22/05/2025
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ - 2025
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සංගීත අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය සංගීත සම්මාන උලෙළ - 2025 සඳහා නිර්මාණ කැඳවීම. නිර්මාණ භාර ගැනීමේ අවසන් දිනය 2025 ජුනි මස 30 වෙනි දින වන අතර, එදින හෝ එදිනට පෙර ලේකම්, රාජ්‍ය සංගීත අනුමණ්ඩලය, ප්‍රවර්ධන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වෙනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට තැපෑලෙන් එවීමට හෝ ගෙනැවිත් භාරදිය හැකිය.
புத்தசாசன, சமய மற்றும் கலாசார அலுவல்கள் அமைச்சகம், கலாசார அலுவல்கள் திணைக்களம் இலங்கை கலை கழகம் மற்றும் அரச இசை குழு இணைந்து ஏற்பாடு செய்யும் அரச இசை விருது விழா - 2025க்கான விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளது. இசைப் படைப்புகள் ஏற்றுக்கொள்ளப்படும் இறுதி திகதி 2025 ஜூன் மாதம் 30 ஆகும், மேலும் அவற்றை தபால் மூலம் அனுப்பலாம் அல்லது அந்த திகதியில் அல்லது அதற்கு முன் செயலாளர், அரச இசை குழு, ஊக்குவிப்பு பிரிவு, கலாசார அலுவல்கள் திணைக்களம், 8வது மாடி, செத்சிரிபாய, பத்தரமுல்லை என்ற முகவரிக்கு வழங்கலாம்.
Invite for entries for the State Music Awards Ceremony - 2025, jointly organized by the Ministry of Buddhasasana, Religious and Cultural Affairs, Department of Cultural Affairs, Sri Lanka Arts Council and State Music Council. The last date for receipt of entries is 30th June 2025, and entries can be sent by post or delivered on or before that date to the Secretary, State Music Council, Promotion Division, Department of Cultural Affairs, 8th Floor, Sethsiripaya, Battaramulla.
To download circular and application goto departmemt of cultural affiars web site.
Web link - www.culturaldept.gov.lk
16/02/2024
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සංගීත උපදේශක සභාව එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය සංගීත සම්මාන උලෙළ - 2024
2024 මාර්තු මස 06 වෙනි දින ප.ව. 6.00 ට නෙළුම් පොකුණ එළිමහන් රංගපීඨයේ දී෴
21/11/2023
තුන්පත් රෑනක හැඟුම් සන්නායකය
“තුඩු”
වාද්‍යවේදී උපහාර ප්‍රසංගය෴
12/10/2022
"ස්වර අඹර"
සුභාවිතයේ ස්වර පෙළහර
සුභාවිත ගීත සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම හා නව නිර්මාණ ජනගත කිරීම සඳහා ප්‍රවීණ හෝ නවක නිර්මාණකරුවන්ගේ ගීත නිර්මාණ සිදුකර ගැනීමට පහසුකම් සැපයීමේ අරමුණින් නව වැඩසටහනක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර ඇත.
ඒ අනුව සුභාවිත ගීත නිර්මාණය කිරීමට වෑයම් කරන කලාකරුවන් උදෙසා සහයවීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් “ස්වර අඹර” වැඩසටහන ආරම්භ කර ඇති බැවින් කලා ක්ෂේත්‍රයේ නියුතු හෝ කලා ක්ෂේත්‍රයට පැමිණීමට අපේක්ෂා කරන නිර්මාණ ශිල්පීන්ගෙන් අයදුම්පත් කැඳවේ.
සංගීතවත්කොට පටිගත කරගැනීමට අවශ්‍ය ඔබගේ නිර්මාණය, පහත ගූගල් සබැඳිය මගින් යොමු කරන්න.
https://forms.gle/Kn5DzNmHr3QFeciV6
12/10/2022
“ස්වර අඹර”

23/02/2022
රාජ්‍ය නාට්‍ය උලෙළ - 2021
அரச நாடக விழா - 2021
State Drama festival - 2021