22/07/2020
41 වෙනි පාඩම...
පැහැදිලි නිරවුල් මනසකින් යුතුව මේ විස්තරය සම්පූර්ණයෙන්ම කියවන්න....
ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න ගොඩක් ක්‍රම සහ විධි තියෙනවා...
ඉතින් ඒ ක්‍රම සහ විධි වලින් වැඩි ප්‍රමාණයක් ඔයාට තනියම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්....
එහෙම තනියම ප්‍රැක්ටිස් කරලා හොඳ හැකියාවක් ලැබුණට පස්සේ....
ඔයාට පුළුවන් තව කෙනෙක් එක්ක ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න....
ඉතින් එහෙම ස්පෝකන් ප්‍රැක්ටිස් කරන ක්‍රම මෙහෙම කියලා දෙන්න ටිකක් අපහසුයි....
ඉතිං මම ලඟදිම Youtube චැනල් එකක් පටන් ගන්නවා ඉතාම සරළව මුල ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න....
ඉතින් මම ඒ චැනල් එකේ වීඩියෝ පාඩම් වල ඇතුලත් කරනවා ස්පෝකන් ප්‍රැක්ටිස් කරන සරල ක්‍රම උදාහරණ සහිතව...
ඒත් දැනට ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාට කියලා දෙන්නම්....
ඔයා හිතන්න මෙහෙම....
ඔයා කොහොමද මුලින්ම සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ....?
ඔයා මුලින්ම සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ විධාන හෙවත් කමාන්ඩ් වාක්‍ය සමඟයි....
පොඩි කාලේ ඉස්සෙල්ලම ඔයාට ඔයාගේ වැඩිහිටියෝ කතා කළේ විධාන වාක්‍ය රටාවෙන් තමයි....
මෙහාට එන්න
බත් කන්න
වතුර බොන්න
අඬන්න එපා
කිරි බොන්න
උම්මා එකක් දෙන්න
මේ පින්තූරය බලන්න......
වගේ ගොඩාක් වාක්‍ය ඔයාට ඇහුණා
මුලින්ම ඒ විධාන වලට ඔයා ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත.....
ඉතින් එතන තමයි මුල ...
විධාන වාක්‍ය තමයි මූලාරම්භය උනේ....
දැනටත් අපි ගොඩක් විධාන වාක්‍ය පාවිච්චි කරනවා....අපේ සාමාන්‍ය කතා බහේදී...
ඉතින් අපි ස්පෝකන් ප්‍රැක්ටිස් කරනවා නම් අපි පටන් ගන්න ඕන.....
මෙන්න මේ කියන
විධාන වාක්‍ය වලින් තමයි
ඉතින් ඔයා මෙහෙම කරන්න ඔයා බලන්න Yunara English Lessons වල 15 වෙනි පාඩමේ සිට 26 වෙනි පාඩම දක්වා තියෙන පාඩම්...
ඒ පාඩම්වල තියෙන්නේ විධාන වාක්‍ය
ඒක තමයි හොදම
මුලින්ම ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න...
මම ඒකට පොඩි උදාහරණ ටිකක් දෙන්නම්...
ඒ පාඩම් අතරින් ඔයා බලන්න 18 වෙනි පාඩම....
ඒ පාඩමේ තියෙන්නේ පන්තියක ගුරුවරයෙක් එක දරුවකු ලවා කරවන ක්‍රියාකාරකම් 49ක් ....
සිටගන්න
වාඩිවෙන්න
නැගිටින්න
මෙහාට එන්න
යන්න කලු ලෑල්ල වෙත
ගන්න ඩස්ටරය
පිරිසුදු කරන්න කලු ලෑල්ල ......
වගේ ක්‍රියාකාරකම් මාලාවක්
ඉතින් ඔයාට පුලුවන් ඒ වාක්‍ය විතරක් නෙවෙයි
15 වෙනි පාඩමේ සිට 26 වෙනි පාඩම දක්වා තියන පාඩම් වල වාක්‍ය හැම එකක්ම ප්‍රැක්ටිස් කරන්න විවිධ ක්‍රමවලට....
පලවෙනි ක්‍රමය....
ඉස්සෙල්ලම
මේ පාඩම් මාලාවේ තියෙන 16 සිට 26 අතර තියෙන එක පාඩමක් තෝරගන්න....
ඊට පස්සේ ඒ පාඩමේ තියෙන වාක්‍ය එකින් එක ශබ්දනගා කියවන්න....
එහෙම ශබ්ධ නගා කියවන කොට වේගයෙන් කියවගෙන කියවගෙන යන්න එපා....
එක වාක්‍යයක් කියලා ඊලග වාක්‍ය කියන කොට ඒ වාක්‍ය දෙක අතර කාල පරතරය අඩුම තරමේ තත්පර 5ක් වත් තියාගන්න...
මෙතනදී ඔයා ශබ්දනගා කියන්න ඕනි ඉංග්‍රීසි වාක්‍ය පමණයි....
ඒ ඒ වාක්‍ය වල තියන සිංහල අර්ථය ශබ්දනගා කියන්න එපා...
හොඳින් තේරුම් ගන්න....
මෙතැනදී සිදු විය යුතු වැදගත්ම දෙයක් තියෙනවා.....
ඒ තමයි....
ඔයා විධාන වාක්‍ය කියවන අතර....
ඔයා ඔයාගේ මන්සින් දකින්න ඕනි...
ඔයා දෙන විධානය අනුව...
යම් කිසි කෙනෙකු ඒ දේ කරන බව....
උදාහරණ.....
ඔයා
Come here (කම් හියර්)
කියන කොට
ඔයා ඔයාගේ මනසින් දකින්න ඕන
ඔයාගේ විධානයට අනුව
යම් කිසි කෙනෙකු
ඔබ වෙත එනවා .....
