08/10/2024
කළුතර අපේ මෙවර පාර්ලිමේන්තු යන මාලිමාවෙ සහෝදර සහෝදරියන්... 🧭💞
අසාර්ථකත්වය පරදා සාර්ථකත්වය වෙතට...
08/10/2024
කළුතර අපේ මෙවර පාර්ලිමේන්තු යන මාලිමාවෙ සහෝදර සහෝදරියන්... 🧭💞
07/06/2024
මචං, ඊයේ සජිත් ඔයාලව පාවලා දුන්නා නේද? |🙁|
නිකමට හිතපන් මචං.. විවාදෙකට එන්න කියලා, ඌම දීපු දිනයකට අනුරයියා එකඟ උනාට පස්සෙ, එදාට එන්නෙ නැතුව පැනලා යන්න තරම් කොන්දක් නැද්ද මචං සජිත්ට? |😅| ආර්ථික කමිටු බයිලා ඕන නෑ. මොකද නායකයෙක් නැති ආර්ථික කමිටුවකින් ඇති වැඩේ මොකක්ද බං? |🤷♂️|
සජිත් විවාදෙකට එනවා කිව්වම ඔයාගෙ හිතේ සජිත් ගැන ඇඳිච්ච රූපයයි, දැන් සජිත් ඔයාට පෙන්නපු ඇත්ත රූපයයි මොන වගේද කියලා ආපහු හිතපන් මචං. හෘදසාක්ෂියට එකඟව හිතපන්. |🙂|
දැන් නලීන් බණ්ඩාරලා ඈඬියාව පටන් අරගෙන. ඒත් ඒවගෙන් ඔයාට සාධාරණයක් වෙනවද? ඒවගෙන් ඔයාට අපේක්ෂාවක් එනවද? |😊| සජිත්ට හෑලි ලියපු ඔයාට හෙටත් සජිත් වෙනුවෙන් හෑල්ලක් ලියන්න පුළුවන්ද? සජිත් වෙනුවෙන් පෙනී හිටපු ඔයාට හෙටත් සජිත් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්ද? |😶|
විවෘතව හිතපන් යාලුවා. නියම නායකයෙක් කියන්නේ අනුර වගේ කෙනෙක්ට. අභියෝගය භාර ගත්තා, කිව්වා වගේම ආවා, ඇවිල්ලා ආපහු හැරිලා ගියෙත් නෑ. අනුර එයාගෙ සැලසුම් සහ අදහස් එක්ක විවාදය සංවාදයකට හරවගෙන ඉස්සරහට කරගෙන ගියා. |😍|
එහෙම එකෙක් වෙනුවෙන් නේද ඔයා හෑලි ලියන්න ඕන? එහෙම එකෙක් වෙනුවෙන් නේද ඔයා පෙනී ඉන්න ඕන? බස් එකක් දීලා දෙක වසරේ පොඩි එවුන් ගාව "මම මම මම" කිය කියා පොර වෙන්න දඟලලා ඊයේ විවාදෙට බයේ හැංගුණ සජිත්ගෙයි, විවාද අභියෝගෙ භාරගෙන, ආණ්ඩුවේ මාධ්‍යයකටම ඇවිත් සංවාද කරපු අනුරගෙයි තියන වෙනස අඳුරගනින් මචං. |🤘|
ඔයා සජබේ. මම මාලිමාවේ. ඒත් ඔයාටයි මටයි මේ රට හදන්න අවංක වුවමනාවක් තියනවා නම්, ඔයාගෙයි මගෙයි අවංක ප්‍රාර්ථනාව ඇත්තටම ශ්‍රී ලංකාව ගොඩනගන්න නම් ඇයි අපි දෙතැනක ඉන්නේ?
වරෙන් මෙහෙට! |✌️|
මේ ජාතික ජන බලවේගය මචං. මේ මාලිමාව. |🧭|
ඔයා හිටියේ සජබෙද, එජාපෙද, පොහොට්ටුවෙද, ශ්‍රීලනිපද කියන එක, මෙතනට අදාල නෑ. ඕන වෙන්නේ රට හදන අවංක ප්‍රාර්ථනාවයි අදූෂිතභාවයයි විතරයි යාලුවා.
තාම ඔයාට මාලිමාවට ගැන පැකිලීමක් තියනවා නම්, ඔයා සජබෙ ඇතුලේ ඉන්න ආතතියයි අපි ඉන්න සැබැල්ලුවයි ගැන පොඩ්ඩක් හිතන්න යාලුවා. අපි පට්ට සතුටින් මේ දේශපාලන වැඩ කරන්නේ.. ඒක තමයි දේශපාලනය කියන්නේ.. ඒ සතුට ඔයාටත් අයිතියි.
ඒ නිසා ඔය පාට කණ්ණාඩි, පරණ දේවල් අමතක කරලා වරෙන් මෙහෙට. අපි රට වෙනුවෙන් මාලිමාව එක්ක හරි දිශාවට සතුටින් දේශපාලනය කරමු. |🙂|
ආදරෙයි මචං!
Editz Lanka Admin❤️
(Copied)
28/03/2024
කොහොමද ඉතින් කට්ටියටම??? ඔන්න කිව්වා විදිහටම අද අපි අපේ පළවෙනි කොටස විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ අනුමාන කළ හැකි
මැතිවරණ ප්‍රතිඵලය අරන් ආවා... 😎😋😍
කළින් පොස්ට් එකේ ඔයාලාට මතක ඇති මම ඒ ගැන ඉස්සරහට ගේන්නම් කිව්වා. අද අපි සරලවම අරන් ආපු වැඩේ
ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ, බිම් මට්ටමින් මේ අවස්ථාවේ පුරවැසියන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති
අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයට යි. (මාලිමාව) 🧭🧭🧭
මොකද මම අද පටන් ගන්න 1 වන කොටසේ සිට 22 වන කොටස දක්වා සියළුම කොටස් වලදී මගේ අනුමානය වන්නේ,
සමස්ත ලෙස කිසිම හවුලක් නැතුව පාර්ලිමේන්තුවේ 225න් 151ට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගන්නා ආකාරය අනුවයි. 😎😊
එහෙනම් අපි යමු අද වැඩේට..... 🙌🙌🙌
ඉස්සෙල්ලම මම ඔයාලට කියන්න කැමති, කලින් පොස්ට් එකේ දාලා තියන දිස්ත්‍රික්ක 4ක පමණක් ආසන වල වෙනසක් වෙලා තියනවා.
එකත් නිවැරදි කරගෙනම අපි යමු අද කොටසට... ✍✍✍
1. බදුල්ල දිස්ත්‍රික්කය - කලින් තිබුණු ආසන 8, මෙවර 9ක් දක්වා වැඩිවී ඇත.
1. මොණරාගල දිස්ත්‍රික්කය - කලින් තිබුණු ආසන 5, මෙවර 6ක් දක්වා වැඩිවී ඇත.
1. ගාල්ල දිස්ත්‍රික්කය - කලින් තිබුණු ආසන 10, මෙවර 9ක් දක්වා අඩුවී ඇත.
1. මාතර දිස්ත්‍රික්කය - කලින් තිබුණු ආසන 8, මෙවර 7ක් දක්වා අඩුවී ඇත.
කෙසේ වෙතත් මෙය මුළු ආසන 196ට බාධාවක් වී නොමැත...
* මේ සම්බන්ධව අප විසින් පළකරපු පළමු පොස්ට් එක ගැන, අපි පළමු කමෙන්ට් එකෙන් Pin කරලා තියන්නම්... 📌👇📌
අද වැඩේට කලින් මම මුලින්ම කියන්නම් කොහොමද මැතිවරණ ගණනය කිරීම කොහොමද කියලා... 😎😎
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව මැතිවරණ ආසනයක් දිනාගැනීමට නම් ඒ පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම, දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද
වල එකතුවෙන් 5%ක් ලබා ගැනීම අනිවාර්යය වේ...
උදා :- යම් දිස්ත්‍රික්කයක වලංගු ඡන්ද 1,050,000 යැයි උපකල්පනය කළහොත් මැතිවරණ ආසනයක් දිනා ගැනීමට නම්
කුමන හෝ පක්ෂයක් හෝ කණ්ඩායමක් ඡන්ද 52,500ක් අවමව ලබා ගත යුතුය.
1,050,000*5/100 = 52,500
මෙහිදී එම පක්ෂයට ආසන කියක් හම්බෙනවද කියන එක ගණනය කරන්නේ ඉන් පසුවයි. එය සිදු වන්නේ මෙසේයි. 👇👇👇
අපි යම් දිස්ත්‍රික්කයක මැතිවරණ ප්‍රතිඵලය මෙසේ සිදු වුණා සේ උපකල්පනය කරමු.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 1,100,000
වලංගු ඡන්ද සංඛ්‍යාව -1,050,000
මෙහිදී ආසනයක් සෙවීම සඳහා යම් පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් ලබාගත් ප්‍රතිශතය 5% ට වැඩි නම් ඒ ඡන්ද වල පමණක්
සම්පූර්ණ එකතුව ලබා ගත යුතුය. එය "අදාළ ඡන්ද සංඛ්‍යාව" ලෙස හඳුන්වනු ලබයි. එනම්,
අපි සිතමු එම දිස්ත්‍රික්කයේ අදාළ ඡන්ද සංඛ්‍යාවේ එකතුව - 1,000,000 වේ යැයි කියලා.
එමගින් සම්ප්‍රයුක්ත සංඛ්‍යාව සෙවිය යුතුය.
සම්ප්‍රයුක්ත සංඛ්‍යාව යනු, අදාළ ඡන්ද සංඛ්‍යාව, දිස්ත්‍රික්කයේ තිබෙන ආසන වලින් එකක් අඩු කළ විට ලැබෙන අගයෙන් බෙදීමෙන්
ලැබෙන පිළිතුර අසන්න පුර්ණ අගයට වැටයූ පසු එන අගයයි.
එනම්,
(මෙම දිස්තික්කයේ ආසන 11ක් ඇති බව උපකල්පනය කරමු.)
එම දිස්ත්‍රික්කයේ සම්ප්‍රයුක්ත සංඛ්‍යාව - 1,000,000/(11-1)
- 1,000,000/10 = 100,000
එනම් එම දිස්ත්‍රික්කයේ සම්ප්‍රයුක්ත සංඛ්‍යාව - 100,000 වේ.
එවිට ආසන කියක් පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමට ඇත්දැයි බැලීමට කළ යුත්තේ,
එම පක්ෂය හෝ හෝ ස්වාධින කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව, සම්ප්‍රයුක්ත සංඛ්‍යාවෙන් බෙදීමෙනි. එවිට ලැබෙන අගය දශම ස්ථාන සහිත අගයක් නම්,
එය ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයා ආසන සංඛ්‍යාව ගණනය කරගත යුතුය.
අපි එය මෙසේ සිතමු.
A පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 600,000
B පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 300,000
C පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 100,000
එවිට,
A පක්ෂයට ලැබෙන ආසන - 600,000/ 100,000 = ආසන 6
B පක්ෂයට ලැබෙන ආසන - 300,000/ 100,000 = ආසන 3
C පක්ෂයට ලැබෙන ආසන - 100,000/ 100,000 = ආසන 1
මෙහිදී ඉතුරු වන ඒකම ආසනය ප්‍රසාද ආසනය නම් වේ. එය මෙම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන පක්ෂයට උරුම වේ.
එවිට A පක්ෂයට එම ආසනය සමගින් සම්පූර්ණ ආසන 7ක් හිමිවේ.
දැන් හැමෝටම පැහැදිලි නේද ආසන බෙදෙන විදිහ?? දැන් අපි යමු කොළඹ දිස්තික්කය පැත්තට.. 👇👇👇
ඊට කලින් කියන්න තියෙන්නේ,
අප විසින් සඳහන් කරන අගයන් අනුමානයන් බව පමණක් බව ඔබ තරයේ වටහා ගන්න. මේ නිවැරදිම අගයන් නොවන බවත් ඔබ අවබෝධ කරගන්න..
