Rural Development Training and Research Institute

Call Directions Website Contact the organization

Rural Development Training and Research Institute Rural Development Training and Research Institute (RDTRI) was established in 1974

03/10/2026

📢 _"සාමාන්‍ය හැසිරීම හා විනය"_ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව සාර්ථකව නිමාවට...

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සියලුම නිලධාරීන් සඳහා පවත්වන ලද "සාමාන්‍ය විනය හා හැසිරීම" පිළිබඳ වැඩමුළුව අගෝස්තු 22 සහ 29 යන දිනයන්හිදී බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩමුළුව අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු අතර, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා සම්පත් දායකත්වය ලබා දුන්නේය.

මේ සඳහා ආයතනයේ සියලුම නිලධාරීන් සහභාගී විය.

සහභාගී වූ සැමට අපගේ ස්තූතිය! 🙏

`📌 දිනය : අගෝස්තු 22 සහ 29`
`📍 ස්ථානය : ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය - බොරැල්ල`

#සාමාන්‍යවිනය #හැසිරීම #වැඩමුළුව

2026/10/01 දින පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්. කෞශල්‍යා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආයතන...
02/10/2026

2026/10/01 දින පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.කේ.එන්.එන්. කෞශල්‍යා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කාර්යමණ්ඩල සාකච්ඡාවක් පැවැත්විණි.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා පර්යේෂණ දැනුම ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක...
30/09/2026

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා පර්යේෂණ දැනුම ප්‍රායෝගිකව යොදාගත හැකි ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (2026.09.30) ජාතික සමාජ සංවර්ධන ආයතනයේදී පැවැත්විණි.

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් පවත්වන ලද පර්යේෂණ සම්මන්ත්‍රණයට ද ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය හා ග්‍රාමීය සංවර්ධනයට සෘජුවම අදාළ පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් වී තිබිණ. එම පර්යේෂණවලින් හඳුනාගත් කරුණු සහ නිර්දේශ ඉදිරි පුහුණු හා සංවර්ධන ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කෙරේ.

ඊට අමතරව, ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වන ලද පර්යේෂණ සම්මන්ත්‍රණයට ඉදිරිපත් වූ ප්‍රජාශක්ති වැඩසටහනට අදාළ පර්යේෂණවල ප්‍රධාන සොයාගැනීම් හඳුනාගැනීමත්, එම සොයාගැනීම් මත පදනම්ව පුහුණු ආයතනයක් වශයෙන් අපට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමත් අද පැවති හමුවේ අරමුණ විය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා, අධ්‍යක්ෂ ජෙයරූබන් මහතා, කථිකාචාර්ය ඉන්දික සංජීව මහතා ඇතුළු නිලධාරීන් ද, ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) රුවයිත් මහතා ද සහභාගී වූහ.

පර්යේෂණවලින් හෙළිවන කරුණු වාර්තාවලට පමණක් සීමා නොකර, ඒවා ප්‍රජාවට සැබෑ ප්‍රතිලාභ ලබාදෙන පුහුණු හා සංවර්ධන ක්‍රියාමාර්ග බවට පත් කිරීම අපගේ උත්සාහයයි.

#ප්‍රජාශක්ති





2026 . 09 . 29 වැනි දින බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී "සාමාන්‍ය විනය හා හැසිරීම" පිළිබඳ දැනුවත් කිරී...
30/09/2026

2026 . 09 . 29 වැනි දින බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී "සාමාන්‍ය විනය හා හැසිරීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ දෙවන අධියර ඉතා සාර්ථක ලෙස අවසන් විය.

අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් ආයතනික නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය උදෙසා සංවිධානය වූ මෙම වැඩමුළුව තුළින් රාජ්‍ය නිලධාරිකයකුගේ විනය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන ලදී.

සම්පත්දායකත්වය ලබා දුන් නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා විනය ක්‍රියාමාර්ග පිළිබඳවද මනා දැනුමක් ආයතනයේ සියලුම නිලධාරීන්ට ලබාදුන් අතර "විනය ක්‍රියාමාර්ගවල අවසන් ප්‍රතිඵලය ආයතනික වශයෙන් සාධනීය බලපෑමක් ඇති කිරීම" බවද අවබෝධ කර දුන්නේ ය.

තවද "විනය යනු දඬුවම් දීමම නොවේ යන්න අවබෝධ කරගෙන ක්‍රියා කිරීමෙන් ආයතනයේ හා නිලධාරීන්ගේ පැවැත්ම ආරක්‍ෂා කරගත යුතුය" යන්න අවධාරණය කළ අතර ඒ සඳහා ක්‍රියා කිරීමට අවශ්‍ය පුහුණුව, උපදෙස් හා අධීක්ෂණය මනාව ලබා දුණි.

ආයතන ප්‍රධානීන්ගේ හා කාර්යමණ්ඩලයේ වගකීම් හඳුන්වා දෙමින් සාමාන්‍ය විනය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ හා විනය ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් සාමූහික ක්‍රියාකාරකම්ද සමගින් ආයතනයේ සෑම නිලධාරියෙකුටම පැහැදිලි කර දෙන ලදී.

2026 . 09 . 29 වන දින පැවති මෙම වැඩමුළුව මගින් විධිමත් රාජ්‍ය නිලධාරියකු බිහිකිරීමට අවශ්‍ය මූලික අඩිතාලම බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී සියලුම ආයතනනික නිලධාරීන්ට ලබා දීමට හැකි වූ අතර සහභාගි වූ සියලුම නිලධාරීන්ට වටිනා සහතිකපතක් නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා අතින් ලබා දී මෙම වැඩමුළුව සාර්ථකව නිමාවට පත් විය.

#සාමාන්‍ය #විනය #හා #හැසිරීම
#ධාරිතා #සංවර්ධනය
#බොරැල්ල

🏆 වසර 52ක ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්!ජාතික ඵලදායිතා සම්මාන 2025/26 තරගාවලියේ රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩය යටත...
30/09/2026

🏆 වසර 52ක ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්!

ජාතික ඵලදායිතා සම්මාන 2025/26 තරගාවලියේ රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩය යටතේ, ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානය “ප්‍රශංසා සම්මානයකින්” (Commendation) පිදුම් ලබා ඇත.

RDTRI ආයතනයේ වසර 52ක ඉතිහාසය තුළ ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම ප්‍රථම සහභාගීත්වයෙන්ම මෙවැනි ජාතික මට්ටමේ ඇගයීමක් හිමිකර ගැනීමට හැකිවීම අප සැමට මහත් අභිමානයකි.

මෙම ජයග්‍රහණය එක් දිනක උත්සාහයක ප්‍රතිඵලයක් නොව, ආයතනික පද්ධති ශක්තිමත් කිරීම, සේවා පරිසරය වැඩිදියුණු කිරීම සහ ඵලදායිතා සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා සාමූහිකව ගත් උත්සාහයේ වටිනා ප්‍රතිඵලයකි.

මේ සඳහා කැපවීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ RDTRI කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය හා සුබපැතුම් පිරිනමමු.

මෙම ඇගයීම අවසානයක් නොව—වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා ජනතා හිතකාමී රාජ්‍ය සේවාවක් කරා යන අපගේ ඉදිරි ගමනට ලැබුණු නව ශක්තියකි.

අපි එක්ව ආයතනය නංවමු — විශිෂ්ටත්වය කරා ඉදිරියට යමු!








2025/26 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය2025/26 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා ප්‍රථම වරට ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා ප...
30/09/2026

2025/26 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය

2025/26 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා ප්‍රථම වරට ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය – පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපත් වූ අතර, එහිදී රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩය යටතේ කුසලතා (Commendation) සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි විය.

මෙම සාර්ථකත්වය අප ආයතනයේ ඉදිරි ගමන සඳහා නව ශක්තියක් හා දිරිගැන්වීමක් වන අතර, ඉදිරියේදීත් වඩාත් ඵලදායී හා ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා අප සැමට මහත් අභිප්‍රේරණයක් වනු ඇත.

දැනුමෙන් ඔබ්බට—ආකල්ප හා හැසිරීම් තුළින් වෘත්තීයමය රාජ්‍ය සේවයක් කරා…ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය...
28/09/2026

දැනුමෙන් ඔබ්බට—ආකල්ප හා හැසිරීම් තුළින් වෘත්තීයමය රාජ්‍ය සේවයක් කරා…

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරනු ලබන “සාමාන්‍ය හැසිරීම හා විනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ” දෙවන අදියර 2026 සැප්තැම්බර් 29 දින පැවැත්වේ.

රාජ්‍ය සේවකයකු සතු විය යුත්තේ රාජකාරියට අදාළ දැනුම හා කුසලතා පමණක් නොවේ. විනයගරුකභාවය, ආචාරධර්ම, වගකීම්සහගතභාවය, යහපත් අන්තර්පුද්ගල සබඳතා සහ මහජනතාව කෙරෙහි ගෞරවනීය ආකල්පයක් ද ගුණාත්මක රාජ්‍ය සේවයක අත්‍යවශ්‍ය පදනම වේ.

මෙම දෙදින වැඩමුළුවේ පළමු අදියර 2026 සැප්තැම්බර් 22 දින සාර්ථකව පැවැත්විණි.

වැඩමුළුවේ දෙවන අදියර අවසානයේදී, සාමාන්‍ය හැසිරීම, විනය, ආචාරධර්ම සහ වෘත්තීය වගකීම් පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව, එම දැනුම සිය දෛනික රාජකාරි හා හැසිරීම් තුළ ප්‍රායෝගිකව පිළිබිඹු කරන, ආකල්පමය වශයෙන් සංවර්ධිත නිලධාරීන් පිරිසක් RDTRI ආයතනය තුළ බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති – නීති දිසාව භාර ජාලිය සේනාරත්න මහතා විසිනි.

📅 2026 සැප්තැම්බර් 29
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
📍 ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය, බොරැල්ල

සවිමත් ආයතනයක් – ඵලදායී සේවයක් ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ බොරැල්ල කාර්යාලයේ සියලුනිලධාරීන් එක්ව, ආයතනය වැඩි...
25/09/2026

සවිමත් ආයතනයක් – ඵලදායී සේවයක්

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ බොරැල්ල කාර්යාලයේ සියලු
නිලධාරීන් එක්ව, ආයතනය වැඩිදියුණු කිරීම සඳහා අද දින (2026.09.25 සිකුරාදා) උදෑසන පැය දෙකක් වෙන් කළහ. මෙය සෑම සිකුරාදාවකම එක්ව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති වැඩසටහනක ආරම්භයයි.
මෙම වැඩපිළිවෙළ තුළින් ආයතනයේ ක්‍රියාපටිපාටි සහ තොරතුරු පද්ධති දියුණු කිරීමටත්, නීති රීති හා රෙගුලාසිවලට අනුගතව විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුත් සේවයක් ගොඩනැගීමටත් අපේක්ෂා කරමු. ආයතනය ඇතුළත හා අවට පරිසරය පිරිසිදුව, අලංකාරව හා ආකර්ෂණීයව පවත්වා ගැනීම ද එහි කොටසකි.

සෑම නිලධාරියකුටම සතුටින් හා එකමුතුව වැඩ කළ හැකි ධනාත්මක පරිසරයක් නිර්මාණය කරමින්, දැනුම සොයන විද්වතුන් හා ගවේෂකයින් ආකර්ෂණය වන ආයතනයක් බවට RDTRI පත් කිරීම අපගේ අරමුණයි. ඒ සමඟම අපගේ පුහුණු හා පර්යේෂණ කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නංවා, රටට වඩාත් ඵලදායී සේවයක් ලබා දීමට අපි කැප වෙමු.

**සතියෙන් සතිය, එක්ව ආයතනය නංවමු!**

#සවිමත්ආයතනයක් #ඵලදායීසේවයක් #ආයතනිකසංවර්ධනය

25/09/2026

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය, 2026/09/02 දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ “සුභාරතී” වැඩසටහනට සහභාගී වෙමින් සිදු කළ සාකච්ඡාව.

ප්‍රජා සහභාගිත්වයෙන් ගොඩනැඟෙන ග්‍රාමීය සංවර්ධන සැලසුම්ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් සඳහ...
24/09/2026

ප්‍රජා සහභාගිත්වයෙන් ගොඩනැඟෙන ග්‍රාමීය සංවර්ධන සැලසුම්

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් සඳහාම ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් (Village Development Plan) සකස් කිරීමට අවශ්‍ය ආකෘති පත්‍රය සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026 සැප්තැම්බර් 24 දින ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

2026 වර්ෂය අවසන් වීමට පෙර සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස සඳහා මෙම ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කර අවසන් කිරීමත්, ඒ ඔස්සේ ගම්මානවල සැබෑ සංවර්ධන අවශ්‍යතා සහ ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛ ව්‍යාපෘති හඳුනාගැනීමත් අපේක්ෂා කෙරේ.

මෙම සැලසුම්කරණ ක්‍රියාවලිය ඉහළ සිට පහළට (Top-down) සිදුවන ක්‍රියාවලියක් නොව, පහළ සිට ඉහළට (Bottom-up) ගොඩනැඟෙන ප්‍රජා සහභාගිත්ව ක්‍රියාවලියක් විය යුතුය. ඒ අනුව, ප්‍රජා සංවර්ධන සභාවල (CDC) මූලිකත්වයෙන් ගමේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය ඇතිව ගමේ අවශ්‍යතා, ගැටලු, සම්පත් සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගෙන, ගමට වඩාත් අවශ්‍ය ව්‍යාපෘති ප්‍රජාව විසින්ම තෝරාගැනීමට අවස්ථාව සැලසේ.

මෙම අරමුණු සාක්ෂාත් කරගත හැකි ප්‍රායෝගික හා ඒකාකාරී ග්‍රාමීය සංවර්ධන සැලසුම් ආකෘතියක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

සාකච්ඡාව සඳහා ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය, ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එන්. පී. කෝරලගේ මහතා, අධ්‍යක්ෂ ජී. සුමේධ මනුජිත් මහතා, සහකාර අධ්‍යක්ෂ ප්‍රවීන් මාධව මහතා, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ නිලන්ත වික්‍රමනායක මහතා, අධ්‍යක්ෂ ප්‍රදීප් වික්‍රමගේ මහතා සහ ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්. එම්. එම්. රුවෙයිත් මහතා, පුහුණු හා පර්යේෂණ නිලධාරී චිත්‍රා මහත්මිය සහභාගි වූහ.

ගම පිළිබඳ තීරණ ගමේ ජනතාව සමඟ—ප්‍රජා සහභාගිත්වයෙන් තිරසර ග්‍රාමීය සංවර්ධනයක් කරා!

#ප්‍රජාශක්ති
#ග්‍රාමීයසංවර්ධනය




Address

No. 24/4, Castle Street, Colombo 08
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112678203

Alerts

Be the first to know and let us send you an email when Rural Development Training and Research Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rural Development Training and Research Institute:

Shortcuts

Share