18/03/2022
SMILE III ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගෙන සාර්ථකව පවත්වාගෙන යන තවත් එක් ව්‍යාපාරයක් 👏👏
👉👉👉 Rex Industries (Pvt) Ltd, මීගමුව
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (☎️011 2 390 142)
Providing concessionary rates loans for SMEs
18/03/2022
SMILE III ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගෙන සාර්ථකව පවත්වාගෙන යන තවත් එක් ව්‍යාපාරයක් 👏👏
👉👉👉 Rex Industries (Pvt) Ltd, මීගමුව
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (☎️011 2 390 142)
18/03/2022
කර්මාන්ත අමාත්‍යාංශයෙන් නිෂ්පාදන කර්මාන්තවල නියැලෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන පොලී ණය 🤝🤝🤝
සුළු හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම තුලින් සමබර කාර්මික සංවර්ධනයක් ඇති කිරීමට දායකත්වය සැපයීමේ අරමුණින්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සහභාගීත්ව ණය දෙන ආයතන (බැංකු) හරහා සහන පොලී ණය යෝජනා ක්‍රම 2ක් ක්‍රියාත්මක කෙරේ.
1. SMILE III – RF ණය යෝජනා ක්‍රමය
සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය
මෙමගින් නිෂ්පාදන කර්මාන්ත වල නියැලෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර වල යන්ත්‍ර සූත්‍ර හා ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාදීම සිදුකෙරේ.
උපරිම ණය මුදල - රු. මිලියන 25
වාර්ෂික පොලී අනුපාතය - 8%
ආපසු ගෙවීමේ කාලය - වසර 10 (වසර 2ක සහන කාලයද ඇතුලුව)
තාක්ෂණ හුවමාරු සහය ණය යෝජනා ක්‍රමය
මෙමගින් නිෂ්පාදන කර්මාන්ත වල නියැලෙන සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර වල ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ තාක්ෂණ හුවමාරු ක්‍රමවේද සඳහා ණය ලබාදීම සිදුකෙරේ.
උපරිම ණය මුදල - රු. මිලියන 2.5
වාර්ෂික පොලී අනුපාතය - 5%
ආපසු ගෙවීමේ කාලය - වසර 07 (වසර 2ක සහන කාලයද ඇතුලුව)
2. පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය II (E-Friends II – RF)
සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය
කර්මාන්තශාලා වලින් පරිසරයට මුදාහැරෙන සියළුම ආකාරයේ පරිසර හානිකාරක පරිසරයට හානී නොවන ආකාරයට ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ යන්ත්‍ර සූත්‍ර හා ඉදිකිරීම් සඳහා ණය පහසුකම් සැපයීම මේ යටතේ සිදුකෙරේ.
උපරිම ණය මුදල - රු. මිලියන 30
වාර්ෂික පොලී අනුපාතය - 6.5%
ආපසු ගෙවීමේ කාලය - වසර 10 (වසර 2ක සහන කාලයද ඇතුලුව)
තාක්ෂණ හුවමාරු සහය ණය යෝජනා ක්‍රමය
ඉහත සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබැගනීමට සුදුසුකම් ලබන කර්මාන්තවල ණය පහසුකමින් යෝජිත සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති මෙහෙයුම් උපදෙස් මගින් හඳුන්වා දි ඇති ආකාරයේ තාක්ෂණ සහය ක්‍රමවේද සඳහා ණය ලබාදීම මේ යටතේ සිදුකෙරේ.
උපරිම ණය මුදල - රු. මිලියන 1
වාර්ෂික පොලී අනුපාතය - 2%
ආපසු ගෙවීමේ කාලය - වසර 05 (වසර 2ක සහන කාලයද ඇතුලුව)
වැඩිදුර තොරතුරු සඳහා (ව්‍යාපෘති කළමනාකරණ ඒකකය)
☎️ 011 239 0 142
🖨 011 243 6 662
📧 [email protected]
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |