The Alliance for Protection of Women and Children Against Cyber Crimes

The Alliance for Protection of Women and Children Against Cyber Crimes

Share

ශ්‍රී ලාංකාව තුල සයිබර් අපරාධ හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් වින්දිත භාවයට පත්වීමට තිත තැබීම.

සයිබර් අවකාශය තුල වින්ධිතයන් බවට පත්වන කාන්තාවන් හා ළමුන් ආරක්‍ෂා කිරීම සඳහා පවතින වගකිවයුතු ආයතනයන් මනාව සම්බන්ධීකරණය කරමින් සයිබර් අපරාධවලට එරෙහි කාන්තාවන් හා ළමුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පරිපූරණ කිරීම සඳහා අපේක්‍ෂිත සයිබර් අපරාධවලට එරෙහි කාන්තාවන් හා ළමුන් ආරක්‍ෂා කිරීමේ සන්ධානය පිහිටුවා ඇත .

14/09/2025

මොනවද මේ අයිස් කියන්නෙ?
ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝකේ හැම තැනින්ම අහෙන්න අයිස්... ඇත්තටම මොනවද මේ අයිස්...

අයිස් කියන්නෙ මිනිස්සු කටවචනෙට දාගත්ත එකක්. මේක ඇවිල්ලා මෙතෆෙටමින් නැත්තන් ක්‍රිස්ටල් මෙත් කියල කෙමිකල් එක... මේක කැට හැටියට කුඩු හැටියට පෙති හැටියට එනව. මේ කැට හැටියට එන එක ඇත්තටම අයිස් කෑලි වගේ.. ඔය ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කෑලි කෑලි වලට කැඩුවොත් අන්න ඒ පෙනුමට මේක ගොඩ සමානයි.. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම ආවේ..

❄️ #අයිස්_ගහනවා කියන්නෙ මොකද්ද..

කට කඩපු වීදුරු බල්බයක් හෝ බීකරයක් ඇතුලට අයිස් දාල යටින් රත් කරාම උඩට එන දුම බටයක් ආධාරයෙන් උරන එක තමයි ලංකාවේ ප්‍රකට ක්‍රමය..

( මේක කිවේ අයිස් ගහන්න පුරුදු කරන්න නෙමෙයි, පුතාගෙ කාමරේ ඇඳයට තිබුන බිඳුන බල්බ් එක මොකද්ද කියලා හොයපු නැති අම්මලා හිටියා, පුතාගෙ පොත්මේසෙ උඩ තිබ්බ පිච්චුන බීකරය විද්‍යාව පාඩමට ඕන එකක් වෙන්නැති කියලා හිතන් හිටිය තාත්තලා හිටියා.. එයාලට දැනගන්නයි ඒක ලිව්වෙ)

වෙන රට වල මේක රත් කරලා දිය කරලා සිලින්ජර්ස් වලට දාලා ඉන්ජෙක්ට් කරගන්න එක එකත් ක්‍රමයක්..

අයිස් කියන මත්‍ද්‍රවය මොන විදියට පාවිච්චි කරත්.. ඒකියන්නෙ නාහෙන් දුම ඇද්දත්, බිව්වත්, ඉන්ජෙක්ට් කරගත්තත් ,ගිල්ලත්... කෙලින්ම බලපෑම ඇතිවෙන්නෙ අපේ මොලේට..

අපේ මොලේ තියෙනව එක කොටසක්.. එතනින් තමයි සතුටේ හෝමෝනය ශ්‍රාවය කරන්නෙ.. ඒ කොටසේ සෛල වලින් තමයි මේ සතුටේ හෝමෝනය හෙවත් dopamine (ඩොපමීන්) කියන හෝමෝනය නිශ්පාදනය වෙන්නෙ.. කොටින්ම අපිට සතුට,පරිපූර්ණත්වය,වගේ හැඟීම් දැනෙන්නෙ ඒ හෝමෝනය ශ්‍රාවය වීමෙන්.. අපිට සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න පොලඹවන්නෙ මෙන්න මේ හෝමෝනය.. අපි කැමතිම සින්දුවක් ඇහුවම, කරගන්න බැරි වැඩක් ඉවරකරාම, රස ආහාර වේලක් කෑවම දැනෙනවා වගේ සතුට මිශ්‍ර උන හෙනම ෆිට් බවක් ඇතිවෙන්නත් මෙන්න මේ හෝමෝනය නිසා...

අයිස් ශරීර ගත උන ගමන් යන්නෙ මොලේ මෙන්න මේ කොටසට.. ගිහිල්ලා ඩොපමින් හදන ඒරියා එක උත්තේජනය කරනවා.. ඒ සමඟම අපේ මොලය ඩොපමින් විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය කරන්න ගන්නවා.. ඒක සමහරවිට ජිවිත කාලෙම හදපු නැති තරන් ඩොපමින් ප්‍රමාණයක් එක මොහොතෙම හදන්න ගන්නවා..

සාමන්‍යෙ අපේ මොලයේ ඩොපමින් 100%ජ් තියෙනවා කියල.. අපි රස කෑමක් කෑවම ඒක ත්ව 50%කින් විතර ඉහල ගිහින් අපිට ආශ්වාදයක් ලැබෙනවා. කෙල්ලත් එක්ක ආදරේ කරනවා හෝ වෙනත් ආශ්වාදය දැනෙන දෙයක් කරා කියමු, අපේ ඩොපමින් තවත් 100%කින් වැඩිවෙනවා..ඒ සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන්නෙ අපි ඔන්න ඔය ඩොපමින් ශ්‍රාවයට කැමති නිසා...

හැබයි අයිස් ගැහුවම මේ තියෙන 100% සතුට තාවකාලිකව 1000% ඒ කියන්නෙ දස ගුණයකින් වැඩි වෙනවාලු... ඉතින් ඔන්න අපිට පුදුම තරමේ ප්‍රීතියක්, උදයෝගයක්, පුදුම ආතල් එකක් දැනෙන්න ගන්නවාලු.

මතක තියාගන්න අයිස්ගහන උන් මත් වෙන්නෙ නෑ.. ඇස් රතුවෙන්නෙ නෑ... වදිනවා කියලා දේකුත් වෙන්නෙ නෑ.., වැනෙන්නෙ නෑ, කල්පනා කරන්නෙ නෑ.. ගල්බමුණ වෙන්නෙ නෑ.. කොටින්ම කුඩු ගැහුවා වගේ වෙන්නෙත් නෑ..

❄️ #ඇබ්බැහිවෙන්නෙ_ඇයි...

මාරම කික් එකකින් ආතල් එකකින් සතුටකින් පිරිලා ඉතිරිලා යනවා.. ඕන දෙයක් පැය ගනන් දවස් ගනන් කරන්න පුලුවන්, නින්ද අහලකවත් නෑ.. මාරම ත්‍රිල් එකේ දවස් ගෙවෙනවා.. බඩගින්නක්වත් එන්නෑ.. මොකද හොද කෑමක් කෑවම එන ත්‍රිල් එක, කෑමක් නොකාම දැනෙන නිසා... කෙලින්ම සුපර්මැන් පවර් එකක් එනවා වගේලු.. නිදිමරන් නොකා නොබී ඕන ගේමක් ගහන්න පූලුවන් කියළා තාවකාලික හැගීමකුත් එනවා.. ඒ නිසා ඕකට පටස් ගාල ඇබ්බැහිවෙනවා... දුර දුවන බස් ඩ්‍රයිවර්ලා ගොඩක් ඕක ගහනව කියන්නෙ ඒකයි.. මහන්සිය තෙහෙට්ටුව නිදිම්ත බඩගින්න මේ මුකුත් දැනෙන්නෑ...

රහ කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතෙන දෙයක් කරන එක, ආදරේ කරන එක, ක්‍රීඩාවක් කරන එක, මේ වගේ අපිට සතුට දනවන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන හැඟීම දෙන ඩොපමීන් ඉතා විශාල ප්‍රමාණයකින් නිපදවෙන නිසා අයිස් වලට මුල් කාලේ ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා..

❄️ ටික දවසකින් මොකද වෙන්නේ..

මේක ටික දවසක් දිගට වෙනවා... අයිස් එනවා.. මොලේ සෛල අවුස්සනවා. අතිවිශාල ප්‍රමාණයෙන් ඩොපමින් හදනවා.. අයිස් ගහන එකා සතුටින් ඉපිල යනවා.. ඔන්න ටික දවසක් ගියාම මොලේ සෛල වලට මහන්සීයි... මොකද ඩොපමින් නිශ්පාදනය ඉතාම වැඩී... සෛල වලට තව දුරටත් ස්වභාවිකව ඩොපමීන් නිශ්පාදනය කරගන්න බැරිවෙනවා.. ඒ කියන්නෙ මොලය අයිස් එනකන් බලන් ඉන්න ගන්නවා. ආවොත් විතරක් ඩොපමින් හදනවා.

කොටින්ම අයිස් නැතුව ඩොපමීන් හැදෙන්නෙ නැතුව යනවා.. සතුට නැති වෙනවා.. දැන් තමයි භයානකම කොටස... මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා.. අනවශ්‍යය භීතියක් ඒ මිනිහට දැනෙන්න ගන්නවා, අපේක්ශාභංගත්වයට පත් වෙනවා.. දැන් ඒ මිනිහට තේරෙන්න ගන්නවා මේක උනේ අයිස් ගහලා කියලා.. එයාට අයිස් ඕන්නෑ...හැබැයි එයාට ඩොපමින් ඕන.. ඩොපමින් ඕන නිසා එයා බැගෑපත් වෙනවා.. අනේ මට අයිස් ඕනා.. පොර දන්නවා මේක විනාසයක් කියලා.. හැබැයි ආයෙ හැරෙන්න බෑ. හැරුනත් ඩොපමින් නැතුව ජීවත් වෙන්න බෑ.. ඇඟ රිදෙනවා.. භය දැනෙනවා..
ඒකට උත්තරේ තව අයිස් හොයනවා... ආයෙම වලෙන් වලටම යනවා...

මේ තමයි ක්‍රිස්ටල් මෙත් වල හැටි... ගැලවෙන්න ඕන උනත්... කවදාවත් ගැලවෙන්න බෑ... භාවනා මෙඩිටේශන් මොනවා කරත් ගැලවෙන්න බෑ.. මිනිහටම තේරෙනවා මිනිහ අයිස් වලින් විනාස වෙන බව.. ඒත් ගැලවෙන්න බෑ...

ඒ නිසා කවූරු හරි අයිස් ගහන පලවෙනි දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නෙ..

❄️ අයිස් හදන්න පාවිච්චි කරන්නෙ මොනවද...

පුදුමයට පත්වෙන්නෙපා.. අයිස් හදන්න පාවිච්චි කරනකිස්ම දෙයක් ස්වාභාවික දේවල් නෙමෙයි.. ගහකොලකින් ගන්න දේවල් නෙමෙයි.. සියලුම දේ ලැබ් වල හැදෙන රසායන ද්‍රවය..

❄️ Pseudoephedrine - සූඩෝඇපිඩ්‍රින්

ස්වසන මාර්ගයේ අපහසුතා තියෙන අයට ඒක ක්‍ර්ලියර් කරන්න දෙන බෙහෙතක්.. අතුරු ආබාධ අධික නිසා මේක ඉතාම සුළු ප්‍රමාණයන් ගන්න ඕනා ඖශධයක් කියලා තමයි කියන්නෙ. අයිස් හදනකොට ඕවා ගෝනි ගණන් දාන්නෙ. ඉතින් සොරි.කොම් තමයි.

❄️Acetone - ඇසිටෝන්

Nail polish removers දන්නවනේ. ඒ තමයි ඔය ඇසිටෝන්. තින්ත වල ඝණත්වය අඩු කරන්න දාන කෙමිකල් එකක්.. හරියට තිනර් වගේ..

❄️Ammonia - ඇමෝනියා

මේක පෝර හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්.

❄️ Hydrochloric acid - හයිඩ්‍රොකෝරික් ඇසිඩ්

මේක පිරිසිදුකාරකයක්.. ටොයිල්ට් සුද්ද කරන්න ගන්නෙ මේවා තමයි. යවන්න බැරි පැල්ලම් යවන්මෙත් මේවා දාලා.. ඔය ලයිසෝල් වල හාපික් වල තියෙන්නෙ මෙව්වා..

❄️ Lythium - ලිතියම්

බැට්‍රි හදන්න පාවිච්චි කරන අමුද්‍රවයක්...

❄️ Red phosphorus රෙඩ් පොස්පරස්

ගිනිකූරු ඔලු ෆයර් වර්ක්ස් හදන්නෙ මේවයින්.. මේවා පුපුරණ ද්‍රවය... ඒකයි සමහර වෙලාවට වාර්තාවෙන්නෙ අයිස් හදන කර්මාන්තශාලා ගිනි අරගෙන පුපුරලා ගියා කියලා..

❄️ Toluene ටොලුයින්

මේකත් තීන්ත වල දෘශ්‍යාවීතාවය අඩු කරන්න පාවික්චි කරන එකක්.. ගම් හදන්නත් පාවිච්චි කරනවා..

❄️ Sulfuric acid - බැටරි ඇසිඩ්

ඔන්න ඕවා තමයි ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් වල තියෙන්නෙ..

මේක යක්ශයාගෙ නිර්මාණයක් කියලා කියන්නෙ ඒකයි. ක්‍රිස්ටල් කියලා නම දැම්මහම හරි නිර්මල පැහදිලියි වගේ පෙනුනට.. ඇත්තටම මේක ක්‍රිස්ටල් මෙත් නෙමෙයි crystal death (පැහැදිලි මරණය)

අයිස්වලින් අපේ මනස විකෘති වෙන තව විදියක් තියෙනවා..

අපිට දුක දැනෙන්න ඕන වෙලාවට සතුටක් දැනෙනවා, සතුට දැනෙන්න ඕන වෙලාවට දුක, බය දැනෙන්නෙ ඕන වෙලාවට නිර්භීතකමක්, ඒ වගේ අපේ මනස මඤ්ඤං කරන හැකියාවකුත් මේ අයිස් වලට තියෙනවා..

අයිස් ගහන මිනිහෙක්ගේ ඉදිරි ආයුකාලය උපරිම අවුරුදු 10යි.. දත් දිරන්න ගන්නවා. අස්ථි දිරන්න ගන්නවා. අවුරුදු 20/25 මනුස්සයාට අවුරුදු 50/55 ක පෙනුමක් එනවා. ලෝකෙම තමන්ට එරෙහිවෙලා වගේ දැනෙනවා... කීසිම හේතුවක් නැතුව දුකක් දැඩෙන්න ගන්නවා. තමාව සමාජෙන් කොන් උනා කියලා හිතෙනවා... සමාජෙන් පලිගන්ඩ හිතෙනවා.. අනික් මිනිස්සුන්ගෙ ජිවිතේට හානි කරන්න හිතෙනවා... අවසානයේ තමන්ගෙ ජිවිතේට හානි කරගන්න හිතෙනවා.. මේ තමයි මේ අයිස් වල ඛේදාන්තය...

තව දුරටත් මොලේ ඩොපමින් හැදෙන්නෑ.. හැදෙන්නෙ අයිස් ගැහුවොත් විතරයි
දුක නැති කරගන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. ඒ නිසා අවසාන හුස්ම වෙනකන්ම අයිස් ඉල්ලනවා..

අයිස්වල කතාව ඔන්නෝකයි.. භයානකම දේ තමයි හෙරෙයින් වලටත් වඩා බහුලව අයිස් හොයාගන්න මේ සමාජෙන් පුලුවන්.. ඔව් ඔබේ දරුවාට, සහෝදරයට, සහෝදරියට, පෙම්වතාට, පෙම්වතියට, ගැහැනු පිරිමි බේදයකින් තොරවමේ ඕනම කෙනෙක්ට ලඟාවිය හැකි සීමාවටම අයිස් මාරයා ඇවිල්ලා.....

ඉස්සර පකිස්තානය පැත්තෙන් ඕමාන් බෝඩර් එකෙන් අමාරුවෙන් ලංකාවට ආපු අයිස්... දැන් ලංකාවෙම නිශ්පාදනය කරන තැනට එමින් සිටිනවා..

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්... පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමාවේ අයිස් ඛේදාන්තයේ ගොදුරක් ඉන්නවා....

සැලකිලිමත් වෙන්න... දැනුම්වත් වෙන්න....

18/04/2024

පිරිමින් කාන්තාවන්ට අපහහාස කිරීම❗
පිරිමින් ලිංගිකත්වය මුල් කරගෙන කාන්තාවන්ට අපහාස කිරීමට සම්පූර්ණ වැරදි පිරිමින් යැයි කිව නොහැකියි. කාන්තාවන් පහත්, නීච ජාතියක් ලෙස සැලකීම කාන්තාවන් විසින්ම නිර්මාණය කර කාන්තාවන් විසින්ම ඉදිරියටත් පවත්වාගෙන යයි. පිරිමි විසින් කරන්නේ කාන්තාවන් විසින් පවත්වන්නා වූ ආකල්පය ක්‍රියාත්මක කිරීමකි.
දරුවෙක් බලාපොරොත්තු වෙද්දීම ගැහැණු අය බලාපොරොත්තු වෙන්නෙ පිරිමි දරුවෙක්. (මේ ගෲප් වලම දැකල ඇති පුතෙක් හදාගන්න එකතු වෙන්න ඕන මොන දවස් වලද, නයි හීනෙන් දැක්කොත් පුතෙක්ද, බඩේ ඉරක් හැදුනොත් පුතෙක්ද වගේ දේවල්). ඇතැම් අය පළමු දරුවා ගැහැණු දරුවෙක් වීම වාසනාවක් ලෙස සලකන්නේ ගෙදර දොරේ වැඩට පහසුවක් යැයි සිතාය.
ගොඩක් අම්මල පිරිමි දරුවන්ගෙ රෙදි සේදීම, පිඟන් සේදීම වැනි කටයුතු පවා ගැහැණු දරුවන්ට පවරනවා විතරක් නෙවෙයි පිරිමි දරුවා ගෙදර වැඩට උදව් නොකිරීම අගය කරනවා. සහෝදරයන් අතර රන්ඩුවකදි උනත් ගන්නෙ පිරිමි දරුවන්ගෙ පැත්ත. "උඹ මොකටද කොල්ලො එක්ක රන්ඩුවට ගියේ. කොල්ලො එහෙම තමයි. කෙල්ලො උනාම ඉවසන්න ඕන." එහෙමයි අම්මල කියන්නෙ.
ගැහැණු දරුවාගෙ ආදර සම්බන්ධයක් අහු උනොත් ඉවරයි. පිරිමි දරුව කෙල්ලො ගොඩක් රැවැට්ටුවත් අම්මල ආඩම්බර වෙනව. මගේ කොල්ල ලස්සනයි. කෙල්ලො පස්සෙන් එන්නෙ. ( ඒ කොල්ලට රැවටිලා ඉන්න කෙල්ලො ගැන අම්මට දුකක් නෑ. )
රස කෑමක් ලැබුනොත් වැඩි කොටසක් පිරිමි දරුවට. මේක මගේ කොල්ලට. උඹ කුස්සියේ තියන වැඩක් කරපන්. ඔහොමයි දියනියන්‍ට සලකන්නෙ. ඉතින් පිරිමි තේරුම් ගනියිද ගැහැණුන්ටත් ආශාවන් ඇති බව. එහෙම හැදෙන පිරිමි ළමයිට ගැහැණු ළමයෙක් ස්වයං වින්දනය කලත් වැරදියි.
ආච්චිල උනත් මිනිබිරියන්ට වඩා මුනුබුරන්ට ආදරේ. "කොල්ලොම පහක්ද. අනේ වාසනාවන්. ; කෙල්ලෙක් විතරක් මදි. කොල්ලෙක් නැතුව වැඩක් නෑ." ඔය ආච්චිලාගෙ කතා.
ඔය විදියට හැදෙන කොල්ලෙක් තේරුම්ගනියිද කෙල්ලො කියන්නෙත් සාමාන්‍ය ආශාවන් තියන, සමාන වටිනාකමක් තියන මිනිස් ජීවිත කියල. එයාලට මුල ඉඳන්ම ඒත්තුගන්වල ඉවරයි කෙල්ලො කියන්නෙ කොල්ලන්ගෙ අවශ්‍යතා සපුරණ භාණ්ඩ විදියට.
ඔය විදියට හදන පිරිමි දරුවා විවාහ වෙලා ලේලියෙක් ගෙනාවට අම්මට ලේලිත් නිකන්ම නිකන් කෙල්ලෙක් විතරයි. මොකද අම්මට එයාගෙ පුතා රජෙක්. රජෙක්ට ඉතින් සාමාන්‍ය තරුණියක් මදිනෙ. ඊටපස්සෙ ලේලිට ප්‍රශ්න.
ඊළඟ අදියර මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න දඟලන ලේලි. අනේ මටත් පුතෙක් හිටිය නම්...
ඕක තමයි චක්‍රය. ඕක වෙනස් කරන පරම්පරාවෙන් පස්සෙ කෙල්ලෙක්ට මේ රටේ පාරක බය නැතුව යන්න පුලුවන් දවසක් එයි.

18/04/2024

ගැහැණු පිරිමි මොළය..

මේ කතාව කියන්නෙ මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන විවාහය හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්..

ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නෙ පෙට්ටි (box) විදිහට.. ඒ කියන්නෙ එයාලගෙ ඔලුවෙ තමන්ගෙ ජීවිතේට අදාළ හැමදේකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනව.. බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතේට එකක්, විනෝදාංශවලට එකක්.. වගේ එකී නොකී හැම එකකටම එක ගානෙ.. ඔය ඔක්කොම බොහෝම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැන්පත් කරලයි තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ.. මොකක්හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාල පෙට්ටිය බොහෝම පරිස්සමට එලියට අරන් විවෘත කරගන්නවා.. ඒකට අදාල රාජකාරිය කරනවා.. ආයෙත් පරිස්සමට වහල ඇතුලට දානව. කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේනම් නැත.. ඔය නිසා තමයි අපි ගෙවල් වල වෙන ඔය පුංචි පුංචි රංඩු සරුවල් වැඩි හරියක් වෙන්නෙ.. "බිරිඳ : ඇයි ඔයා ඔෆිස් ගියාම මට කෝල් කරන්නෙ නැත්තෙ..? " ඉතිං හත්දෙවියනේ සාධාරණයිනෙ.. මිනිහ රැකියා පෙට්ටිය ඕපන් කරගෙන ඉන්න වෙලාවට අනිත් පෙට්ටි ගැන අවධානයක් නෑනෙ.. ඒක තමයි හැටි..

අනිත් වැදගත්ම කාරණය.. ඔය පෙට්ටි අතරෙ මෑන්ස්ට තියෙන ලොකුම හොඳම සහ වඩා කැමතිම පෙට්ටිය තමයී... ඔයා.. අපෝ නෑ..

එයාලට තියෙනව මුකුත්ම නැති හිස් පෙට්ටියක්. Nothing box.. ඒක තමයි එයාලගෙ ෆේවරිට්.. TV එක දාගෙන remote control එක අතට අරගෙන ඔහේ කිසිම හැඟීමකින් තොරව channel මාරු කර කර ඒ දිහා බලං ඉන්න හස්බන්ඩ් ල දැකල ඇති නේද.. ආන්න ඒකයි කතන්දරේ.. ඒ හස්බන්ඩ් වෙන කෙනෙක් ගැන හෝ ඔයාට කියන්න කැමති නැති දෙයක් හිතනව නෙමෙයි.. එයාලට පුළුවන් කිසිම දෙයක් නොහිතා ඔහේ හිස් හිතකින් වෙලාව ගත කරන්න..
අඩුමගානෙඅපිට හිතන්නවත් පුළුවන්ද මුකුත්ම දෙයක් නොහිතා ඉන්න එක තප්පර 30 ක් ගැන? ඔට්ටුයි බෑ ඒ මේන්න මේ නිසා..

ගැහැණු මොළේ කියන්නෙ හරියට ලොකූ පැටලුනු නූල් බෝලයක් වගේ.. හැමදේම හැමදේටම සම්බන්ධයි.. අම්ම, තාත්තා, හස්බන්ඩ්, ළමයි, පවුල, යාලුවො, අධයාපනික වැඩ වගේ ඔක්කෝම එකකට එකක් connected.. හැමවෙලාවම එකක් උඩින් එකක් මොනවමහරි සිතුවිල්ලක් වැඩ කරනව.. වැඩ කර කර ඉන්න වෙලාවට ගෙදර දේවල් වගේ.. ඔෆිස් ගියාට පස්සෙ ළමයි ක්ලාස් එකෙන් ගන්න ඕන කියල අම්මට මතක් වෙන්නෙත් තාත්තට මතක් නොවෙන්නෙත් ඕකයි.. ප්‍රධානම දේ තමයි ගැහැණු මොළය වැඩ කරන energy source එක එහෙම නැත්තම් බලශක්ති මූලය වෙන්නෙ emotions ඒ කියන්නෙ හැඟීම්.. ආන්න ඒකයි ගැහැණු අපිට හැමදේම මතක හිටින්නෙ..

කතාවනම් දිගයි තමා.. හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්තොත් වටිනවා .

උපුටාගැනිමකි

17/04/2024
08/04/2024

පුංචි දරුවෝ, ඇහේ තියාගෙනම රකින්න ඕනේ!..
" මාපිය අවධානය ගිලිහීයෑමෙන් වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්වුනා "
පෙරදින (06) රාත්‍රියේ අම්පාර - බිබිල ප්‍රධාන මාර්ගයේ නාමල්ඔය ප්‍රදේශයේදී ලොරි රථයක කුඩා දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා ඉඟිනියාගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
ඊයේ රාත්‍රී සිදුවූ එම අනතුරෙන් මියගොස් ඇත්තේ නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02 මාස 07ක් වූ කුඩා දරුවෙකි.
දෙමාපියන් එම දරුවා සමග මාර්ගය අසල විහාරස්ථානයක ආගමික කටයුතුවල නිරතව සිටියදී දෙමාපියන්ගේ අවධානයෙන් මිදී දරුවා මාර්ගයට පැමිණ ඇත.
එම අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉඟිනියාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විශේෂ ස්තූතිය - Ampara Live & Kanchana Mahesh

13/03/2024

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය.

"අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ඒ එක්කම ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ගොඩක් වෙලාවට පසුගිය වර්ෂයේ සිට මේ වර්ෂයේ ගෙවී ගිය මාස දෙක තුළ වැඩිවීමක් තියෙනවා. 2023 අන්තර්ජාල වංචා 1,609ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය තුළ ජනවාරි මාසයේ එවැනි වංචා 110ක් වාර්තා වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ අන්තර්ජාල වංචා 213ක් සහ මාර්තු මාසයේ මේ දක්වා 100ක් වර්තා වෙලා තියෙනවා. සමහර පැමිණිවල මුදල් වංචා වාර්තා වුණාම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීලා අපි පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමුකරලා තියෙනවා."

අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා,

"අන්තර්ජාලය ඔස්සේ, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් වාර්තා වෙනවා. 775ක් 2023 වසරේ දී එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම අන්තර්ජාලය වංචා සිදුවීම් 1609ක් වාර්තා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කළ සිදුවීම් වාර්තා වෙනවා 5,188ක්. කුඩා ළමුන් සම්බන්ධ සිදුවීම් 98ක් වාර්තා වෙනවා. ඒ සමගම පුද්ගලයින් විසින් අනවසරයෙන් ගිණුම්වලට ඇතුළු වුණ අවස්ථා 7,499ක් වාර්තා වුණා. ප්‍රතිශතයක් ලෙස අනවසර ප්‍රවේශයේ සහ ව්‍යාජ ගිණුම්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා."

උපුටාගැනිම : adaderana.lk

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo
710000