Youth Third Eye

Youth Third Eye

Share

Official FB page of Youth Third Eye , Youth Organization

18/05/2024

දේශපාලන බල උවමනාවන් මත ගොඩනැගි කුරිරු යුද්ධයකට සදහටම තිත තබා වසර 15 යි...

වසර ගණනක් පැසවමින් තිබූ වාර්ගික ගැටලුවට සහ දේශපාලන ගැටලුවලට නිසි විසදුම් සපයා නොදීම හේතුවෙන් සහ පුද්ගලික උවමනාවන් මත සිදු වූ ක්‍රියා නිසා සමස්ථ රටේම ඉදිරි ගමන නැවතූ සිදුවීම් දාමයක් ඇති විය. එයට තැබූ තිත කොමාවක් නොකර ගැනීමට සියලු දෙනා වග බලා ගත යුතුය

තාරුණ්‍යයේ තෙවැනි ඇස

12/05/2024

Happy Mothers Day ❤

01/05/2024

වැඩකරන ජනතාවට සහ ශ්‍රම බලකායේ පුරුක්වලට උපහාරයක්ම වේවා..!!

17/04/2024

කලකට පසු...
ලබන මස බලාපොරොත්තු වන්න

තාරුණ්‍යයේ තෙවැනි ඇස

15/01/2024

ඔබත් සංකල්පනාවන්ට හපන් රචකයෙක් ද ? නොඑසේ නම් සාහිත්‍යය රුචියෙක් ද ? 👌🎭

තාරුණ්‍යයේ තෙවැනි ඇස , වෙනස පුවත්පත් කමිටුව විසින් සයමාසිකව පළ කරනු ලබන වෙනස සඟරාවේ සිව්වන පත්‍රය එළඹෙන මාර්තු මස අවසානයේ පළ කිරීමට අදහස් කර ඇත.

"අදුරු පටල මඟින් වැසී ඇති ලෝකය හා සමාජයට පහනක් වීම අරමුණු කරගෙන මෙකී සඟරාව නිර්මාණය වේ"

💓 මෙම සඟරාවේ නිර්මාණ පිටුව වන ශාස්ත්‍ර පිටුව සඳහා ඔබගේ නිර්මාණ සඳහා මෙවරත් ඉඩ හසර වෙන් කිරීමට අප අදහස් කර ඇත.

වැඩි විස්තර සදහා Google පෝරමයට යොමු වන්න.

https://forms.gle/TVMZcwEDnfpeWMef6

YTE Sri Lanka.

31/12/2023

ලක්වාසී සැමට මෙන්ම ලෝක වාසී සියල්ලන්ටම සුබ නව වසරක් වේවා ❤

24/12/2023

Merry Christmas to all of you 🎄⛄
- Best wishes from , Youth Third Eye

23/12/2023

මහපොළ... ඇහුව ගමන් මතක් වෙන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට මාසිකව ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය.

" ප්‍රමාද කළ මහපොළ වහා දියව් ! " අද දිනවල විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රමුඛ සටන් පාඨයක්.

මොකක්ද ඇත්තටම මේ මහපොළ කියන්නේ ? මොකක්ද ඒකෙ සැගවුණ කතාව ?

~ 1977 පෙරළිය ~

1977 මහ මැතිවරණය කියන්නෙ ලංකාවේ ගමන් මඟ වෙනස් කරපු අවරුද්දක්. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුක්ත එජාප රජයක් බිහිවන්නේ එවකට ජාතික රාජ්‍ය සභාවේ ආසන 168 න් 140 කම බලය අත්කරගනිමින්. සමස්ත රටේම ආර්ථිකය තුල පුළුල් පෙරළියක් ඇති වෙනවා විතරක් නෙමෙයි ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රමුඛ අරමුණක් වන විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් ක්‍රියාවට නැංවෙනවා.

ජයවර්ධන රජයේ ආර්ථික දැක්ම ජනතාව අතරට ගෙන යන වගකීම පැවරී තිබුණේ සාමාන්‍ය පුද්ගලයෙකුට නම් නෙමෙයි. ඒ තමා එවකට වෙළඳ හා නාවුක ඇමති , ලලිත් ඇතුලත්මුදලි.

~ ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියා ~

1936 නොවැම්බර් 26 උපත ලද ලලිත් , කුඩා කල දී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අනතුරුව නීතිවේදි උපාධිය හැදෑරීමට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට යනවා. ඔහු එහි අධ්‍යාපනය අවසන් කිරීමට පෙර ඔහුගේ පියා අභාවප්‍රාප්ත වූ නිසා ඉගෙනීමට ආර්ථික දුෂ්කරතා ඇති වෙනවා. එය තරමක් දුරට මඟ ඇරුනේ ඔහුට ශ්‍රී ලංකා රජය විසින් ලැබුණු මාසික ආධාරය නිසයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දක්ෂ විද්‍යාර්ථයෙක් වුණා විතරක් නොවේ , ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරය තෙක්ම ගිය අයෙක්.

අනතුරුව 1964 දී ලංකාවට පැමිණ අධි නීතීඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.

1977 මහමැතිවරණයෙන් එජාපය වෙනුවෙන් රත්මලාන ආසනය ජයගෙන ව්‍යවස්ථාදායකයට ඇතුල් වෙන්න ඔහු සමත් වුණා.

මොකක්ද මේ මහපොළ ?

දරිද්‍රතාව පිටු දැකිය හැක්කේ ඉගෙනීම තුලින් පමණක් බව ලලිත් මහතා ප්‍රබලව විශ්වාස කළ බව ඔහුගේ සමකාලීනයන් කියල තියෙනවා. නමුත් නිදහස් අධ්‍යාපනය තිබූ පලියට එය ඉගෙනීමට ප්‍රමාණවත් නොවන බව කී ඔහු රටටත් බරක් නොවන ජනතාවටත් බරක් නොවන ශිෂ්‍යයාටත් පීඩාවක් නොවන හරි අපූරු යෝජනාවක් හදුන්නල දෙනවා.

1981 ඔක්තෝම්බර් 06 දින තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ... ඒ තමයි ,

- මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල් පනත් කෙටුම්පත -

මේක සම්පූර්ණයෙන් ම අලුත්ම කතාවක්. මෙන්න මේකයි කතාව.

උසස් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවනවා. ඒ අරමුදලට මුදල් එක්රැස් කරනවා. අරමුදලට හිමි වන වාර්ෂික පොලියෙන් ආර්ථික අපහසුතා ඇති සිසු සිසුවියන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමක් කරනවා.

මේක දෙනකොට ලලිත් ඇතුලත්මුදලි කිව්වේ එක දෙයයි. " මේ සමාජයෙන් දිය හැකි දේ ඔබට ලබා දෙනවා. උසස් අධ්‍යාපනය ලබා ඔබෙන් සමාජයට දිය හැකි දේ ලබා දෙන්න."

අරමුදල පිහිටුවන්නේ 1981 ඔක්තෝම්බර් 11 දින. , ඉලක්කය වුණේ ලක්ෂ 10 ක අරමුදලක් පිහිටුවා ගනිමින් ලැබෙන පොලියෙන් ශිෂ්‍යාධාර ලබා දීම. ඒ සඳහාම මහපොළ ලොතරැයිය හදුන්වා දුන් අතර එහි වටිනාකම රුපියල් දෙකක් වුණා.

~ ප්‍රමුඛ නිර්ණායක ~

ආරම්භයේදී නිර්ණායක කිහිපයක් යටතේ මේ ශිෂ්‍යාධාර ප්‍රදානය සිද්ද වුණා. දක්ෂතාවන් සහිත සිසුන් , දිළිඳු සිසුන් , රැකියාවක් සහිතව උසස් අධ්‍යාපනයේ නිරත සිසුන් , විශේෂ ශිෂ්‍යත්වය ලෙස ප්‍රදානය කරපු මහපොළ ශිෂ්‍යාධාරය අද වන විට වඩාත් ක්‍රමවත් මට්ටමක් යටතේ ප්‍රදානය කිරීමට උත්සාහ දැරීම අපිට දැකගන්න පුළුවන්...

~ මහපොළ ප්‍රදර්ශනය ~

මහපොළ අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින් පවත්වන තවත් වැඩසටහනක් තමයි මහපොළ ප්‍රදර්ශනය කියල කියන්නේ. පසුගියදා මෙහි 226 වැනි ප්‍රදර්ශනය පවා පැවැත්වුණා. මේ වගේ නව ක්‍රමවේද රාශියක් මඟින් එක්රැස් කරගනු ලබන අරමුදල හරහා මහපොළ ආධාරය ලබා දීම සිද්ද වෙනවා.

බුද්ධිමය කේන්ද්‍රය
තාරුණ්‍යයේ තෙවැනි ඇස
Youth Third Eye

ප.ලි. : ඔබේ අදහස් උදහස් සහ මහපොළ ක්‍රමවේදයේ වත්මන් තත්ත්වය ගැන comment මඟින් පල කරන ලෙස අප ඉල්ලා සිටිමු.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo