සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදය - All Ceylon SSM Union Forum

සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදය - All Ceylon SSM Union Forum

Share

" එක්ව පෙරට - අපි වෙනුවෙන් ".

15/02/2026

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් අඩාල වූ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා නැවත ආරම්භ කිරීම.

24/11/2025

උප දුම්රිය ස්ථානාධිපති සේවයට සාධාරණයක් සලසන්නේ කවදා ද? Anura Kumara Dissanayake, Bimal Rathnayake, Ministry of Transport, Sri Lanka Railways
2025 Nowember 24 (Sri Lankan Parliament Budget Debate on the Ministry of Transport MP Chitral Fernando)

31/07/2025

2025 මහනුවර ඇසළ පෙරහැරෙහි රන්දෝලි පෙරහැර වෙනුවෙන් අගෝස්තු මස 04 වන දින සිට 08 වන දින දක්වා විශේෂ දුම්රිය ගමන් වාර එක් කොට ඇත.


2025.07.31

Photos from සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදය - All Ceylon SSM Union Forum's post 02/07/2025

ජයන්තිපුර දුම්රිය ස්ථානයේ, උප දුම්රිය ස්ථානාධිපතිවරයා වශයෙන් වසර 32 ක සේවය නිම කරමින්, පසුගියදා සේවයෙන් ඉසිඹු ලැබූ ඊ.සුනිල් ශාන්ත මහතා වෙත පිදෙන උපහාරය...

1993 වසරේදී, උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක්ව සේවයට එක් වී ඇති ඒ මහතා 2000 වසරේ දී එවකට දුම්රිය ස්ථානාධිපති ii ශ්‍රේණියේ අභ්‍යන්තර විභාගයද සමත්ව ඇති නමුත් මේ දක්වා ඊට පත්වීම ලැබී නොමැත.එවන් පසුබිමක වසර 32 ක සේවා කාලය අවසන් කරමින්, පසුගිය දා සේවයෙන් ඉසිඹු ලැබූ ඒ මහතා සමග අද දින සුහද කතාබහක නිරතවීමට අප පිරිස කටයුතු කරන ලදී.

27/06/2025

රටපුරා දුමිරිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩසටහන අද දින ඇරඹෙයි !!

- Ministry Of Transport Highways Ports And Civil Aviation -

21/05/2025

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම පිලිබදව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය...

05/05/2025

"උප දුම්රිය ස්ථානාධිපතිවරුන් පිලිබදව රිට් පෙත්සමට ජනපති ඇතුලු වගඋත්තරකරුවන් 13 ක් නම් කරමින් අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ..."

උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සම්බන්දයෙන් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ගරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමක් අද දින පෙරවරු 10.00 ට මුල් දින කැදවීමෙන් අනතුරුව, එහි කරුණු සලකා බලා වග උත්තරකරුවන් 13 දෙනෙකු නම් කරමින් නොතීසි නිකුත් කෙරිණ.

මුදල් අමාත්‍ය ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන, කලමණාකරණ සේවා අධ්‍යක්ෂක ජනරාල් විමල් එස්.කේ.ලියනගම, අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ජූඩ් නිලුක්ෂාන් , විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න , ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක , ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ.පෙරේරා, ප්‍රවාහන අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (දුම්රිය පාලන) සුදත් රත්නවීර, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය වෛද්‍ය ඒ.එච්.එම්.එච්.අභයරත්න, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ.චන්දන කුමාරසිංහ හා නීතිපතිවරයා යන වග උත්තරකරුවන්ට එලෙස අද දින නොතීසි නිකුත් කෙරිණ.

පසුගිය වසරේ සැප්තැම්බර් 05 දිනැතිව අභියාචනාධිකරණය හමුවේ විභාග වූ රිට් පෙත්සමේදී, තවදුරටත් සහන සහ කරුණු වැඩිදුරටත් දක්වමින් පෙත්සම සංශෝධනය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ලද නියෝගයකට අනුව, එදින පෙත්සම අවසන් කර තිබිණ.එබැවින් , අදාල පෙත්සම වැඩිදුරටත් කරුණු දක්වමින් අද දින මුල්වරට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

22/04/2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි. 🤍✝️🕊

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන සඳුදා වයස අවුරුදු 88 දී වතිකානුවේ කාසා සැන්ටා මාර්ටා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී තිබේ.

Pope Francis died on Monday, April 21, 2025, at the age of 88 at his residence in the Vatican's Casa Santa Marta.

Good Bye Pope Francis!


2025.04.22

14/04/2025

🌞 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!


2025.04.14

25/03/2025

නොසැලකිලිමත් බව පසුතැවිල්ලට හේතු වේ.
Something to think about...

08/02/2025

ඇල්ල ඔඩිසි සුභ නැකතින් මංගල ගමනට සැරසෙයි...

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo
01000