නිවැරදිම අගයක් ගන්න පුළුවන් ඡන්ද ප්‍රතිඵලය ලැබුණු පසුවයි... තවද මෙය මාලිමාවට ජයග්‍රහණ වෙත යාමට ලබා ගත යුතු අපේක්ෂිත
ඉලක්කයක් බවත් පැහැදිලි කරගත හැකිය. 😊😍💥
කොළඹ දිස්තික්කය තුළ, (මැතිවරණ කොට්ඨාස 15ක් සමගින් ආසන 19ක් ප්‍රසාද ආසනය සමග)
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 1,744,208 (2023 වන විට)
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 1,150,000 (2020 මහ මැතිවරණයට සාපේක්ෂව)
අවලංගු ඡන්ද සංඛ්‍යාව -125,000 (2020 මහ මැතිවරණයට සාපේක්ෂව)
වලංගු ඡන්ද සංඛ්‍යාව -1,025,000 (2020 මහ මැතිවරණයට සාපේක්ෂව)
එවිට, ඡන්ද 51,250ක් (5%) ලබාගන්නා පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් වලට පමණක් ආසන ලැබේ.
1,025,000*5/100 = 51,250
අපි සිතමු ඡන්ද 60,000ක් අනෙකුත් පක්ෂ හා ස්වාධින කණ්ඩායම් අතර බෙදී ගියා කියලා,
එවිට,
අදාළ ඡන්ද සංඛ්‍යාව - 1,025,000 - 60,000 = 965,000
එමගින් සම්ප්‍රයුක්ත සංඛ්‍යාව - 965,000/18 = 53,611.11 (53,611)
එමනිසා මාලිමාව මෙම ආසන 18න් (2020 මහ මැතිවරණය සාපේක්ෂව) ආසන 12ක් (ප්‍රසාද ආසනය නොමැතිව) ලබා ගැනීමට නම්,
මනාප - 53,611*12 = 643,332ක් හා ආසන 13ක් (ප්‍රසාද ආසනය නොමැතිව) ලබා ගැනීමට නම්,
මනාප - 53,611*1 = 696,943ක් (ආසන්න ඡන්ද ලක්ෂ 7ක් )
මෙහිදී ප්‍රතිශත ලෙස ගතහොත්,
මනාප 643,332 ක් නම්, (ප්‍රසාද ආසනය සමග ආසන 13ක්)
643,332/1,150,000 * 100% = 55.94%
මනාප 696,943 ක් නම්, (ප්‍රසාද ආසනය සමග ආසන 14ක්)
643,332/1,150,000 * 100% = 60.6%
මා විසින් අපේක්ෂිත ඉලක්කය වන්නේ, මනාප 750,000ක් ලබා ගත යුතුයි යන වග.
එවිට ලැබෙන ආසන,
750,000/53,611 = 13.9896 (14) ප්‍රසාද ආසනය සමගින් මුළු ආසන 15ක් හිමි වේ.
අගයන් වල අඩු වැඩි බවක් ඇති වන නිසා මගේ අපේක්ෂිත ආසන ඉලක්කය වන්නේ ප්‍රසාද ආසනය සමගින් ආසන 13කි.
එහෙනම් අදට කොළඹ දිස්තික්කයේ අපේක්ෂිත ඉලක්කය අවසන්, දෙවෙනි කොටස ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. මේ කරුණු වලට අදාළව
සියලුම ලිඛිත ලියවිලි පහතින් අමුණා ඇති බවත්, මේවාට අදාළ Links පළමු කමෙන්ට් එකෙන්ද ඔබට බලාගත හැකිය... 👇👇👇
එහෙනම් ඉක්මනින්ම දෙවෙනි කොටසෙන් හමුවෙමු. ඔයාල හැමෝටම ජය වේවා!!! ❣🙏♥
19/03/2024
ලක්වාසි සියළුම දෙනාට සුභ දවසක්ම වේවා!!! ඔන්න එහෙනම් අපි සෑහෙන්න දවසකට පස්සේ අලුත්ම පොස්ට් එකකින් හම්බෙන්න ආවා...
🎇🧨
අද ඔයාලාට අරන් එන්නේ වටිනාම කියන Topic එකක්.. ඉස්සරහට අපිට, අපේ රට ගොඩ නගන්න ලොකු වැඩ කොටසක් අපිටත් තියනවා.. 🥰💖
කොහොමෙන් හරි ඉස්සරහට අපේ ලංකාවේ තීරණාත්මක මැතිවරණයක් එනවා. අවුරුදු 76ක සාපයක් ඉවර කරලා දාන්න පුළුවන් මැතිවරණයක්... අද කියන්න යන්නේ ඒ ගැන තමයි...
❣💥
අද මම අරන් ආපු පොස්ට් එක මේ සම්බන්ධයෙන් ලියවෙන පළමු පොස්ට් එකයි. ✌✌
Episode 01
මැතිවරණ දිස්ත්‍රික්ක 22 සහ පාර්ලිමේන්තු සංයුතිය
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් උනත්,
Jaffna සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක 2ම Jaffna District ලෙසත්, මුලතිව්, මන්නාරම සහ වව්නියා දිස්තික්ක 3ත් Vanni District ලෙසත් නම් කර තිබීම නිසා මැතිවරණ දිස්තික්ක 22ක් පමණයි ලංකාව තුල ඇත්තේ...
ඒ දිස්ත්‍රික්ක මෙසේයි.
1. කොළඹ
2. කළුතර
3. ගම්පහ
4. මහනුවර
5. මාතලේ
6. නුවර එලිය
7. ගාල්ල
8. මාතර
9. හම්බන්තොට
10. Jaffna (කිලිනොච්චිය සහ යාපනය යන දිස්තික්ක 2ම ඇතුළත්)
11. Vanni (වව්නියාව, මුලතිව් සහ මන්නාරම යන දිස්තික්ක 3ම ඇතුළත්)
12. Batticaloa (මඩකළපුව)
13. දිගාමඩුල්ල (අම්පාර)
14. ත්‍රිකුණාමලය
15. කුරුණෑගල
16. පුත්තලම
17. අනුරාධපුරය
18. පොලොන්නරුව
19. බදුල්ල
20. මොණරාගල
21. රත්නපුර
22. කෑගල්ල
අපි දෙවන කොටසෙන් එකින් එක දිස්ත්‍රික්ක වල සමස්ත විස්තරය අරන් එනවා. එතැනදී කොටස් 22ක්ම එක් එක් මැතිවරණ දිස්ත්‍රික්ක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා...
දැන් අපි යමු පාර්ලිමේන්තු සංයුතිය පැත්තට....
පාර්ලිමේන්තුවේ ආසන 225යි.. එයින් 196ක්ම එන්නේ ලබාගන්නා ඡන්ද ප්‍රතිඵල මතයි.. ඉතුරු 29 එන්නේ ජාතික ලැයිස්තුවෙන්....
අපේ රටේ ඡන්ද කොට්ඨාස 160ක් තියනවා. ඡන්ද ප්‍රතිශතය මත අඩු හෝ වැඩි වශයෙන් ඒ 160ට සාපේක්ෂව මන්ත්‍රීවරු 160ක් සුදුසුකම් ලබනවා පාර්ලිමේන්තු යන්න. (මෙහිදී එක ඡන්ද කොට්ඨාසයකින් එක ගානේ සුදුසුකම් ලබනවාද නැද්ද යන්න වග හරියටම තීරණය කළ නොහැක.) පළාත් 9න් එක පළාතකට මන්ත්‍රීවරු 4 ගානේ තවත් මන්ත්‍රීවරු 36ක් පාලිමේන්තු යන්න වරම් දිනාගන්නවා... එතකොට ඔක්කොම 196යි.
ඉතුරු 29ම එන්නේ ජාතික ලැයිස්තුවෙන්. ඒක ඉතින් පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය මත කොපමණ ආසන සංඛ්‍යාවක් හම්බෙනවද කියලා කියන්න අමාරුයි. අපි මේ ගැන ඉදිරි කොටස් වලින් උදාහරණ සමගින් පැහැදිලි කරගනිමු...
එහෙනම් ඔන්න අද කොටස මතුසම්බන්ධයි. අපි ඉක්මනින්ම අපේ දෙවැනි කොටසෙන් හම්බෙමු. එකේදී අපි කතා කරන්නේ, කොළඹ දිස්තික්කයේ ඡන්ද දායකයන් ගැන, ආසන ගැන, කොට්ඨාස ගැන, මැතිවරණයේ හැසිරීම කොයි පැත්තට යයිද කියලත් පොඩි විග්‍රහයක් දෙනවා... 👐👐
එනම් අදට මෙපමණයි. රැඳිලා ඉන්න මාත් එක්කම.. Page එක Like සහ Follow කරපු නැති කට්ටිය කරගෙන යමු.. 👇👇👇
Coming Up Next - Episode 02 😇😎
✍️~ UNSTOPPABLE PEARL ~ ✍️
📣 2024.03.20 📢
12/08/2023
අපේ රට හදන්නම බැරිම රටක්ද??? මොන ආණ්ඩුව ආවත් මේක හදන්නම බැරිද???? 🙄🙄
අද මම ගෙනත් තියෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. UNSTOPPABLE PEARL අපි හැමදාමත් ඔයාලට සමීප කරන්නේ ගොඩක් වැදගත් දේවල් තමයි. අද ගෙනත් තියෙන්නේ ගොඩක් දෙනා දැනගන්නම ඕනා වැදගත්ම දෙයක්.. එහෙනම් යමු අද කතාවට!!! 🙏💥
දැන් හැමෝම කියන්නේ මේ රට හදන්න බෑ. මොන ආණ්ඩු ආවත් මේක හදන්න බෑ කියලා. අපි කියනවා මේක හදන්න පුළුවන්. ඒ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්... 🤗😊
පහළින් ඔයාලට බලාගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තිබෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී සිටින අනුබද්ධ ආයතන සියල්ලම. මේ සියල්ලම රටේ ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමට ඇප කැප වී සේවය කරන ප්‍රධානම ආයතනයි. මිට අමතරව පොලිසිය, උසාවිය සහ පුද්ගලික අංශයේද ආයතන ඇත... 👇👇
1 - ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
2 - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
3 - ශ්‍රී ලංකා නාවික හමුදාව
4 - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
5 - රාජ්‍ය බුද්ධි සේවාව
6 - සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව
7 - බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව
8 - ජාතික ශිෂ්‍යභට බලකාය
9 - රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය
10 - සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
11 - ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
12 - මිලෝදා ආයතනය
13 - ආරක්‍ෂක සේවා විද්‍යාලය
14 - ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
15 - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය
16 - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය
17 - රක්නා ආරක්‍ෂක ලංකා සමාගම
18 - ශ්‍රී ලංකා වෙරල ආරක්‍ෂක දෙපාර්තමේන්තුව
19 - ජාතික ආරක්‍ෂක අරමුදල
20 - රණවිරු සේවා අධිකාරිය
21 - අපි වෙනුවෙන් අපි අරමුදල
22 - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
23 - ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
24 - ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය
25 - ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
26 - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ඉතින් මේ ආයතන වලින් කොහොමද කැඩිච්ච රට හදන්නේ??? 🤔🤔
මෙහෙමයි. දැන් අපි දන්නා ප්‍රසිද්ධ රහසක්නේ මේ ආයතන වල සමහර තැන් තියනවා දුෂිත පැත්තට යන. අජිත් රෝහණ මහතා උනත් සංවාදයක කියා සිටියේ, 84000ක් ඉන්න පොලිසියේ උනත් දුෂිත නිලධාරින් ස්වල්පයක් ඉන්න පුළුවන් කියලා. ඔව් හැම අංශයකම එහෙම අය ඉන්න පුළුවන්. 🥲🥲
ඒ නිසා මුලින්ම කරන්න ඕනි මේ අංශ සියල්ලම තනිකරම පිරිසිඳු කරන එක. මොකද බහුතරයක් නිලධාරින් දුශිතයෙන් රහිත, සේවය අකුරටම ඉටු කරන නිලධාරින්. ඒ නිසා මුලින්ම මේ ප්‍රධාන ආයතන හදන්න ඕනි කිසිම කෙනෙක්ට දුෂිත වෙන්න බැරි විදිහට. 😎😍
ඒක හදන්නනම් ආණ්ඩුව වෙනස් වෙන්නම ඕනා. මොකද ආරක්ෂක අමාත්යංශය පාලනය කරන්නත් ඇමතියෙක් ඉන්නවා. පොර ලංකාවේ නම ගිය හොරෙක් නම්, අපරාධකාරයෙක් නම් කොහෙත්ම රට හදන්නම බෑ. ඒ නිසා මේක කරන්න කලින් අනිවාරෙන්ම ආණ්ඩුව මාරු විය යුතුමය. 😎😊
ඕනෑම දෙයක් ගොඩ නගන්න ක්‍රම දෙකක් තියනවා.. 😍😎
1. Top to Bottom
2. Bottom to Top
මේ ක්‍රම දෙකෙන් අපේ රට හදන්න පලවෙනි ක්‍රමය තමයි කරන්න ඕනා. මොකද පොඩි තැන් හැදුවට වැඩක් නෑ. ලොකු ලොකු තැන්වල දුෂණය වැඩියි නම්. එතකොට පොඩි තැන් තාවකාලිකයි. ඒවාත් ඉක්මනට දුෂණය වෙනවා. හැබැයි ලොකු තැන් ටික System කරාම ඉබේටම පොඩි තැන් ටික හැදිලා එනවා. ❤💪
මම ඔයාලට උදාහරණයක් කියන්නම්. කොහොමද රට හැදෙන විදිහ කියලා. 👇👇
මුලින්ම අපි මැතිවරණයකදී අලුත්ම ආණ්ඩුවක් පත් කරගන්නවා. එකෙන් ඇමති මණ්ඩලයක් පත් වෙලා ආරක්ෂක මණ්ඩලයට ඇමති කෙනක් දිවුරුම් දෙනවා. ඒ කෙනා අපි හිතමු කිසිම වැරද්දක් නැති රටේ අනාගතය ගැන හිතනම කෙනෙක් කියලා. ඒ කෙනා මුලින්ම දුෂිත නිලධාරින් Top to Bottom ක්‍රමය යටතේ සේවයෙන් පහ කරනවා. ඊට පස්සේ පිරිසිඳු නිලධාරින් සමුහයක් සමඟ මේ System එක හදනවා. 💥🤗
දැන් එතකොට වැරදි කරන මිනිස්සු සල්ලි බලේ පෙන්නලා බේරිලා පැන ගන්නවා. බැරි එකා හිරේ වේලි වේලි ඉන්නවා. දැන් ඒක හැදෙන විදිහ බලමු. 😎👏
දැන් අපි හිතමුකෝ අපේ රටේ ස්ත්‍රී දූෂණ, කුඩු මත්ද්‍රව්‍ය රැගෙන එම සහ විකිණීම, මිනීමැරීම් වැනි අපරාධ කරන දරුණු අපරාධකාරයන්ව සල්ලි බලය මත ඉරණම තීන්දු වෙන කාලයක්නෙ වර්තමානය කියන්නේ. නමුත් අර උඩ කිව්වා විදිහට System එක හැදුනොත් ඕක මේ විදිහට වෙයි.. 🤝👌
අපි හිතමු යම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු මිනීමරන වැඩ, කුඩු වෙළදාම සහ ස්ත්‍රී දූෂණ කටයුතු වලට දරුණු වැරදිකාරයෙක් වෙනවා. එයාව අධිකරණයෙන් එල්ලා මැරීමට තීරණය කරනවා. එතකොට (වර්තමානයේ එල්ලුම් ගස නැති නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමනේ හම්බෙන්නේ.) එයාව ඇත්තටම එල්ලලා මරනවා. නිකන්ම නෙමේ මිනිසුන් ඉදිරිපිට. එහෙම කරන්න හේතුව මේකයි. 👍👇
මිනිසුන් ඉදිරිපිට මරද්දී මිනිස්සු කාට උනත් බයක් වෙන්න ඕනා, වැරදි කරොත් මේක තමයි දඬුවම කියලා. එතකොට නිකම්ම රට බොහොමත් කෙටි කාලයකින් හැදෙන්න පටන් ගනී. නිකම්ම යුරෝපයේ රටවල් වල වගේ ව අපරාධ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ගනීවි. අන්න එහෙම වෙන්න යන කාලය තමයි අපේ ජිවිතයේ රත්තරන්ම කාලය. එල්ලා මැරීම ලේසි නෑ. මොකද කෙලින්ම ජනාධිපතිට මානව හිමිකම් වලින්, විදෙස් බලපෑම් පවා ඇති වෙන්න පුළුවන්. ඒ උනාට මේ වගේ එකක් දෙකක් වෙන්න ගත්ත ගමන් අපරාධකාරයෝ නිකම්ම බය වෙන්න ගන්නවා. එක්කෝ උනුත් හැදෙයි. නැත්තම් උන් පැන ගනී. නැත්තම් උන්ටත් මේ ඉරණම තමයි. 🤯🤬
අදටත් අළුගෝසු තනතුරට එන්න කැමැත්තෙන් රට ගැන හිතන මිනිස්සු ඉන්නවා. නොඑන්නේ කිසි වැරද්දක් නැති මිනිස්සුන්ව මරන්න බැරි නිසයි. අධිකරණ වලින් සමහර එහෙම තින්දුත් දෙන නිසා. හැබැයි System එක හැදුනු දවසට තනිකර අපරාධ කාරයෝ විතරයි මේ වලින් දඬුවම් විඳින්නේ. එතකොට මේක යුරෝප් වගේ නිතිය දැඩි වෙයි. හැබැයි මිනිස්සුන්ට එක නිදහසට බාධාවක් නෙවෙයි. 🤠😎
අවසාන වශයෙන් සරලවම කිව්වොත් රටේ නීතිය හරියටම වෙන්න ඕනා රට හැදෙන්න. ඒක කරන්නත් ආණ්ඩුවක් පත්වෙන්න ඕනා. දැන් ඉන්න රනිල් - මහින්ද - සජිත් ආණ්ඩු වලින් කවදාවත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා රටේ නිවැරදි මිනිස්සු සියල්ල මුලින්ම කරන්න ඕන දේ, මැතිවරණයක් දිනා ගෙන මේ දේවල් ඉෂ්ට කරන ආණ්ඩුවක් පත් කර ගන්න එක. එතකොට මේ දේවල් ඉබේටම වෙයි. 😎👐
රටේ නිතිය ස්ථාපිත උන ගමන් මිනිස්සු ස්වයං විදිහට වෙනස් වෙනවා. මෙහෙ ඉන්න රස්තියාදුකාරයෙක් ඩුබායි වල රස්සාවකට ගියොත්, ලංකාවට අවුරුදු 5කින් එද්දී වෙනස ඕනෙම කෙනෙක්ට බාලාගන්න පුළුවන්නේ. අන්න ඒ ස්වයං විනය මේ දේවල් ඉටු වෙනකොට අප තුළ ඉබේටම හටගන්නවා කියන එක මට විස්වාසයි. 🇱🇰💓
✍️ ~ UNSTOPPABLE PEARL ~ ✍️
💥 2023.08.12 💥
25/07/2023
එකෝමත් එක කාලෙක එක්තරා රාජ්‍යයක රජතුමා සහ රට වැසියන් අතර බොහෝ අමනාපකම් සිදුවී ඇත.. කොටින්ම කියනවා නම් රජතුමාට කිසිම දිනෙක නිදහසේ, ඇමති ආරක්ශකයන් නැතුවම මහජනතාව බැහැදැකීමට යන්නත් බැරි උනා... 😤😠
කොහොම වෙතත්, එම රජතුමාව එම තනතුර දක්වා රැගෙන ඒමට එම රාජ්‍යයේ ප්‍රභල පුවත්පත් කණ්ඩායමක් එවකට සමත් උනා... කෙසේ වෙතත් පසු කාලීනව එම පුවත්පත් කණ්ඩායමටද වර්තමානය වන විට රටේ ජනතාවගෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.. 🤬😡
මේ ගැන සෑහෙන්න ප්‍රශ්න ඇති උනා.. පස්සේ මේකට කළ යුතු නියම පිළිවෙත ගැන එම පුවත්පත් ආයතනයේ සේවය කරන මහත්මයෙකු සඳහන් කරා... 👆🖖
ඔහු විසින් සඳහන් කරේ මුලින්ම මහජනයා මේ වන විට ගොඩක්ම ආදරේ කරන ක්‍රීඩාව එහෙමත් නැත්තම් කඩු හරඹ අල්ලා ඔවුන්ගේ සැලැස්ම දියත් කරමු යන්නයි. 🤫🤫
ඔවුන් මුලින්ම කරේ කඩු හරඹ පවත්වන ආයතනය සමඟ හොර රහසේ සාකච්ඡා කරන එකයි.. පසුව ඔවුන්ගේ සැලැස්ම උනේ මෙන්න මෙසේය... 🤫🤫
" මුලින්ම කඩු හරඹ ආයතය අපිට කඩු ශිල්ප තරඟ පෙන්නන එක, එයාලාගේ විස්තර එහෙම පුවත්පතට පෙන්නන ඒ ආයතනය එක සැරේම නවත්තනවා.. එතකොට පුවත්පත් ආයතනය විදිහට අපි ඒකට දැඩිලෙස විරුද්ධ වෙනවා වගේම දිනෙන් දින එයාලාගේ වංචා සහ දූශණ පුවත්පත් මඟින් මහජනයාට පෙන්නනවා.. එවිට තරමක් පිරිසට අතීතය අමතක වී නැවත අපි එක්ක එකතු වෙනවා.. ඉන්පසුව දිනක් කඩු හරඹ ආයතනය විසින් ඔවුන්ගේ දූශණ චෝදනා ඔවුන් ප්‍රතික්ශේප කොට ඔවුන් ප්‍රසිද්ධියේ අභියෝග කරනවා... 🙁☹️
එවිට අපි විසින් නොබෝදිනකින් එම කරුනු අනාවරණය කරනවා... එවිට අපි වටා එකතු වෙන මහජනයාට අපි ඒත්තු ගන්වන්නේ අපි රටේ විස්වාසනීයම පුවත්පත් ආයතනය බව.. පසුව කාලයාගේ ඇවෑමෙන් පුවත්පත් නාලිකාව විදිහට අපේ අතීතය කුමක් උවත් වර්තමානයේදි අපි අපේ පුවත්පතේ ආකර්ශනය වැඩිකර ගන්නා බවට අපිට විස්වාසයි... පසුව තවත් කාලයක් ගියවිට අපිට අපේ රජතුමාවද ජනතාව කෙරෙහි පැහැද්දවා, නැවතත් අතීතයේ උනා මෙන් අපගේ රජතුමාව නැවත වරක් රාජ්‍යයේ පාලකයා ලෙස ඔටුනු පලඳවන්නට පුළුවන් වනු ඇත. 😎🤓
පසුව නැවතත් අපේ පාලන සමයක් ආ පසු අපට බෙහෙවින් සහය දැක්වූ කඩුහරඹ ආයතනයේ නිලධාරීන් නැවත සේවයේ යෙදවීම තමයි අපගේ බලාපොරොත්තුවයි.." යනුවෙන් එම සේවකයා පුවත්පත් ආයතනයේ නිලධාරීන්ට එම රහසිගත සැලැස්ම පැවසුවා... 😲😮
පසුව මෙය නම් කදිම සැලැස්මක් යැයි සිතා පුවත්පත් නිලධාරීන් විසින් මෙම ක්‍රමය යොදා නැවත වරක් තම පුවත්පත් ආයතනයේ වගේම, රජතුමාගේද තනතුරු ආරක්ශා කරගනු ලැබුවා... 🥳🤩
✍️ ~ UNSTOPPABLE PEARL ~ ✍️
Dialog mobile සහ Dialog Home Broadband භාවිතා කරන අයටයි මේ විශේෂ නිවේදනය..
ඔයා Dialog mobile භාවිතා කරන කෙනෙක් නම්, ඔයා ඔයාගේ Dialpad 1,
#141 #1 #1 # ගහන්න.. එතකොට ඔයාගේ Star Points Balance එක පෙන්නයි. එතකොට ඒ පෙන්නන අගය රු. 100ට වැඩි නම්, ඒ 100ට වැඩි කොටස ඔයාට භාවිතා කරන්න පුළුවන්..
1 - ඔයාගේ Dialog Bill / Reload කරන්න පුළුවන්..
2 - එක් එක් ආයතන වලින් යම් යම් Offers ගන්න පුළුවන්...
3 - ඒ points Donate කරන්න පුළුවන්...
කුඩා දරුවන් වෙනුවෙන් Little Hearts Programme 1, වකුගඩු අය වෙනුවෙන් Programme 1, මනුදම් මෙහෙවර, ඇට්ලස් සිප් සවි වගේ දේවල් වලට ඔබේ දායකත්වය දෙන්න පුළුවන්..
ඒ දේ කරනවානම්, ඔබේ දුරකථනයෙන්,
#141 #6 # ගහලා ඉදිරියට උපදෙස් කියවලා බලලා ඒ දේ කරන්න...
මේක Dialog Home Broadband තියන කෙනෙක් කරන්නේ මෙහෙමයි..
ඉස්සෙල්ලම My Dialog App 1ට යන්න... ඊට පස්සේ දකුණු පැත්තේ කෙලවරේම තියනවා Menu 1.. ඒකේ ඇති Star Points කියන තීරුව.. ඒකට යන්න.. ඒකේ පෙන්නයි ඔයාගේ Balance 1.. ඊට පස්සේ ඔයාට එතනින් උනත් Donate කරන්න, Bill Pay කරන්න, Offer ගන්න විදිහ කරගන්න පුළුවන්...
වැදගත්ම දේ. මේක අවුරුද්දට දෙපාරක් කල් ඉකුත් වෙනවා.. ජූනි 30 සහ දෙසැම්බර් 31...
ඉතින් අද ජූනි 30... අද රෑ 12 වෙනකන් ඔයාට කල් තියනවා... දන්නේ නැති, කරගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් මාව සම්බන්ධ කරගන්න....
ජාතික රූපවාහිනී Youtube නාලිකාව තුලින් අපි පොඩි කාලේ ආසවෙන් බලපු ඇඟිලි සලකුණ වැඩසටහන නැවත වරක් විකාශනය වෙන්න ගත්තා.. දැනට කොටස් 11ක් ව්කාශනය වෙලා තියෙන්නේ...
ඇත්තටම පොඩි කාලේ ආසාවෙන් බැලුවට ලොකු අවබෝධයක් නෑ. දැන් ඒ ගැන ලොකු වැටහීමක් මටත් තියනවා... ඒ හැම දේකම දුප්පත් කම සහ පොහොසත් කම අතර ලොකු වෙනසක් තියනවා.. ඒකෙත් හොඳම උදාහරණය තමයි "1989 කොබෙයිගනේ පොලිසියේ ස්ථානාධිපති විසින් එවකට ගමේ අවුරුදු කුමරිය වූ දුප්පත් නිලන්තිව ඝාතනය කිරීම කියන සිද්දිය..."
සමහර තැන් වල ඇත්තටම දුප්පත් මිනිස්සු තමන්ගේ නූගත්කම් නිසාම කරන නරක වැඩ ගැන මේ කොටස් සියල්ලගෙම කැපිලම පෙනුනා.. ඕක තමයි උගත් මනුස්සයෙක් හැමදාම කියන්නේ "උඹලා ඉගෙනගනිල්ලා. එතකොට තමයි තොපිට මේ රටේ හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා..."
ඒ කියමන ප්‍රායෝගිකව 90%ක් ඇත්ත.. අදටත් ගමකට බැහැලා බලන්න නූගත් දුප්පත් මිනිස්සු කොයි වගේද ජීවත් වෙන්නේ කියලා... ඒ නිසා පොඩි අයට කියන්න තියෙන්නේ එක්කො ඉගෙන ගනිල්ලා A/L වෙනකම් වත්, නැත්තම් අපිටත් අපහසුයි ඉගෙන ගත්ත නැති අය එක්ක ඉන්න යම් යම් හේතු නිසා... එහෙමත් බැරි නම් වනගත වෙයල්ලා... නිදහස් අධ්‍යාපන කියලා දෙයක් රටේ තියන නිසා බෑ කියන්නත් බෑනේ..😍😢
20/09/2022
සුභ දවසක් සියලුම දෙනාට...🤝🙏✍️
අද මම කියන්න යන්නේ ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව කියන රටවල් දෙකේ පිහිටීම ගැන...🥰☺️❤️
ඔයාලට පලවෙනි පින්තූරයෙන් බලාගන්න පුළුවන් අපේ ලංකාවයි, සිංගප්පුරුවයි කියන රටවල් දෙකේ ප්‍රමාණය...👇👇
අපේ රටේ කොළඹ නගරය වගේ ඊටත් තරමක් කුඩා ප්‍රමාණයකින් යුක්ත රටක් තමයි සිංගප්පුරුව කියන්නේ. අද වෙද්දී අපේ රටේ ශ්‍රමිකයන්, සිසු සිසුවියන් පවා එහෙ ජිවත් වෙනවා.🥰🇱🇰❤️
මැලේසියාව කියන ලොකු රටට පහළින් තමයි මේ කුඩා රට පිහිටලා තියෙන්නේ. ඒ ගැන 2වෙනි පින්තූරයෙන් ඔයාලට පැහැදිලිව බලාගන්න පුළුවන්.👇👇
3 වෙනි පින්තූරයෙන් සිංගප්පුරැවේ හැඩය ඔයාලට බලාගන්න පුළුවන්. සිංගප්පුරුවේ කුඩා දුපත් සමුහයක්ම තියන රටක්. ඒ ගැන තවත් 3 වෙනි පින්තූරයෙන් බලා ගන්නත් පුළුවන්...👇👇
5 වෙනි පින්තූරය දිහා හොඳින් බලන්න. අපේ රට පිහිටා තිබෙන විදිහ හොඳින් නිරීක්ෂණය කරන්න. අපිට ටිකක් හරි ලඟින් තියෙන්නේ මාලදිවයිනයි, ජාවා සුමාත්‍රා දුපත් සෙට් ඒකයි විතරයි..👈👈
දැන් ඔයාලා 6 වෙනි පින්තූරය දිහා හොඳින් බලන්න. ඔයාලට පේනවද සිංගප්පුරුව කියන්නේ ගොඩක් අස්සක තියන කුඩා දූපතක්. එතකොට ඔයාට මතක ඇති 3 වෙනි පින්තූරයේ තිබ්බ විදිහට සිංගප්පුරුව අසල කොතරම් දූපත් සමූහයක් තිබ්බද කියලා. එත් අපේ රටේ??? වටේම මුහුද. බාධාවන් නැතිම තරම්. 😇🙂
ඉතින් හැම කෙනාම කල්පනා කරලා බලන්න. ලංකාව කියන දුපත මුළු ආසියාවටම උනත් නව ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් නෙමෙයිද කියලා. නැවකින් අපේ රටට කිසි කරදරයක් නැතුව ඉතාමත් පහසුවෙන් එන්න පුළුවන්. 🛳⛴🚢
ඉතින් අපේ සම්පත් පිට රටවල් බද්ධට ගත්තම වාසිය කාටද කියලා ඔයාලම හිතන්න. ඒ නිසා අපේ මේ නිධානය ජීවත්ව සිටිනකම් පරිස්සම් කරගත යුතුයි...🙏❤️🇱🇰🇱🇰
එහෙනම් අපි ඊළඟ පොස්ට් එකෙන් බලමු සිංගප්පුරුව සහ අපේ රට අතර වියදම් සහ අදායම් ගැන. කොහොමද ඒ රට දියුණු වෙන්නේ කියන එක ගැනත් මම දළ වශයෙන් අදහසක් දෙන්නම්.. ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජය..🤘❤️💪
18/08/2022
රටට විදේශ විනිමය පවා අරන් එන බිස්කට් වලට වෙච්චි දෙයක්...
ලංකාවේ බිස්කට් ගැන කතා කරොත්, අපේ රටේ නිෂ්පාදනය වන බිස්කට් ජාත්‍යන්තරයට පවා ගිය ඉතාමත් වටිනාම දෙයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. ඒ උනාට මේ අර්බුධය පටන් ගත දවසේ ඉඳලා බිස්කට් මිලත් සිඝ්‍රයෙන් ඉහල ගියා...😤😠
රු. 200-220ත් අතර තිබ්බ ක්‍රීම් කැකර් 500g බිස්කට් පැක් එක මෑත කාලීනව රු. 720ක පමණ ඉහල අගයකට ගියා... 😡😠
එහි හේතු ලෙස ඔවුන් දැක්වූයේ ඩොලරයේ අගය වැඩිවීම සහ පවතින ඉන්ධන මිලද සීඝ්‍රයෙන් වැඩිවීම කියලයි...😔😔
එයාලාගේ පැත්තෙන් බැලුවොත් මෙහි යම් සාධාරණයක් තියනවා. මොකද ඩොලරය වැඩිවීම නිසා අමුද්‍රව්‍ය සහ අනෙකුත් නිෂ්පාදන පිරිවැය වැඩිවෙන නිසා, ඔවුන්ට ලාභ ඉපයීමට නම් බිස්කට් මිල වැඩි කරන විකල්පය අර වෙන විකල්පයක් තිබ්බේ නෑ..😔😔
ඒ උනාට අද වර්තමානයේ රටේ ජනතාව බිස්කට් මිල ගොඩක් වැඩි නිසා එය මිලදී ගැනීමට පෙළඹෙන්නේ නෑ... මොකද බිස්කට් අත්‍යවශ්‍ය දෙයක් නොවන නිසා. අද මිනිස්සු සියලුම දේවල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට පෙළඹෙනවා. මොකද බහුතරයක් සතුව මුදල් නොමැති නිසා..😿😿
මේ ආයතන වලට තිබ්බා මේ අර්බුදය පැමිණෙන මුල් කාලයේ මේවට විසඳුම් සොයන්න. ඔවුන්ට තිබුණා, බිස්කට් වල අමුද්‍රව්‍ය වෙනසක් කරමින් කුඩා බිස්කට් වෙළඳපොළට ඉදිරිපත් කරන්න තිබ්බා.👍👍
උදාහරණයක් විදිහට ක්‍රීම් කැකර් 250g කුඩා පැක් එක.🙂😇
එවිට ඔවුන්ගේ ක්‍රීම් කැකර් 500g බිස්කට් පැක් එක නිෂ්පාදනයද තාවකාලිකව නවතින අතර, ඒ සඳහා ඉතුරු වන අමුද්‍රව්‍ය ක්‍රීම් කැකර් 250g කුඩා පැක් එකට යොදා ගත හැකිය. තවද මෙම ක්‍රමයත් ඉතා සාර්ථක නොවන අතර, ඔවුන්ගේ කළමනාකාරිත්වය මිට වඩා බුද්ධිමත් තීරණ ගැනීමට අපොහොසත් වීම මෙහි ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකිය. 🤓🤓
ඔවුන් තවත් මේවට විකල්ප හොයන්නේ නැත්තම්, ඒ අයගේ රැකියාවන් වගේම ලොකු ලොකු බිස්කට් සමාගම් වලටත් මෙය අවසානයක්ම වෙයි...😢😢
මේ එළැඹී ඇත්තේ බුද්දිමත් අයගේ තීරණ වලට කාලයයි...💪❤️🇱🇰🇱
15/08/2022
වටිනා දෙයක්, වටිනා නිෂ්පාදනයක්.. ❤️💪
....
...
..
.
ලොවක් වගේම අපේ රටම ආදරය කරන ඩිලන්ත මාලගමුව මහතාගේ සුපිරිම සුපිරි වැඩක්...✍️🙏🇱🇰🇱🇰
සුභ දවසක් ඔබ සියලු දෙනාටම.
Dilango Electric car එක අපි ළඟදීම නිශ්පාදණය කරන්න පටන් ගන්නවා. එන මාසයේ සිට නිශ්පාදන කටයුතු වලට කාර්මික වරුන් අවශ්‍යයි. අපි මෙය කාර්මික සංවර්ධන මණ්ඩලය සමග එකතු වී කරන ව්‍යාපෘතියක්.
අපිත් සමග වැඩ කරන්න කැමති අය සිටිනවානම් අපිට දන්වන්න. ඒ වගේම එයට අවශ්‍ය දේ නිශ්පාදණය කරන අය සිටිනවානම් දන්වන්න ඒ නිශ්පාදන අපට මිලදී ගත හැක. අපි 90% අවශ්‍ය දේවල් ලන්කාවේම නිශ්පාදනය කිරිමටයි අදහස් කරන්නේ. 0777999110.
A blessed day to all of you. We are about to start our Dilango Electric car production from next month. We are looking for experts in the car manufacturing field. If you are interested please do let us know. We are doing this project together with the Industrial Development Board .
Also if you can manufacture any parts for the car we would be very happy to buy as our intension is to manufacture 90% of the parts in Sri Lanka. Please whatsapp or call 0777999110.