26/05/2026
අනාගත ජනාධිපති නාමල් රජපක්ෂ මැති තුමනි ඔබගෙන් අවසරයි.
The Peoples voice on current politics
26/05/2026
අනාගත ජනාධිපති නාමල් රජපක්ෂ මැති තුමනි ඔබගෙන් අවසරයි.
26/05/2026
ඒ පාර යුද්දෙ ඉවර කරේ විමල් කියන්නෙ.
1- මහින්ද රාජපක්ෂ
2- පිල්ලෙයාන්
3- සුරේෂ් සලේ
4 විමල් වීරවංශ
තව ඉන්නව/ පොඩ්ඩක් ඉන්න.
21/05/2026
හොරා වගේ හිටිය නේද බාප්පා ජානාධිපති කාලේ ජේ.වී.පී අය ඇතුලට දාන්නෙ නැතුව.
21/05/2026
නිවැරදි අංකය තෝරා තෑගි දිනාගන්න.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ
-දිලීප පීරිස්-
19/05/2026
"යුද්ධයක මිය යන්නෙ සතුරු පාර්ශවය විතරක්ම නෙමෙයි, තමන්ගේ ගිනි අවිය ඉස්සෙන්නෙ ඔහු සැබෑ සතුරා නිසාම නෙමෙයි, බෝම්බ වලින් පිපිරිලා යන්නේ සතුරාගෙම ලෝකය විතරක් නෙමෙයි, මුළු මහත් මනුෂ්‍යත්වයක්, සහෝදරත්වයක්, රටක්, ජාතියක්,සංකෘතියක්, ඒකට ජාතියක්, ආගමක්, භාෂාවක් අදාල වෙන්නෙ නෑ. ඔක්කොම එක මිනිස් පොකුරක් විදියට.
ඉතින් අපි යුද්ධ කරේ ත්‍රස්තවාදීන් සමග මිසක් වෙනත් ජාතිකත්වයක් , ආගමක්, සංකෘතියක් හෝ භාෂාවක් සමග නෙමෙයි. ඒත් මෙවැනි අවස්තාවල උත්සහ කරන්නෙ ඒ යුද්ධයේ මිලේච්ච රහට කැමති එයින් රටක් ගිණි තබා හෝ තම දේශපාලන වාසිය හොයන ලේ වලින්, මිණී මතින් තම බලය රැකගන්න හදන ලේ පිපාසිතයින්ගේ ජාතිවාදී දෘෂ්ඨිවාදය සමාජයේ පැතිරීමයි. යුද්ධයෙන් මිය ගිය තම සහෝදරයට, පුතා ට, ස්වාමි පුරුෂයාට, තාත්තට පහනක් පත්තු කිරීම යුද්ධය දිනපු පාර්ශවයට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒක මේ භූමියේ වලදාපු ඕනෑම මනුෂ්‍ය ආත්මයක් වෙනුවෙන් සිදු කල හැකියි.
මෙයට හොඳම උදාහරණය තිබෙන්නෙ සොෆෝක්ලීස්ගේ ඇන්ටගනී නාට්‍යයේය. මෙම නාට්‍යයයේ කේන්ද්‍රීය තේමාව වන්නේ රජුගේ නීතියට වඩා සොබාදහමේ/දෙවියන්ගේ නීතිය (සදාචාරාත්මක යුතුකම) උසස් බව පෙන්වා දීමයි. තීබ්ස්හි පාලක ක්‍රියොන් (Creon) රජුගේ නියෝගය නොතකා, දේශද්‍රෝහියෙකු ලෙස නම් කරන ලද තම සොහොයුරු පොලිනීසීස්ගේ (Polyneices) මළ සිරුරට ආගමික වතාවත් ඉටු කරමින් එය මිහිදන් කිරීමට ඇන්ටිගනී ඉදිරිපත් වීමයි. යුද්ධයේදී තම සහෝදරයන් දෙදෙනාම මියගොස් ඇත. එකෙක් රාජ්‍ය වෙනුවෙන් එකෙක් රාජ්‍ය ද්‍රෝහිකු ලෙස. නමුත් ඔවුන් දෙදෙනාම් යුද භූමියේ එකම භූමියේ මියගොස් ඇත. මෙහිදී රාජ්‍ය බලය සහ පෞද්ගලික හෘදය සාක්ෂිය අතර බලවත් ගැටුමක් නිර්මාණය කරන අතර යුද්දයකදී මිය යන්නෙ සතුරාම පමණක් නොවන බව පෙන්වා දෙයි.
17/05/2026
මෙයාලා පුදුම ජනතා සේවයක්නේ කරල තියෙන්නෙ.
16/05/2026
මේ තමයි අර "බයි තක්සලාව "කියල රාජපක්ෂලාගේ කුනු හෝදන ඉරාජි සහ මිලින්ද කියන දෙන්න කරන චැනල් එක. මුන් මේ චැන්ල වලින් බොරු ප්‍රචාර කරන ඒව අතේ මාට්ටු. මේ ළමයෙක් ශ්‍රී පාලි විශ්ව විද්‍යාලයේ අවුරුද්දකට කලින් තමන්ගේ නාට්‍ය හා රංග කලා උපාධියේ අවසාන නාට්‍ය නිෂ්පාදනයට අවශ්‍ය පසුතල නිර්මාණ සිදුකරනකොට එයාල වීඩියෝ කරපු වීඩියෝ පටයක් මේ බයියො දෙන්න ඒක අන්තරේ මල්වානේ කරන ජෝගියක් විදියට බොරු ප්‍රචාරයක් යවල තියන විදිහ.
සමහර සංඝයාට පුළුවන් දේශපාලනය කරන්න, මුදල් උපයන්න, මාලිගා වගේ පංසල් හදන්න, ස්ත්‍රීන් ඇසුරු කරන්න, මත් වෙන්න, පොඩි ළමයින් අපචාර කරන්න, සුර සැප විඳින්න
--------------
බුදු දහම විතරයි බැරි