෝගය ලබා දුන් පාසලේ විදුහල්පති හිමාලි හඳපාන්ගොඩ මහත්මිය ඇතුළු ගුරුමණ්ඩලය විශේෂයෙන් සිහිපත් කරන අතරම,
අප සිදුකලේ මෙහි සම්බන්ධීකරණ කටයුතු පමණක්වන අතර, මේ සියළු පොත් සහ උපකරණ අප වෙත ලබා දුන්, දෙස් විදෙස් ශ්‍රීලාංකික ජනතාවට සියළු ගෞරවය හිමිවිය යුතුය.

Photos from People's library of the struggle's post 30/12/2022

අරගලයේ ජනතා පුස්ථකාලය වෙත ඔබ ලබා දුන් පොත් පත් හා පාසල් උපකරණ වලින් කොටසක් අද තංගල්ල අධ්‍යාපන කලාපයේ පොඩ්ඩන් සොයා ගියා.....
ඒ පොත්පත් ලබා දුන් ඔබ සැමට ස්තූතියි......

ඊට අමතරව පොඩ්ඩන් සඳහා අවශ්‍ය අනෙකුත් පාසල් උපකරණ සහ පාසැල් බෑග් ප්‍රදේශයේ සහෘදයින් කීප දෙනෙකු විසින් පරිත්‍යාග කෙරුණා..

ඒ සියලු දෙනාටම හද පිරි ස්තූතිය...

සෑම දරුවෙකුම සමානව අධ්‍යාපනය ලබනවා දැකීම අපගේ එකම පැතුමයි...

28/12/2022

මේ අරගලයේ පුස්තකාලයට දේශීය සහ විදේශීය ලාංකික පුරවැසියන්ගෙන් ලැබුන පොත් පත්...අපි කළේ ඒවා ලැබෙන්න ඕන දරුවන්ට ලැබෙන්න සලස්වපු එක... ස්තුතියි හැමෝටම ❤️

28/12/2022

අරගලයේ ජනතා පුස්ථකාලය වෙත ඔබ විසින් ලබා දුන් පරිත්‍යාගයන්ගෙන් කොටසක් හෙටත් පොඩ්ඩො ටිකක් හොයන් යන්න සූදානම්....❤️❤️

තංගල්ල අධ්‍යාපන කලාපෙ දුශ්කරතා ඇති දරුවන් කීප දෙනෙකු වෙත නව පාසල් වාරය සඳහා අවශ්‍ය කරන පොත්පත් සහ පාසල් උපකණ ලබාදීමට අවශ්‍ය කටයුතු සියල්ල අවසන්....

27/12/2022

අරගලයේ ජනතා පුස්තකාලයට, අපේ ජනතාව වෙහෙස මහන්සියෙන් උපයා දුන් පොත්පත් වලින් කොටසක් දැනටමත් දරුවන් වෙත යවා අවසන්.

අලුත් පාසැල් වාරය පටන්ගන්න කලින් අවශ්‍යතා ඇති දරුවන් 1000 ක් සඳහා පොත්පත් සහ උපකරණ ලබාදීම අරගලයේ ජනතා පුස්තකාලයේ එක් ඉලක්කයක්.

මේ සඳහා බොහෝ පිරිසක් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැපකලා. ඒ හැම පුරවැසියෙක්ටම ආචාරය පුදකරන අතරම,

මතක තබා ගන්න,

ඔබ මේ කියවන තත්පරයේදිත් අපේ රටේ මේ කිසිම අර්බුදයකට වගකියන්න ඕනෙ නැති දරුවො ලක්ෂ ගාණකගෙ අධ්‍යාපනය විනාශවෙමින් පවතිනබව. ඒ හැම දරුවෙක්ගෙම ජීවිතවලට අප වගකිවයුතු බව.

අරගලය සිදුවන අතරතුර අප අපවම තදින් අල්ලාගත යුතුව ඇත. !

26/12/2022

ඊයෙ අලුත් වාරෙට දරුවන්ට දෙන්න පොත් පැක්ස් හදනකොට මේ පොත් පෙට්ටිය හම්බුණේ.

