10/07/2019
අපේ අපනයන බෝග - අඹ
எமது ஏற்றுமதி பயிர் - மா
Our Exports - Mango
උද්භිත විද්‍යාත්මක මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය.අඹ ශාකයේ සම්භවය ඉන්දියාව ලෙසට හඳුනා ගැනේ.ශ්‍රී ලංකාව තුළ ගෙවතු වගාවක් ලෙස අඹ ශාකය දැකිය හැකි අතර කඳුකර ප්‍රදේශවල හැරුණු විට අනෙකුත් සියළුම ප්‍රදේශවල පාහේ මෙය සුලබ දසුනකි.ඊට අතරව වියළි කලාපය තුළ ද අද වන විට වානිජ බෝගයක් ලෙස අඹ ශාකය දැකිය හැකිය දැකිය හැකිය. නැවුම් උසස් ගුණාත්මකභාවයෙන් යුත් පලතුරක් ලෙස හඳුනාගත හැකි අඹ සඳහා කිසි දිනක අඩු නොවන ඉල්ලුමක් දේශීය හා විදේශීය වෙළඳපොළේ දක්නට ලැබෙයි.ඊට අමතරව අඹ ආශ්‍රිත සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස හඳුනාගන්නා ජෑම්,කෝඩියල්,චට්නි හා අච්චාරු සඳහා වැඩි අපනයන ඉල්ලුමක් පවතී.
ශ්‍රී ලංකාව තුළ අඹ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර විසි හත්දහස් අටසිය හතළිස් හයක් පමණ වන අතර මුළු නිෂ්පාදනය මෙට්‍රික්ටොන් හැත්ත දෙදහස් හයසිය අනූ දෙකක් පමණ වේ.එයින් මෙට්ට්‍රික් ටොන් 18 ක ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.ඉදුණු හෝ නොඉදුණු පලතුරක් ලෙස මෙන්ම විවිධ ක්‍රම වලට සංරක්ෂණය කරන ලැබූ ද්‍රව්‍ය ලෙස ද අඹ ආහාරයට ගනු ලබයි.එසේම අඹ එහි මාංසලය වියළා කැබලි හා කුඩු වශයෙන් වෙළඳපොල වෙත ඉදිරිපත් කරනු ලැබේ.අඹ යනු ඖෂධීය ගුණයන්ගෙන් පිරි පලතුරකි.මධ්‍යම ප්‍රමාණයේ ඉදුණු අඹ ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පසු දිනකට මිනිස් ශරීරයට අවශ්‍ය විටමින් ඒ හා සී ද පිරිමසා ගත හැකිය.ඊට අමතරව ශරීර උෂ්ණත්වය වැඩිවීම හේතුකොට ගෙන හටගන්නා නොයෙකුත් ආබාධවලට පිළියමක් ලෙස අමු අඹ භාවිත කරමින් සාදාගන්නා පානයක් භාවිතා කළ හැකිය.ඊට අමතර ව අමු අඹ ආමාශයේ ආබාධ පිත ආශ්‍රිත ආබාධ හා රුධිරය ආශ්‍රිත නොයෙකුත් ආබාධ වළක්වා ගැනීම සඳහා ද භාවිතා කරයි.ඉදුනු අඹ වල ඇති ඖෂධීය ගුණය භාවිතා කොට රාත්‍රී අන්ධභාවය වලක්වා ගැනීම හා සමෙහි නිරෝගී බව ආරකි බව ආරක්ෂා කර ගැනීම සිදු කළ හැකිය.මෙයට අමතරව පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙකුත් රෝගී තත්ත්වයන් සඳහා ද අඹ ඇට,මද භාවිතා කළ හැකිය. අඹ ශාකයේ කොළ, මුල්, පොතු ද විවිධ ප්‍රතිකර්ම සඳහා භාවිතා කරයි.
ශ්‍රී ලංකාව තුළ දැනට වගා කරනු ලබන අඹ ප්‍රභේද රාශියකි.ඒ අතරින් අඔ ලොවේ නව මානයක් සොයා ගිය රජු ලෙස සැලකෙන TJC අඹ මුල් තැනක් ගනී.මෙම අඹ වර්ගයේ මුල් නිපයුම් කරුවන් වන්නේ ද ශ්‍රී ලංකාවේ දෙදෙනෙකුය.ටොම් එල්ලාවල නම් ව්‍යාපාරික මහතා හා ඔහුගේ හිතවතෙකු වන ජුවාන් කාලෝස් මහතා යන දෙදෙනාගේ තාක්ෂණික ඥානය යොදා ගනිමින් සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස මෙම රසවත් පලතුර 1993දී ලොවට දායාද විය.ඔවුන් දෙදෙනාට සිදු කරන ගෞරවයක් ලෙස මෙම රසවත් අඹ ප්‍රභේදය ඔවුන්ගේ නම් වල අකුරු යොදා ගෙන TJC ලෙස නම් කරන ලදී.රටේ වියළි හා අතරමැදි කලාප වල හොඳින් එම ප්‍රභේදය වර්ධනය වේ. මෙම ප්‍රභේදය කෙරෙහි ගොවි ජනතාව ද වැඩි වශයෙන් යොමු වීමට හේතු වී ඇත්තේ එම ප්‍රභේදය මගින් හටගන් ගන්නා ගෙඩි වල පවත්නා වූ ආකර්ෂණීය පෙනුම,ප්‍රමාණයෙන් විශාල වීම හා අඹ ගෙඩියක බර ග්‍රෑම් 600 - 1000 ත් අතර වීමය.අනෙක් අතට පාරිභෝගික ජනයාද මෙම වර්ගයේ ගෙඩි වල පොත්ත ඉතා තුනි වීම හා විශාල වශයෙන් මාංසල පිහිටීම නිසා මිලදී ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වයි.
TJC අඹ වගාවේ මූලාරම්භය වශයෙන් සැලකෙන ගල්කිරියාගම දඹේවටන එල්ලාවල ෆාම් ගොවිපොළෙන් මේ වගාවන්ට හොඳින් අතහිත දීමට කටයුතු කරන අතර රට පුරා වගා කරුවන්ට මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම හොඳ පැළ ලබා ගැනීමේ අවස්ථාව ද එහිදී උදාකර දී ඇත.අඹ වගාවක් කිරීමට නම් ඒ සදහා හොද තත්ත්වයේ ගුණාත්මක පැල ලබා ගැනීමට අවශ්‍ය වේ.මේ සඳහා ගුණාත්මක පැලයක් ලබා ගන්නේ ගන්නෙ TJC අඹ මව් ශාකයයෙනි. වර්තමානය වන විට විවිධ වංචනික පරමාර්ථයෙන් මේ අඹ පැල විකිණීම හේතුවෙන් ගුණාත්මක බවින් තොර අඹ රටපුරා ව්‍යාප්තව ඇත.නමුත් හොඳ ඵලදාවක් උදෙසා හොඳ ප්‍රමිතියෙන් යුත් TJC පැලයක් අනිවාර්ය වේ.වර්තමානය වනවිට සුපිරි වෙළඳසැල්වල මෙම TJC අඹ වර්ගය අල්පොන්සු අඹ ලෙසින් හඳුන්වා විකිණීම් කරනු ලබයි. එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර TJC හා අල්පොන්සු යනු එකම හැඩයෙන් යුක්ත වුවත් වෙනස් රසයන්ගෙන් යුත් අඹ වර්ග දෙකකි.ගුණාත්මකභාවයෙන් යුතු පැලයක් නිවැරදිව තාක්ෂණයට අනුකූලව වගා කිරීමෙන් අනතුරුව වසර තුනක් ඇතුළත මල් හට ගන්නා අතර මාස අටක කාලයක් පුරාවට අඛණ්ඩව පල දැරීමේ හැකියාව පවතී.සාමාන්‍යයෙන් ඉහළ ගුණාත්මක මට්ටමින් යුතු අඹ කිලෝවක මිල රුපියල් 350ත් 700ත් අතර වේ.TJC අඹ හොඳ ඵලදාවක් ලබා ගන්නට නම් නිවැරදි ලෙස තාක්ෂණයට අනුකූලව වගා කළ යුතුය.අනිකුත් අඹ වගාවේදී මෙන් නොව මෙම අඹ වගාවේ දී අහස උසට දිවයන පරිදි රූස්ස අඹගස් අපේක්ෂා නොකරන අතර උපරිම උස අඩි හයත් අටත් අතර උසකට වැඩුණු ගසක් ඇතිවෙන පරිදි නඩත්තු කිරීමට වගබලා ගත යුතුය.
මහත් පරිශ්‍රමයක් දරමින් වෙහෙසකාරි ලෙස දෑත් දිගු කොට අඹ ඵලදාව නෙලීම වෙනුවට මේ ක්‍රමයෙන් සිදුකරන්නේ ඉතා අඩු වෙහෙසක් සිදුකොට බිම බලාගෙන රිසිසේ අඹ නෙලීමය.මෙය කුඩා දරුවෙකුට වුවත් පහසුවෙන් නෙළිය හැකි ක්‍රමයක් වන අතර අඹ ගස අන් අඹ මෙන් නොව ප්‍රමානයෙන් අසින් අඩුවේ. මේ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයන් එල්ලාවල ගොවිපළ හරහා හදුන්වා දි ඇත.
එල්ලාවල කෘෂි ගොවිපළ මඟින් මෙම අඹ විශේෂය වගාකිරීම සඳහා වු විශේෂිත ක්‍රමවේදය හදුන්වා දී ඇත්තේ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසය. මේ අඹ වගාකිරිමේ ක්‍රම කිහිපයක් හදුන්වා දී ඇත්තේ ය.අක්කරයට පැළ 72,100,150, 200 ක ප්‍රමානයට එම වගාවන් කළ හැකි අතර ඒවා එකිනෙකට වෙනස් විය හැකිය. මෙම Tjc අඹ වගාකරුවන්ට සිය රුචිකත්වය අනුව වගා කළ හැකි අතර ඒ සඳහා වූ ක්‍රමවේදයන් කිහිපයක්ද හදුන්වා දී ඇත්තේ ය. තෝරා ගන්නා වගා ක්‍රමය කුමක් වුවත් ඒ සෑම ක්‍රමයකින්ම ඉහළ ඵලදායිතාවක් ලබා ගැනීමට වගාකරුවන්ට හැකියාව ලැබෙයි.Tjc අඹ හොඳ ඵලදාවක් ලබා ගන්නට නම් වැදගත්ම දේ වන්නේ නිසි නඩත්තුවක් පවත්වා ගෙන යාමයි. මේ සඳහා වූ ක්‍රමවේදයන් එල්ලාවල ගොවිපල තුළින් හදුන්වා දි ඇත්තේය.නිවැරැදි Tjc අඹ වගාවක් පවත්වා ගෙන යාමට නම් වැදගත්ම දේ වන්නේ ඒ සඳහා නිරෝගි අඹ පැළ ලබා ගැනීමයි. නිරෝගි අඹ පැළ ලබාගත් පසු ඒ සඳහා වූ බිම සකස් කිරිමද නිවැරදි ක්‍රමයන්ට අනුවම සිදුවිය යුතුය. පැළ වලට අවශ්‍ය ජල සම්පාදනය, පොහොර යෙදිම මෙන්ම රෝග හා පරිබෝධ නාශක යෙදිම යන මූලික ක්‍රියාකාරකම් මෙහිදි වැදගත් වන අතර පැළ සිටුවීමෙන් පසුව පැළ කප්පාදු කිරිම ඉතා හොඳ පුහුණුවක් යටතේ කළ යුතුය.පැළයක් කප්පාදුවට නිවැරැදි තාක්ෂණික දැනුමක් අවශ්‍යව ඇති අතර ඒ සඳහා වූ නිවැරැදි උපකරණද අවශ්‍ය වේ. සෙකටියරය, ලූපරය මේ අඹ පැළ කප්පාදුවට යොදා ගැනෙන අතර කියතද මේ සඳහා නිර්දේශ කර ඇත. මෙම උපකරණ භාවිතා කිරීමෙන් Tjc අඹ පැළයකට කිසිම හානියක් නොවන අතර නිවැරදි කප්පාදුව මඟින් පැළයට නියමිත හැඩයක් ලැබෙන අතර අනවශ්‍ය අතුරිකිලි ඉවත් විමෙන් පැළයට ඉතා හොඳින් හිරුඑළිය ලැබේ. එය පැළයට වැළෙඳන රෝග පාලනයටද හේතුවක් වේ.
Tjc අඹ වගාකිරීමේ අරමුණ ඇතිව යමෙකු වගාවක් ආරම්භ කරන්නේ නම් පිළිපැදිය යුතු කරුණු කාරණා රැසක් වෙයි. මුලින්ම අඹ ප්‍රභේදයට ආවේණික රෝපණ දුව්‍ය තෝරා ගත යුතුය.දෙවැන්න වගා භුමිය සැකසිම හා සුදුසු වගා ක්‍රමයක් තෝරා ගැනීම කළ යුතුයි. අනතුරුව කාබනික පොහොර භාවිතය හා නිසියාකාරව අඹ පැළය සිටුවීමට වළ කපා ගත යුතුය.ඉන් අනතුරුව පැළ සිටුවීම මෙන්ම එයට අවශ්‍ය ජල සම්පාදනය ගැන අවධානය යොමු කළ යුතු අතර වසර 3 ක් ගතවන තෙක් ජල සම්පාදනය ඉතා හොඳින්ම සිදුවිය යුතුය. එම නිසා මෙම අඹ වගාවට පෙර සුදුසු ජල සම්පාදන ක්‍රමයක් තෝරා ගත යුතුය.මෙම අඹ ගස් වගා කිරීමේදි වඩා වැදගත් දේ පැළ කප්පාදු කිරීම හා ඒ සඳහා සුදුසු උපකරණ යොදා ගැනිමයි. අඹ වගාව තුළ හට ගන්නා වල් වර්ග මර්දනය අනිවාර්යයෙන්ම කළ යුතු අතර මේ සඳහා උදලු ගෑම, විසීකැති ගෑම වැනි දෑ කළ යුතුය.මල් හට ගැනිමෙන් පසු මල් විවිධ රෝග වලින් ආරක්ෂා කිරීම වැදගත් වේ. අඹ ගෙඩි බිත්තර ප්‍රමාණයට විශාල වීමෙන් පසු හොඳ අඹ ඵලදාවක් ලබා ගැනිමට නම් ඒ සඳහාම වෙන්වූ ආවරණ බෑගය දැමිය යුතුය. මෙය අඹ ගෙඩිය පළතුරු මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමටද හේතු වේ.පලතුරු මැස්සාගෙන් වන හානිය අවම කිරිමට පෙරමෝන උගුල් භාවිතා කිරිම කළ හැකි අතර අස්වනු නෙළීමේදි නිසි ප්‍රමාණයට මේරීමට ලක්වු අඹ පමණක් නෙළා ගැනිම කළ යුතුය. එසේම නෙලාගත් අස්වනු විධිමත්ව ශ්‍රේණිකොට අසුරා තැබීම කළ යුතුය.
Tjc අඹ වඩාත් උචිත වන්නේ විදේශිය වෙළෙඳපොළට වන අතර එයට හේතුව අපනයනයට ගැළපෙන ලෙස මෙම අඹ විශේෂයට ඉහළ වාණිජ වටිනාකමක් හිමි වීමය. එමනිසා මෙම වටිනාකම පවත්වා ගැනිම සඳහා අඹ ගෙඩියේ ගුණාත්මකබව ආරක්ෂා කළ යුතුය.මේ නිසා වගා කටයුතු ආරම්භයට පෙර ඉතා හොඳ රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුවාක් මෙන්ම නිවැරදි තාක්ෂණික ද්‍රව්‍ය අනුගමනය කිරිමට පුහුණුව ලත් ආයතනයක් හරහා දැනුමක් ලබා තිබීමද වැදගත් වේ.මෙම අඹ විශේෂයට වෙළෙඳ පොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින අතර මෙම අඹ භාවිතා කර නිශ්පාදනය කරන විවිධ නිශ්පාදනයන්ටද වෙළෙඳ පොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අඹ යොදාගත් වියළි ද්‍රව්‍ය, අඹ ජෑම් මෙන්ම අඹ බීම වර්ගද මේ වනවිට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත.Tjc අඹ පිළිබඳ වර්තමානයේ වැඩි ඉතා හොඳ ප්‍රවණතාවයක් වන්නේ එය පාසල් ප්‍රජාවටද අමතර ආදායමක් ලඟා කර දීමයි.
මේ වනවිට එල්ලාවල කෘෂි ගොවිපළ මඟින් පාසල් ඉඩම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර ඇති අතර එමඟින් දුෂ්කර පාසල්වල පවතින හිස් ඉඩම් සංවර්ධනය කිරීම මඟින් එම පාසල් වලට අමතර ආදායමක් ළඟාකර ගැනීමටද අවස්ථාව උදාකර දි ඇත.මෙය දේශබන්දු ටොම් එල්ලාවල මහතාගේ සංකල්පයක් මත බිහිවූවක් වන අතර මේ වන විට පාසල් කිහිපයකම මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වා ගෙන යන්නේ ය.Tjc අඹ අඹ වගාවේ සියලු තාක්ෂණික ක්‍රමවේදයන් වසර 25 ක් මුළුල්ලේ කරන ලද දිගු කාලීන පර්යේෂණයන් රැසක ප්‍රතිඵලයකි.මේ වන විට මෙම තාක්ෂණික දැනුම යොදා ගනිමින් අද විශාල පිරිසක් TJC අඹ ප්‍රභේද මගින් විශාල විදේශ හා දේශීය වෙළඳපොල ජයග්‍රහණයක් ලබා ඇත.
2025 දී අපනයන ආදායම දෙගුණයක් කර ගැනීමේ වත්මන් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ඉලක්කයට අනුව යමින් ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ TJC අඹ අපනයනය ඉහල නැන්වීමට සහ අගයදාම සංවර්ධනය මගින් වැඩි වෙළඳපලක් විවෘත්ත කරගැනීමත් අරමුණු කරගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. අපනයන ගම්මාන 5000 වැඩසටහන මෙන්ම මේ වන විට ප්‍රාථමික කර්මාණ්ත අමාත්‍යංශය යටතේ අඹ පැල දසකෝටියක් බෙදා දීමේ ව්‍යාපෘතියක්ද රට පුරා ක්‍රියාත්මක කර තිබීම මගින් අනාගතයේ අඹ පලදාව වැඩිකරගනිමින් අගයදාම සංවර්ධනය මගින් වැඩි වෙළඳ වටිනාකමක් ලබාගනිමින් අපනයන ආදායම ඉහල නන්වා ගැනීමට විශාල ශක්තියක් වනු නොඅනුමානය. ඒ වෙනුවෙන් අඹ වගා කරන්නන් අඹ ආශ්‍රිතව නව වෙළඳ මානයන් සොයා යන්නන් වෙනුවෙන් සහය දැනුම සහ ආධාර ණය උපදෙස් ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම අංශය නවීකරන අගයදාම සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරීන් ක්‍රියාත්මක වේ.
Mangifera Indica என விஞ்ஞான பெயரில் அழைக்கப்படும் மா ஆனது Anacadiecie தாவரங்களுக்குள் அடங்கும். மா இந்தியாவில் தோன்றிய பயிராகும். இலங்கையில் வீட்டுப்பயிராக காணப்படும் மா ஆனது மலையகத்தை தவிர ஏனைய எல்லா பிரதேசங்களிலும் காணப்படும். உலர் பிரதேசங்களில் வர்த்தக பயிராக மா பயிரிடப்படுகிறது. புதிய நலச்செழுமையான பழமாக காணப்படும் மா ஆனது இலங்கை மற்றும் வெளிநாட்டு சந்தையில் எப்போதும் தழும்பாத கேள்வியை கொண்டுள்ளது. அதுமட்டுமல்லாது மாவினால் தயாரிக்கப்படும் ஜாம் , கோடியல் , சட்னி , அச்சாறு முதலானவைக்கு அதிஇமான ஏற்றுமதி கேள்வி உள்ளது.
இலங்கையில் மா பயிரிடப்பட்டுள்ள நிலப்பரப்பானது ஹெக்டயார் 27,846 ஆக உள்ள அதேவேளை மொத்த உற்பத்தி 72,692 மெட்ரிக் டன்களாகும். இதன்மூலம் 18 மெட்ரிக் டன் அளவு ஏற்றுமதி செய்யப்படுகிறது. மா சார்ந்த உற்பத்திகள் பல்வேறு முறைகளில் சந்தையில் காணப்படுகிறது. மா ஆனது மருத்துவ குணங்கள் உள்ள பழமாகும். நடுத்தரமாக பழுத்த ஒரு மாவை உட்கொள்வதன் மூலம் உடலுக்கு தேவையான விற்றமின்கள் மற்றும் கனியங்கள் கிடைக்கப்பெறுகிறது. மேலதிகமாக உடல் சூடு காரணமாக ஏற்படும் அசாதாரண நிலைமைகளை தணிக்கவள்ளது. பழுத்த மாம்பழம் ஆனது இரவு பார்வைக்குறைபாட்டை தடுக்கவும் தோள் செழுமையை பேணவும் மிக உகந்தது. பெண்களின் மாதவிடாய் செயன்முறையை சீராக நடைபெற செய்யவும் மா மிக உகந்த பழமாகும். மா வின் ஏனைய பாகங்களும் மருத்துவ குணம் மிக்கது.
இலங்கையில் இதுவரை வெவ்வேறு இன மா பயிரிடப்படுகிறது. மா இனத்தின் ராஜாவாக கருதப்படும் TJC முதன்மையான இனமாகும். இந்த வகை மாம்பயிரின் ஆரம்ப உற்பத்தியாளர்கள் இலங்கையர் இருவராவர். 1993 இல் அவ்விருவரும் மேற்கொண்ட ஆராய்ச்சியின் விளைவாக இந்த ருசியான பழம் கண்டுபிடிக்கப்பட்டது . அவர்களுக்கு செழுத்தும் மரியாதையாக அவர்களின் பெயரின் முதல் எழுத்துகள் இந்த பழத்திற்கு பெயராக இடப்பட்டுள்ளது. நாட்டில் உலர் மற்றும் மத்தியஇடை பிரதேசங்களில் இப்பயிரானது சிறப்பாக வளர்கிறது. இந்த மா வகைக்கு விவசாயிகள் அதிக கவனம் செலுத்த காரணமாவது இதன் நிறை 600-1000 கிராம்கள் வரை உள்ளதோடு அதன் தோற்றம் கவர்ச்சிகரமாக உள்ளதாலுமாகும். நுகர்வோரும் இதன் மீது அதிக ஆர்வம் கொள்ளவும் இப்பழத்தின் தோற்றம் காரணமாகும். .
TJC மா பயிர்ச்செய்கையின் தாயகமாக கருதப்படும் கல்கிரியாகம இல் எல்லாவல பாம் இல் இந்த பயிர்ச்செய்கைக்கு அதிக அளவில் கவனிப்பு காணப்படுவதோடு நாடுமுழுவதும் தோட்டக்காரர்களுக்கு தேவையான தொழில்நுட்ப அறிவு மற்றும் நல்ல விளைச்சலுக்கான சந்தர்ப்த்தையும் உருவாக்கி கொடுத்துள்ளது. மா பயிர்ச்செய்கை மேற்கொள்வதாயின் சிறந்த நாற்றுகளை பெற வேண்டும் இதற்காக செழுமையான நாற்றை பெறுவது தாய்ப்யிரான TJC தாய்ப்பயிரிளாகும் . இன்றளவில் வாடிக்கையாளரை ஏமாற்றும் வகையில் வித மோசடி நடவடிக்கையிலும் ஈடு படுகின்றனர். ஆனாலும் சிறந்த விளைச்சல் இலாபம் பெற தரமான TJC நாற்றுப்பயிர் அத்தியாவசியம் ஆகுமீ. நடைமுறையில் TJC மாம்பழங்களை அலபொன்சு என்ற பெயரில் சிறப்பங்காடிகளில் காணலாம். இது முற்றாக தவறானது. உருவில் இரண்டும் ஒத்தாக காணப்பட்டாலும் சுவையில் இவ்விரண்டும் வித்தியாசமாகும். முறையான நுட்பங்களோடு இதனை பயிரிட்ப்படும் போது மரமொன்றில் 3 ஆண்டுகளில் பூ உருவாகும் அதேவேளை 8 மாதகால அளவில் பழம் உருவாகும் சந்தர்ப்பமுள்ளது. பொதுவாக உயர் நலச்செழுமையான மாம்பழங்களின் ஒரு கிலோ ஆனது 350-700 ரூபா ஆகும். TJC மா வில் சிறந்த விளைச்சலை பெற முறையான பராமரிப்புகளோடும் நுட்பங்களோடும் பயிரிடல் வேண்டும். பயிர்ச்செய்கையில் மரமொன்றின் உயரம் 6-8 அடிகளிற்கு அதிகமாகாமல் பராமரிக்க வேண்டும்.
எல்லாவல விவசாய பண்ணை மூலம் விஷேடமாக மாம்பயிர்ச்செய்கை நுட்ப முறைகளை கண்டுபிடிக்கப்பட்டமை காலகாலமாக மேற்கொள்ளப்பட்ட ஆய்வுகளின் விளைவிலாகும். ஏக்கரொன்றிற்கு 72,100,150,200 அளவில் அப்பபயிர்ச்செய்கையை மேற்கொள்ளலாம். அளவ்களில் மாற்றம் ஏற்பட இடமுள்ளது. எம்முறைமிலாயினும் இந்த TJC பயிரிடப்படுவதன் மூலமாக சிறந்த இலாபம் பெறலாம். சிறந்த பராமரிப்பே விளைச்சலை அதிகரிக்கவள்ளது. பராமரிப்பில் முறையான நாற்றை தெரிதல் , இடத்தை முறையாக ஒழுங்கு படுத்தல் , நீர்ப்பாசன வசதி , உரமிடல் , முறையாக சூரிய ஒளி கிடைக்கசீசெய்தல் என்பன பிரதானமாகும்.
Tjc பயிரிடலில் நோக்கத்துடன் பயிர்ச்செய்கையில்
வெற்றிபெற பல்வேறு முறைகள் உள்ளது. இடத்தை தெரிதல் , நலமான பயிரை இனங்காண்தல் , தேவையான நீர்ப்பாசன வசதிகளை அமைத்தல் (3 ஆண்டுகள் வரை அத்தியாவசியம் ஆகும் ) என்பன கவனிக்கப்பட வேண்டிய விடயங்களாகும். பீடை தாக்குதலை கட்டுப்டுத்தல் கட்டாயமாகும். பூ பூத்தவுடன் அதற்கு நோய் தொற்றாதவாறு கவனித்தல் வேண்டும். முட்டை அளவில் மா உருவானவுடன் அதற்கேயான உரையை இடுதல் வேண்டும். இது பூச்சிகளின் தாக்கத்தை கட்டுப்படுத்தும்.
TJC பழமானது அதிக கேள்வியை கொண்டுள்ளது வெளிநாட்டு சந்தைகளிலாகும். இதற்கு காரணமாவது ஏற்றுமதிக்கேற்ற வர்த்தக பெறுமதியை இது கொண்டுள்ளதாலாகும். இதன் பெறுமதியை தக்க வைத்துக்கொள்ள மாம்பழத்தின் செழுமையை பேண வேண்டும் . மா சார்ந்த ஏனைய உற்பத்தி பொருட்களுக்கு ஜாம் , மாம்பழ பானம் பொன்றனவற்றுக்கு உயர்ந்த கேள்வி உண்டு.
இன்றளவில் எல்லாவல விவசாய பண்ணை ஊடாக பாடசாலை நில அபிவிருத்தி வேலைத்திட்டம் ஆரம்பிக்கப்பட்டுள்ளதோடு அதன்மூலமாக வரிய பாடசாலைகளில் காணப்படும் காலி நிலங்களை அபிவிருத்தி செய்வதனூடாக வருமானம் கிடைக்கத்தக்கவாறு சந்தர்ப்பம் அமைந்துள்ளது. இது தேசபந்து டொம் எல்லாவல அவர்களின் திட்டத்திற்கமைய உருவாக்கப்படுள்ளதோடு இது நாடு முழுவதும் பாடசாலைகளில் செயற்பட்டு வருகிறது. Tjc பயிரின் அனைத்து நுட்ப முறைகளும் 25 வருடங்களாக மேற்கொள்ளப்பட்ட ஆய்வுகளின் விளைவுகளாகும். இன்றளவில் இந்த நுட்ப முறைகளை மேற்கொள்பவர்கள் உள்நாட்டு , வெளிநாட்டு சந்தைகளில் சிறப்பான இலாபத்தை பெற்று வருகின்றனர்.
2025 இல் ஏற்றுமதி வருமானமானது இருமடங்காக்குவதற்காக ஆரம்ப கைத்தொழில் மற்றும் சமூகநல அமைச்சர் கௌரவ தயா கமகே அவர்களின் இலக்கிற்கு அமைய உலக வங்கி நிதியனுசரணையில் விவசாய நவீனத்துவம் வேலைத்திட்டத்தில் TJC மா ஏற்றுமதி அபிவிருத்தி மற்றும் பெறுமதிசேர்ப்பு மூலமாக அதிக சந்தை வாய்ப்புகளை பெறுவதற்காக பல்வேறு வேலைத்திட்டங்கள் நடைமுறைப்படுத்தப்படுகிறது. ஏற்றுமதி கிராமங்கள் 5000 வேலைத்திட்டத்தினூடு ஆரம்ப கைத்தொழில் அமைச்சு மூலமாக பத்து கோடிகள் நாற்று பகிர்ந்தளித்தல் வேலைத்திட்டம் நாடு முழுதும் நடைமுறைப்படுத்தப்படுகிறது. இதன் மூலமாக எதிர் காலத்தில் மா பயிர்ச்செய்கையை செழுமைப்படுத்த மிக உருதுணையாகும். இதற்காக மா பயிர்ச்செய்கையாளர்கள் உதவி , அறிவு மற்றும் நிதியுதவி போன்றவற்றிற்காக ஆரம்ப கைத்தொழில் அமைச்சில் அபிவிருத்தி அதிகாரிகள் நிருத்தப்படுள்ளனர்.
The mango tree, known as the botanical Mangifera indica, belongs to the Anacardiaceae plant. The origin of mango is known to be India. Mango tree can be often seen in home gardens and all the regions except in Highlands. In the dry zone mango still can be considered as a commercial crop.There is an ever-growing demand for mango, which is recognized as a fresh high quality fruit. There is an increasing export demand for jam, cordial, chutney and pickles which are recognized as mango preserved products.
The extent of mangoes cultivated in Sri Lanka is about twenty seven seven hundred and forty six hectares and the total production is about seventy two hundred and ninety two hundred and ninety two hundred ninety two metric tonnes of which is exported. The mango is also eaten as raw material. The mango dried its flesh into pieces and crushed it to the market. After eating a medium-sized ripe mango, the human body can get enough vitamin A and C every day. In addition, a drink made with raw mangoes can cure many ailments caused by body temperature. In addition, raw mango gastrointestinal disorders and blood related disorders It is also used for the prevention of ailments. The mangoes can also be used for the prevention of night blindness and skin health. In addition, mangoes and nuts are used to treat diarrhea and various diseases related to the female reproductive system. Can be used. The leaves, roots and bark of the mango plant are also used for various remedies.
There are many mango varieties currently grown in Sri Lanka. Among them, TJC mango is considered to be the new king of the world. The mangroves are the originators of Sri Lanka. Tom Ellawala is a businessman and his friend Juan. The fruit of this delicious fruit was introduced to the world in 1993 as a result of research carried out using the technical know-how of Mr. Carlos. This delicious variety of mango tribute to the enāṭa as TJC used letters of their names in the ladī.raṭē dry and intermediate zones of the variety grow well. Farmers are also increasingly attracted to this variety because of the attractive appearance, size, and weight of mangoes, which are 600 to 1000 grams. Due to its thinness and bulky flesh, you are more likely to buy.
The Galkiriyagama Dambewatana Ellawala Farm Farm, which is considered to be the origin of mango cultivation, is being supported by these farms, providing technical know-how and good seedlings to growers throughout the country. A quality plant is obtained from the TJC mango plant. Nowadays mangoes are sold all over the country for various fraudulent purposes. However, a good quality TJC plant is a must for good yields. Nowadays, TJC mango varieties are sold in supermarkets as alfonsu mango. TJC and Alphonsu are two mangoes with the same shape but with different flavors. A quality plant can grow within three years after properly grown technology and will continue to bear fruit for up to eight months. A flowering plant of good quality can be produced within three years after its proper cultivation and lasts for eight months. Usually, the quality of high quality mango is between Rs.350 and Rs.700. Unlike in other mango cultivations, this mango plantation has a sky-like shape. Sa am̆bagas not expect the maximum height should be careful to maintain the height of the flooding tree grows six to eight feet.
Instead of exerting great effort and hand-harvesting mangoes, this method is made with minimal effort and is hand-picked by the mango tree. This is an easy way for even a small child and the mango tree is smaller than any other mango. Ellawala Farms has introduced the proper methods to do this.
Ellawala Agro Farm has introduced a special methodology for cultivating this mango. Several methods of cultivation of these mangoes have been introduced. One can cultivate 72,100,150 to 200 plants. Tjc mango growers can grow their tastes to suit their tastes. Regardless of the type of cultivation chosen, each of these methods enables growers to produce high yields. Ellawala farms have introduced the methods for this. The most important thing to maintain a proper Tjc mango cultivation is to get healthy mango plants. Once a healthy mango is obtained the ground preparation should be done according to proper methods. The basic functions of irrigation, fertilizers and pesticides are important for the plants. Pruning after planting should be done with good training. Proper technical knowledge and proper equipment is needed for pruning a tree. The mace is used for pruning and the saw is recommended for this purpose. Using these tools will not harm the TJC mango plant and the correct pruning will give the plant its proper shape and the plant will be well exposed to the sun by eliminating unwanted spots. It also helps to control the disease.
There are many things to consider when starting a TJC mango cultivation with the intention of cultivating mango. Planting materials that are native to the mango variety should be selected first. Thereafter, using organic fertilizer and proper planting of mangoes should be mined. After that the planting and irrigation needs to be taken care of. Therefore, prior to mango cultivation, a suitable irrigation system should be selected. Prevention of weeds in mango cultivation must be done with the help of malaria, scorching, etc. It is important to protect the flowers after flowering. In order to obtain good mango yield, the mask should be placed in a separate cover bag after the mangoes have grown to egg size. This also helps protect the mango from fruit flies. Pheromone traps can be used to minimize the damage from fruit flies and only harvested mature mangoes should be harvested. Also, the harvested grains should be properly sorted and packed.
Tjc mango is best suited to the foreign market because it has high commercial value for export. To maintain this value, it is important to select the best planting material before planting and have the knowledge of the proper technical know-how through a trained company. While there are many varieties of mango products available, there is a high demand in the market Maki. Dry mangoes, mango jams and mango drinks are in great demand in the market and Tjc is one of the great trends in mango nowadays, which is to provide extra income to the school community.
Ellawala Agro Farm has also commenced a project to develop school lands, which will provide additional income to these schools by developing bare lands in remote schools.This project was conceived by Deshabandu Tom Ellawala and is currently being implemented in several schools.Tjc All the techniques of mango cultivation are the result of many years of long term research.TJC mango varieties have gained huge overseas and local market success by using this technology now.
Minister Of Social Empowerment & Primary Industries, Honorable Daya Gamage’s vision is in keeping with the current objectives to double the export earnings by 2025, TJC is implementing various projects aimed at enhancing the export of TJC mango and opening up a market with value added development under the World Bank Funded Agriculture Modernization Value Development Project .
The 5000 Export Villages Program and the distribution of 10 million mango plants under the Ministry of Primary Industries will be a major boost to the export earnings of the country.Officers of the Modernization and Development Project of the Agriculture Sector have been working to provide assistance and knowledge assistance to mango growers in search of new trade routes for mango growers.