Udayanga Weeratunga

Udayanga Weeratunga

Share

අපේ රට අපේම අදහස් වලින් ගොඩ නඟමු..

28/05/2026

නැවතිලා නැහැ කෙල්ලේ අපේ ආදරය..

27/05/2026

🇱🇰 “කුරහන් සාටකය” යනු රුහුණේත් රජරටත් හේන්වල දහඩිය හෙලූ මිනිසුන්ගේ ලේ, දහඩිය හා කැපවීමෙන් ගොඩනැගුණු ජනබලයේ සංකේතයකි.

ඒ බලය බිඳ හෙලීම ලේසි නැත.
මන්ද, මහින්ද රාජපක්ෂ නම් මිනිසා තම දේශපාලන ගමන ගොඩනඟා ඇත්තේ මේ රටටත් ජනතාවටත් තිබූ ආදරය, දයාව සහ කැපවීම මතය.

ඔහු පරාජය කළ හැක්කේ, මේ මාතෘභූමියටත් ජනතාවටත් ඔහුට වඩා ආදරය කරන, වඩා කැපවෙන, වඩා සේවය කරන නායකයෙකුට පමණි.

ජනතාව වෙනුවෙන් හඬනඟන, රට වෙනුවෙන් කැපවන, අනාගතය වෙනුවෙන් සටන් කරන නායකත්වයක් අද බිහිවෙමින් පවතී… 🇱🇰

🟥 කුරහන් සාටකය තවමත් ජන හදවත්වල ජීවත් වේ.

25/05/2026

මහින්ද නාමෙන් පිපෙන නෙළුම් මල්..

23/05/2026

🕯️ වසර 14 කට පෙර අපේ අම්මාද, වසර 13 කට පෙර අපේ තාත්තාද අපෙන් සමුගත්තේය.

2012 මැයි 10 දින අම්මාගේ වියෝවෙන් වසරකට පසු, 2013 මැයි 22 දින තාත්තාද අප හැර ගියේය.
තම ජීවිතය පුරා මහන්සියෙන් උපයාගත් දේ දරුවන්ට බෙදාදී, අවසාන කාලය දරුවන්ගේ ආදරය අතර ගත කළ ඔහු, තම මළගෙදරට අවශ්‍ය මුදල් පවා දරුවන්ට බරක් නොවන්නට පෙර සූදානම් කර තිබුණේය.

එවැනි දෙමව්පියන් දෙදෙනෙකුගේ දරුවෙකු වීම ගැන අදත් මට ඇත්තේ අභිමානයකි.

🙏 ඒ දෙපළගේ පිං සිහිකිරීම වෙනුවෙන්, අද අපි තලවතුගොඩ, වික්‍රමසිංහපුර පාරේ පිහිටි වැඩිහිටි නිවාසයේ අම්මලා සහ තාත්තලා 105 දෙනෙකුට දහවල් ආහාර රැගෙන ගියෙමු.

අද සමාජයේ බොහෝ දෙමව්පියන් ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ වැඩිහිටි නිවාසවලය.
ඒ නිසා, හැකි අයුරින් මෙවැනි ස්ථානවල සිටින අම්මලා තාත්තලා වෙනුවෙන් යමක් කරන්න.
ඔවුන්ට අවශ්‍ය වන්නේ ආහාර පමණක් නොව — කෙනෙකුගේ කතාබහක්, සෙනෙහසක් සහ මතක් කිරීමක්ය.

❤️ “දෙමව්පියන් ජීවත්ව සිටින කාලය තුළ ඔවුන්ට ලබාදෙන ආදරයම, දරුවෙකුගේ සැබෑ වත්කමයි.”

— උදයංග වීරතුංග
23.05.2026

22/05/2026

🇱🇰 රුසියානු සංචාරකයන්ගේ පැමිණීම — නිල දත්ත
📊 2023 – 197,498 (+110%)
📊 2024 – 201,920 (+2%)
📊 2025 – 186,580 (–8%)
📊 2026 (ජනවාරි–අප්‍රේල්) – 72,816 (–32%)

කයිතන්ගේ මාලිමා රජයේ මුල් මාස 4 තුළ රුසියානු සංචාරකයන්ගේ පැමිණීම 32% කින් පහළ ගොස් ඇත.

