භද්ර පීඨය ßhåÐrå þêê†hå¥å

භද්ර පීඨය ßhåÐrå þêê†hå¥å

Share

The Information's in-depth reporting

08/10/2024

ලංකාවේ මනරම් බව කියවෙන ලක් ඉතිහාසයට විදේශයකින් සාක්ෂි දරණ 𝐌𝐚𝐫𝐢𝐚 𝐉𝐚𝐧𝐞 𝐉𝐞𝐰𝐬𝐛𝐮𝐫𝐲
ගේ "𝗧𝗵𝗲 𝗢𝗰𝗲𝗮𝗻𝗶𝗱𝗲𝘀" (𝟭𝟴𝟯𝟮)) කාව්‍ය රචනාව..

"𝐂𝐞𝐲𝐥𝐨𝐧! 𝐂𝐞𝐲𝐥𝐨𝐧! '𝐭𝐢𝐬 𝐧𝐨𝐮𝐠𝐡𝐭 𝐭𝐨 𝐦𝐞
𝐇𝐨𝐰 𝐭𝐡𝐨𝐮 𝐰𝐞𝐫𝐭 𝐤𝐧𝐨𝐰𝐧 𝐨𝐫 𝐧𝐚𝐦𝐞𝐝 𝐨𝐟 𝐨𝐥𝐝,
𝐀𝐬 𝐎𝐩𝐡𝐢𝐫, 𝐨𝐫 𝐓𝐚𝐩𝐫𝐨𝐛𝐚𝐧𝐞,
𝐁𝐲 𝐇𝐞𝐛𝐫𝐞𝐰 𝐤𝐢𝐧𝐠, 𝐨𝐫 𝐆𝐫𝐞𝐜𝐢𝐚𝐧 𝐛𝐨𝐥𝐝:—
𝐓𝐨 𝐦𝐞, 𝐭𝐡𝐲 𝐬𝐩𝐢𝐜𝐲-𝐰𝐨𝐨𝐝𝐞𝐝 𝐯𝐚𝐥𝐞𝐬,
𝐓𝐡𝐲 𝐝𝐮𝐬𝐤𝐲 𝐬𝐨𝐧𝐬, 𝐚𝐧𝐝 𝐣𝐞𝐰𝐞𝐥𝐬 𝐛𝐫𝐢𝐠𝐡𝐭"

𝐒𝐡𝐨𝐫𝐭 𝐬𝐨𝐣𝐨𝐮𝐫𝐧 𝐦𝐚𝐤𝐞 𝐰𝐞, 𝐲𝐞𝐭 𝐡𝐨𝐰 𝐬𝐰𝐞𝐞𝐭
𝐓𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐠𝐞, 𝐭𝐡𝐞 𝐮𝐧𝐚𝐜𝐜𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐝 𝐚𝐢𝐫
𝐎𝐟 𝐚𝐥𝐥 𝐰𝐞 𝐬𝐞𝐞, 𝐚𝐧𝐝 𝐡𝐞𝐚𝐫, 𝐚𝐧𝐝 𝐦𝐞𝐞𝐭—
𝐂𝐞𝐲𝐥𝐨𝐧, 𝐭𝐡𝐲 𝐰𝐨𝐨𝐝𝐞𝐝 𝐬𝐡𝐨𝐫𝐞𝐬 𝐚𝐫𝐞 𝐟𝐚𝐢𝐫!
𝐈 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐥𝐚𝐧𝐝 𝐥𝐞𝐟𝐭 𝐟𝐚𝐫 𝐛𝐞𝐡𝐢𝐧𝐝,
𝐈𝐭𝐬 𝐠𝐥𝐨𝐫𝐢𝐨𝐮𝐬 𝐨𝐚𝐤𝐬, 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐞𝐚𝐦𝐥𝐞𝐭𝐬 𝐜𝐥𝐞𝐚𝐫,
𝐘𝐞𝐭 𝐰𝐡𝐞𝐫𝐞𝐟𝐨𝐫𝐞 𝐬𝐡𝐨𝐮𝐥𝐝 𝐦𝐢𝐧𝐞 𝐞𝐲𝐞 𝐛𝐞 𝐛𝐥𝐢𝐧𝐝,
𝐌𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐛𝐞 𝐜𝐨𝐥𝐝 𝐭𝐨 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐡𝐞𝐫𝐞?

මාරියා ජේන් ජුවෙස්බරි
(25 ඔක්තෝබර් 1800 - 4 ඔක්තෝබර් 1833) ඉංග්‍රීසි ලේඛකයෙක්, කවියෙක් සහ විචාරකයෙකි. 1821 දී සහෝදර සහෝදරියන් ඇති දැඩි කරන අතරතුර
ඇය මැන්චෙස්ටර් ගැසට් පත්‍රයට ලිව්වාය.

ඇයගේ Phantasmagoria කව්‍ය සහ ගද්‍ය (1825), The Three Histories (1830) සහ Letters to the Young (1837) ඉතා ජනප්‍රිය විය.

ඒ අතර පෙර ශ්‍රී ලංකාවේ වර්ණාව ද ඇතුලත් The Oceanides (1832) යන කාව්‍යයද විය.

මෙහි එක් තැනක කියවෙන ophir යන නාමය "ඔජදීප" යන්නද සිතිය හැක. මෙම කාව්‍ය අප මාතභූමියේ සුන්දරත්වය ගැන කියා පෑමට ඇති එක් හොදම විදේශික ඓතිහාසික ලියවිල්ලකි.

30/04/2023

ගල්ලෙනෙන් පන්සල දක්වා විකාශනය..

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

"පන්සල" යනු පාලි 'පණ්ණසාලා' සහ සංස්කෘත 'පරණශාලා' යන්නට සමානවේ. "පර්ණ" නම් කොළයයි. එයින් කළ ශාලාව පන්සලයි. පන්සල ඇරඹුණේ මෙසේ වුවද පසුකළ ගල්,ගඩොල් ආදියෙන් කළ ස්ථිර ගොඩනැගිලි වලින් යුක්ත විහාරස්ථානයට " පන්සල" යන නම ව්‍යවහාර විය. භික්ෂු වාසස්ථාන ක්‍රමයෙන්ව විකාශනයට පත් විය.

පළමු සියවසින් පසු ලෙන්, ආවාස තැනිමේ සිරිත අභාවයට ගියේ කෙමෙනි. ඊට හේතුව කළුගල්, ගඩොල්, උළු ආදිය යොදා ස්ථිර ගොඩනැගිලි තැනීමය. පන්සල මුලදී කුටියක් වුවද එයට අදාල වැසිකිළි ,කැසිකිළි ද නිර්මාණය කෙරිණි. පසුව පවුරකින් වටකරනු ලැබීය.

පන්සලේ විසු භික්ෂුහු ප්‍රතිපත්ති ශාසනයට අදාල ලෙසින් පර්‍යාප්ති ශාසනයද රැකගත්හ. ශිල්ප ශාස්ත්‍ර හා ධර්ම විනය හදාලහ. මෙම කරුණු පදනම් කරගෙන පන්සලට 'පිරිවෙන' නාමයද භාවිත කළ බව පැහැදිලිය.

අන්තිමේදී පිරිවෙණ යනු ප්‍රසාද,කූටාගාර, රාත්‍රී ස්ථාන,දිවා ස්ථාන ආදියෙන් යුත් පවුරකින් වට කරන ලද දොරටුවකින් සමන්විත 'ආවාසයක්' ලෙස හඳුන්වනු ලැබීය. ආරාම බිහි වීමෙන් පසු බුදු කුටිය ගැන ද ගැනද අවධානය යොමුවිය බුදුන්වහන්සේ වැඩ සිටි කුටිය 'ගන්ධකුටිය' නමින් හැඳින්විය.

මුල්ම ගඳකිලිය සතරැස් කාමරයකි. ගෘහ නිර්මාණ ශිල්පිය දියුණුව නිසා පන්සල මෙන්ම ගඳකිළිය ද පරිණාමයට පත් විය. ප්‍රතිමාගෘහ තුන් ආකාරයකින් බිහිවිය.

1. ගන්ධකුටි සම්ප්‍රදාය.
2. ප්‍රසාද හෙවත් පංචායතන සම්ප්‍රදාය.
3. ගෙඩිගේ සම්ප්‍රදාය.

ගර්භ ගෘහයකින් හා ද්වාර මණ්ඩපයකින් නිමවන ලද්ද ගන්ධකුටි සම්ප්‍රදායට අයත් වේ.
* පුලියන්කුලම පාචීනතිස්ස පබ්බත විහාරය
* අනුරපුර කිරිබත් කිරිබත්වෙහෙර වැනි ස්ථානවලින් ගන්ධකුටි සම්ප්‍රදාය හමුවෙයි.

ප්‍රසාද හෙවත් පංචායතන සම්ප්‍රදායට අයත් පිළිම ගෙවල්ගෙවල් අයත් ආයාතාකාර ගෘහයකින් හා දිග ද්වාර මණ්ඩපයකින් ද යුක්ත වේ.

'ගෙඩිගේ සම්ප්‍රදායට' තැනූ පිළිම ගෙවල් අනුරාධපුරය හා පොළොන්නරුව දක්නට ලැබේ. ගෙඩිගේ යන්නෙන් අදහස් කෙරෙන්නේ වහලක් සහිත මුළු ගොඩනැගිල්ලම ගඩොලින් නිම කොට ඇති බවයි. ඌවේ මාළිගාවිල ඇත්තේ ලක්දිව ගෙඩිගේ සම්ප්‍රදායට තැනූ පැරණි පිළිම ගෙය යැයි සැලකේ. අනුරපුර මහාපාළී දානශාලාව අසල ද, ජේතවනාරාමයට බටහිරින්ද ගෙඩිගෙවල් සොයාගෙන ඇත.

"විහාරය" යනුවෙන් හැඳින්වෙන්නේ ආරාමික අංග රාශියකින් සමන්විත ස්ථානයයි. පිරිවෙන් රැසක් එක්වීමෙන් මහ විහාරස්ථානයක් ඇතිවිය. මහා වංශය මතය අනුව අනුරාධපුර මහා මහාවිහාරය පිරිවෙන් 364 කි. අභයගිරි ජේතවන මහා විහාරයේ වූ සේවා සේම සිතුල්පව්ව, මිහින්තලය සහ හත්තිකුච්චි ආදිය ද මෙවැනි තවත් මහා විහාරස්ථානයන් විය.

පිරිවෙන් රැසකින් සැදුණු මහා විහාරයක නොයෙක් වර්ගයේ ගොඩනැගිලි බිහිවිය.
ප්‍රාසාද.දීර්ඝ ප්‍රාසාද.චතුරස ප්‍රාසාද, කූටාගාර,ආසනශාලා,පන්ථාගාර, උපෝෂථාගාරය ආදී සංඝයාගේ පරිහරණයට අවශ්‍ය ගොඩනැගිලි මෙන්ම දාගැබ් වහන්සේලා ,බෝධි වහන්සේලා, පිළිමගේ වැනි වන්දනීය ස්ථාන මහා විහාරයක අංග විය.

"ආරාම" නම් විවේක සුවයෙන් විසින් සඳහා පිදූ උයන් වත්තක් යනු විචාරකයන්ගේ අදහසයි. මහා විහාරය වූයේ මහමෙවුනා උයනේය. ජේතවනාරාමය පිහිටියේ ජේතවන හෙවත් නන්දන උයනේය. අභයගිරි කැණීම්වලින් ආරාමය පුළුල් වී ගොස් ආරාම සංකීර්ණ බිහි වූ බවට පුරා පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත..

*බත් ගෙය *පොහොතකර(උපෝසථාගාරය)
*දන්හල
*වෙදහල
*කොටකුළු යන මේ අංග ආරාමයක ප්‍රධාන අංග වී ඇති බැවින් ආරාම සංකීර්ණ මගින් භික්ෂූන් වහන්සේලාගේ ලෞකික අවශ්‍යතාවයන්ද සපුරා ලීමට සමත් විය.

අනුරාධපුර මහාවිහාරය මුලදී 'කාලපසාද' නමැති ගෙයකින් යුක්ත විය. යටත් පිරිසෙයින් සෑයක් ඇති,දහම් දෙසන සිව් දිග මහසඟනට සෙනසුනක් පිළියෙල කොට ඇති,ලැගුම් ගෙන නිදහසේ සිටීමට ඇති ස්ථානය "පන්සල" නමින් භාවිතා විය. 9වන ශතවර්ශයේ සෙල්ලිපියකට අනුව සෑය,ලැගුම් ගෙය,බණ ශාලාව පන්සලක අවශ්‍යම අංග තුන විය.

කෙසේ වුවද සම්පූර්ණ ආරාමයක දොරටුවෙහි 'පැන්මණ්ඩිය' නමින් ගොඩනැගිල්ලක් තිබිණි. මේ වනාහි පැන් කල තබා තිබූ තැන බව ආචාර්ය වල්පොළ රාහුල හිමියන් සඳහන් කරයි. විවිධ අංගයන්ගෙන් සමන්විත වූ ආරාමය පුළුල් මධ්‍යස්ථානයක් විය.

ආරාමික ව්‍යාප්තිය හා භික්ෂූන් වහන්සේලාගේ ව්‍යාප්තිය ද ලක්දිව මහායාන බලපෑම හේතුකොට ගෙන ද ආරාමයට විවිධ ප්‍රදානයන් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම ජනතාව ද උත්සුක වූ බවට සාධක හමුවෙයි.

ස්තුති : ඌව විහාර වශය
https://youtube.com/

Photos from භද්ර පීඨය ßhåÐrå þêê†hå¥å's post 11/01/2023

සීගිරි නයිපෙන ගුහාවේ ඇති "වියන් රෙද්ද"

🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

නයි පෙනයක හැඩයෙන් යුක්ත හෙයින් මෙම ලෙන නයිපෙන ගුහාව නමින් ප්‍රකටය. එහි ලෙන් පියස්සේ උස් තැනක මනස්කාන්ත වියන් සිතුවමක් දක්නට ලැබේ. මෙම ලෙන විහාරය ලෙස භාවිතා කළේ යැයි අදහස් කරන බෙල් මහතා මෙහි වූ සිතුවම මෙකල බොහෝ විහාරයන්හී දක්නට ලැබෙන ආකාරයේ "වියන් රෙද්ද" නම් වූ සිතුවම් ශේෂයක් සේ දකී.

