13/07/2026
න්යෂ්ටික අධිකරණ විද්යාව පිළිබඳ මූලික හැඳින්වීම සඳහා වූ කලාපීය පුහුණු පාඨමාලාව ශ්රී ලංකාවේදී ආරම්භ වේ
2026 ජූලි 13 – කොළඹ
ශ්රී ලංකාවේ න්යෂ්ටික ආරක්ෂාව සම්බන්ධ ජාතික බලධාරී ආයතනය (NCA) වන ශ්රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) විසින් ජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සමඟ සහයෝගයෙන් සංවිධානය කරනු ලබන "න්යෂ්ටික අධිකරණ විද්යාව පිළිබඳ මූලික හැඳින්වීම සඳහා වූ කලාපීය පුහුණු පාඨමාලාව" 2026 ජූලි මස 13 සිට 17 දක්වා කොළඹදී පැවැත්වේ.
මෙම කලාපීය පුහුණු වැඩසටහන, ඒකාබද්ධ න්යෂ්ටික ආරක්ෂක තිරසාර සැලැස්ම (Integrated Nuclear Security Sustainability Plan – INSSP) යටතේ 2025 දෙසැම්බර් මාසයේ ශ්රී ලංකාවේ පැවති ක්රියාත්මක කිරීමේ සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස සංවිධානය කර ඇත. න්යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්රව්ය සම්බන්ධයෙන් මතුවිය හැකි ආරක්ෂක තර්ජන වැළැක්වීම හා ඒවාට ප්රතිචාර දැක්වීම සඳහා ජාතික සහ කලාපීය ධාරිතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ ශ්රී ලංකාවේ අඛණ්ඩ කැපවීම මෙම වැඩසටහන මඟින් තවදුරටත් තහවුරු කරයි.
මෙම පුහුණු පාඨමාලාව සඳහා මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, මොංගෝලියාව, වියට්නාමය සහ ශ්රී ලංකාව ඇතුළු IAEA සාමාජික රාජ්යයන් නියෝජනය කරමින් සහභාගිවන්නන් දාහත් දෙනෙකු (17) පමණ එක්ව සිටින අතර, IAEA නිලධාරීන් සහ න්යෂ්ටික අධිකරණ විද්යාව පිළිබඳ ජාත්යන්තර විශේෂඥයන් ද මෙම වැඩසටහනට සහභාගි වෙති.
මෙම පුහුණු පාඨමාලාවේ ප්රධාන අරමුණ වන්නේ න්යෂ්ටික හෝ වෙනත් විකිරණශීලී ද්රව්ය, අදාළ පහසුකම් හෝ ක්රියාකාරකම් සම්බන්ධයෙන් සිදුවිය හැකි අපරාධමය හෝ වෙනත් හිතාමතා සිදුකරන අනවසර ක්රියාවන්ට ජාතික ප්රතිචාර රාමුවක් තුළ න්යෂ්ටික අධිකරණ විද්යාව යොදාගන්නා ආකාරය පිළිබඳ සහභාගිවන්නන්ගේ දැනුම හා අවබෝධය වර්ධනය කිරීමයි. එමෙන්ම න්යෂ්ටික අධිකරණ විද්යා මූලධර්ම, විමර්ශන ක්රමවේද, අදාළ ආයතන අතර සම්බන්ධීකරණය සහ න්යෂ්ටික ආරක්ෂාව සඳහා න්යෂ්ටික අධිකරණ විද්යාවේ ප්රායෝගික භාවිතය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම ද මෙම වැඩසටහනේ අරමුණ වේ.
මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026 ජූලි 13 දින කොළඹ 03, ශ්රීමත් මොහොමඩ් මකාන් මාර්කර් මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි Ramada by Wyndham Colombo හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස විද්යා හා තාක්ෂණ අමාත්ය ගරු මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා සහභාගි වූ අතර, සිය ආරම්භක දේශනයේදී න්යෂ්ටික ආරක්ෂාව ජාතික ආරක්ෂාව, මහජන සෞඛ්යය සහ පරිසර ආරක්ෂාව සඳහා ඉටුකරන වැදගත් කාර්යභාරය පිළිබඳ අවධාරණය කළේය. තවද, IAEA සමඟ සහයෝගයෙන් මෙවැනි ජාත්යන්තර ධාරිතා සංවර්ධන වැඩසටහන් ශ්රී ලංකාවේ සංවිධානය කිරීම තුළින් රට කලාපීය න්යෂ්ටික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සපයන දායකත්වය ද එතුමා විශේෂයෙන් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා පහත සඳහන් IAEA හා ජාත්යන්තර ජාත්යන්තර විශේෂඥයන් ද සහභාගි වූහ.
ආචාර්ය ටෂීමා උල්රිච් මහත්මිය, ජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය.
ඇලෙක්සැන්ඩ්රු ෆ්ලොරින් මහතා සහ ග්රෙගරි බ්රෙනෙකා මහතා, IAEA ජාත්යන්තර විශේෂඥයන්.
එසේම ශ්රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව නියෝජනය කරමින් එහි සභාපති
මහාචාර්ය ජගත් පිටවල මහතා විසින් පිළිගැනීමේ දේශනය පවත්වමින් පුහුණු වැඩසටහනේ අරමුණු සහ අපේක්ෂිත ප්රතිඵල පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේය.