මෙය මතයක් නොවේ.
මෙය නිල සංචාරක දත්තයයි.

⚠️ වත්මන් ප්‍රවණතාවය අනුව 2026 වසර අවසන් වන විට මෙම අඩුව 55% දක්වා ඉහළ යා හැකි බව මම සටහන් කරමි.

මෙය සරල සංඛ්‍යාත්මක වෙනසක් පමණක් නොවේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රතිපත්ති අසාර්ථකත්වයේ පැහැදිලි සංඥාවක් බවට මෙය පත්විය හැක.

මහාචාර්යතුමා රුසියාවට ගොස් පසුගිය රජයන් විවේචනය කිරීමෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩි නොවේ.
සංචාරක වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සටන් පාඨ මත නොව — විශ්වාසය, සබඳතා සහ වාණිජ තීරණ මතය.

📌 සංචාරක ක්ෂේත්‍රය දේශපාලන වේදිකාවක් නොවේ — එය තරඟකාරී ජාත්‍යන්තර වාණිජ කර්මාන්තයකි.
අවශ්‍ය වන්නේ:
✔️ රුසියානු සංචාරක ආයතන සමඟ දිගුකාලීන විශ්වාසය ගොඩනැගීම
✔️ Charter flight ගිවිසුම් ව්‍යාප්ත කිරීම
✔️ ශීත සමය ඉලක්ක කර විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
✔️ තරඟකාරී හෝටල් මිල ගණන් සහ සේවා තත්ත්වය පවත්වා ගැනීම

🏨 රුසියානු සංචාරකයන් අද ශ්‍රී ලංකා සංචාරක ආර්ථිකයට අත්‍යවශ්‍ය වෙළඳපොළකි — විශේෂයෙන් දකුණු සහ වෙරළ කලාපයේ හෝටල් කර්මාන්තයට.
❗ පච නොව — ප්‍රතිඵල අවශ්‍යයි.
❗ 2026 වසරේ 55% අඩුවීමක් වීමට ඉඩ නොදිය යුතුයි.

— උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති



🇷🇺 Прибытие российских туристов — официальные данные
📊 2023 – 197,498 (+110%)
📊 2024 – 201,920 (+2%)
📊 2025 – 186,580 (–8%)
📊 2026 (январь–апрель) – 72,816 (–32%)

За первые четыре месяца правления правительства «Малима» количество российских туристов, прибывших в Шри-Ланку, сократилось на 32%.

Это не мнение.
Это официальная статистика.

⚠️ При сохранении нынешней тенденции к концу 2026 года снижение может достичь 55%.
Речь идет не просто о статистическом спаде.
Это может стать одним из самых явных признаков провальной туристической политики.

Поездки в Россию и критика предыдущих правительств не увеличивают туристический поток.
Туристический рынок работает не на политических лозунгах, а на доверии, партнерстве и коммерческих отношениях.

📌 Туризм — это не политическая сцена, а конкурентная международная отрасль экономики.

Что необходимо:
✔️ Восстановление доверия и долгосрочных связей с российскими туроператорами
✔️ Расширение соглашений по charter flights
✔️ Специальные зимние promotional campaigns для российского рынка
✔️ Конкурентные цены в гостиничном секторе и качественный сервис

🏨 Российские туристы сегодня критически важны для туристической экономики Шри-Ланки — особенно для гостиничного бизнеса в прибрежных районах.

❗ Нужны не заявления — нужны результаты.
❗ Нельзя допустить падения на 55% в 2026 году.

— Удаянга Виратунга
Бывший Посол Шри-Ланки в России

#шриланка #Туризм

Photos from Udayanga Weeratunga's post 21/05/2026

මඩකලපුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Sivanesathurai Chandrakanthan නොහොත් “පිල්ලේයාන්” හමුවීමට ලැබීම විශේෂ අවස්ථාවක් විය.

පාස්කු ප්‍රහාරයෙන් පසු, 2021 ජූනි මාසය වන තෙක් Pasikudah Beach වෙරළ තීරය සම්පූර්ණයෙන්ම පාහේ නිහඬව, සංචාරකයන් රහිතව පැවති යුගයක් අපට මතකය. එවැනි අසීරු කාලයක, 2021දී නැවත රුසියානු, යුක්රේනියානු සංචාරකයන් පාසිකුඩා වෙත ගෙන්වා ගැනීමට අපට හැකි වූවා පමණක් නොව, පාසිකුඩා වෙරළ තීරයේ සියලුම හෝටල් සංචාරකයන්ගෙන් පිරවීමටද අපට හැකි විය. ඒ බව අද පාර්ලිමේන්තුවේ “මල්පැල” වෙතද මතක් කර දීමට කැමැත්තෙමි.

එහිදී මා හට පිල්ලේයාන් ලබාදුන් සහයෝගය අදත් මතකයේ රැඳී ඇත. බොහෝ බාධා, විවේචන සහ විරෝධතා මැද අපගේ එකම අරමුණ වූයේ නැගෙනහිර සංචාරක කර්මාන්තයට යළි ජීවය ලබාදීමයි.

පාසිකුඩා වෙරළේ සුන්දරත්වය නැවත ලෝකයට විවර කිරීමත්, ඒ හරහා රැකියා හා ආදායම් අහිමිව ගිය දහස් සංඛ්‍යාත පවුල්වල ජීවිත යළි ගොඩනැගීමත් අපගේ බලාපොරොත්තුව විය.

අදත් ප්‍රශ්නය එයමයි…

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මත ජීවිත ගොඩනගාගෙන සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අනාගතය යළි ශක්තිමත් කළ හැකිද?
ව්‍යාපාර කඩා වැටීම නතර කළ හැකිද?
රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් යළි නැගී සිටුවිය හැකිද?

ඒ පිළිබඳව අද රට පාලනය කරන ඇදුරුතුමාගෙන්ම, රටක් ලෙස පිළිතුරු අපේක්ෂා කරමු.

— උදයාංග වීරතුංග
හිටපු ශ්‍රී ලංකා තානාපති

18/05/2026

🇺🇦 යුක්රේනයේ මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවන — භූදේශපාලන සැලසුම් 🇱🇰

1985 සිට නොකඩවා වසර 22ක් පුරා සෝවියට් දේශයේත්, පසුව යුක්රේනියාවේත් ජීවත් වූ අයෙකු ලෙස, 2004 සහ 2014 කාලවලදී යුක්රේනියාවේ සිදුවූ දේශපාලන පෙරළි මා සියැසින් දුටුවෙමි.

එම ක්‍රියාවලිය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග රුසියාවට එරෙහි භූදේශපාලන සැලැස්මක් ක්‍රියාත්මක කළ අතර, එහි අවසානය 2022 දී රුසියානු–යුක්රේනියානු යුද්ධය දක්වා ගමන් කළේය.

මා දකින ආකාරයට, එදා යුක්රේනියාවේ ක්‍රියාත්මක වූ ආකෘතියට සමාන දේශපාලන පෙරළියක් 2014 සිට 2022 අතර ශ්‍රී ලංකාව තුළද ක්‍රමානුකූලව සිදු විය. මෙහිදී රටවල් දෙකෙහිම මුදල් ගලා ආවේ එකම ආකාරයකින් ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් බවට විවිධ තොරතුරු දැනටමත් අනාවරණය වී ඇත.

2014 දී “යහපාලන” ව්‍යාපෘතිය ලෙස ආරම්භ වූ එම ක්‍රියාවලියේ දෙවැනි අදියර ලෙස 2022 “ගෝල්ෆේස් අරගලය” මතුවූ බව මා විශ්වාස කරමි.

එදා අරගලයට සහය දුන් බොහෝ සාමාන්‍ය ජනතාව එසේ කළේ දේශපාලන න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව, තම ආර්ථික පීඩනයට පිළිතුරු සෙවීමේ අරමුණිනි. නමුත් සමාජ අර්බුදයට මුවාවී, විවිධ දේශපාලන සහ විදේශීය බලපෑම් ඒ තුළ ක්‍රියාත්මක වූ බව අද වඩාත් පැහැදිලිය.

අද අප සමරන්නේ ත්‍රස්තවාදය පරාජය කර ඊළාම් යුද්ධය අවසන් කළ විජයග්‍රහණයට වසර 17ක් සපිරීමයි. එමෙන්ම 2022 මැයි 09 දා සිදුවූ එම “ඊනියා අරගලයට” අද වනවිට වසර හතරක් සම්පූර්ණ වී ඇත.

මේ මොහොතේ, දේශපාලන මතභේද පසෙක තබා, ශ්‍රී ලංකාව විදේශීය බලපෑම් සහ භූදේශපාලන කුමන්ත්‍රණවලට ගොදුරු නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස ආරක්ෂා කිරීම සියලු ලාංකිකයන්ගේ වගකීමකි.

— උදයාංග වීරතුංග
යුක්රේනියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

13/05/2026

🔴 මිග්යානා බී වාර්තා නඩුවට දින 4,067 යි..

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 මාර්තු 26 දින මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනු කළ නඩුවේ මා සැකකරුවෙකු ලෙස නම් කළද, එම ගනුදෙනුවට සෘජුව වගකිව යුතු ගුවන් හමුදා නිලධාරීන් කිසිවකු සැකකරුවකු ලෙස නම් නොකිරීම එදා ගත් දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් බව මා විශ්වාස කරමි. එහි වගකීම එවකට නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් වෙත ද පැවරිය යුතුය.

වසර 11කට වැඩි කාලයක් ගතවී තිබියදීත්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුවට අදාළ උපදෙස් අධිකරණයට ලබා නොදීමත්, වසර 06 පුරාවට නීතිපති උසාවියට නොපැමිණීමත්, නඩුවේ ප්‍රධාන නඩු භාණ්ඩයක් වූ මිග් යානා ගිවිසුමේ මුල් පිටපත අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකිව යුතු සැකකරු නීතිපති විසින් නඩුවෙන් නිදහස් කිරීමත්, අද ශ්‍රී ලංකාවේ නීතියේ සාධාරණත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.

මෙය සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් නොව, දේශපාලන අධිකාරියේ අවශ්‍යතා මත රාජ්‍ය බලය අවභාවිතා කරමින් විරුද්ධ පාර්ශ්වයන්ට පලිගැනීම සඳහා යොදාගත් ක්‍රියාවලියක් බව ශ්‍රී ලාංකික ජනතාව හමුවේ සටහන් කරමි.

අදට ගෙවුණු දින 4,067 පුරාවට, මාගේ සියලු බැංකු ගිණුම් අත්හිටුවමින්, මා සමාජ, ආර්ථික හා මානසික වශයෙන් පීඩාවට පත් කරමින් ද්වේශයෙන් හා කුහකකමින් ක්‍රියාත්මක කරන මෙම දේශපාලන පලිගැනීම් අවසන් වී, කපිල චන්ද්‍රසේනට අත්වූ ඉරණම තවත් කිසිවෙකුට අත් නොවී, මා ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නීත්‍යානුකූල හා සාධාරණ විසඳුමක් ලැබෙන දිනය ඉදිරියේදී උදාවනු ඇතැයි මා තවමත් විශ්වාස කරමි.

— උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

10/05/2026

🕯️ මා මිත්‍ර කපිල!

මා ඔබව පළමු වරට හඳුනාගත්තේ කොළඹ කැප්රි ක්ලබ් එකේදීය. එදා ඔබ දුරකථන සංනිවේදන ක්ෂේත්‍රයේ සක්‍රීයව නිරත වූ පුද්ගලයෙකි. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ–මොස්කව් ගුවන් සේවාව ආරම්භ කිරීම සඳහා ඔබ ලබාදුන් සහයෝගය, රුසියානු සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතකයේ සදා රැඳී සිටිනු ඇත.

2015 පසු යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන ගොදුරක් ලෙස ඔබට මෙන්ම මටද වසර 11කට අධික කාලයක් පුරා විවිධ චෝදනා එල්ල කෙරිණි. ඔබට එයාර්බස් ගනුදෙනුව මෙන්ම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන්ද, මා හට රතු නිවේදන නිකුත් කරනු ලැබුවේ සම්මත නීතිමය ක්‍රියාපටිපාටිවලින් බැහැරව ක්‍රියා කළ එම නඩය විසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 2020 පෙබරවාරි 14 දා ශ්‍රී ලංකාවට පැමිණි මා, මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. එදා වැලිකඩ බන්ධනාගාරයේ පළමු රාත්‍රිය ගතකළේ ඔබත්, රංජන් රාමනායකත් සමඟ එකම සිරමැදිරිය තුළ බව මට කිසිදිනක අමතක නොවනු ඇත.

වැලිකඩ රිමාන්ඩ් භාරයේ සිටි අප දෙදෙනාටම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට සිදුවූයේද එම රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේමය. එසේ ඇප මත නිදහස්ව සිටියද, වසර ගණනාවක් පුරා අයුක්තියට එරෙහිව නිහඬ සටනක් ගෙනගිය කපිල චන්ද්‍රසේන අද ජීවිතක්ෂයට පත්ව ඇත.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ මුල් කාලයේ, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීමේ සම්බාධක පනවනු ලැබුවේද අප දෙදෙනාටය. අහම්බයක්ද නැද්ද යන්න මා නොදනිමි. එසේ 2024 දී එම තහනමට ලක්වූ 12 දෙනා අතරින් ශ්‍රී ලංකාවෙන් එවැනි සම්බාධකයකට ලක්වූයේ අප දෙදෙනා පමණක් වීම විශේෂත්වයකි.

මෙතෙක් රෙජීම් දේශපාලනයට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ සහ පීඩන හමුවේ අප දෙදෙනා මුහුණදුන් සියලු අත්දැකීම් අතරින්, අද ඔබ අපෙන් සමුගෙන, කාටත් හොරෙන් තනිවම යන පළමුවන්නාද, අන්තිමයාද ඔබ නොවන බව සටහන් කර තබමි. 🕯️

උදයාංග වීරතුංග.

06/05/2026

🔴 අනුරට අහිමි වූ උරුමය…

1977 සිට අඛණ්ඩව පාර්ලිමේන්තු නියෝජනය කළ අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ දක්ෂතම කථිකයන් අතරින් එක් අයෙකි.

ඔහුගේ පියා, මව සහ සහෝදරිය යන තිදෙනාම මෙරට අග්‍රාමාත්‍ය තනතුරු දැරූවද, එම උරුමය ඔහුට හිමි නොවීය.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය කළද, අගමැති අපේක්ෂකයා වූ අනුර බණ්ඩාරනායකට අගමැති ධුරය හිමි නොවීය.
ඔහුට ලැබුණේ සංස්කෘතික අමාත්‍ය ධුරය පමණි.

බොහෝ දෙනා ඔහු “ඔටුන්න හිමි කුමාරයා” ලෙස හැඳින්වුවද, දේශපාලනයේ යථාර්ථය වෙනස් විය.

එක පැත්තකින් —
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ජනාධිපති පුටුවට පැමිණියහ.

අනෙක් පැත්තෙන් —
අගමැතිවරුන් තුන්දෙනෙකුගේ පවුලක උපන් අනුරට එම උරුමය අහිමි විය.

👉 අද අවශ්‍ය වන්නේ, එදා අනුරට එසේ සිදුවූයේ ඇයිදැයි නිවැරදිව තේරුම් ගෙන, අද එසේ නොවීමට පියවර ගැනීමයි.

🧭 දේශපාලනයේ සරල සත්‍යය —
උරුමය තිබුණත්, බලය සැමවිටම හිමි නොවේ.


:::

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Temple Trees
Colombo