ජාමිතික රටා හා උද්භිත රටාවෙන් සුසැදි මෙම සිතුවමෙහි එක් තැනක සැවුලෙකුගේ හෝ ඒ ස්වරූපය ඇති පක්ෂියෙකුගේ රුවකි. අත්‍යලංකාර වර්ණ සුසංයෝගයෙන් යුත් මේ සිතුවම අදහස් කෙරෙන්නේ සිතුල්පව්වේ මහ ලෙනෙහි පියස්සේ ඇති අනුරාධපුර අවධියට අයත් වියන් සිතුවමට යම් තරමක සමාණ බවය.
නයිපෙණ ගුහාවේ සිතුවම් 05 වන සියවස අවසානයට හෝ 06 වන සියවස ඇරඹුමට ගතහැකි බවට අනුමානය කරයි.

ස්තුතිය : ආචාර්ය සෙනරත් දිසානායක මයා.
https://youtube.com/
Clik :

Photos from භද්ර පීඨය ßhåÐrå þêê†hå¥å's post 22/11/2022

දුම්රියේ ගමන් කලත් නොකළත් දැනගත යුතු දුම්රිය ඉතිහාසය...

🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆🚆
බ්‍රිතාන්‍යයන් විසින් අප රටට දුම්රිය සේවය හඳුන්වා දුන්නේ19 වන සියවසේදීය.
ශ්‍රී ලංකා දුම්රිය සේවය ආරම්භ කිරීම සඳහා එවකට මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ව සිටි හෙන්රි වෝඩ් විසින් වර්ෂය 1858 අගෝස්තු මස 03 වැනිදා අඟහරුවාදා සවස 5.30 ට උත්සවශ්‍රීයෙන් මුල්ම පස් පිඩැල්ල කැපූ බවත් එම ස්ථානය වන්නේ මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට ඇති වර්තමාන දුම්රිය ගබඩා දෙපාර්තුමේන්තුව සහ දුම්රිය ගබඩාව අතර ඇති අත්‍යන්ත දුම්රිය ස්ථානය(Terminus railway station)පිහිටි තැන බවත් ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ සනිටුහන්ව තිබේ.

තවද මෙරට දුම්රිය සේවාව ස්ථාපිත කිරීම සඳහා මුල්ම පස් පිඩැල්ල කැපූ එම දිනයේ දී කොළඹ නගරය විසිතුරු ලෙස සරසා තිබූ බවත් ඒ සඳහා සංවිධානය කොට තිබූ උත්සවයට පන්සියයකට අධික පිරිසකට ආරාධනා කළ බවත් කියැවේ.

වර්ෂ 1863 වන විට කොළඹ-මහනුවර දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු ආරම්භ වූ අතර වර්ෂ 1864 දෙසැම්බර් 27 වෙනිදා කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය ධාවනය කරන ලදී.

ප්‍රථම මගී දුම්රිය ධාවනය වූයේ වර්ෂ 1865 ඔක්තෝබර් 02 වන දින කොළඹ සිට අඹේපුස්ස දක්වා ය. වර්ෂ 1867 අප්‍රේල් විසිපස් වැනි දින කොළඹ මහනුවර දුම්රිය මාර්ගය තනා නිම කරනු ලැබීය.

අප රටට දුම්රිය සේවය හඳුන්වාදුන් ආරම්භක යුගයේදී වර්තමාන කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානයන් එම භූමියෙහි නොපිහිටියේය. එකල මෙම පෙදෙස් බේරේ වැවේ ජලයෙන් යටවී තිබිණි.

දුම්රිය සේවය ක්‍රමයෙන් රට තුළ ව්‍යාප්ත වන විට දුම්රිය නැවතුම්පොළවල් ඉදි කිරීමට ද සිදුවිය. කොළඹ දිස්ත්‍රික්කය තුළ පැරණි දුම්රිය නැවතුම් පොළවල් රැසක් පිහිටා ඇත. මරදාන, කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය හා බම්බලපිටිය ඉන් කිහිපයකි.

එදා මෙන් ම අදත් ශ්‍රී ලංකා දුම්රිය ධාවන පද්ධතියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන්නේ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයන් ය. මරදාන දුම්රිය ස්ථානය විවෘත වූයේ වර්ෂ 1908 දීය. ඒ සමගම පෙර සඳහන් කර අත්‍යන්ත දුම්රිය ස්ථානය වසා දමන ලදී.

පුනරුද ශෛලියට (Renaissance style) නිමවා ඇති මරදාන දුම්රිය ස්ථානය කාර්මික විප්ලවයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස විදහා දක්වයි. මේ අතරින් විශාල වශයෙන් සිදු කොට ඇති වාත්තු කළ යකඩ භාවිතය කැපී පෙනේ.

මරදාන දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ලෙහි දක්නට ලැබෙන අලංකාර ඔරලෝසු කුළුණ කාර්මික විප්ලවයෙන් ලැබුණු නව නිර්මාණ සිහිපත් කරවන අතරම එය 20 වන සියවසේ දී ආරම්භ වූ සම්ප්‍රදායක් වන පොදු ගොඩනැගිලි වල ඇතුළත හා පිටත ඔරලෝසු සවි කිරීමේ සම්ප්‍රදායට සාක්ෂි දෙයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය විවෘත වුයේ 1908 වර්ෂයේ දී පුනරුද ශෛලියකට ඉදිකර ඇති මෙම කොළඹ කොටුව දුම්රි ස්ථානය සඳහා ද විශාල වශයෙන් වාත්තු කළ යකඩ භාවිතා කොට ඇත. තවද බද්ධ වුණ දිගු දුම්රිය වේදිකා,දුම්රිය මගී පාලම් ආදියෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මරදාන දුම්රිය ස්ථානයේ අභ්‍යන්තරික පෙනුමට ද බෙහෙවින් සමාන කමක් දක්වයි.

කාර්මික විප්ලව විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති කළ වෙනසට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ද මනා නිදසුනක් සපයයි. කෙසේ නමුත් අදටත් පොදු මහජනයාගේ ප්‍රවාහන හිතවතා දුම්රිය සේවාවයි.

ස්තුතිය: මධ්‍යම සංස්කෘතික අරමුදල


Location: Maradana Railway Station
0112 695 722
https://maps.app.goo.gl/TvoDf6ZFHSXb9eQDA
Fort Railway station
https://maps.app.goo.gl/6qYgbpkMdgGs3RKi7

14/11/2022

ලිප්ටන් වටරවුමේ ඇති වතුරමල ගැනැයි මේ.....
⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲
ජෝජ් වෝල් වතුර මල පිහිටා ඇත්තේ කොළඹ ඇස් වාට්ටුව ලිප්ටන් වටරවුමෙහිය. වර්ණවත් පිඟන් ගඩොලින් නිමවා ඇති එය කුළුණු අටක් මත රඳවා ඇති අතර උස් වූ කොතකින්ද සමන්විතය.

එම ස්මාරකයේ ඉහළට විහිදුණු වතුර මලට අවශ්‍ය ජලය සැපයීමට ස්මාරකය වටා කුඩා පොකුණක් තිබී ඇත.

මෙම ස්මාරකය ඉදි කොට ඇත්තේ ධනවත් ඉඩම් හිමි වැවිලිකරුවකු වන එමෙන්ම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ජෝජ් වෝල් සිහිවනු පිණිස ය.

වර්ෂ 1848 දී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඇති ජෝජ් වෝල් මෙරට වැවිලිකරුවන්ගේ සංගමයේ යාවජීව සාමාජිකයෙකු වූ අතර දානපතියෙකු ලෙසින් ද ප්‍රකටය. කෙසේ වුවද පසු කාලයේ දී ජෝජ් වෝල්දී ආර්ථිකමය වශයෙන් දැඩි දිළිඳුභාවයට පත්ව ඇත.

මූල්‍යමය වශයෙන් ඉතා අසරණ වූ ඔහු උපන් රට වූ එංගලන්තය වෙත පිටත්ව ගොස් ඇත. වර්ෂ 1894 දීජෝජ් වෝල් අභාවප්‍රාප්ත වූ අතර මෙරට සිටි ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් ඔහු සිහිවනු පිණිස මෙම ස්මාරකය කරන වන ලදී.

ස්තුතය: මධ්‍යම සංස්කෘතික අරමුදල
ඡායාරූපය: අන්තර්ජාලය මගිනි .

Location: De Soysa Circus
https://maps.app.goo.gl/UZ2XGNwvmrtvH1Hx5

Iginiyagala - පීනන අලි බලන හොදම තැන //The best place to see swimming elephants - ඉගිනියාගල 08/11/2022

වන අලින් පීනන සුන්දර කුරුලු පරාදීසයකට හිමිකම් කියන ඉගිණියාගල ..
🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅
දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් පිනවන ලෙහෙසියෙන්ම අලි පිහිනීම බලාගත හැකි ස්ථානයක් ලෙස මෙම ඉඟිනියාගල ජලාශය හැඳින්විය හැක.
මෙහි එක් දූපතක් සම්පූර්ණයෙන්ම කුරුළු පාරාදීසයක් වන අතර කොපමණ වෙලාවක් බලා සිටියත් ඇති නොවන තරම්ය.
සවස් කාලයේ දී මනරම් වටපිටාවක් මවන මෙම ජලාශය ඉතාම සුන්දර ස්ථානයකි.
සතුන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි ඉතාම දැකුම්කළු සංචාරයක් ලෙස ඉගිණියාගල බෝට්ටු සංචාරය හැඳින්විය හැක.
ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය වන ගල් ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරයෙහි සේනානායක සමුද්‍රයේ පෝෂිත ප්‍රදේශය ගල්ඔය ජාතික වනෝද්‍යානය හා ඒ ආශ්‍රිත රක්ෂිත වන බිම්ය.ගල්ඔය ජාතික වනෝද්‍යානය පමණක් හෙක්ටයාර් 25900 ව්‍යාප්තය. නිල්ගල්තලාව නමින් අතීතයේ දී මෙම බිම හැඳින්විණ.
ගල්ඔය ජාතික උද්‍යානයට මායිම්ව ගල්ඔය නිම්න ඊසාන දිග හා නිරිත දිග අභයභූමි ද සේනානායක සමුද්‍ර සමුද්‍ර අභය භූමිය ද පිහිටා ඇත.සේනානායක සමුද්‍රයේ ජලධරය ලෙස ගල්ඔය ජාතික වනෝද්‍යානය ක්‍රියා කරයි.
ගල්ඔය දිගම අතු ගංගා වන දහමල් ඔයේ ජල පෝෂිත රක්ෂිත ප්‍රදේශය වශයෙන් නිල්ගල වන පෙදෙස නම් කොට ඇත. මෙම වනෝද්‍යානය ඉඟිණියාගල, නිල්ගල, මුල්ලේගම හා බදුලුවෙල යන අඩවි හතර මඟින් පාලනය වේ.
වර්ග සැතපුම් 384 ක ජල පෝෂක ප්‍රදේශයකින් යුතු සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි හත් ලක්ෂ හැත්තෑදාහකි. මෙය ලංකාවේ වැඩිම ජල ධාරිතාවක් ඇති ජලාශයයි. බැම්මේ දිග අඩි තිස් හය දහසකි. වැවට යට වෙන ප්‍රදේශය අක්කර 19250කි. වම් ඉවුර ප්‍රධාන ඇල මාර්ගය සැතපුම් 32 ක් දිග වන අතර දකුණු ඉවුර ඇල මාර්ගය සැතපුම් 22 ක් පමණ දිග වේ. මෙමගින් අක්කර එක් ලක්ෂ විසිදහසක පමණ වගා බිම්වලට ජලය සැපයිය හැකිය.
අතීතයේ දී මෙම උද්‍යානබිම් ජනාකීර්ණව පැවති බවට මෙම ප්‍රදේශයන්හි හමුවන නටඹුන් වලින් විද්‍යාමාන වේ.
පරිසරයට ආදරය කරන අප සැම මෙම මනරම් ඉගිනියාගල ජලාශය දැක ගෙන මතු පරපුරටත් දායාද කිරීම අපගේ යුතුකමකි.
Location : Inginiyagala Dam
https://maps.app.goo.gl/KJAfNXHNJXAGD8B4A
https://youtu.be/yN0m-50prlY

Iginiyagala - පීනන අලි බලන හොදම තැන //The best place to see swimming elephants - ඉගිනියාගල My others vedios - Hebbessa The hidden temple : https://youtu.be/AaaBDwaeJgQ Galabedda Biso pokuna : https://youtu.be/po75m9iEDikMayuragiri C...

08/11/2022

ඇස් වාට්ටු හන්දියේ ඇති ඇස් සනසන ඇස් රෝහල..

👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️👁️

කොළඹ ඇස් වාට්ටුව වට රවුමට මුහුණලා කොළඹ ජාතික රෝහලට යාබදව පිහිටා ඇති දීප්තිමත් රතු සහ කහ පැහැයෙන් යුත් ඉස්ලාම් දේවස්ථානයක හැඩය ගත් ගොඩනැගිල්ල "වික්ටෝරියා අනුස්මරණ නයනාරෝග්‍ය ශාලාව" වේ.

වික්ටෝරියා මහ රැජින සිහිවනු පිණිස මෙම නයනාරෝග්‍ය ශාලාව ඉදි කිරීමට සිදු වූයේ වර්ෂ 1896-1903 කාල සීමාවේ දී මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් වෙස්ට් රිජ්වේ ගේ බිරිඳ එනම් රිජ්වේ ආර්යාව ගේ මැදිහත් වීමෙනි.

අක්ෂි ආබාධවලින් පෙළෙන්නන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඉන් ලද ආධාර මුදලින් මෙම රෝහල ඉදි කිරීම සිදු වූ අතර වර්ෂ 1903 අගෝස්තු 6 වන දින රිජ්වේ ආර්යාව විසින් රෝහල් ගොඩනැගිල්ලට මුල්ගල තබන ලදී.

ඉන්දු-ඉස්ලාම් (මෝගල්) සහ ඉන්දියානු වාස්තු විද්‍යාත්මක අංගයන් යුරෝපයේ පැවති ගොතික් පුනරුදය සහ සම්භාව්‍ය හැඩයන් හා මිශ්‍ර වීමෙන් බිහි වූ ඉන්දු ශෛලියකට සැරසනික් (lndo -Saracenic) නම් ශෛලියකට මෙම ගොඩනැගිල්ල නිර්මාණය කොට ඇත.

ස්වභාවික සූර්යාලෝකය සහ වාතාශ්‍රය ගොඩනැගිල්ල අභ්‍යන්තරයට මනාව ලැබෙන ආකාරයට ඉදි කොට ඇති මෙහි සැලසුම ඇඳ ඇත්තේ වාස්තු විද්‍යාඥ එඩ්වර්ඩ් ස්කිනර් විසිනි.

මෙම ගොඩනැගිල්ල එවකට බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවති රටවල ඉදි වූ රෝහල් ගොඩනැගිලි අතර අනර්ඝතම රෝහල් ගොඩනැගිල්ල විය. ශල්‍යවෛද්‍ය කාමරයක්, වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා වූ විවේක කාමර, මුළුතැන්ගෙය ආදී සෙසු අංග වලින් ද පරිපූර්ණ වූ මෙම රෝහල එදවස නවීන අංගෝපාංගයන්ගෙන් පැවති වෛද්‍ය උපකරණයන්ගෙන් ද සමන්විත වී ඇත.

ස්තුතිය: මධ්‍යම සංස්කෘතික අරමුදල
Location: Victoria Memorial Building
https://maps.app.goo.gl/emgypT82ss21KQMH9

08/11/2022

සෙලෙස්තිනාට ඉන්න කියපු කයිමන් දොරකඩ.....
⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️⛩️
පිටකොටුව කෙළින් වීදියේ පැරණි නගර සභාවට සමීපව කුළුණු දෙකක් මැද යෙදුණු ආරුක්කුවක් සහිත ඝණ්ඨාරයක් දක්නට ඇත. එය පෘතුගීසින් විසින් කෝට්ටේ පිහිටි ශාන්ත ප්‍රැන්සිස් කතෝලික දේවස්ථානයේ සවිකොට තැබූවකි.
පෘතුගීසීන් මෙරටින් නෙරපා දැමූ පසු ඕලන්දයින් විසින් මෙම ඝන්ටාරය එම දේවස්ථානයෙන් ඉවත් කොට වර්තමානයේ දක්නට ඇති ස්ථානයෙහි ස්ථාපිත කළ බව කියැවෙයි. එදවස කොළඹ කොටුව සහ පිටකොටු අතර ගමනාගමනය සඳහා නැගෙනහිර කයිමන් දොරකඩද පිහිටා තිබුණේ මෙම ස්ථානයේය.
ඒ අනුව කයිමන් දොරකඩ විවෘත වන සහ වසා දැමෙන වේලාවන් සංකේතාත්මකව දැන්වීම සඳහා ඕලන්දයින් විසින් මෙම ඝන්ටාරය භාවිතා කොට ඇත.
උදෑසන ඝණ්ඨාරය නාද කරවීමෙන් කොළඹ කොටුව සහ පිටකොටුව අතර ගමනාගමනය සඳහා වූ කයිමන් දොරකඩ විවෘත වූ බවත් හිරු බැස යාමත් සමඟ සන්ධ්‍යා කාලයේ ඝණ්ඨාරය නාද කරවීමෙන් කොළඹ කොටුව සහ පිටකොටු අතර ගමනාගමනය සඳහා විවෘතව පැවති පැවැති කයිමන් දොරකොඩ රාත්‍රී කාලය උදාවත් සමඟම වසා දැමෙන බවත් දැනුම් දුනි.
මෙම ඝාණ්ටාරය බ්‍රිතාන්‍යයන් විසින් ද භාවිතා කොට ඇත. කොළඹ කොටුව සහ පිටකොටුව අද මෙන් ජනාකීර්ණ සහ ඝෝෂාකාරී නොවු එදවස කයිමන් දොරකඩ ඝණ්ඨාරයෙන් නැඟුණු හඬ බොහෝ ඈතට පැතිරුණාට කිසිදු සැකයක් නැත.
පසු කලෙක කොළඹ කොටුව සහ පිටකොටුව ක්‍රමික විකාශනයකට බඳුන් වන විට කයිමන් දොරකඩ ද වෙනස් විය.
මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ රජ කිරුළ දැරූ පස්වන ජෝර්ජ් රජුගේ වියෝව ප්‍රකාශයට පත්වීමත් සමඟ ජනවාරි 28 වැනි දා වැනිදා ඔහු සිහිකොට ඕලන්ද රෙපරමාදු දේවස්ථානයෙහි පැවැත්වුණු විශේෂ දේව මෙහෙයක් වෙනුවෙන් සහ දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය කොන්දේසි විරහිතව යටත් වීමෙන් ලෝකයට උදා වූ සාමයේ ප්‍රීතිය භුක්ති විඳ ගනු පිණිස 1945අගෝස්තු මස 14 වැනිදා කයිමන් දොරකඩ ඝණ්ඨාර නාද විය. එය කයිමන් දොරකඩහි වූ ඝණ්ඨාරය නාද වූ අවසන් අවස්ථාවේ විය.

තොරතුරු: මධ්‍යම සංස්කෘතික අරමුදල.
ඡායාරූප: මුල් හිමිකරු සතුයි.
Location : Kayman's Gate
https://maps.app.goo.gl/QSaZuj4kN9Z7w3hk6

08/11/2022

කෝචින්ගේ කඩයෙන් හැදුණු කොච්චිකඩේ පිහිටි සාන්ත අන්තෝනි දේවස්ථානය..
⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪
කොළඹ වරාය ආසන්නයේ සාන්ත අන්තෝනි මාවතේ පිහිටා ඇති සාන්ත අන්තෝනි දේවස්ථානය ක්‍රි.ව 17 වන සියවස දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි.
මෙරට කතෝලික දහමෙහි අඳුරු යුගයක් ලෙස සැලකෙන ඕලන්ද පාලන සමයේ දී ඉන්දියාවේ කෝච්න්හි සිට දිවයිනට පැමිණි අන්තෝනියෝ නම් වූ කතෝලික දේවගැතිතුමා විසින් ඉතා කුඩාවට මෙම දේවස්ථානය ආරම්භ කළ බැව් ජනප්‍රවාදයේ පවතී.
අද ශාන්ත අන්තෝනි දේවස්ථානය පිහිටි භූමියෙහි මෙම දේවගැතිතුමා විසින් එදවස කුඩා කඩයක් අටවාගෙන එහි දහවල් කාලයේ වෙළඳ කටයුතුත් රාත්‍රි කාලයේ දේශීය කතෝලික බැතිමතුන් සඳහා දේවමෙහෙයන් ද පවත්වා ඇත.
ඒ අනුව "කෝචින්ගේ කඩය" ලෙසින් එකල ප්‍රකටව පැවැති මෙම ස්ථානය පසුකාලීන ව්‍යවහාරයේදී "කොච්ච්කඩේ" වූ බවට ජනප්‍රවාද පවතී. වර්ෂ 1806 දක්වාම මෙහි පැවත ඇත්තේ මැටියෙන් කළ ප්‍රාථමික ගොඩනැගිල්ලකි.
පිළිවෙලින් වර්ෂ 1822 දී සහ 1826 දී ශක්තිමත් සහ විශාල දේවස්ථානයක් බවට පත්වු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද ඔබ දකින ඉදිරිපස කොටස එකතු කර ඇත්තේ වර්ෂ 1834 දී ය.
ගෝවේ සිට ගෙනැවිත් මෙම දේවස්ථානයේ තැන්පත් කොට ඇති ශාන්ත අන්තෝනි ප්‍රතිමාව මහත් හාස්කම් සහිත බවට විශ්වාසයක් පවතින අතර කතෝලික මෙන්ම අන්‍යාගමික බැතිමතුන් ද විවිධ පිහිට පතා මෙම දේවස්ථානයට පැමිණෙති.
පාස්කු ඉරු දින ත්‍රරස්ත ප්‍රහාරයෙන් පසුව නාවික හමුදාව විසින් දේවස්ථානය පිළිසකර බැතිමතුන්ට විවෘත කරන ලදි.

