30/03/2022
Register for Trade Conclave on Eco-Handlooms, Eco-Textiles and Apparel at World Trade Centre Mumbai, 25th – 26th March 2022 - https://bit.ly/3hGmHYu
Participation Certification from Govt. will be awarded to all participants.
Country Partners for the Global Spin Conclave are , , , and .
Narendra Modi Piyush Goyal Smriti Zubin Irani Trifed Nimsmeconnect Ministry of External Affairs, Government of India National Small Industries Corporation National Skill Development Agency - NSDA Khadi and Village Industries Commission KHADI INDIA, New Delhi, Govt. of India Khadi India Ministry of Textiles, Government of India Ministry of Tribal Affairs, Government of India Msme-DI, Delhi MSME MITRA MSME Development Forum NSDC National Skill Development Corporation National Institute of Fashion Technology National Institute of Design, India State Ministry of Batik, Handloom & Local Apparel Productions Handicrafts and Handlooms SIDBI HDFC Bank NIFT Foundation for Design Innovation-NFDI UDAAN Udaan Skill Ministry of Commerce Sustainability Times
18/03/2022
"BE SRI LANKAN" බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නව වැඩපිළිවෙළක ආරම්භය.
ශ්‍රී ලාංකිකයන්ට දේශීය ඇඟලුම් ඇඳීම තුළින් දේශීය නිෂ්පාදන පිළිබඳව ධනාත්මක හැඟීමක් ඇති කිරීම ඒ තුළින් දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම,ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කරදීම සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රචාරයක් ලබාදීම අරමුණු කරගනිමින් "BE SRI LANKAN" නමින් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යංශය හා බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇත.
මෙහි මූලික පියවර ලෙස රාජ්‍ය සේවකයන්ට සතියේ එක් දිනක් දේශීය රෙදි වලින් සකස් කරන ලද ඇඳුමකින් සැරසී කාර්යාලයට පැමිණීම සනිටුහන් කරන ප්‍රථම ප්‍රවර්ධන වැඩසටහන අද (18) දින ගරු කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමන්ගේ හා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ද, ප්‍රසන්න රණවීර,ලොහාන් රත්වත්තේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- මාධ්‍ය අංශය -
18/02/2022
විදේශීය රටවල් අතර ශ්‍රී ලාංකික සන්නාමය සහිත බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් විදේශ රටවල ශ්‍රී ලංකා තනාපතිවරුන් වෙත දේශීය අත්කම් නිර්මාණයන් ප්‍රධානය කිරීම ගරු බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ හා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) දින විදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාව සදහා විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකේය තානාපතිවරුන් 63 දෙනෙකු මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ එක් වූ අතර එම ප්‍රධානයන් ගරු බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් විසින් ගරු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මැතිතුමන් වෙත සංකේතාත්මකව ප්‍රධානය කරන ලදී.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයට අයත් "ලක්සල" ආයතනය විසින් මෙම අත්කම් නිර්මාණයන් සැකසුම් කළ අතර,
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා,ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ "ලක්සල" ආයතනයේ සභාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක් විය.
- මාධ්‍ය අංශය -
13/02/2022
"අත්කමින් ලොවක් දිනන්නට"තවත් එක් බතික් පුහුණු මධ්‍යස්ථානයක් කුලියාපිටියේදී ජනගත කරන ලදී..
දේශීය කර්මාන්ත හා ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමේ අරමුණින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ තවත් එක් බතික් පුහුණු මධ්‍යස්ථානයක් 2022.02.12 වන දින බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කුලියාපිටිය ආසනයේ දණ්ඩගමුව කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
බතික් ඇඳුමක් මුල සිට නිමි ඇඳුමක් බවට පත් වන තුරු නිර්මාණය කර ගන්නේ කෙසේද ?පසුව අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කර ගන්නේ කෙසේද යන පුළුල් කරුණු කාරණා රැසක් ඇතුලත් මෙම ත්‍රෛමාසික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය විසින් සිදු කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා දණ්ඩගමුව විහාරාධිපති ගෞරවණීය ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ගෞරවණීය මහා සංඝරත්නය,ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂතුමන්,වයඹ පළාත් පේෂකර්ම අධ්‍යක්ෂතුමිය,කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම්තුමන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුලියාපිටිය ආසන සම සංවිධායකවරුන් ඇතුලත් දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය.
21/12/2021
"යුගයට නිමැවුම්" අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය පසුගිය 17 වන දින (Kandy City Centere) හීදී ආරම්භය සනිටුහන් කළ වගයි.
බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ මගපෙන්වීම යටතේ ජාතික මොස්තර මධ්‍යස්ථානය (NDC) මගින් සංවිධානය කරන ලද "යුගයට නිමැවුම්" සම්ප්‍රදායෙන් ඔබ්බට අත්කම් ප්‍රදර්ශනය 2021.12.17 දින බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් (Kandy City Centere) හීදී ආරම්භ කරන ලදී.
මෙහි දී දේශීය නිෂ්පාකයන් විසින් නිෂ්පාදනය කරන ලද විශාල නිරිමාණ ප්‍රමාණයක් ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබූ අතර,ඒවා සදහා පාරිභෝගිකයන්ගේ දැඩි ඉල්ලුමක්ද පැවතීය.
මේ හා සමගාමීව මධ්‍යම පළාත තුළ සිදුකරන ලද මෝස්තර නිරිමාණ ශිල්පය පිළිබඳ පුහුණු පාඨමාලාව අවසන් කළ පුහුණුලාභීන් හට සහතිකපත් ප්‍රධානය කිරීමද රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව සිදු විය.
මෙම අවස්ථාව සදහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්,රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමන්,ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
19/12/2021
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව සකස් කරන ලද අටපිරිකර මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වෙත පූජා කෙරෙයි.
ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේකමට හා දේශීයත්වයට මුල්තැන දෙමින් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ මගපෙන්වීම යටතේ "සළුසල" ආයතනය විසින් උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන ලද මැටි පාත්‍රයක් සහ දේශීය නූල් යොදා ගනිමින් වියන ලද තුන් සිවුරුද සහිත විනයානුකූල "අට පිරිකරක්" සකස් කරන ලදී.
එසේ සකස් කරන ලද දේශීය අටපිරිකරයන් මල්වතු පාර්ශවයේ මහානායක ධූරන්ධර අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ,
අස්ගිරි පාර්ශවයේ මහානායක ධූරන්ධර අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක ධූරන්ධර ජේෂ්ඨ කාරක සංඝ සභික චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේ පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් හා ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් විසින් (2021.12.17) දින පූජා කරන ලදී.
මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන හිමිපාණන් සහ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වෙත ද,
අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමිපාණන් සහ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි හිමිපාණන් වෙත ද මෙම අටපිරිකරයන් පූජා කිරීම සිදු කරන ලදී.
මෙහි සුවිශේෂී ස්ථානයක් ගන්නා මැටි සහිත පාත්‍රය මැටි සෙල්සියස් අංශක 1093කට රත් කර හොදින් පදම් කර ඉහළ ප්‍රමිතියකින් යුතුව සකසා ඇති අතර, අනාගතයේදී විදේශ රටවලින් ගෙන්වන පාත්‍ර සහ තුන් සිවුරු සහිත අට පිරිකර වෙනුවට දේශීයව නිපදවන ලද මෙම අටපිරිකරයන් දේශීය වෙළෙඳපොළ තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනු ඇතැයි අප විශ්වාස කරමු.