ජාතික හරිත පෙරමුණ-කොළඹ

ජාතික හරිත පෙරමුණ-කොළඹ

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජාතික හරිත පෙරමුණ-කොළඹ, Political Party, Colombo.

11/10/2024

කොළඹට #සුබපැතුම්

26/09/2023

බාහිර සමාජයේ අනිත් කෙනාගේ හැසිරීම ගැන ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්නෙ. පොඩ්ඩක් හරි ගැලපෙන්නෙ නැති විදිහට කෙනෙක් හැසිරෙනවා නම් ඉක්මනින් ඒක ප්‍රතික්ෂේප කරනවා.

ඕනම දෙයක් ගැන සමාජ සම්මතයන් මිනිස්සු විසින්ම ගොඩනගාගෙන තියෙනවා. හැසිරීම සම්බන්ධයෙනුත් එහෙමයි.

දැන් ඉස්සර වගේ නෙවෙයි කෙනෙක්ගේ බාහිර සමාජ හැසිරීම වගේම සමාජ මාධ්‍ය තුළ හැසිරීමෙනුත් ඒ පුද්ගලයාව පරීක්ෂාවට ලක්කෙරෙනවා.

බොහෝ ආයතන පවා සේවකයකු බඳවා ගැනීමේදී ඒ සේවකයාගේ හැසිරීම ගැන කලින් නිගමනයකට එන්නේ එයාගෙ CV එක බලලම නෙවෙයි. අදාළ අයදුම්කරුගේ සමාජ මාධ්‍ය ගිණුම් දිහා බලලා මේ කෙනා මොනවගේ දේවල්ද සාකච්ඡා කරන්නේ, මොනවද එයාගේ අදහස්, කියලා හොයල බලල තමයි Interview එකට කලින් නිරීක්ෂණය කරන්නේ.

ඒක තමයි කෙනෙක්ගේ Digital behavior එක. භෞතික සමාජය වගේම ඊට සමාන තව කොපි එකක් ඩිජිටල් අවකාශය ඇතුළෙත් තියෙනවා. සමහර විට භෞතික සමාජයේ ඉන්න කෙනාම ඩිජිටල් අවකාශය තුළ වෙනස් විදිහට හැසිරෙන්න පුලුවන්.

එහෙම අය අපි ඕනෑ තරම් දකිනවා.
ගොඩක් අය එළියෙ කරන්න බැරි පිස්සු ඔක්කෝම කරන්නේ සමාජ මාධ්‍ය ඇතුළෙ.
ඒක ඇත්තටම ඇරියස් කවර් කිරීමක්. භෞතික ලෝකයේ මිනිස්සු ඉස්සරහ තමන්ට කරගන්න බැරි දේ සමාජ මාධ්‍ය තුළ ඉඳගෙන කරනවා.

ඒ නිසා බොහෝවිට අපි දකින ඩිජිටල් චරිතයයි සැබෑ චරිතයයි එකිනෙකට වෙනස්. එහෙම නොවෙන අය නෑ කියල නෙවෙයි ඒකෙන් කියන්නෙ. හැබැයි බහුතරයක් එහෙමයි.

භෞතික සමාජයේ මිනිස්සු නිර්මාණය කරගත් සමාජ සම්මතයන් වගේම සමාජ මාධ්‍ය තුළත් සම්මතයන් තියෙනවා. හැබැයි ඒ ඩිජිටල් සමාජය තවම ලෝකයට අලුත්. ඒ නිසා මේ සම්මතයන් තාම ජනගත වෙලා නෑ. සමාජ මාධ්‍ය තුළ community guidelines, Standards නිර්මාණය වෙලා තිබුණට ඒ ගැන පරිශීලකයන්ට තියෙන දැනුම ඉතා අල්පයි.

භෞතික සමාජයේ පවා සම්මතයන් ගොඩනැගෙන්න අවුරුදු ගණනාවක් යනවා. ඉතිං සමාජ මාධ්‍ය කියන ඩිජිටල් සමාජය තවමත් තියෙන්නෙ මූලිකම අවධියේ. තාක්ෂණික වශයෙන් ඉතා වේගයෙන් විකාශනය වුවත් ඒ වේගෙට සාපේක්ෂව මිනිස්සුන්ට හැඩගැහෙන්න බැරි වෙලා තියෙනවා.

ඒ නිසා පෙර කියපු සමාජ සම්මතයන් තවමත් ඩිජිටල් ලෝකයේ හරියට මුල් ඇදලා පැළ වෙලා නෑ.

මිනිස්සුන්ගේ මේ කියන අඩු පාඩුව නිසාම අද ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ම තර්ජනයකට ලක්වෙලා. ඒ Online Safety පිළිබඳව ගෙන එන නව පනතෙන්.

බැලූ බැල්මටම හිතෙන්නේ අන්තර්ජාලය තුළ කටයුතු කරන මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා ගේන පනතක් වගේ කියල.

ඒත් කියවලා බැලුවම ඒක එහෙමම නෙවෙයි කියලා තේරුම් ගන්න පුලුවන්.