ස්තුතිය: මධ්‍යම සංස්කෘතික අරමුදල
Location : St. Anthony's Shrine, Kochchikade
https://maps.app.goo.gl/q1T5VPPz1u8owrrG8

08/11/2022

ඌව වෙල්ලස්සේ අභිමානය කියාපාන කතරගම ඇසළ පෙරහැර (04 වෙළුම)
🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚
දුවන පෙරහර අවසන් වීමෙන් පසු ආරම්භ වන්නේ මහ පෙරහරය. ගරු ගාම්භීර ලීලාවකින් ආරම්භ වන මෙය දේව භක්තිකයින්ගේ මහත් සැලකිල්ලට භාජනය වෙමින් සිදු කළ යුතු සිරිත් අනුව සිදුවේ.
මහ පෙරහර පැවැත්වීමට පෙර කිරි වෙහෙරට ගොස් ආශිර්වාද ලබා ගැනීමත් සිදුවේ. එම විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් විසින් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද ලබා දෙන අතර තූර්‍ය වාදන ගිගුම් දෙන විට පෙරහරෙන් වැඩම වන ශුද්ධ වස්තු,යන්ත්‍ර හා දේව රූප ඇතු පිට තැන්පත් කිරීම සඳහා 'වාසනා මේධය' වෙත ගෙන එනු ලැබේ.
'වාසනා මේධය' යනු දේවල භූමියේ මහ දේවාලයට සමීපයේ තනා ඇති වේදිකාවයි. එය කරඬුව රැගෙන යන ඇතාගේ වස්ත්‍ර අන්දවන හා පූජාවස්තු ඇතුමත තැබීමට සකස් කර ඇති අට්ටාලයකි. මහා දේවාලයෙන් ආරම්භ වන මහ පෙරහර ගණ දෙවි දේවාලයට පැමිණෙන අතර නිලධාරීන් පිරිස කිරි වෙහෙරට ගොස් පන්සිල් ගෙන පුද පූජා පවත්වා බෞද්ධ සිරිත් විරිත් අනුව භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගෙන යළි ගණදෙව් දේවාලයට පැමිණ පෙරහැර සමග එකතු වේ. පසුව වල්ලි අම්මා දේවාලයට පැමිණ එහි සිදු කළ යුතු පූජා කර්ම සිදුකොට මහා දේවාලය කරා පැමිණ දෛනිකව දෙවියන් සඳහා සිදුකරන ලබන මුරුතැන් පූජාව සිදු කරනු ලැබේ.
මහා පෙරහැර කතරගම ශ්‍රී විභූතිය කියා පාන්නා වූ සංකේතයක් වන අතර එහි ඓතිහාසික ලක්ෂණ රැසක් එකතුවක් ලෙස හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සියලුම පෙරහැර යම් සැලැස්මකට අනුව සිදුවන අතර ඒය ඈත අතීතයේ සිට පැවත ආවා වූ සංස්කෘතික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
කතරගම මහා පෙරහැර ගත් කල පෙරහැරහි ඉදිරියෙන්ම ගමන් කරනුයේ ඉරහද නිරූපණය කරන පිත්තල ඡත්‍ර සේසත් දරන්නන් සහ දිසා කොඩි දරන්නන්ය. පුරාණ නියමයන් අනුව තම නියමිත කොඩිය ඔසවා ගත යුත්තේ නින්දගම් ලද්දඋන්ය. පසුව උඩරට නියලමේ කෙනෙකු නියෝජනය වන පරිදි ඇඳුමින් සැරසුණු බස්නායක නිලමේ සහ දේවාලයේ ලේකම්වරයා ගමන් කරති. මොවුන් දෙදෙනා පසුපස කපුරු සහ පහන් අතැතිව තේවාකරුවන් ද මුඛවාඩම්න් සැරසුනු කපුරාළ ඇතු පිට ගමන් කරන අතර ආලත්ති අම්මලා ඉන්පසුව පෙරහරේ ගමන් කරති.
පෙරහැර එළිය කරන පන්දම්කරුවන්, සුවඳ දිය සහ මල් ඉසින්නන්ද, මාර්ගය පවිත්‍ර කිරීම පිණිස කහ දියර
ඉසින්නන්, ස්තෝත්‍ර සහ ද්‍රවිඩ ගීතිකා ගායනා කරන්නන්ද පෙරහැර දෙපසින් ගමන් කරනු දැකිය හැක.
මේ ආකාරයෙන් රාත්‍රී 7 ක් තිස්සේ මහ පෙරහර පවත්වනු ලබන අතර මහා පෙරහැර අවසානයේ දී බස්නායක නිලමේතුමා විසින් තම නිල නිවසේ දී මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමනු ලැබේ. මෙහිදී දෙවියන්ට පිං අනුමෝදන් කිරීම සිදු කෙරේ. අවසන් මහා පෙරහැරෙහි ධාතු කරඬුව සහිත ගමන් කරනුයේ කිරිවෙහෙර දක්වය. මෙහිදී පෙරහැර සඳහා සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුති කොට පිං දීමෙන් අනතුරුව පුද පඬුරු පිරිනමනු ලැබේ.
නැවත මහ පෙරහර වල්ලි අම්මා දේවාලයට ගොස් යළි මහ දේවාලයට පැමිණීමෙන් අනතුරුව අවසන් වේ. මුළු පෙරහැර පුරාම බෞද්ධ,හින්දු සංස්කෘතින්ගෙන් පෝෂණය වීමක් දැකිය හැකිය.
ඌව වෙල්ලස්සේ අභිමානය කියාපාන කතරගම ඇසළ පෙරහැර (04 වෙළුම)
🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚
දුවන පෙරහර අවසන් වීමෙන් පසු ආරම්භ වන්නේ මහ පෙරහරය. ගරු ගාම්භීර ලීලාවකින් ආරම්භ වන මෙය දේව භක්තිකයින්ගේ මහත් සැලකිල්ලට භාජනය වෙමින් සිදු කළ යුතු සිරිත් අනුව සිදුවේ.
මහ පෙරහර පැවැත්වීමට පෙර කිරි වෙහෙරට ගොස් ආශිර්වාද ලබා ගැනීමත් සිදුවේ. එම විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් විසින් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද ලබා දෙන අතර තූර්‍ය වාදන ගිගුම් දෙන විට පෙරහරෙන් වැඩම වන ශුද්ධ වස්තු,යන්ත්‍ර හා දේව රූප ඇතු පිට තැන්පත් කිරීම සඳහා 'වාසනා මේධය' වෙත ගෙන එනු ලැබේ.
'වාසනා මේධය' යනු දේවල භූමියේ මහ දේවාලයට සමීපයේ තනා ඇති වේදිකාවයි. එය කරඬුව රැගෙන යන ඇතාගේ වස්ත්‍ර අන්දවන හා පූජාවස්තු ඇතුමත තැබීමට සකස් කර ඇති අට්ටාලයකි. මහා දේවාලයෙන් ආරම්භ වන මහ පෙරහර ගණ දෙවි දේවාලයට පැමිණෙන අතර නිලධාරීන් පිරිස කිරි වෙහෙරට ගොස් පන්සිල් ගෙන පුද පූජා පවත්වා බෞද්ධ සිරිත් විරිත් අනුව භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගෙන යළි ගණදෙව් දේවාලයට පැමිණ පෙරහැර සමග එකතු වේ. පසුව වල්ලි අම්මා දේවාලයට පැමිණ එහි සිදු කළ යුතු පූජා කර්ම සිදුකොට මහා දේවාලය කරා පැමිණ දෛනිකව දෙවියන් සඳහා සිදුකරන ලබන මුරුතැන් පූජාව සිදු කරනු ලැබේ.
මහා පෙරහැර කතරගම ශ්‍රී විභූතිය කියා පාන්නා වූ සංකේතයක් වන අතර එහි ඓතිහාසික ලක්ෂණ රැසක් එකතුවක් ලෙස හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සියලුම පෙරහැර යම් සැලැස්මකට අනුව සිදුවන අතර ඒය ඈත අතීතයේ සිට පැවත ආවා වූ සංස්කෘතික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
කතරගම මහා පෙරහැර ගත් කල පෙරහැරහි ඉදිරියෙන්ම ගමන් කරනුයේ ඉරහද නිරූපණය කරන පිත්තල ඡත්‍ර සේසත් දරන්නන් සහ දිසා කොඩි දරන්නන්ය. පුරාණ නියමයන් අනුව තම නියමිත කොඩිය ඔසවා ගත යුත්තේ නින්දගම් ලද්දඋන්ය. පසුව උඩරට නියලමේ කෙනෙකු නියෝජනය වන පරිදි ඇඳුමින් සැරසුණු බස්නායක නිලමේ සහ දේවාලයේ ලේකම්වරයා ගමන් කරති. මොවුන් දෙදෙනා පසුපස කපුරු සහ පහන් අතැතිව තේවාකරුවන් ද මුඛවාඩම්න් සැරසුනු කපුරාළ ඇතු පිට ගමන් කරන අතර ආලත්ති අම්මලා ඉන්පසුව පෙරහරේ ගමන් කරති.
පෙරහැර එළිය කරන පන්දම්කරුවන්, සුවඳ දිය සහ මල් ඉසින්නන්ද, මාර්ගය පවිත්‍ර කිරීම පිණිස කහ දියර
ඉසින්නන්, ස්තෝත්‍ර සහ ද්‍රවිඩ ගීතිකා ගායනා කරන්නන්ද පෙරහැර දෙපසින් ගමන් කරනු දැකිය හැක.
මේ ආකාරයෙන් රාත්‍රී 7 ක් තිස්සේ මහ පෙරහර පවත්වනු ලබන අතර මහා පෙරහැර අවසානයේ දී බස්නායක නිලමේතුමා විසින් තම නිල නිවසේ දී මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමනු ලැබේ. මෙහිදී දෙවියන්ට පිං අනුමෝදන් කිරීම සිදු කෙරේ. අවසන් මහා පෙරහැරෙහි ධාතු කරඬුව සහිත ගමන් කරනුයේ කිරිවෙහෙර දක්වය. මෙහිදී පෙරහැර සඳහා සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුති කොට පිං දීමෙන් අනතුරුව පුද පඬුරු පිරිනමනු ලැබේ.
නැවත මහ පෙරහර වල්ලි අම්මා දේවාලයට ගොස් යළි මහ දේවාලයට පැමිණීමෙන් අනතුරුව අවසන් වේ. මුළු පෙරහැර පුරාම බෞද්ධ,හින්දු සංස්කෘතින්ගෙන් පෝෂණය වීමක් දැකිය හැකිය.

වන්දනීය ස්තුතිය :
දර්ශනපති පුජ්‍ය පාහියංගල සුමංගල හිමි

08/11/2022

ඌව වෙල්ලස්සේ අභිමානය කියාපාන කතරගම ඇසළ පෙරහැර (3වෙළුම)
🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚
ඇසළ උත්සවපැවැත්වීමට මාස කීපයකට පෙර සිටම උත්සවය සූදානම් වීමක් දක්නට ලැබේ. එය ඇරඹෙන්නේ කප් සිටුවීමේ මංගල්‍යය පසුවය. කප් සිටුවීම යනුවෙන් හඳුන්වන්නේ දේව භක්තියෙන් යුක්තව කණුවක් සිදුවීමයි. ඒ සඳහාම ආවේණික වූ චාරිත්‍රද කපු මහත්වරුන් සතුව ඇත. කප් සිටුවීමට පෙර සිදුවෙන කණු කපන මංගල්‍යය ඇසළ උත්සවය පැවැත්වීමට දින 45 ක ට පෙර සිට සූදානම් වන අතර මේ සඳහා 'රත්කරව්' හෝ 'ගෝනාපාන' නම් ගසක් තෝරා ගැනීම සිදුවේ.
මෙහිදී සිදු කළ යුතු වත් පිළිවෙත් සිදුකොට දෙබලක් සහිත ගසක් කපා පසුව ගසමුල පහනක් දල්වා පලතුරු සහිත පූජාවක් තබා කණුව සේදීම නානුමුර මංගල්‍යය සිදු කිරීම චාරිත්‍රානුකූලව සිදු වේ.
සුදු වස්ත්‍රයකින් කණුව වෙලා රත්මල් හා පඬුරු බැඳ වල්ලි අම්මා දේවාලයේ තැන්පත් කිරීමෙන් අනතුරුව කපුරාළ විසින් මහා දේවාලයට ගෙන ගොස් පිත්තල පුන්කලස් දෙකක් මත තබා කණුව කැපීමෙන් දින තුනක් ඇවෑමෙන් කප් සිටුවීම සිදු කෙරේ.
කප් සිටුවීමෙන් දින 44 ක් ගෙවුනු තැන දී එළඹෙන අමාවක ගෙවී පුර පෑළවිය දිනයේ පුස නැකතින් කතරගම මහා දේවාලයේ පෙරහැර ආරම්භ වේ. ඇසළ මංගල්‍යය පැවැත්වෙන මුළු කාලය පුරාම කතරගම දෙවියන් මිනිස් ලොවට පැමිණ සිටුවන ලද කපෙහි වාසය කරන බවට විශ්වාසයක් පවතී.
පෙරහැර අවසන් වීමෙන් දින තුනකින් 3 කින් පසු කප ගලවා කණු දෙක වෙන් කොට දිය කපන තොටෙහි ජීවමාලි තොටෙහි වැල්ලේ වළලු ලැබේ. මෙමගින් වැස්ස හා සහ සශ්‍රීකත්වය ලැබෙතැයි විශ්වාසයක් පවතී. මෙම චාරිත්‍ර ක්‍රමය දිවයිනේ බොහෝ දේවාලයන්හි සිදු කෙරේ. මෙම කප සිටුවීම මගින් ලිංග පූජාව චාරිත්‍රය සිදු වීම පිළිබඳව ද ජනතාව අතර මතයක් පැවතේ.
කතරගම ඇසළ පෙරහැර ආරම්භ වන්නේ මහා වීදියෙන් වන අතර ප්‍රධාන දේවාලය සහ වල්ලි අම්මා දේවාලය අතර ඇති සැතපුම් භාගයක් පමණ දුරින්ය.
2 දින පෙරහැරේ සිට පරේ සිට 5 දින පෙරහර දක්වා එහි ගමන් මාර්ගය වන්නේ මහා දේවාලයෙන් නික්මී පිට වීදිය දිගේ වල්ලි අම්මා දේවාලය දක්වා ගමන් කොට පූජා විධි පවත්වා මහා දේවාලයට පැමිණීමයි.
7 වන දින මහා දේවාලයේ ඉදිරිපිට අතුපන්දල සකස් කිරීම, බස්නායක නිලමේ නිවසේ දී සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සහ එදින රාත්‍රී ප්‍රථමවරට බස්නායක නිලමේ පෙරහැරේ ගමන් කිරීමද සිදුවේ.
කතරගම ඇසළ මහා පෙරහැරේ අවසන් පෙරහැර 3 තුන එනම් 13, 14, 15 පෙරහැර අවසන් වීමෙන් පසු දුවන පෙරහැර නොහොත් වේගවත් පෙරහැර ආරම්භ කොට මහා වීදිය දිගේ වල්ලි අම්මා දේවාලයට පැමිණ සිදු කළ යුතු චාරිත්‍ර සිදු කොට යළි එම වීදිය දීගේම මහා දේවාලයටපැමිණීම සිදුවේ.
දුවන පෙරහැරේ විශේෂත්වය වන්නේ නර්තන අංග, අලි ඇතුන් නොමැතිව හේවිසි, සේසත්, කොඩි පමණක් පෙරහැර අලංකාරයට භාවිතා කිරීමයි. මෙම පෙරහැර අලුයම 5 පමණ වන විට අවසන් වේ.

වන්දනීය ස්තුතිය :
දර්ශනපති පුජ්‍ය පාහියංගල සුමංගල හිමි.

08/11/2022

ඌව වෙල්ලස්සේ අභිමානය කියාපාන කතරගම ඇසළ පෙරහැර (2වෙළුම)
🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚
දුටුගැමුණු රජු එළාර සමග යුද්ධයකට යනවිට කතරගම දෙවියන්ට බාරයක් වී යාම සහ යුද්ධය දිනා කතරගම දේවාලය ඉදි කළ බවට ද සඳහන් වෙයි. යුද්ධය ජයග්‍රහණය කර දුටුගැමුණු රජු කතරගම දේව මාළිගය ඉදි කොට එහි පවත්වාගෙන යා යුතු චාරිත්‍ර වාරිත්‍ර නිලධාරී මඩුල්ලක් නම් කර එකී කාර්යයන් පහසු වනු වස් ගම්වර ද ප්‍රධාන කර දුන්නේය.
කතරගම දේව මාලිගයේ වර්තමානයේ පවා දැකගත හැකි පුරාවිද්‍යාත්මක සාධක අනුව ක්‍රිස්තු පූර්ව අවසන් සමය හෝ ක්‍රිස්තු වර්ෂ මුල් කාලයට අයත් විය හැකි බව පුරාවිද්‍යාඥයින්ගේ අදහස වේ. කෙසේ නමුත් කතරගම දේවාලය කුමන කාල පරිච්ඡේදයක ඉදිවන්නට ඇතැයි නිශ්චිතවම සඳහන් කළ නොහැකිය.
කතරගම දේවාලය 18 සියවසට පෙර වැඩිහිටි කන්දේ ස්ථාපනය වී තිබූ අතර 18 වන සියවසෙන් පසු මැණික් නදිය අසබඩ ඉදි කළ බව රොබට් නොක්ස් ගේ සහ කහ කුරුළු සංදේශයෙන් ද පැහැදිලි වේ.
මෙම කාල පරිච්ඡපරිච්ඡේදය ඉංග්‍රීසීන් සමග යුද වැදෙමින් සිටි කාලපරිච්ඡේදයක් වන අතර විශේෂයෙන් කන්ද උඩරට කැරැල්ලේ ප්‍රධාන මූලස්ථානය වූයේ ද කතරගම දේවාල භූමියයි.
මෙම සමය වන විට යුද්ධයට අධිපති වශයෙන් සිංහල ජනතාව අතර ප්‍රසිද්ධව සිටියේ කතරගම දෙවියන් වන අතර කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව කතරගම දෙවියන් කෙරෙහි පැවති කීර්තිය ක්‍රමයෙන් අඩු වන්නට විය. පසු කලක දී ක්ෂය වී ගිය කීර්තිනාමය පෝෂණයෙහිලා කතරගම ඇසළ පෙරහැර ලක්දිව වැසියන් ජනාදරයට පත්විය.
කතරගම දේවාලය වර්තමානය වන විට ජනාදරයට පත්ව ඇත්තේ එහි වාර්ෂිකව පවත්වන්නට යෙදෙන ඇසළ මහා පෙරහර හේතුවෙනි. ඇසළ උත්සවය දින පහළොවක් නොකඩවා පැවැත්වෙන අතර ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගී වේ.
රාජ්‍ය අනුග්‍රහය සහිතව බස්නායක නිලමේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාත්‍රී වීථි සංචාරය කරන මහපෙරහර දැකබලා ගන්නට විදේශිකයින් පවා වැඩි රුචිකත්වයක් දක්වයි.
කතරගම මහ දේවාලයේ පෙරහැර අතර බක් මහ පෙරහැර,ඇසළ පෙරහැර ,ඉල් මහා පෙරහර යනුවෙන් පෙරහර තුනක් ඇත. බක් මහ පෙරහැර අප්‍රේල් මාසයේදී අවුරුදු දිනයන්හිදී දේවාලය ඉදිරිපිට කිරි උතුරවා දේවාලය වසා පසුව එදිනම රාත්‍රී කතරගම දේවාලයෙන් පිටවන පෙරහැර පිට වීදි ඔස්සේ වල්ලි අම්මා දේවාලයට පිවිස එදින විශේෂ පුද පූජාවක් ද පවත්වන්නට සම්බන්ධ වී නැවතත් මහවීදිය ඔස්සේ කතරගම මහා දේවාලයට පිවිසීමෙන් නිමාවට පත්වේ.

වන්දනීය ස්තුතිය :
දර්ශනපති පුජ්‍ය පාහියංගල සුමංගල හිමි.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kaduwela
Colombo
10654