07/05/2023
“The Fried Rice Dansala” organized by the Sri Lanka Prisons Emergency Action Tactical Force on the occasion of this year's Vesak festival was held on 05th May 2023 from 7.00 pm to 2.30 am on the next day at Prisons Headquarters premises. This was organized under the patronage of the Commissioner General of Prisons Mr. Thushara Upuldeniya and the guidance of the Superintendent of the SPEAT Force.
ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය විසින් මෙවර වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රයිඩ් රයිස් දන්සැල 2023 මැයි මස 05 වන දින ප.ව 7.00 සිට පසු දින අලුයම 2.30 දක්වා බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලද අතර මෙය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් හා බලකායේ අධිකාරීතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.
SPEAT Force 💪⚔️👮♂️
04/02/2023
Colombo Remand Prison(CRP) Annual Cricket Tournament was held at CRTC ground today(4th February 2023). SPEAT Force was runner-up in its invitational competition and our best wishes to the SPEAT Force team…..
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය 2023.02.04 එනම් අද දින කොළඹ බන්ධනාගාර පුහුණු පාසල් පිටියේදී පවත්වන ලදී. එහි ආරාධිත කණ්ඩායම් අතර තරගයෙන් ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකා කණ්ඩායම අනුශූරතාවය දිනාගන්නා ලද අතර එම කණ්ඩායම සදහා අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරන්නෙමු…..
SPEAT Force 💪👮♀️⚔️
27/01/2022
194 Prisons Guards from 102th intake of the Sri Lanka Prisons Proudly passed out from the CRTC Angunakolapelessa yesterday morning(26 January 2022). This is the 2nd direct intake for the SPEAT Force within the around a decade of it’s history.
The Secretary to the Ministry of Defence, Mr. Kamal Gunarathne graced the parade as the Chief Guest on the invitation of Commissioner General of the Sri Lanka Prisons Mr. Thushara Upuldeniya.
Chief of National Intelligence Major General Ruwan Kulathunga, The Commander of the SPEAT Force & the Additional Commissioner General of the Sri Lanka Prisons Mr. Thusitha Uduwara, Commissioner of Prisons(Admin) Chandana Ekanayake, Commissioner of Prisons(Industries) Mr. Maleen Liyanage, Commissioner of Prisons(Supply) Mr. Sunil Kodithuwakku also attended the event.
102 වන ආධුනික බන්ධනාගාර නියාමක කණ්ඩායම විසිර යයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වාතාවට ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවේ වසර 12 ක සේවා කාලයක් නිම කර නිත්‍යාණුකූලව සේවයෙන් ඉවත් වු නිලධාරින් 194 දෙනෙකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය වෙත බඳවා ගන්නා ලදි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර තව දුරටත් ක්‍රියාවට නංවමින් දෙපාර්තමේන්තුවේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය තව දුරටත් විධිමත්ව හා ක්‍රියාකාරි අංශයක් ලෙස ස්ථාපිත කිරිමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ගත් තවත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස 2022.01.26 වන දින අගුණකොළපැලැස්ස පුහුණු පාසලෙන් ආධුනික නියාමක නිලධාරින් 194 දෙනෙකු පහුණු පාඨමාලාව අවසන් කර අගුණකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී විසිර යන ලදි .
එහිදි තම පුහුණු පාඨමාලාව පුරාවටම විශේෂ දස්කම් දක්වන ලද ආධුනික නියාමක නිලධාරින් ලෙස දක්ෂතම මලල ක්‍රිඩකයා, දක්ෂතම ඝන සරඹ නිලධාරියා හා සෑම අතින්ම අතිශූර නිලධාරියා ලෙස ආධුනික නියාමක එස්.එච්.එස්.විජේරත්න නිලධාරියාත්, පංතියේ දක්ෂතම නිලධාරියා ලෙස එම්.ඩි.ආර්.විජේරත්න නිලධාරියාත්, දක්ෂතම වෙඩි තබන්නා ලෙස එච්.එම්.ඩි.පි.හේරත් නිලධාරියාත් සම්මාන ලබා ගන්නා ලදි .
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිල ලාංඡනය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් ආරක්ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච්.කමල් ගුණරත්න(විශ්‍රාමික) මහතා වෙත පිළිගන්වන ලදි.
මෙම විසිරයාමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න(විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතා බන්ධනාගාර කොමසාරිස්(පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා බන්ධනාගාර කොමසාරිස්(සැපයුම් හා සේවා) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතා බන්ධනාගාර කොමසාරිස්(කර්මාන්ත) මලීන් ලියනගේ මහතා ඇතුළු බන්ධනාගාර දෙපාරතමේන්තුවේ ජේෂ්ඨ නිලධාරින් හා විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.
16/09/2021
වැලිකඩ සිද්ධියේ කොමසාරිස් භූමිකාව සමාජ මාධ්‍යයෙන් විකෘති කළ හැටි මෙන්න
වැලිකඩ මුකුත් වුනේ නෑ කියලා මම කිව්වේ නෑ – තුෂාර කියයි September 16, 2021 6:04 pm No Comments වැලිකඩ සිද්ධියේ කොමසාරිස් භූමිකාව සමාජ මා.....
16/07/2021
Yes, we finally deserved this golden opportunity to wear it...❤❤
SPEAT Force 👉💪👨✈️👮♂️⚔🇱🇰🇱🇰
08/06/2021
Congratulations & wish you all the best sir...
18/05/2021
සිහල දේශය කුරිරු ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීම උදෙසා දිවි පිදූ, ඇට මස් ලේ නහර දන් දුන් සියලුම රණවිරුවන් ඇතුලු ඒ සඳහා නායකත්වය ලබා දුන් සියලුම දෙනාට උපහාරය වේවා....👉💪👮♂️💂♂️⚔️🇱🇰🇱🇰
26/03/2021
SPEAT FORCE
Forward Without Stopping...
🇱🇰🇱🇰🇱🇰
20/03/2021
SPEAT FORCE officers arrested several controban items at Angunakolapelesse Prison Complex on 2021.03.19. This operation was held under the guidance of the Commissioner General of Prisons, as a information received to the Commissioner of SPEAT FORCE. Assistant Superintendent of SPEAT FORCE Mr.Prasad Premathilake & a Jailor of this force supervised this operation and suspects handed over to the Angunakolapelesse Police for further investigation.
* To***co ci******es 570
* Mobile phones 07
* Data cables 02
* Mobile phone batteries 03
* And several items
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය රැගෙන එන මහා පරිමාණ ජාවාරමක් හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය විසින් අනාවරණය කර ගෙන ඇත. එය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය භාර කොමසාරිස්තුමන් හට ලද තොරතුරකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් පරිදි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ සහකාර බන්ධනාගාර අධිකාරීතුමාගේ උපදෙස් පරිදි ජේලර්වරයෙකු ඇතුලු එම බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් 2020-03-19 වන දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ කරන ලද සෝදිසියකට අනුවය. බන්ධනාගාරය තුලට දර රැගෙන එන ලොරියක් මෙම ජාවාරම සඳහා යොදා ගෙන ඇති බවත් එම ලොරියේ රැගෙන ආ දර කොටන් ඇතුළත සූක්ෂම ලෙස අසුරා රැගෙන විත් තිබු පහත දැක්වෙන තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර දර රැගෙන ආ පුද්ගලයන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අගුණකොලපැලැස්ස පොලීසියට භාරදී ඇත.
* දුම්කොළ සුරුට්ටු 570
* ජංගම දුරකතන 07
* ජංගම දුරකථන කේබල් 02
* ජංගම දුරකථන බැටරි 03
* තවත් උපකරණ කිහිපයක්