එසේම නියාමන සභවේ අධ්යක්ෂ ජනරාල්කපිල ද සිල්වා මහතා,
අධ්යක්ෂ (පරීක්ෂණ හා බලාත්මක කිරීම), ප්රගීත් කඩදුන්න මහතා
අනුමත කිරීම් වැඩබලන අධ්යක්ෂ සුමිත් කුමාර මහතා මෙන්ම ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) අධ්යක්ෂ (ජාත්යන්තර),) සහ IAEA සඳහා ජාතික සම්බන්ධීකරණ නිලධාරී එච්. එම්. එන්. ආර්. බණ්ඩාර මහතා සහභාගී විය.
මෙම කලාපීය පුහුණු වැඩසටහන IAEA සාමාජික රාජ්යයන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, න්යෂ්ටික ආරක්ෂාව සහ න්යෂ්ටික අධිකරණ විද්යා ක්ෂේත්රයන්හි ජාතික ධාරිතාවන් වර්ධනය කිරීම සහ ජාත්යන්තර හොඳම භාවිතයන් හුවමාරු කරගැනීම සඳහා වැදගත් අවස්ථාවක් සලසා දෙයි.
මෙම වැඩසටහන මඟින් න්යෂ්ටික හා අනෙකුත් විකිරණශීලී ද්රව්ය සම්බන්ධ ආරක්ෂක තර්ජන වැළැක්වීම, හඳුනා ගැනීම සහ ඵලදායී ලෙස ප්රතිචාර දැක්වීම සඳහා ජාතික හා කලාපීය හැකියාවන් ශක්තිමත් කිරීම තුළින් ගෝලීය න්යෂ්ටික ආරක්ෂාව තවදුරටත් ප්රවර්ධනය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇත.
මෙම වැඩසටහනේ සම්පුර්ණ ප්රධාන සම්බන්ධී කාරක ලෙස විද්යාත්මක නිලධාරී ප්රමෝද් මධුසංක මහතාත් සහාය සම්බන්දීකාරක ලෙස දිල්හාර විජේවර්ධන මහතාත්, මුල්ය නිලධාරිනී ලෙස නියාමන සභාවේ ගණකාධිකාරී නිසංසලා මධුෂා මහත්මියත්, කාර්යභාර නිලධාරිනී ලෙස ප්රසම්පාදන හා කළමනාකරණ නිලධාරිනී නදීකා බදුගේ මහත්මියත් ක්රියා කරනු ලබයි.
Regional Training Course on Basic Introduction to Nuclear Forensics
13–17 July 2026 | Colombo, Sri Lanka
The Sri Lanka Atomic Energy Regulatory Council (SLAERC), as the national competent authority for nuclear security in Sri Lanka, is hosting the Regional Training Course on Basic Introduction to Nuclear Forensics in collaboration with the International Atomic Energy Agency (IAEA). The training programme is being held from 13 to 17 July 2026 in Colombo, Sri Lanka.
This important regional initiative is organized as an outcome of the Integrated Nuclear Security Sustainability Plan (INSSP) and the implementation discussions held in Sri Lanka in December 2025. The programme reflects Sri Lanka's continued commitment to strengthening nuclear security and enhancing both national and regional capacities to address emerging threats involving nuclear and other radioactive material.
The training course brings together approximately 20 participants, including representatives from IAEA Member States such as Malaysia, Indonesia, Thailand, Myanmar, Mongolia, Vietnam, and Sri Lanka. Officials from the IAEA and internationally recognized experts in nuclear forensics are also participating in the programme.
The primary objective of the training is to familiarize participants with the role of nuclear forensics within a national response framework for effectively addressing criminal or other intentional unauthorized acts involving nuclear or other radioactive material, associated facilities, or related activities. The course is designed to enhance participants' understanding of nuclear forensic principles, investigative methodologies, inter-agency coordination, and the application of nuclear forensics in support of national and international nuclear security.
The inauguration ceremony was held at the Ramada by Wyndham Colombo, No. 30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03.
The event was graced by Hon. Prof. Chrishantha Abeysena, Minister of Science and Technology, as the Chief Guest. In his inaugural address, the Hon. Minister emphasized the importance of nuclear security in protecting people and the environment and highlighted Sri Lanka's growing regional role in promoting nuclear security through hosting international capacity-building programmes in collaboration with the IAEA.
The ceremony was also attended by several distinguished guests, including:
• Dr. Tashiema Ulrich, International Atomic Energy Agency (IAEA);
• Mr. Alexandru Florin and Mr. Gregory Brennecka, International Experts of the IAEA;
• Prof. Jagath Pitawala, Chairman, Sri Lanka Atomic Energy Regulatory Council (SLAERC); who delivered the welcome address and outlined the objectives of the training programme; and
• Mr. Kapila De Silva, Director General, SLAERC;
• Mr. Prageeth Kadadunna, Director (Inspection & Enforcement), SLAERC,
• Mr. K.S.S.Kumara, Acting Director (Authorization), SLAERC
• Mr. H.M.N.R. Bandara, Director (International), Sri Lanka Atomic Energy Board (SLAEB) and National Liaison Officer to the IAEA.
This regional training programme represents a significant milestone in strengthening cooperation among IAEA Member States and enhancing national capabilities in nuclear security and nuclear forensic response. By promoting knowledge sharing, regional collaboration, and the application of international best practices, the programme contributes to global efforts to prevent, detect, and respond effectively to nuclear security threats involving nuclear and other radioactive material.
Organizing team
Mr. Promod Madhusanka, Scientific Officer, SLAERC, Local Organizer
Mr. Dilhara Wijewardhana, Scientific Officer, SLAERC, assistant Local organizer
Ms. Nisansala Madhusha, Accountant, SLAERC, Finance Officer
Ms. Nadeeka Baduge, Management and Procurement Officer, SLAERC, Logistic Officer