Rural Development Training and Research Institute

Rural Development Training and Research Institute

Share

Rural Development Training and Research Institute (RDTRI) was established in 1974

01/06/2026
01/06/2026

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය
පද රචනය - එස්.එම්.මංජුල දිසානායක, සංවර්ධන නිලධාරී (සමථ), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අරණායක
වීඩියෝ සංස්කරණය - අසංක විජේවර්ධන

01/06/2026

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිළිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය 2026/05/17 දින ස්වාධින රුපවාහිනී නාලිකාව හරහා සජීවීව විකාශනය කළ වැඩසටහන හා සම්බන්ධ වෙමින් ආයතනය සහ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය පිළිබඳව සිදු කරන ලද සාකච්ඡාව

Photos from Rural Development Training and Research Institute's post 31/05/2026

🌱 ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරයක් උදෙසා - 'අර්හායි සමුළුව 2026'
============================

චීනයේ ඩාලි (Dali) නගරයේදී පැවති "2026 ගෝලීය පාරිසරික ශිෂ්ටාචාර නිර්මාණය පිළිබඳ අර්හායි සමුළුව" (Erhai Forum on Global Ecological Civilization Construction) සඳහා ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ, තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය සහභාගී විය.

"Driving Innovation Together for a Beautiful China" යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී, පාරිසරික සංරක්ෂණය, තිරසාර සංවර්ධනය සහ හරිත ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පුළුල් සංවාදයක් ඇති විය.

ග්‍රාමීය සංවර්ධනය සහ පාරිසරික සමතුලිතතාවය පිළිබඳ නවීන ප්‍රවේශයන් අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මෙම සංචාරය ඉතා වැදගත් අවස්ථාවක් විය.

Photos from Rural Development Training and Research Institute's post 31/05/2026

🇨🇳 ග්‍රාමීය සංවර්ධනය සහ දරිද්‍රතා පිටුදැකීම පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන
-----------------------------------------------------
ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය, චීනයේ කුන්මින් (Kunming) නගරයේ පැවැත්වෙන "ඉන්දීය සාගර කලාපීය රටවල් සඳහා දරිද්‍රතා පිටුදැකීම සහ ග්‍රාමීය පුනර්ජීවනය" පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහනට (Seminar on Poverty Eradication and Rural Revitalization for Indian Ocean Countries) සහභාගී වෙමින් සිටියි.

මෙම වැඩසටහන අතරතුරදී, ඇය ඩාලි (Dali) නගරයේ පැවැත්වෙන "ගෝලීය පාරිසරික ශිෂ්ටාචාර නිර්මාණය පිළිබඳ අර්හායි සමුළුව" (Erhai Forum on Global Ecological Civilization Construction) සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

ග්‍රාමීය සංවර්ධනය සහ පුනර්ජීවනය පිළිබඳ නවීන චීන අත්දැකීම් අධ්‍යයනය කිරීමටත්, එම අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය වෙත දායක කර ගැනීමටත් මෙම සංචාරය ඉතා වැදගත් වේ.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 24/4, Castle Street, Colombo 08
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15