25/12/2025
Merry Christmas Everyone!!
ජන අරගලයේ අරමුණු යතාර්ථයක් කරගනිමින්, සැබෑ බලය ජනතාව අතට ලබා ගැනිම සදහා එක්වූ ස්වාධීන පුරවැසි එකමුතුව
රටක සැබෑ අයිතිකරුවන් වන්නේ එරට ජනතාවයි.
ප්‍රජාතාන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමේ ප්‍රායෝගිකත්වය උදෙසා, ජනතාව විසින් රටෙහි පාලන බලය ජනතා නියෝජිතයන් නොහොත් දේශපාලකයන් හට ලබාදෙයි. එය විශ්වාසය මත පදනම්වු සමාජ ගිවිසුමකි. එහෙත් අවාසනාවකට 1948 නිදහස ලැබූදා පටන් අප රටේ පත්වූ දේශපාලකයන් එම මහජන විශ්වාසය බිදිමින්, රටේ හා මහජන සුභසිද්ධිය නොසලකා හරිමින්, තමන්ගේ, තම පවුලේ සහ හිතවතුන්ගේ අවශ්‍යයතාවයන් මූ
25/12/2025
Merry Christmas Everyone!!
හැමෝගෙම එකම ප්‍රාර්ථනය 🙏🏼🛡️🇱🇰🛡️
09/09/2025
Citizen X Core සංවිධානය මගින් පවත්වන ලද EmpowHer කාන්තා සවිබල ගැන්වීමේ වැඩමුලුවට සහභාගී වූවන් සදහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025/09/06 වන දින හොරණ නගර ශාලාවේදී පවත්වන ලදී.
එහි ප්‍රධාන ආරාධිත ව්‍යවසායිකාව ලෙස පැමිණ, වැඩමුලුවට සහභාගී වූ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාකයන්ට දැනුමින් මෙන්ම මාර්ගෝපදේශයෙන් සම්පත් දායකත්වය සැපයූ Lakshika Bridal Salon & Academy Pvt Ltd ආයතනයේ අධිපතිනි ලක්ෂිකා ගුණසේකර මහත්මියට සහ එම අවස්ථාවට සහභාගී වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන තුසිත පෙරේරා මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පවත්වන ලද මෙම බස්නාහිර පළාත් වැඩසටහන ව්‍යවසායකත්වය, සමාජ මාධ්‍ය ප්‍රචාරණය, මානසික සුවතාවය, නීතිය සහ කාන්තා අයිතිවාසිකම් යන මාතෘකා යටතේ පවත්වන ලද අතර පැමිණීමෙන් සහ මාර්ගගත ලෙස 300 ට අධික පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට නන්අයුරින් සහයෝගය දැක්වූ සෑම සියලුදෙනාටම අපගේ ස්තුතිය.
🙏🏼❤️
05/09/2025
May this Milad-un-Nabi bring health, wealth, and peace to your home!!
Wishing you a blessed celebration!!
16/07/2025
භාතියට යුක්තිය‼️ Justice for Bhathiya ‼️
භාතිය ජීවිතය ලේසියෙන් අත්හැරියෙ නෑ
ඔහු නිහඬව දුක් වින්දා
තුවාල ලබා අතහැර දැමා සිටියදිත් ඔහු සටන් කලා
අවසානයේ එය මුලු රටක්ම සංවේදී කලා, අවදි කලා.
භාතියගේ ජීවිත පරිත්‍යාගය නිකරුනේ වැලලී යන්න නොදී, අප වෙනුවෙන්, රට ඒනුවෙන් සහ අපේ අනාගත පරපුර වෙනුවෙන් අලි ඇත් පරපුර රැක ගැනීම සදහා කරන සටනක මූලාරම්භය සනිටුහන් කිරීමක් කරගමු!
භාතියට කතා කරන්න බැරි වුණා. නමුත් අපිට පුළුවන්.
අපි ඔහු සහ අලි ඇත් පරපුර වෙනුවෙන් නැගී සිටිමු!
වගවීම සහ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමු!
📍 බත්තරමුල්ල, රොබර්ට් ගුණවර්ධන මාවතේ,
පරිසර අමාත්‍ය්‍ංශය ඉදිරිපිටදී
🗓️ ජූලි 17 (බ්‍රහස්පතින්දා)
🕑 ප.ව. 2.00 සිට
✊ Be the voice he never had!
12/05/2025
🙏🏼
06/05/2025
අනිවාර්‍යෙන්ම දාන්න...
ඒත් දාන්න පෙර පොඩ්ඩක් කල්පනා කරල බලන්න ...
31/03/2025
All the Islam brothers and sisters
Eid Mubarak!!
20/03/2025
ඔබ ජීවිතයේ අභියෝග ජය ගනිමින් දියුණුව කරා පිය නගන්නට වෙර දරන කාන්තාවක්ද?
එසේ නම් ඔබට ශක්තියක් වීමට අප සූදානම්
EmpowHer
කාන්තා සවිබල ගැන්වීමේ දෙදින වැඩමුළුව
සෙනසුරාදා
Module 01
සමාජ මාධ්‍ය වෙළදපල භාවිතය සහ ප්‍රවර්ධනය
Module 02
මානසික ධාරිතා සංවර්ධනය, මානසික අභියෝග හදුනා ගැනීම සහ ජය ගැනීම
ඉරිදා
Module 03
කාන්තා අයිතිවාසිකම්, නීතිය සහ ව්‍යාපාර ලියාපදිංචිය
Module 04
සන්නිවේදනය, පෞරුෂ වර්ධනය සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මග
සාර්ථකව සම්පූර්ණ කරන්නන්ට ප්‍රතිලාභ:
🟣වටිනා සහතිකයක් (වැඩමුළුව සහ පසු ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට යටත්ව)
🟣තෝරා ගන්නා 10 දෙනෙකුට ව්‍යාපාර දියුණුවට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට උපකාර
🟣සාමූහිකව කාන්තාවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශක් සැදීම සහ අදාල ආයතන වලට බාරදීම
🟣දිරිය කාන්තාවන්ට ජාලගත වීමට, තම දැනුම, අත්දැකීම්, භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කර ගැනීම සදහා සහයෝගිතා සාමූහිකයක් සැදීම
කා සදහාද?
🔸කුඩා හෝ මධ්‍ය ව්‍යාපාරයන්හි නිරත කාන්තාවන්ට
🔸රැකියා හෝ ස්වයංරැකියා වල නිරත කාන්තාවන්ට
🔸රැකියාවකට යාමට හෝ ව්‍යාපාරයක් ආරභකිරීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට
🔸 විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, හෝ වෘතීය පුහුණු ආයතනයන්හි අධ්‍යාපන ලබන ශිෂ්‍යාවන්ට
🔸අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු නව ගමනකට සැරසෙන තරුණියන්ට
🔸ගෘහනියන්ට
♦️දිනය:
මාර්තු 22 සෙනසුරාදා සහ 23 ඉරිදා
♦️වේලාව:
උදේ 09.00 සිට සවස 4.00
♦️ස්ථානය:
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී
අමතර පහසුකම්:
🔹උදේ කෙටි ආහාර සමග තේ, දහවල් ආහාර සහ සවස කෙටි ආහාර සමග තේ සපයනු ලැබේ.
🔹මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන වැඩමුළුවකි
🚨 මෙම අවස්තාව ලැබෙන්නේ කාන්තාවන් 50 දෙනෙකුට පමණක් බව කරුණාවෙන් සලකන්න.
20/03/2025
අප සංවිධානය කල කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනේ දෙවන වැඩසටහන මාර්තු 8 සහ 9 දිනයන් හි රාගම බණ්ඩාරණායක විද්‍යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
මීලග වැඩසටහන මාර්තු මස 22 සහ 23 දිනයන්හි කළුතර දිස්ත්‍රික්කයේ දී...
08/03/2025
Happy Women’s Day!!
We are conducting a Women Empowerment Programme today 👩 👑