මේකෙ තියෙන්නෙ පාවිච්චි කරපු පොත්. පාවිච්චි කරපු පිටු ටික ඉරලා ඉතිරිය අපිට එවලා. සමහර පොත්වල පිටු දෙකක් වගේ තමයි ඉරලා තියෙන්නෙ. මේවා අපි ඉස්කෝලවලට භාර දෙනවා. ගුරුවරුන්ට අවශ්‍යතා අනුව ළමයින්ට දෙන්න සහ පාසලේ වැඩවලට භාවිත කරන්න කියලා.

මේ මිනිස්සු අපේ රටේ දරුවො ගැන කොච්චර සංවේදී ද. තමන්ට සල්ලි දීලා පොත් අරන් එවන්න බැරිවුණත් තමන් ළඟ තියන කඩදාසියක් හරි දරුවෙක්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් උදව්වෙයි කියලා හිතිලා තියනවා. කොච්චර ලොකු හදවතක් ද !. ❤️

එක්සයිස් පොත් ගණන් හින්දා, ළමයින්ට දෙන්න පාවිච්චි කරපු පොත් එකතුකරන්න සිද්දවුණ රටක පුරවැසියෙක් වීම ගැන අපිට ආඩම්බර වෙන්න හෝ සතුටුවෙන්න පුළුවන් ද ?

නිකමට හිතලා බලන්න පොතක් ගන්න බැරි දරුවො කීදාහක් මේ රටේ ඉන්නවා ඇත්ද කියලා. කිසිම වරදක් නොකළ දරුවන්ට මේ ඉරණම අත්කරලා, අනාගතේ විනාස කරලා අපි තාමත් මුකුත් නොවුණ ගාණට උඩබලන් ඉන්නවා.

දැන් අපිට තෝරගන්න පැති දෙකක් තියනවා.

දරුවා උදේ ඇහැරිලා රොකට් එකක් යවන්න ඕනෙ කිව්වම මිලියන තුන්සීයක් දෙන දෙමව්පියන්ගෙ පැත්තද ?

දරුවා එක්සයිස් පොතක් ඉල්ලුවම ඇස්වලට කඳුළු පිරෙන දෙමව්පියන්ගෙ පැත්තද ?

ඉක්මනින් තීරණය කරන්න.!
🙂

Photos from People's library of the struggle's post 24/12/2022

අලුත් වාරෙට කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ......

Photos from People's library of the struggle's post 22/12/2022

අරගලයේ පුස්තකාලය විසින් පොදු ජනතාවගේ වෙහෙස මහන්සියෙන්, ධනයෙන් උපයා දුන් පොත්පත් වලින් කොටසක් දැරණියගල දරුවන් වෙත යැවු බව සතුටින් දැනුම් දෙමු.

අලුත් පාසැල් වාරය ඇරඹීමට පෙර අවශ්‍යතා ඇති දරුවන් 1000 ක් සඳහා පොත්පත් හා උපකරණ ලබාදීම සඳහා පුස්තකාලයේ ඉලක්කය සපුරා ගැනීමේ තවත් එක් අදියරක් එලෙස සම්පූර්ණ කිරීමට හැකිවිය.

මේ කාර්යන් සඳහා සහය දුන් පිරිස බොහෝ ඇතත් ඔවුන්ට වෙන් වෙන් වශයෙන් ස්තූති කිරීමක් නොකරන්නෙ අනාගත පරපුරට සහය වීම මේ රටේ සියළු දෙනාගේම වගකීමක් බැවිනි. සටහනක් ලෙස මෙය තබන්නෙ අනෙක් විගඩම් කෙසේ වෙතත් එදා වේල නොලැබෙන දරුවන් දස දහස් ගනනක් මේ රටේ සිටිනා බවත්, මේ රටේ ජීවත්වන දරුවන්ට ඇති ලොකුම උවදුර තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය අහේනියට යන ආර්ථීකයත් සමඟ ඔවුන් අධ්‍යාපනයෙන් ඈත් වීමත් බව යලිත් මතක් කර දීමටයි.

Credit: Don Supz

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Gotagogama
Colombo