30/08/2026
නුවරඑළියට ගියොත් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනේ ලස්සන තැනක් තමයි Moon Plains. (සඳතැන්න)🌿🤍
වටේම තියෙන කඳු, තණබිම්, සීතල සුළඟත් එක්ක මෙතනට ගියාම නුවරඑළියේ වෙනස්ම සුන්දරත්වයක් අත්විඳින්න පුළුවන්. ☁️🏔️
විශේෂයෙන්ම උදේ පාන්දර හෝ මීදුම අඩු වෙලාවක ගියොත් වටපිටාව ලස්සනට බලන්න පුළුවන්. 📸✨
🚙 යන විදිහ:
අපි නම් pick me එකක් දාගෙන ticket counter එක වෙනකන් ගියේ.එතන ඉඳන් උඩට යන්න ඕනේ සෆාරි ජීප් වල.ජනවාරි මාසයේ local අයට ජීප් එකේ ගාස්තුව වුනේ රුපියල් 3000යි.මට මතක විදිහට 6 /7 කට වගේ ඒ ජීප් එකක යන්න පුලුවන්.අපෙ එකේ ගියේ අපි දෙන්නා විතරයි 💚අපිත් එක්ක සෆාරි ජීප් එකේ යන කෙනා ඈත කඳුපන්ති ගැන ලස්සන කතාවක් කියලා දෙනවා
🤍 අපේ අත්දැකීම:
නිදහසේ nature එක විඳින්න කැමති නම්, නුවරඑළියේ crowded places වලින් ටිකක් ඈත් වෙලා වෙනස්ම experience එකක් ගන්න කැමති නම් Moon Plains කියන්නේ list එකට දාගන්න වටින තැනක්..
📍 Moon Plains – Nuwara Eliya
තවත් ලස්සන තැනක් මගේ Diary එකට එකතු වුණා. 🤍