03/06/2026
ග්‍රාමීය සංවර්ධන හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන "ප්‍රජා ශක්ති" දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වන "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහනට සමගාමීව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් අද දින (ජූනි 02)පැවැත් වුණි.
එහි,
මාවනැල්ල බලවත්ගම වසමේ දොම්පිටිය අමුණ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා මාවනැල්ල ආණ්ඩු පක්ශ සංවිදායක ජීවන හරිස්චන්ද්‍ර සහෝදරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක සිසිර හේරත් සහෝදරයා, මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දසනායක සහෝදරයා, කළාප සංවිදායක දීපාල් සහෝදරයා ඇතුළු දේශපාලන අධිකාරිය, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර මහත්මිය, බැමිණිවත්ත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිළධාරිනී ප්‍රීතී කුලතුංග මහත්මිය ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරි මහත්ම මහත්මීන්,ප්‍රදේශයේ ප්‍රජා ශක්ති සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය...
01/06/2026
“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වැඩසටහන් දහසක් ආරම්භ කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් සැලසුම් කොට ඇත ඊට සමගාමීව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි යෝජිත ව්‍යාපෘති වැඩ ආරම්භය 2026 ජූනි 2 වන දින සිදු කිරීමට නියමිතය.
“பிரஜா சக்தி” வறுமை ஒழிப்பு தேசிய திட்டத்துடன் இணைந்து நடைமுறைப்படுத்தப்படும் “ஆயிரம் கிராமங்களில் ஆயிரம் பணிகள்” திட்டத்தின் கீழ், நாட்டின் 25 மாவட்டங்களையும் உள்ளடக்கும் வகையில் ஆயிரம் திட்டங்களை ஆரம்பிப்பதற்கு, கிராமிய அபிவிருத்தி, சமூக பாதுகாப்பு மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு திட்டமிட்டுள்ளது.
அதன் ஒரு பகுதியாக, மாவனல்லை பிரதேச செயலாளர் பிரிவில் முன்மொழியப்பட்டுள்ள அபிவிருத்தித் திட்டங்களின் ஆரம்ப நிகழ்வு, 2026 ஜூன் 02 ஆம் திகதி நடைபெறவுள்ளது.
01/06/2026
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මාවනැල්ල, හෙම්මාතගම සිංහල මුස්ලිම් වෙළඳ ප්‍රජාව, බෞද්ධ සංගමය සහ හෙම්මාතගම පොලිසිය විසින් සංවිධානය කරන ලද බත් දන්සැලට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පරිසර අමාත්‍ය දම්මික පටබැඳි සහෝදරයා සහභාගී විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර, මාවනැල්ල ආණ්ඩු පක්ෂ සංවිධායක ජීවන හරිස්චන්ද්‍ර සහෝදරයාද ,මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම් නායක මේජර් ජෙනරාල් සිසිර හේරත්, හෙම්මාතගම ජාතික ජන බලවේග කලාප සංවිධායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ගංගා චාන්දනී සහෝදරිය, මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන චන්ද්‍රලාල් රාජපක්ෂ සහ අජන්ත ගාමිණී යන සහෝදරවරුන්ද, හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති තුමන් සහ ප්‍රදේශවාසීන් සම්බන්ධ වූහ.
28/05/2026
මධ්‍යම අධිවේගී මාරගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ වැඩ ඇරඹේ.
27/05/2026
මැයි මාසයේ ආදායම් ඉලක්ක සපුරයි.
27/05/2026
නිල්වලා ලවන බාධකයෙන් හානියටපත් ගොවීන්ට වසර හතකට පසු වන්දි.