National Council For Road Safety

Directions Website

National Council For Road Safety NCRS is the government body established under the theme of creating a safe and secure road network.

29/09/2026

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරු නීතිය අද (29) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත. උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, සවස 4.00 සිට 7.00 දක්වාත් මෙම නීතිය බලාත්මක වේ.

29/09/2026

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරු නීතිය අද (29) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ.
මෙම විශේෂ මංතීරු ක්‍රියාත්මක වන කාලසීමාවන් පිළිබඳව පැහැදිලි කරන පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ, උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, සවස 4.00 සිට 7.00 දක්වාත් මෙම නීතිය බලාත්මක වන බවයි.

29/09/2026

රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය හා මාර්ගගත ක්‍රමටය දඩ මුදල් ගෙවීම පිළිබඳව රථවාහන පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතාගේ විසින් සිදු කරන ලද පැහැදිලි කිරීම.

29/09/2026

ශ්‍රී ලංකාවේ රිය අනතුරු අඩු කිරීමට හා රටේ ආර්ථික සංවර්ධන මාවත ජය ගැනීමට 'අකුසල තා ලකුණු' ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ පැහැදැලි කිරීම
රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වේ...........

28/09/2026

රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වේ.
විනයගරුක රිය පැදවීමකට රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය‍ මඟ පෙන්වයි; රිය අනතුරු අවම රටක් උදෙසා එකතු වෙමු!

රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ මෙරට පොදු ප්...
28/09/2026

රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ
මෙරට පොදු ප්‍රවාහන සේවාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ආරම්භකර ඇති ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණයන් යටතේ රථවාහන වැරදි කරන සියලුම රියදුරන් සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.
මෙම නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, එම හය මාසයක කාලය තුළ රියදුරන් දැනුවත් කිරීමත් මෙම ආරක්ෂිත ක්‍රමවේදය සමග අනුගතවීමටත් කාලය හිමිවෙයි.
ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති මෙම ජාතික වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, කොස්වත්ත, ‘මගනැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද දින ( 28) පැවැත්වුණි.
මාස හයක නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, Lanka Pay ආයතනය, Gov Tech ආයතනය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.
අධිවේගී මාර්ග හා මහාමාර්ගවල ධාවනයේ යෙදෙන සියලුම රියදුරන්, ඉදිරි හය මාසයක කාලය තුල මෙම ක්‍රමවේදය සමග අනුගතවීම අත්‍යවශ්‍ය වෙයි.
හය මසක නියමු ව්‍යාපෘතිය අවසන එළැඹෙන 2027 වසරේ මාර්තු මස සිට රියදුරන් සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ක්‍රියාවලිය රථවාහන වැරදි 33 ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මීට සමගාමීව Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කටයුතු සිදු කිරීමද විධිමත් කර ඇත.
2025 අප්‍රේල් මාසයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මාර්ගගත ක්‍රමයට රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය මූලිකව කුරුණෑගල, අනුරාධපුරය මාර්ග සම්බන්ධ කර ගනිමින් ආරම්භ කෙරිණ.
පසුව 2025 දෙසැම්බර් මස සිට සමස්ත දිවයින ආවරණය වන පරිදි ව්‍යාප්ත කෙරිණ.
Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට ගෙවීම් කටයුතු බැංකු, මූල්‍ය ආයතන, Fintech App යොදා ගනිමින් සිදුකිරීමේ පහසුකම් සලසා ඇත.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,
මෙරට පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කලයුතු තිරසර වැඩපිළිවෙල ආරම්භ කළේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී.
වසරකට 2750 කට අධික පිරිසක් මාර්ග අනතුරුවලින් මිය යාම පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම මේ ජීවිත හා දේපල විනාශයෙන් රටේ දල ජාතික නිෂ්පාදනයටත් පොදුවේ ආර්ථික දේහයටත් සිදුවන බරපතල හානිය වලක්වා ගතයුතු වෙනවා. රටට අහිමිවන ඩොලර් ප්‍රමාණය අතිවිශාලයි.
පුරවැසියෙකුට, රියදුරෙකු විදියට ලයිසන් එකක් දෙනවා කියන්නේ වත්කමක්, අයිතිවාසිකමක් විතරක් නෙමෙයි; එය වගකීමක්. මේ මාස හයේ නියමු ව්‍යාපෘතිය හොඳ අරමුණුවලින් හඳුන්වා දෙන එකක්. මේ වැඩපිළිවෙල සමග හැඩගැහෙන්න ජනතාවට කාලයක් අවශ්‍යයි. මෙහි බලපෑම නීතිය නොතකා රිය ධාවනය කරන අයට පමණයි. ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මත මේ සමස්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. 2027 මාර්තු මාසයේ සිට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල රටතුල ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න, පොලිස් රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශ සුමුදු රත්නායක, Lanka Pay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය

24/09/2026

රිය අනතුරුවලින් තොර සුරක්ෂිත හෙට දවසක් උදෙසා! විනයගරුක හා දක්ෂ රියැදුරන් බිහි කිරීමේ අරමුණින් රියැදුරු පුහුණු පාසල් විධිමත්ව නියාමනය කිරීමේ වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

24/09/2026

රිය අනතුරු අවම කරමින් මහජන ආරක්ෂාව සහ පරිසර හිතකාමී මාවතක් නිර්මාණය කිරීමේ අරමුණින්, වාහන දුම් පරීක්ෂාව සහ ධාවන යෝග්‍යතාව තහවුරු කෙරෙන විධිමත් වැඩපිළිවෙළක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය....!

මගී ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව සිදු කිරීමට...
24/09/2026

මගී ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව සිදු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන විසින් සැලසුම් කර ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය
____________________________________________________
බැස්ටියන් මාවතේ බස් රථ පරීක්ෂාවෙන් අඩකට වැඩි ප්‍රමාණයකට නඩත්තු නියෝග: භූමිතෙල් ගැසූ බස්වල මාර්ග බලපත්‍ර අහෝසියි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන විසින් කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂා කිරීමේ විශේෂ රාත්‍රී මෙහෙයුමකදී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59කින් 39කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන (VET) මඟින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) සහයෝගය ඇතිව මෙම හදිසි පරීක්ෂාව සිදු කර ඇත. දහවල් කාලයේදී ධාවනයේ නොයෙදෙන සහ පරීක්ෂාවලට හසු නොවන බස් රථ ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ රාත්‍රී මෙහෙයුම සංවිධානය කර තිබුණි. මෝටර් රථ වාහන පරීක්ෂකවරුන්ගේ ද සහාය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලැබී තිබුණි.

වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් විසින් මෙහිදී ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගනිමින් ධාවනය කළ බස් රථ ද හඳුනාගෙන ඇති අතර, එම බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර, මෙයට සමගාමීව කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක් ද ඊයේ 2026.09.22 දින දහවල් කාලයේදී වාහන වායු විමෝචන වැඩසටහන විසින් ක්‍රියාත්මක කර තිබේ.

පෙනෙන දිය පහරට වඩා නොපෙනෙන අනතුර ඔබ ළඟ විය හැකියි, ගංවතුර තත්ත්වයක් ඇති මාවතක වාහන ධාවනයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න! ඔබ එන...
24/09/2026

පෙනෙන දිය පහරට වඩා නොපෙනෙන අනතුර ඔබ ළඟ විය හැකියි, ගංවතුර තත්ත්වයක් ඇති මාවතක වාහන ධාවනයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න! ඔබ එනතුරු නිවසේ බලා සිටින පිරිසක් ඇති බව මතක තබා ගන්න!

ත්‍රාසජනක සෙල්ලම් එපා!

#මේ_ඔබේ_පොලිසියයි

Address

No 01, D. R. Wijewardena Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30

Alerts

Be the first to know and let us send you an email when National Council For Road Safety posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share