ඔයා
Wash your hands (වොෂ් යුවර් හෑන්ඩ්ස්)
කියන කොට
ඔයා ඔයාගේ මනසින් දකින්න ඕන
යම් කිසි කෙනෙකු
ඔයාගේ විධානයට අනුව
එයාගෙ අත් සෝදනවා
ඔයා
Show me your book (ෂෝ මී යුවර් බුක්)
කියන කොට
ඔයා ඔයාගේ මනසින් දකින්න ඕන
යම් කිසි කෙනෙකු
ඔයාගේ විධානයට අනුව
එයා එයාගෙ පොත ඔයාට පෙන්වනවා
පැහැදිලියි නේද...?
ඔයා එක විධානයක් දීලා...
ඔයාගේ මනසින් දකින්න
කවුරුහරි කෙනෙක් ඒ විධානය අනුව අදාළ ක්‍රියාකාරකම් කරන බව.....
පැහැදිලියිනේ.....!
පරිස්සමෙන් ප්‍රැක්ටිස් කරන්න
ඇත්තෙන්ම
මේක මනසත් එක්ක කරන භාවනාමය ගනුදෙනුවක්....
2 ක්‍රමය....
ඇත්තෙන්ම
ඔයාට සහාය ලබාගන්න පුළුවන් කෙනෙකු ඉන්නවා නම්....
ඒ කෙනා සමග මේ මේ වාක්‍ය පුහුණු වෙන්න පුළුවන්....
ඒ කියන්නේ ඔයා විධානය දෙනකොට ඒ සහායකයා ඒ විධානයට අදාළ අදාල ක්‍රියාකාරකම් කරනවා
ටික වෙලාවකට පසුව ඒ පිළිවෙල මාරු කරන්න පුළුවන්
එතකොට ඔයාගේ සහායකයා විධානය දෙනවා ඔයා ක්‍රියාකාරකම් කරනවා
මෙතැනදී සමහර ක්‍රියාකාරකම් ඇත්තටම කරන්න බැරි වෙයි
(කපන්න මේ ගස.... වැනි වාක්‍ය)
එතකොට ඒවා ව්‍යංගව කරන්න පුළුවන්...
තව දෙයක්...
ඔයා...
අම්මා කෙනෙක්
තාත්තා කෙනෙක්
අයියා කෙනෙක්
අක්කා කෙනෙක්
වැඩිහිටියෙක් හෝ
ගුරුවරයෙකු නම්....
ඔයාට පුළුවන් මේ විධාන දෙමින් කුඩා දරුවෙකුට උගන්වන්න....
එහෙම කරනකොට....
ඒ දරුවාට විතරක් නෙවෙයි...
අනිවාර්යෙන්ම....
ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවත් චුට්ටක් හරි වැඩි වෙනවා....
මෙය වරක් දෙවරක් පුහුණු වෙලා නම් මදි...
එහෙනම් කොයි තරම් වාර ගණනක් පුහුණු වෙන්න ඕනෙද.....?
ඒක මට හරියටම කියන්න බැහැ
ඒත් මට මෙහෙම කියන්න පුළුවන්
සමහර කෙනෙකුට එක පාඩමක තියන වාක්‍ය සෙට් එකක්....
20 - 30 වාරයක් විතර පුහුණු වෙන්න සිද්ද වෙයි
තවත් සමහර කෙනෙකුට...
පුහුණු වෙන්න සිද්ධ වෙන වාර ගණන ..
100 - 200 වෙන්නත් පුළුවන්....
කොහොම උනත්
මම කියන්නේ...
මුලදී පැටලී පැටලී කියන්න පටන් ගත්ත වාක්‍ය
නිකංම ඉබේම කිසිම ආයාසයකින් තොරව කියවෙන මට්ටමට වෙනකම්ම පුහුණු වෙන්න ඕන....
මේ පාඩම් මාලාවේ තියෙන 16 සිට 26 දක්වා පාඩම් වලින් එකක් තෝරගන්න...
ඒක හොඳට පුහුණු උනාට පස්සේ
තව පාඩමක් පුහුණු වෙන්න
එක පාඩමක් තෝරා ගත්තහම
ඒ පාඩමේ තියෙන සියලුම වාක්‍ය ශබ්දනගා කියවන්න
ඒ කියවන අතර ඔයාගේ විධානයට අනුව තව කෙනෙකු
ඒ ක්‍රියාව කරන බව මනසින් දකින්න
සෑම විටම ඉංග්‍රීසි වාක්‍ය පමණක් කියමින් පුහුණුවෙන්න
ඉතින් මේ විදිහට කිසිම ආයාසයකින් මහන්සියකින් තොරව ඉබේම ඒ වාක්‍යය කියවෙන මට්ටම දක්වා මෙම පුහුණු වෙන්න
එච්චරයි
හැබැයි තව දෙයක් කියන්න තියෙනවා
දැන් සමහර කෙනෙක් අහන්න පුලුවන් ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ මේ ක්‍රමය විතරද ?
මීට වඩා ලේසි ක්‍රම නැද්ද කියලා
ඇත්තෙන්ම මීට වඩා ලේසි ක්‍රම තියෙනවා
ඒත් ඒවා මෙහෙම කියලා දෙන්න ටිකක් අපහසුයි
කොහොම වුණත් අනිවාර්යෙන්ම
මම ඒ හැම ක්‍රමයක්ම ඔයාට කියලා දෙනවා
...
මගේ අලුත්ම youtube channel එකෙන් ලඟදීම....
එතෙක් මේ ක්‍රමයට නිතර නිතර පුහුණු වෙන්න....
Yunara English Lessons
මනසත් සමඟ කෙරෙන
භාවනාමය ගනුදෙනුවකි......

22/07/2020