03/11/2025
ඩෙංගු අවදානම් කලාපයක් සහ මදුරු ඝණත්වය ඉහළ අගයක් ඇති ප්‍රදේශයක් බවට හදුනා ගන්නා ලද බස්නාහිර පළාතේ හෝමාගම, 482 C හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය එක්ව මෙම විශේෂ මදුරු මර්දන ක්‍රියාවට නංවන ලද අතර, හේනවත්ත සේවා පියස ක්‍රිඩාංගණය අසලින් ආරමිභ වු මෙම විශේෂ මඳුරු මර්දන වැඩසටහන "ඩෙංගු සහ චිකුන්ගුන්යා පරදවමු" යන තේමා පාඨය යටතේ ක්‍රියාත්මක කරන ලදි.
මෙහි දී ප්‍රදේශයේ නිවාස, පොදු ස්ථාන, ඉදිකිරීම් පරිශ්‍ර, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා, ආයතන ඇතුළු පරිශ්‍ර වල මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනා ගැනීම පරීක්ෂාව සහ මදුරුකීටයින් විනාශ කිරීමට කටයුතු කිරීම, ගෙයින් ගෙට ගොස් නිවැසියන් දැනුවත් කිරීම, ස්ටිකර් සහ පෝස්ටර් මගින් ජනතාවට දැනුවත් කිරීමේ උපදෙස් ලබාදීම, රතු නිවේදන නිකුත් කිරීම, නීති මගින් ක්‍රියා කිරීමට කටයුතු කිරීම, යන කටයුතු සිදු කරන ලදි.
03/11/2025
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී සිදු කෙරිණි.
මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ පසුගිය වසර වල විවිධ අකාරයට එක් එක් අවශ්‍යතාවයන් මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාලව තිබූ බවත්, වත්මන් රජය රාජ්‍ය සේවයට බඳවා ගැනීම් විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ බවයි.
ඒ අනුව සමස්තයක් ලෙස රජය රාජ්‍ය සේවයට අළුතින් 72,000 ක් බඳවා ගැනිමට කටයුතු කළ බව ද එයින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් 9,000 ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඉන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව ද ඒ අතර පසුගිය මාස 06 තුළ හෙද නිලධාරින් සහ නිලධාරිනියන් 4,141 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසීය.
29/10/2025
අක්ෂි තාක්ෂණ විද්‍යාලයේ (School of Ophthalmic Technology) 2017-2019 / 2019-2021 / 2022-2024 කණ්ඩායම්වල වසර 02 ක පුහුණුවෙන් පසු පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 57 දෙනෙකු සඳහා උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය (Higher Diploma Awarding Ceremony) අද (29) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි.
ජාතික අක්ෂි රෝහලේ වසර දෙකක සේවා කාලයකින් පසු තවත් පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 58 දෙනෙකු උසස් ඩිලෝමා උපාධි ලබා ගැනීම සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් බව මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ශරීරයේ වැදගත් ඉන්ද්‍රියක් වන ඇස් අපට ලැබෙන සියලුම සංඥාවලින් සියයට 80 කට වඩා වටහා ගන්නා බවත්, එම සියුම් අවයව අප ආරක්ෂා කර ආදරයෙන් රැකබලා ගත යුතු බව ද පැවසීය.
කලාපයේ අනෙකුත් රටවල් හා සසැඳීමේ දී ශ්‍රී ලංකාවේ අක්ෂි සත්කාර ක්ෂේත්‍රය ඉහළ ප්‍රමිතියක් තිබීම ගැන ආඩම්බර විය හැකි බවත්, රට තුළ වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද පැවසීය.
28/10/2025
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනම්න් ආරමිභ කිරීම පිළිබඳව වු සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
මෙහිදී රෝහලේ 2013 වසරේ ආරම්භ වු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට 50% ක වැඩ අවසන් කර ඇති මහල් 05 කින් යුත් කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය, 2014 වසරේ ක්‍රියාත්මක වු ව්‍යාපෘතියක් යටතේ වැඩ ආරම්භව 2018 වසරේ සිට ඉදිකිරීම් කටයුතු නතර වී ඇති හදිසි ප්‍රතිකාර ඒකකය (A&E) යන ව්‍යාපෘති නැවත ආරම්භය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහි දී වැඩි අවධානයක් යොමු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත ව්‍යාපෘති වලට අදාළව ඉදිරිපත් වු කරුණු පිළිබඳව සිය අවධානය යොමු කරමින් ලබන වසරේ මුල්භාගයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් හදිසි අනතුරු ඒකකය සහ මහල් 05 කින් යුත් දැනට 50% වැඩ අවසන් කර ඇති කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය යන ප්‍රධාන සහ රෝහලට අත්‍යාවශ්‍ය ව්‍යාපෘති 02 නැවත ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
23/10/2025
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට පෙර නිමකර සෞඛ්‍ය අමාත්‍යාංශය කුලී පදනම මත ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල නව ගොඩනැගිලේ ප්‍රථම අදියර යටතේ ඉදිකිරීම් නිමාවන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලද්දේ කොළඹ කාසල් වීදිය කාන්තා ශික්ෂණ රෝහලට යාබදව මහල් 16 කින් යුක්තව ඉදිකරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය පරීක්ෂාවට ලක් කිරීමට සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කාර්යාල රැසක් කුලී පදනමින් ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, එම ගොඩනැගින්ලේ බදු කාලය තවදුරටත් ඉදිරි වර්ෂ සදහා දීර්ඝ නොකරන ලෙසටත්, නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කර එම කාර්යාල සියල්ල නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
2016 වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් නැවතී පැවති අතර වර්තමානය වන විට රජයේ අරමුදල් යොදවා එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.
වර්ග අඩි 375,000 (තුන්ලක්ෂ හැත්තපන් දහස) කින් යුක්ත වන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 14,000 ක් පමණ වේ. මෙම වර්ෂයේ මුල් කාර්තුව සදහා රුපියල් මිලියන 3000 ක මුදලක් ඉදිකිරීම් සදහා වෙන් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර මෙම වර්ෂය තුළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සහ අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ මිල දී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 1500 ක මුදලක් වෙන් කිරීමට ද අමාත්‍යංශය අපේක්ෂා කර සිටී.
23/10/2025
ජාතික රෝහලේ, විකලාංග අංශයේ දැනට නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.
මෙම නිරීක්ෂණ අවස්ථාවට මානුෂීය බලගැන්වීමේ ආයතනයේ සභාපති වෛද්‍ය සුරෙනයිඩූ නයිකන් (Dr. Surennaidoo Naiken) සහ සම නිර්මාතෘ කැටරිනා නයිකන් (Kateryna NAIKEN) යන මහත්ම මහත්මීන් ද එක්විය.
ස්විස්ටර්ලන්තයේ මානුෂීය බලගැන්වීමේ ආයතනයේ (Humanitarian for empowerment) අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ දී අති නවීන තාක්ෂණය යොදා ගනිමින් කෘතිම පාද නිර්මාණය කරනු ලබයි.
21/10/2025
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි මහත්මිය තෝරා ගෙන ඇති අතර, එම පත් කිරීම පසුගිය දා කොළඹ ගලධාරී හෝටලයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය සහ යහපැවැත්ම උදෙසා ක්‍රියා කිරීමේ කැපවීම නිරූපණය කරයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි මහත්මියට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහිදී පැවැසීය.
17/10/2025
ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (Maternal High Dependency Unit) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීම අද (16) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
විවෘත කිරීමෙන් අනතුරුව මාතෘ අධි සත්කාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක් විය.
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 249 ක් වැය කර ඇත. මේ වන විට පළමු අදියර වශයෙන් මුළු ව්‍යුහය සකස් කර බිම් මහල සහ පළමු මහල ඉදි කිරීමට කටයුතු කර ඇත.
මහල් 04 කින් යුත් මෙම ගොඩනැල්ල මේ වන විට බිමි මහල HDU (ඇදන් 10) වශයෙන් ද පළමු මහල පූර්ව හා පසු ප්‍රසව වාට්ටුව (ඇදන් 24) ලෙසින් ද ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.
මෙරට සෞඛ්‍ය පද්ධතියට හා වසර 150 කට වඩා ඉතිහාසයක් සහ මෙරට මාතෘ හා කාන්තා ප්‍රතිකාර සේවාවේ ප්‍රධානතම රෝහල ලෙස මෙරට සිදුවන වාර්ෂික දරු උපත් වලින් සියයට 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් සිදුවන මෙම රෝහලට විශේෂ අඩුපාඩුවක්ව පැවැති අධිසත්කාර ඒ්කකය සහ වාට්ටු සංකීර්ණයක් රෝගී සත්කාරක සේවාව සඳහා අද දින සිට එක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසීය.
14/10/2025
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) ඊයේ (13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය. ඊයේ (13) සිට (15) වන දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ දෙවන දිනය අදයි.
බිලියන දෙකකට ආසන්න ජනතාවක් ජීවත් වන අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී කලාපීය සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වන අතර අද (14) පෙරවරුවේ සියලු සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ජාවක් පවත්වන ලදී.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පිළිබඳව දීර්ඝ ලෙස මෙහි දී සාකච්ජාවට භාජනය වූ අතර සියලු සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැනුම ඇතුළු එමරටවල ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේදයන් පිලිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ජා විය.
එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයින් තම රටවල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව සෞඛ්‍ය සේවාව පිලිබඳව අත්දැකීම් ද මෙහි දී බෙදාගන්නා ලදී.
මෙම විශේෂ සාකච්ඡාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා විසින් මෙහෙයවනු ලැබීය.
13/10/2025
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ කලාපීය 78 වන සැසිවාරය අද (13) පෙරවරුවේ ආරම්භ විය.
ඒ අනුව අද පස්වරුවේ තාක්ෂණික සැසිවාරය පැවති අතර එහි දී කලාපීය සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධව හා ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ අවධානය යොමු කරන ලදී .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් එම රටවල තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම සැසිය පැවති අතර මෙහි දී කලාපයේ එක් එක් රටවල් සිය තාක්ෂණික සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධව හා ජයග්‍රහණ සම්බන්ධව අදහස් දක්වන ලදි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ විසින් ඉදිරිපත් කරන ලද කලාපයේ සෞඛ්‍ය අභියෝග ජයගැනීම, ඉලක්ක සපුරා ගැනීමට අදාල 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කළ අතර පසුගිය වසර තුළ දකුණු ආසියානු කලාපය තුළ මතු වූ විවිධ සෞඛ්‍ය ගැටළු සහ ඒවාට සාර්ථකව මුහුණ දුන් ආකාරය එම වාර්තාවේ සඳහන් විය.
එමෙන්ම විවිධ රටවල් සාර්ව සෞඛ්‍ය සැපයුම (Universal Health Coverage) ඉලක්ක ජයග්‍රහණ විවිධ මට්ටම් වලින් අත්කරගෙන ඇති අයුරු ද පැහැදිලි කරන ලදි.
13/10/2025
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) අද (13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය.
අද (13) සිට (15) වන දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම 78 වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී කලාපීය සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ යන මහත්ම මහත්මීන් ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද, අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්ගේ ද සහභාගීත්වයෙන් මෙම සැසිය පැවැත්වෙන අතර ඔවුන් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහි දී සකස් කරනු ඇත.