29/11/2025
🇱🇰 Sri Lanka Needs Us – Let’s Stand Together in This Island-Wide Crisis
This cyclone has impacted the entire island in a way we have rarely seen before. In previous disasters, we could focus on one or two regions and mobilize support collectively and effectively. But this time, every province has been hit, and in some areas we cannot even access communities because roads are flooded or completely cut off.
Families are stranded. Homes are underwater. Many have no clean drinking water, no food, and no way to prepare a meal. The scale of this disaster is overwhelming.
Today, I was grateful to work alongside our teams and local partners to provide meals in Pubudugama, Peliyagoda, Ja-Ela, and surrounding communities. And we will keep going.
If you want to help directly in your district, here are trusted coordinators on the ground:
📍 Hambantota & Ratnapura – Kosala: +94 71 725 9724
📍 Kurunegala – Uresh: +94 70 502 2450
📍 Gampaha – Maduwanthi: +94 77 116 2635
📍 Trincomalee – Fasmeer: +94 77 073 7143
Recovery will take many days, and water levels will remain inside homes long after the rains stop. This means families will not be able to cook, and drinking water, ready meals, and dry bedsheets will be essential for survival and comfort through the night.
Please help in any way you can—volunteering, donating, cooking meals, or connecting us with resources. Every effort makes a real difference right now.
Sri Lanka has always risen together in moments of crisis. Let’s do it again. 🇱🇰
අපේ රටට අපේම සහය අවශ්‍යයි - එක්ව නැඟිටිමු
මේ මොහොතේ ආපදා තත්වය මුළු දිවයිනටම බලපා තිබීම අප සියලු දෙනා මුහුණ දෙන අභියෝගයයි.මීට පෙර ව්‍යසනවලදී, අපට රටේ කලාප එකක් හෝ දෙකක් කෙරෙහි අවධානය යොමු කර සාමූහිකව හා ඵලදායී ලෙස සහයෝගය ලබා ගත හැකියාව තිබූ නමුත් මෙවර සෑම පළාතක්ම පීඩාවට පත්ව ඇති අතර, සමහර ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී හෝ සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් අපට ප්‍රජාවන්ට ප්‍රවේශ වීමට පවා නොහැකිය.
පවුල් අවතැන්ව,නිවාස ජලයෙන් යටවී ඇති පසුබිමක බොහෝ දෙනෙකුට පිරිසිදු පානීය ජලය ,වියලි ආහාර සහ ආහාර වේලක් පිළියෙළ කිරීමට ක්‍රමයක් හෝ නොමැත. එම නිසාම මෙම ව්‍යසනයේ පරිමාණය අතිමහත්ය.
අද, පුබුදුගම, පෑලියගොඩ, ජා-ඇල සහ අවට ප්‍රජාවන්හි ආහාර සැපයීම සඳහා අපගේ කණ්ඩායම් සහ අනෙකුත් සහන කණ්ඩායම් එක්ව වැඩ කරන ලදී.එසේ එකාවන්ව එක්ව ප්‍රදේශය වෙනුවෙන් වැඩ කිරීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වන අතර අපි දිගටම මේ ක්‍රියාවලිය ගෙන යාමට කැපවෙමු.
ඔබට මේ මොහොතේ අපේ සහය අවශ්‍ය ඔබේ දිස්ත්‍රික්කයේ සිටින අප කණ්ඩායමේ සම්බන්ධීකාරකවරුන් අමතන්න
📍 හම්බන්තොට සහ රත්නපුර - කෝසල: +94 71 725 9724
📍 කුරුණෑගල - යුරේෂ්: +94 70 502 2450
📍 ගම්පහ - මධුවන්ති: +94 77 116 2635
📍 ත්‍රිකුණාමලය - ෆස්මීර්: +94 77 073 7143
📍 මාතර - චමින්ද : +94 71 560 4999
ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමට දින ගණනාවක් ගතවනු ඇති අතර, වර්ෂාව නතර වූ පසුත් නිවාස යථා තත්වයට පත් කර ගැනිමය බොහෝ කාලයක් ගත වනු ඇත.මෙයින් අදහස් කරන්නේ පවුල්වලට ආහාර පිසීමට නොහැකි වනු ඇති අතර, පානීය ජලය, සැකසූ ආහාර සහ වියළි ආහාර,ඇඳ ඇතිරිලි,සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ රාත්‍රීන් සඳහා යම් සුවපහසු නවාතැන් අත්‍යවශ්‍ය වනු ඇති බවයි.
කරුණාකර ඔබට හැකි ඕනෑම ආකාරයකින් උදව් කරන්න - ස්වේච්ඡා කණ්ඩායමය සම්බන්ධ වීම,පරිත්‍යාග කිරීම, ආහාර පිසීම හෝ ඊට අවශ්‍ය සම්පත් සමඟ අපව සම්බන්ධ කිරීම.මේ සෑම උත්සාහයක්ම මේ මොහොතේ සැබෑ වෙනසක් ඇති කරයි.
ශ්‍රී ලංකාව සැමවිටම අර්බුදකාරී අවස්ථාවන්හිදී එක්ව නැගී සිට ඇත. අපි එය නැවතත් එක්ව නැඟිටිමු