27/02/2023
මුහුදෙ ලුනු වතුර පිරිසිදු කරලා..කාන්තාර වල වගා කරන අරුම පුදුම එක්සත් අරාබිය...♥️ 🌿🍀🌳
යහපත් දේවල් වෙනුවෙන් ජීවිතය කැප කරන්න
27/02/2023
මුහුදෙ ලුනු වතුර පිරිසිදු කරලා..කාන්තාර වල වගා කරන අරුම පුදුම එක්සත් අරාබිය...♥️ 🌿🍀🌳
27/02/2023
විශේෂ කෑම එකක් හදලා බලන්න
පොඩි දරුවන්ට හොඳයි ..
ඔයාලත් හදලා බලන්න
❤️❤️ අලබොන්ඩා
අවශ්‍ය ද්‍රව්‍ය
🌷අල ග්‍රෑම් 500 යි
🌷සිහින්ව ලියාගත් ලියා ගත් රට ලූනු ගෙඩියක්
🌷සිහින් ව ලියා ගත් සුදුළූණු බික් දෙක තුනක්
🌷තුන පහ කුඩු ටිකක්
🌷අබ ඇට ස්වල්පයක් හා සූදුරු ඇට ස්වල්පයක්
🌷කෑලි මිරිස් කුඩු
🌷ගම්මිරිස් කුඩු
🌷කහ කුඩු ස්වල්පයක්
🌷සිහින්ම සිහින්ව ලියාගත් කරපිංචා සිහින්ව
ලියා ගත් අමු මිරිස් කරලක්
( බබාලා නිසා මම නම් දැම්මෙ නෑ )
🌷තෙම්පරාදුවට බටර් හෝ පොල් තෙල්
කඩල පිටි දවටනය සඳහා
🌷කඩල පිටි ග්‍රෑම් 200
🌷 බේකින් පවුඩර් තේ හැඳි එකයි
🌷ලුණු ස්වල්පයක්
🌷කහ කුඩු ස්වල්පයක්
🌷වතුර
🌷සිහින්ව ලියාගත් කරපිංචා
🌷( කැමති නම් ) සූදුරු ඇට තේ හැඳි එකක්
1. අල තම්බා කැබලි සිටින ආකාරයට පොඩි කරගන්න.
2.අල තෙම්පරාදුව සදහා බටර් හෝ තෙල් ලිප තබා රත් වූ විට එයට අබ ඇට සූදුරු ඇට එකතු කර ටිකක් බැදගන්න
4. පසුව ලූනු , සුදුලූනු කරපිංචා , කුරුඳුපොතු එකතු කර ටිකක් බැදගන්න එයට අමුතුනපහ , කෑලි මිරිස් ගම්මිරිස් කුඩු එකතු කර අල ද එක්කර තෙම්පරාදුව සකසා ගන්න
5. මෙම මිශ්‍රණය නිවුණු පසු දෙහි ගෙඩියේ තරම් බෝල සාදාගන්න
6. කඩල පිටි දවටනය සදහා ඇති සියලු ද්‍රව්‍ය භාජනයකට දමන්න එයට වතුර ටික ටික දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න මිනිත්තු විස්සක් පමණ පිපෙන්න තියන්න
7. දැන් අල බෝල ගෙන කඩල පිටි ද්‍රාවණයේ දවටා රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න
26/02/2023
ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබව හරිම රසයි ෆේස්බුක් පේජ් එකට. ඉන්දියානු කෑම අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි සමෝසා. සමෝසා නොයෙකුත් වර්ගයේ පිරවුම් වලින් සකස් කරන්න පුළුවන්. අල පිරවුම තමයි හදන්න ලේසිම. ඉතින් අල සමෝසා හදලා රස බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය (16ක් සඳහා) :
ඩෝ එකට :-
පිටි (පාන් පිටි හෝ ආටා පිටි) කෝප්ප 1
තෙල් මේස හැඳි 3
ලුණු තේ හැඳි 1/2
යන්තම් රස්නේ වතුර
පිරවුමට :-
තම්බා පොඩි කරගත් ලොකු අර්තාපල් අල 2
සිහින්ව තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
ගරම් මසාලා හෝ තුනපහ තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 (කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන්)
දෙහි යුෂ තේ හැඳි 1/4
ග්‍රීන් පීස් කෝප්ප 1/2
රස පදමට ලුණු
තෙල්
සාදන ආකාරය :
01. මුලින්ම ඩෝ එක සාදා ගනිමු. ඩෝ එකට අවශ්‍ය කලමනා සියල්ල බෝල් එකකට දාලා ඇඟිලි තුඩු වලින් හොඳින් මිශ්‍ර කරන්න.
02. තෙල් ටික ඔක්කොම පිටි වල මිශ්‍ර වුනාම එයට යන්තම් රස්නේ වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් අතේ නොඇලෙන බෝලයක් සාදා ගන්න. විනාඩි 5ක් විතර අත්ලෙන් අනාගන්න. මෙය තෙත මිරිකාගත් රෙද්දකින් හෝ කිචන් ටවල් එකකින් වසා විනාඩි 15-20 පිපෙන්න තබන්න.
03. දැන් පිරවුම හදමු. පෑන් එකක තෙල් තේ හැඳි 3ක් රත් වෙන්න තියලා එයට ඉඟුරු ටික එකතු කරන්න. සුවඳ එන්න පටන්ගන්නකොට පොඩි කරගත් අල ටික එකතු කරන්න. එයටම ග්‍රීන්පීස් ටිකත් එකතු කරන්න.
04. එයට කහ, ගරම් මාසාලා, ගම්මිරිස් සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් පිසගන්න.
05. ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එකතු කර කලවම් කරන්න.
06. ඩෝ එකෙන් පොඩි බෝල 8ක් සාදා ගන්න. එය රොටියක් සේ රෝලින් පින් එකකින් තුනී කරගෙන දෙකට කපාගන්න. දැන් ඔබට ලැබෙන අඩ රවුම මැදින් පිරවුම තබා කොන් දෙක එකට ලන් කරන්න. වතුර පොඩ්ඩක් ගාලා කොන් දෙක අලවා ගන්න. රවුම් කොටස ගෑරොප්පුවක් ආධාරයෙන් සීල් කරගන්න.
07. සමෝසා සියල්ල සකසා ගත් පසු ගැඹුරු තෙලේ බැදගන්න.
30/08/2022
26/08/2022
ශ්‍රී ලංකාවේ ගුණවත් ආහාරය ට සුදුසු ඖෂධ ශාක
25/08/2022
පාට වර්ණ 55කින් ඇණවුමකට කළ කතිර මැහුම් නිර්මාණයක්💕
24/08/2022
ලොව කුඩාම චන්ද්‍රිකා ව ඉන්දියාවෙන් නිර්මාණය කර තිබේ එහි බර 1.26kg
චන්ද්‍රිකාව v2 ලෙස නම් කර ඇත
එහි ගෞරවය චෙන්නායි නගරය කේන්ද්‍ර කරගෙන ස්පේස් කිඩිස් ඉන්දියා ශිෂ්‍ය එකමුතුවටය.
23/08/2022
Singapore zoo
Panda
15/08/2022
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු "THE LINE" නාගරික ව්‍යාපෘතිය සඳහා සැලසුම් යෝජනාවක් එළිදක්වයි. "THE LINE" ව්‍යාපෘතිය සත්‍ය රේඛීය නගරයක් වන අතර, සමස්ත දිග කිලෝමීටර් 170 කට ආසන්න වන අතර, පළල මීටර් 200 ක් සහ මීටර් 500 කට වැඩි උසකින් යුත් ගොඩනැගිල්ලක් වන අතර එහි මිලියන 9 කට පමණ පිරිසකට නවාතැන් ගත හැකිය.