මේ පනතේ විධිවිධාන සකස් වෙලා තියෙන්නේම ආණ්ඩුවට තමන්ට ඕන ආකාරයට එය මෙහෙයවා ගන්න.
▪️හානිකර අන්තර්ගතයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත නිර්වචනයක් පනත තුළ දක්වලා නෑ.
▪️ජනපති විසින් පත්කරනු ලබන අන්තර්ජාල ආරක්ෂණ කොමිසමට විශාල බලයක් හිමිවෙලා තියෙනවා.

▪️අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම මෙයින් උල්ලංඝනය වීමකට ලක්වෙනවා.

▪️යම් දෙයකට විරුද්ධව අදහසක් දැක්වීමට ඇති නිදහසට මේ හරහා බාධා එල්ලවෙනවා.

එමෙන්ම බලයේ සිටින ආණ්ඩුවකට තමන් දැකීමට හෝ ඇසීමට අකමැති ඕනෑම දෙයක් හෝ කෙනෙක් අත්අඩංගුවට ගෙන දඩුවම් දීම මෙන්ම අදාළ ගිණුම් ඉවත් කිරීමද සිදු කළ හැකිවනු ඇති. ඒ සඳහා අවශ්‍ය විධායක බලයද අදාළ කොමිසම වෙත ලැබෙනවා. හේතුව කොමිසම පත්කරන්නේ ජනාධිපති වීම.

මේ දේවල් වලින් පැහැදිළි වෙන්නේ මේ එන්නේ ඊළඟ මැතිවරණයකදී තමන්ට අවාසි දායක කිසිඳු මතයක් සමාජගතවීමට ඉඩ නොදීම හරහා දේශපාලන බලය තහවුරු කර ගැනීමේ කූට උපක්‍රමයක්.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් මුදල්වලට හා බලයට රිසි පරිදි හසුරුවා ගන්න පුලුවන් වුණත් සමාජ මාධ්‍ය ඒ විදිහට තමන්ට ඕන ඕන විදිහට හසුරුවගන්න බැරි එක බලයට පත්වෙන ආණ්ඩුවලට තියෙන විශාල ප්‍රශ්නයක්.
අසභ්‍ය ක්‍රියා, වචන, හැසිරීම්, ජාවාරම්, පුද්ගලික හානි, තර්ජන, බොරු ප්‍රචාර සියල්ල වාරණය කළයුතු වුවත් මේ පනත තුළින් සිදුවන්නේ එය යැයි කීමට අපිට පුලුවන් කමක් නෑ.
ලෝකයේ තවමත් සාර්ථක ලෙසින් සමාජ මාධ්‍ය නියාමනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරිපත් වුණ පනතක් නැති තරම්‍.

ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට මූලිකවම අවශ්‍ය වන්නේ ඩිජිටල් අවකාශයේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයත් දැනුවත් භාවයත් මිස ආණ්ඩු රැකීමට මර්දන පනත් නම් නෙවෙයි.
අධ්‍යාපනය තුළින්ම ඩිජිටල් අවකාශයේ හැසිරීම යහපත් කිරීම වඩා ප්‍රායෝගික හා තිරසාර වනු ඇති.
නියාමන පනතක් අවශ්‍ය වුවත් එය නිර්මාණය වන්නේ මේ විදිහට නම් එවැනි පනතක් සමාජ රෝගයකටත් වඩා භයානක වීමට ඉඩ තියෙනවා.
ඒ නිසා ඉදිරිපත් වී ඇති මර්දන පනතට විරුද්ධ වීමත් සැබෑ නියාමන අවශ්‍යතාවය පිළිබඳව පුළුල් සාකච්ඡාවකුත් ඇතිවීමත් මේ මොහොතේ සමාජ අවශ්‍යතාවයක් බවට පත්වෙලා තියෙනවා.

සමිත් පතිරණ

#සමිත්පතිරණ #හරිත

23/09/2023
Photos from ජාතික හරිත පෙරමුණ-කොළඹ's post 10/09/2023

ජාතික හරිත පෙරමුණේ විධායක සභික හමුවක් අද (2023/09/10) දින පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.
පක්ෂ ලේකම් සමාධි බ්‍රාහ්මණනායක මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වූ අතර පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව විධායක සභිකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවිණි.

#හරිත #ජාතිකහරිතපෙරමුණ

02/08/2023

#හරිත

26/07/2023

#හරිත #හරිතසැලසුමක් #හරිතරටක්

29/06/2023

ඉකොනොමැට්ටා ( මහාචාර්ය විදුර තෙන්නකෝන් ) සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාකච්ඡා කරමු.

සජීවීව, Zoom ඔස්සේ....
අද හවස 7 ට

ඔබට ආරාධනා !

NGF

Topic: NGF's Zoom Meeting with Economatta regarding DDR plan...
Time: Jun 29, 2023 07:00 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/94782116135?pwd=aXRkYnFuYXRkNU5WYTBZSTFwNUxidz09

Meeting ID: 947 8211 6135
Passcode: 903812

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo