සිහල දීපය

සිහල දීපය

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිහල දීපය, Social service, Colombo.

Photos from සිහල දීපය's post 04/02/2026

👉 කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වගේ වීරයන්ගේ නම් අපි හැමෝම අහලා තියනවා. හැබැයි පරණගම නිළමේ , සූරියබණ්ඩාර පරණගම නිලමේ, ස්වර්ණපාලී පරණගම කුමාරිහාමි, කොබ්බෑකඩුව, ගලගොඩ, මොල්ලිගොඩ, කණ්ඩක්කුලම , බුලංකුලම, ඉලංගසිංහ , ඩේවිඩ්, කුමාරස්වාමි, රත්මලේ උන්නාන්සේ වගේ වීරයන්ගේ නම් අපි හුග දෙනෙක් අහලාවත් නැහැ.

👉 1818 නිදහස් සටන සහ 1848 නිදහස් සටන ගැන අපි හැමෝම අහලා තියනවා. හැබැයි මේ සුප්‍රකට සටන් දෙක අතර මැද තිබුණු අවුරුදු 33ක කාල වකවානුව තුළ අපේ රටේ තවත් අප්‍රකට අරගල හතක් දියත් වෙලා තියනවා. ඒවා ගැන අපි බොහෝ දෙනෙක් අහලා නැහැ.

👉 එතකොට මේ කියන්න හදන්නේ පෘතුගීසි , ලංදේසී සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ලංකාව තුළ දියත් වූ අප්‍රකට නිදහස් අරගල කිහිපයක් ගැන. මේවා 1818 හෝ 1848 අරගලය තරම් ප්‍රබලව ව්‍යාප්ත වූ සටන් නොවෙයි. මේවා සාපේක්ෂව පුංචි පුංචි සටන්. හැබැයි ඒ හැම එකේම අරමුණ වුණේ බ්‍රිතාන්‍ය පාලනය පෙරළා දැමීම. ඒ වෙනුවෙන් අපේ මිනිස්සුන්ට ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා.

👉අද ලංකාවේ ජාතික නිදහස් දිනය. නිදහස ගැන කතා කිරීමේදී ලංකාවේ තිබෙන්නේ අරගල නොකර දිනාගත්ත නිදහසක් කියන එකත් සමහරු කියන කතාවක්. ඒ අය මේ ඉතිහාසය ගැන දැනුවත්ව සිටීම වැදගත්.

#සිංහලේ #නිදහස් #අරගල

(1562 සිට 1948 දක්වා )

1.) 1562 මුල්ලේරියා සටන...

ක්‍රි. ව. 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජු ගේ රාජ්‍ය පාලන සමය හෙළයිනට හිතකර නොවූයේ ඔහු ඒ වන විටත් පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසාවෙනි. එහෙත් නොසිතූ මොහොතක සිංහල ලේ කුපිත වූයේය. ඒ, එකල මහ සඟ රුවනක් වූ 'බුද්ධ වංශ' තෙරුණ්ගේ රණ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂූණ් වහන්සේලා 30 නමක් පෘතුගීසීන් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙනි. ඊට පළි ගැනීමක් වශයෙන් 1562 දී සීතාවක මායා දුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු (සෙන්පති), පනාපිටිය මුදලි, වික්‍රමසිංහ මුදලි ඇතුළුව හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේදී ‍දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරමින් රට එක් සේසත් කළේය.

මෙම සටන රාජාවලියේ මෙසේ සඳහන් වේ:

''රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැන නැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය.

ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කු වලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ''

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා (ජන කවි)

2.) 1594 දන්තුරේ සටන.....

ක්‍රි. ව. 1591 වන විට සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකාරකම් නිසා උඩරටට නෑකම් කියූ යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්), කොනප්පු බණ්‌ඩාර (දොන් ජෝන්), කුසුමාසන දේවිය (දොන් කැත්‍රිනා) ඇතුළු පිරිසක්‌ බෞතීෂ්මව පෘතුගීසී ආරක්‍ෂාව යටතේ රැකවරණ ලැබීය. නමුදු පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමාරයාට රජකම දීම පිළිබඳව කිපුණු දොන් ජෝන් කුමාරයා පිලිප් රජු මරා විමලධර්මසූරිය නමින් රජ විය. ඒ හේතුවෙන් පෘතුගීසීහු ‍සහ විමලධර්මසූරිය රජු අතර විටින් විට සටන් ඇවිලෙනු අතර 1594දී දන්තුරේදී ඇතිවූ මහ සටනින් සිංහල හමුදාවන් අතින් පෙඩ්රෝ ලෝපෙස්‌ද සූසා ඇතුළු පෘතුගීසි හමුදාව යළිත් වරක් සමූල ඝාතනය විය.

"වර්ෂ 1594 ක්‌ වූ ඔක්‌තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව බලන අසල ලන්දකට පැමිණියාය. ඒ කණහිම සක්‌හඩද හේවිසි ගැසීමක්‌ද හාත්පස්‌හි පැතිරින. ඒ අසල මාන බලමින් සිටි විමලධර්මසූරිය රජුගේ විශාල යුද හමුදාව ප්‍රතිකාලුන්ට පහර දෙන්නට පටන් ගත්තීය. සිංහලයන්ගේ ඊතල සහ වෙඩි උණ්‌ඩ ප්‍රචණ්‌ඩ වාත මේඝයකින් මෙන් ප්‍රතිකාල් සෙන් මත්තෙහි පතිත වන්නට වන" (මහා වංශය)

3.) 1603 (බලන සටන)...

විමලධර්මසූරිය රජුට වැඩි කලක් සාමකාමීව රාජ්‍යය කරගෙන යාමට පෘතුගීසීහු ඉඩ නොදුන්හ. 1602දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාවෝ බුද්දස්ගොඩ, අළුත්නුවර සහ ගනේතැන්න බලකොටු අල්ලා ගනිමින් යලි යලිත් සටන් දියත් කරන්නට විය. සිංහල හමුදාවන් පසු බසින්නට වූයේ අවස්ථාව එන තුරුය. එදින 1603 ජනවාරි 18 වැනිදායි. දඹදෙණියට හා හාරිස්පත්තුවට සතුරු හමුදා පහර දෙන බැව් සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් ඊට ප්‍රති ප්‍රහාර දුන්නේය.

බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවූ විමලධර්මසූරිය රජු යළිත් පසු බැස්සේය. පෘතුගීසීහු උදම් අනන්නට විය. දින කීපයකට පසු 1603 පෙබරවාරි 2වන දින අළුයම බලන කොටුවට නොනවත්වා පහර එල්ල වන්නට විය. කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු කොළඹ කොටුවට පැනගත්තේය. කටුගම්පොල, අට්ටාපිටිය, රක්ගහවත්ත ඇතුළුව පෘතුගීසි යටත් ප්‍රෙද්ශ සිංහල හමුදාවන් ජය ගනිද්දී කාන්ගරආරච්චි සෙනෙවියා මීගමුව බළකොටුවද තම අණසකට යටත් කොට ගෙන තිබිණි.

4.) 1630 (රන්දෙනිවල සටන)....

විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වූයේ ඔහුගේම සොහොයුරෙකු වූ සෙනරත් රජුය. 1617දී සෙනරත් රජු හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක්‌ ඇති විය. නමුදු 1618දී ජෙනරාල් වශයෙන් පත්ව ආ කොන්ස්‌තන්තතීනු ද සා 1627, 1628 වර්ෂයන් හිදී උඩරට ආක්‍රමණය කොට මහත් හානි සිදු කළේය. 1630 අගෝස්‌තු මස මුල් සතියේ ද සා පෘතුගීසි සොල්දාදුවන් 508කින් සහ සිංහල හේවායන් 5000 කින් සමන්විත හමුදාවක්‌ සමඟ බදුල්ලට ඇතුළු වූහ. පෙර සූදානම්ව සිටි සෙනරත් රජුගේ සිංහල සේනාවන් ගරිල්ලා ප්‍රහාරයන් දියත් කළේය.

නොසිතූ මොහාතක එල්ල වූ ප්‍රහාරයන්ගෙන් හෙම්බත් වූ පෘතුගීසී හමුදාවෝ අවසානයේ වැල්ලවාය, රන්දෙණිවලට පැමිණියහ. එදින 1630 අගෝස්‌තු මස 20වැනි දිනයි. සිංහල හේවායිනට ස්වභාවධර්මයේද ආශීර්වාදය ලැබිණි. මහ වැසි ඇද හැලී පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් තෙත් වී තුවක්‌කු පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. සිංහල හමුදාවන් නොනවත්වා දියත් කළ ප්‍රහාර නිසාවෙන් පෘතුග්‍රීසීන් 350ක්‌ පමණ මැරුම් කෑහ. කොන්ස්‌තන්තතීනු ද සා ද වෙඩි වැදී මරුමුවට පත්විය. උඩරට රාජධානිය යළිත් සිංහලයින් සතු විය.

5.) 1638 (ගන්නොරුව සටන)....

මෙවකට ලක්දිව රජකම හෙබ වූයේ 2 වැනි රාජසිංහ රජුය. එතුමා පෘතුගීසීන් වෙත යැවූ සාම ලිපි තඹ දොයිතුවකට ගණන් නොගත් ඔවුහු යළිත් අප රට ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කළේය. අවසන් හුස්ම පොද තෙක්ම සටන් කිරීමට සිංහල හමුදාවෝ පෙළ ගැසෙද්දී පන්දහසක ලස්කිරිඤ්ඤ හමුදාවක් පෘතුගීසීන්ට එක්ව සිටියහ. 1638 මාර්තු 26වැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප‍්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව මහනුවරට පැමිණියද මුල්ගම්පොල හා දෙයියන්නේවෙලදී ඔවුනට සිංහල හමුදාවන්ට මුහුණ දීමට සිදු විය.

සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයන් හමුවේ මහවැලි ගඟ තරණය කර ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදාවෝ ගන්නෝරුවෙහි කඳවුරු බැඳ ගත්හ. 1638 මාර්තු මස 28වැනි දින උදාවිය. අළුයමින්ම දියත් වූ සිහල ප්‍රහාරයන්ගේ ප්‍රථිඵලය වූයේ හිරු කිරණ මහ පොළව සිප ගනිද්දී කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ සහ කපිතාන් මේජර් දම්යාන් බොතාදු ඇතුළු 2500ක පෘතුගීසි හමුදාවෝ නිරුද්ධ ප්‍රාණයන්ගෙන් යුතුව මහ පොළව සිප ගෙන සිටීමයි.

6.)1818 (වෙල්ලස්ස සටන)...

1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් මෙරට සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය. ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදුසසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය. වසර 180කට පසු යළිත් සිංහල ලේ කුපිත වන්නට විය. දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූයේය. බූටෑවේ රටේරාල , ගලගොඩ නිළමේතුමන්, ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ. ඒ අතර තුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන්ගේ හී පහරකින් මරුමුවට පත්විය. වෙල්ලස්සේ සටන ඇවිලිණි. ඉංග්‍රීසීන්ට වැරදුනේ එතැනය. සටන මැඩ පැවැත්වීමට ඔවුහු එවූයේද සිංහලයෙකි. ඔහු නමින් මොණරවිල කැප්පෙටිපොල විය. කැප්පෙටිපොල දිසාවේ සිංහල හමුදා අත්අඩංගුවට පත්වූ අතර ඔහු රදල නිළමේ වරයෙක් නිසා සිංහල හමුදාව ඔහුව ඝාතනය නොකොට බූටෑවේ රටේරාල හමුවට පමුණවන ලදී, හමුවූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර ඔහුට එක්කෝ සිංහල හමුදාව හා එක්වන ලෙස හෝ නැතිනම් තම අසිපතින් ගෙල සිඳගෙන සියදිවි නසාගැනීම හෝ විකල්ප තීරණයන් ගෙන හැර දුන් අතර එහි ප්‍රථීඵලයක් ලෙසින් තමන් කැටුව ආ ඉංග්‍රීසි හමුදාව යළි හරවා යැවූ කැප්පෙටිපොළ වීරයා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී හෙළයිනගේ කැරැල්ලට එක් විය.

දිගින් දිගටම සටන් ඇවිලෙන්නට විය. සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලින් බැටකෑ ඉංග‍්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නට විය. වතුපිටි, ඉඩකඩම් කොල්ල කෑහ. වෙල්ලස්සේ වෙල් එක රැයකින් අළු දූලි බවට පත් කළහ. කුඩා දරුවන්, කාන්තාවන්, තරුණ තරුණියන් කපාකොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළේය. සිවිල් ජනයා නිකරුණේ මරු වැළද ගනු දුටු කැරැල්ලේ නායකයිනට සිදුවූයේ සටන අත්හැර දැමීමටය. නොඑසේ නම් නිවට ඉංග්‍රීසි හමුදාවෝ අතින් තව තවත් සිවිල් ජනයා නිස්කාරණේ ඝාතනය වනු ඇත. සිංහල හමුදාවන් සටන් ලිහිල් කළහ. කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය. 1818 නොවැම්බර් 2වන දින උදාවිය. හෝරා කිහිපයක් ප්‍රමාද වීදී හිරු පායද්දී බෝගම්බර පිටිය සිංහල ලෙයින් තෙත්ව ගොස් හමාරය. කැප්පෙටිපොල වීරයාගේ හිස කඳින් වෙන්වූයේ මුළු මහත් ජාතියේම නෙත් අග කදුළු පුරවමිනි.

7. ) 1820 ජනවාරි සටන

1815 සහ 1848 සුප්‍රකට සටන් දෙක අතර දියත් වූ පළමු අප්‍රකට නිදහස් සටන දියත් වුණේ 1820 වසරේ ජනවාරියේ. මේ සටන පටන් අරගෙන තියෙන්නේ ඌව බින්තැන්න ප්‍රදේශයෙන්. ඌව වෙල්ලස්ස සටනට වගේම මේ සටනටත් වැදි ජනතාව දහස් ගණනක් සම්බන්ධ වී තිබෙනවා. එතකොට මේ සටනේ රාජ ප්‍රතිරූපකයා වුණේ කුමාරස්වාමි කියලා කෙනෙක්. එතකොට ගණේගොඩ කියන දිසාවේවරයා විසින් සිදුකළ පාවාදීමක් නිසා මේ සටන ගැන ඉංග්‍රීසීන්ට කරුණු වාර්තා වෙනවා. ඒ අනුව 1820 ජනවාරි 12 වැනිදා මේ කුමාරස්වාමි කියන පුද්ගලයාව අල්ලාගෙන, නඩු අහලා ඔහුට මරණ දඬුවම නියම කරනවා. හැබැයි පස්සේ මරණ දඬුවම වෙනස් කරලා කුමාරස්වාමිව ජීවිතාන්තය දක්වා මුරුසියට පිටුවහල් කරනවා. ඉතින් මේ කුමාරස්වාමි කියන්නේ නිදහස වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළ කෙනෙක්. හැබැයි අපි කවුරුත් ඔහු ගැන දන්නේ නැහැ.

8.) 1820 ඔක්තෝබර් සටන

1820 අවුරුද්දේම මාතලේ ප්‍රදේශයේ තවත් නිදහස් සටනක් දියත් වී තිබෙනවා. මේ සටනට මුල් වුණේ 1818 අරගලයටත් සම්බන්ධ කොබ්බෑකඩුව කියන නිළමේතුමන්,. කොබ්බෑකඩුවට අමතරව, පරණගම ලොකුනිළමේ, කොස්වත්තේ රටේ රාළ සහ හල්මිල්ලෑවැව උන්නාස්සේ කියන භික්ෂුව ඇතුළු ගිහි පැවිදි පිරිසක් මේ සටනට නායකත්වය දීලා තියනවා. හැබැයි මේ සටන පැතිරුණු සටනක් දක්වා වර්ධනය වෙන්න කලින්ම කොබ්බෑකඩුව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන් සමත් වෙලා තියනවා. පසුව 1820 ඔක්තෝබර් 29 වැනිදා කොබ්බෑකඩුව ඇතුළු සටනේ නායකයන් එල්ලා මරා දැමීම සිදුවෙනවා. ඉතින් ඒ අනුව මේ කොබ්බෑකඩුව කියන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් ජීවිතය දීපු තවත් අප්‍රකට වීරයෙක්. එතකොට මේ සටන්වල විශේෂත්වය තමයි මේ සටන් දෙකම බ්‍රිතාන්‍යයින් 1818දී පැනවූ යුද්ධ නීතිය අවලංගු කිරීමට පෙර දියත් වූ සටන් වීම. 1821 ජනවාරි 3 වෙනිදා තමයි බ්‍රිතාන්‍යයින් මේ යුද්ධ නීතිය අවලංගු කරන්නේ.

9.) 1823 පෙබරවාරි සටන

1823 අවුරුද්දේ පෙබරවාරි මාසේ නුවරකලාවිය ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් මතු වෙලා තියනවා. නුවරකලාවිය කියන්නේ වර්තමාන අනුරාධපුර ප්‍රදේශය. අනුරාධපුරයේ තිබෙන නුවර වැව, කලා වැව සහ පදවිය වැව කියන වැව් තුනේ නම්වලින් තමයි නුවරකලාවිය කියන නම හැදිලා තියෙන්නේ. මේ සටනේ නායකයා රත්මලේ උන්නාන්සේ කියලා භික්ෂූන් වහන්සේ නමක්. කණ්ඩක්කුලම , ඉලංගසිංහ, බුලංකුලම යන අයද මෙම සටනට සම්බන්ද වූ අය වේ. වැඩිදුර යන්න කලින් මේ සටන මර්දනය කරලා රත්මලේ උන්නාන්සේ අත්අඩංගුවට ගන්න බ්‍රිතාන්‍ය හමුදා සමත් වෙනවා.

10.) 1823 මැයි සටන

මීළඟට 1823 අවුරුද්දේම මැයි මාසයේ මාතලේ ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් ගැන අහන්න ලැබෙනවා. මේ සටනේ ප්‍රධාන නායකයන් දෙන්නෙක් තමයි කහවත්තේ උන්නාන්සේ සහ කොස්වත්තේ රටේ රාළ. පස්සේ 1823 අගෝස්තු 5 වෙනිදා මේ දෙන්නාවම එල්ලා මරනවා. මේ සටනත් පටන් ගන්න කොටම මර්දනය කෙරෙනවා. එතෙන්දි 29 දෙනෙක් රාජද්‍රෝහී චෝදනාවලට වැරදි කරුවෝ වෙනවා. ඒ අතරින් මම කලින් කිව් දෙන්නා එල්ලා මරනවා. 13 දෙනෙක් ජීවිතාන්තය දක්වා රටින් පිටුවහල් කෙරෙනවා. තව කිහිප දෙනෙකුට කස පහර සහ වසර කිපයක සිර දඩුවම් ලැබෙනවා. මේ සටනේ විශේෂත්වයක් තමයි මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි ඉන්දියානු ජාතිකයෙක් වීම. ඔහුගේ නම ක්‍රිෂ්ණා හෙට්ටි. ඔහුට මේ සටනෙදි සිර දඬුවමක් තමයි ලැබෙන්නේ. මේක අද අපට පුංචි කතාවක් වුණාට මේ සටනට දායක වුණ අයට තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙනවා. එල්ලා මැරුවේ දෙන්නෙක් විතරයි වුණාට 13 දෙනෙක් ජීවිතාන්තය තෙක් රටින් පිටුවහල් වෙනවා. ඒකත් මරණය වගේම ජීවිත අහිමි වීමක් තමයි. හැබැයි මේ වීරයෝ ගැන අපි කවුරුත් අහලා නෑ.

11.) 1824 අගෝස්තු සටන

මේ සටනින් අවුරුද්දකට පස්සේ 1824 අගෝස්තු මාසයේ තවත් නිදහස් සටනක තොරතුරු අපට අහන්න ලැබෙනවා. මේකට නායකත්වය දීලා තිබෙන්නෙත් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඊට අමතරව, නෙල්ලියේ පුංචි රාල සහ වන්නකු රාලගේ පුංචි රාල කියන දෙදෙනා ඇතුලු පිරිසක් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. ආයුධ සන්නද්ද වැදි ජනතාව ඇතුළු පන්සීයක විතර පිරිසක් තමයි මේ සටන පටන් අරගෙන තියෙන්නේ. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා හාරිස්පත්තුවේ සෙව්රාල කියලා කෙනෙක්. ඉංග්‍රීසි හමුදා මේ සටන මර්දනය කිරීමේදී විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතරින් 50 දෙනෙකුට මරණ දඩුවම ලැබෙනවා. අනිත් අයට සිර දඬුවම් ඇතුළු විවිධ මට්ටමේ දඬුවම් හිමිවෙනවා.

12.) 1843 බ්‍රිතාන්‍ය විරෝධී කුමන්ත්‍රණය

1834 අවුරුද්දේ අපට තවත් වෙනස් විදිහේ සටනක් ගැන අහන්න ලැබෙනවා. මේකට මූලික වෙලා තියෙන්නේ මොල්ලිගොඩ කියන උඩරට නායකයා. ඔහු 1818 සටනේදී ඉංග්‍රීසීන්ගේ ජයග්‍රහණයට උදව් කරලා ඒ වෙනුවෙන් විශාල වරප්‍රසාද ලබමින් සිටි කෙනෙක්. ඔහු තමයි මේකට මුල් වෙන්නේ. මේක ඇත්තටම සටනකට වඩා ඉංග්‍රීසි පාලනය පෙරලා දැමීමට දියත් කළ සූක්ෂ්ම කුමන්ත්‍රණයක්. මෙතෙන්දි ඔවුන් කළ දේ තමයි ඉංග්‍රීසි නිලධාරීන් සාදයකට කැඳවලා ඔවුන්ට වස දීලා ඝාතනයට ලක් කරන එක. මෙතෙන්දි ඉංග්‍රීසි පාලනය පෙරළා දැමීමට ප්‍රංශයෙන් ආධාර ලබාගන්නත් මොල්ලිගොඩ සැලසුම් කරලා තියනවා. හැබයි ඉංග්‍රීසීන්ට කල් තියා මේ සැලසුම ගැන තොරතුරු අනාවරණය වෙනවා. ඒ අනුව මොල්ලිගොඩ ඇතුළු සිය දෙනෙක් අත්අඩංගුවට අරගෙන නඩු පවරනවා. හැබැයි පසුව ඔවුන් මේ නඩුවෙන් නිදහස් වෙලා තිබෙනවා.

13.) 1843 සටන

මෙතෙක් පෙන්වා දුන් අප්‍රකට නිදහස් අරගලවල අවසාන සටන වාර්තා වෙන්නේ 1843 දුම්බර ප්‍රදේශයෙන්. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඩේවිඩ් කියලා කෙනෙක්. මේ සටන පටන් ගන්න කලින්ම මේකට නායකත්වය දීපු දීනිස්, ඩේවිඩ්, ඩිංගිරාල, චන්ද්‍රගුප්ත, සීලවංශ සහ සරණංකර කියන භික්ෂූව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින් සමත් වෙලා තියනවා. මෙතෙන්දි රාජ ප්‍රතිරූපකයාව එල්ලා මරන්න තීරණය වුණත් පස්සේ ඒක අවුරුදු 14ක සිර දඬුවමකට සීමා වෙනවා. අනිත් අයට විවිධ මට්ටමේ සිර දඬුවම් ලැබෙනවා.

මේවා තමයි 1818 සහ 1848 කියන කාල වකවානු අතර අපේ රටේ දියත් වූ අප්‍රකට නිදහස් අරගල.

14.) 1848 පරණගම සටන හෙවත් මාතලේ කැරැල්ල. ( මහතලා හටන )

මෙය වර්ෂ 1847 මාතලේ පරණගම ග්‍රාමයෙන් ආරම්භ වූ අතර මෙහි නායකත්වය පරණගම ලොකුනිළමේටුමන්, ඔහුගේ පුත් සූරිය බණ්ඩාර පරණගම නිළමේ තුමන්, දියණිය වූ ස්වර්ණපාලි පරණගම කුමාරිහාමී විසින් නායකත්වය දුන් අතර මෙයට පසුව ගොංගාලේ ගොඩබණ්ඩා, දීනිස්, පුරන් අප්පු යන අය එක් වූ අතර, ගිංගාලේ ගොඩබණ්ඩාව රාජ ප්‍රතිරූපකයා ලෙස අභිෂේක ගන්වන ලද අතර, ආර්‍ය සිංහල රාජකීය උරුමය සහිත ලෙනව පරපුරට ඥාතී වූ සූරිය බණ්ඩාර පරණගම නිළමේ තුමන්ව සිංහලේ රජු වංශයෙන් අභිසෙස් ගැන්වීමට දින කිහිපයක් තිබියදී ඔහු ඇතුලු පිරිස ඉංග්‍රීසි හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

අද අපි කාටත් මේවා අමතක වෙලා තිබුණාට මේ අප්‍රකට අරගල වෙනුවෙන් අපේ රටේ විශාල පිරිසක් ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කළා.

✍️RLP

.......................................................................................
ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචනා කරපු Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries කියන පොතේ සහ ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ ලාංකේය ඉතිහාසය කියන වෙළුම් පහක ග්‍රන්ථයට මහාචාර්ය මාලනී ඇදගම විසින් සැපයූ ලිපියකත් මේ කරුණු ඇතුළත් වෙනවා, කේ.බී හේරත් මහතා විසින් රචිත තිරපිටපත් කරුණුද ඇතුලත්. වැඩි විස්තර අවශ්‍ය අයට ඒවා කියවා බලන්න පුළුවන්.

පාරම්පරික රදළවරු. Association Of Traditional Aristocrats
පාරම්පරික රදලවරු
1818 හෙළයේ විරුජන සංගමය

02/11/2025

පහතින් දැක්වෙන්නේ, පීසාහි ඇලවෙන කුලුණේ සියවස් හයකට වඩා පැරණි නරඹන්නගේ පදයන්ට ගෙවී ගිය ගල් පඩිපෙළ...

සියවස් හයක් තිස්සේ පයට ගෙවී ගියේ මෙපමණක්‌ නම්, බුද්ධ දේශනාව අනුව,

යොදුනක් උස, යොදුනක් පළල, යොදුනක් දිග ගල් පර්වතයක්, සියවසකට (වසර 100 කට) වරක් සිනිදු සළුවකින් එක් වතාවක් පමණක් පිරිමැදලා, යම් දවසක එම ගල ගෙවෙන්නේද, එහෙත් කල්පය අවසන් නොවෙන බව දේශනාවේ සඳහන් වේ...

ඔබ හිතන්න, අපි සංසාරේ කොපමණ කාලයක් ද..?

"අප්පමාදෝ අමතපදං"🙏

28/10/2025

තුන් හෙලය,
⭕ රුහුණු රට
⭕ මායා රට
⭕ පිහිටි රට

තුන් හෙලයේම සීමාවන් එකවන තැන,
ත්‍රී සිංහලාරාමය පිහිටා ඇත. කටුගස්තොට .

11/10/2025

රු.50 නෝට්ටුවේ ඉන්න අපූරු සමනලයා පිළිබඳව ඔබ කවදා හෝ සොයා බලා තියෙනවද? මේ ඒ පිළිබඳ විස්තරයකි.

ශ්‍රී ලංකා නිල් කැලෑ කොළයා (Kallima philarchus) යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ, අතිශයින් සුවිශේෂී සමනල විශේෂයකි. "ශ්‍රී ලංකා කොළයුරුවා" ලෙසද හැඳින්වෙන මෙම සමනලයා, තෙත් කලාපයේ අඳුරු වනාන්තරවල ඇති iconic සමනල විශේෂයක් වන අතර, වනාන්තරයේ එළිමහන් ස්ථානවලදී පමණක් පිටතට පැමිණේ. ඔවුන්ගේ ව්‍යාප්තිය මධ්‍යම කලාපය දක්වා සහ සමහර විට සෙවන සහිත ඇළ දොළ ආශ්‍රිත වියළි කලාපයේ වනාන්තර දක්වා ද විහිදේ.

# සොබාදහමේ අනුරූපණය (Mimicry)

මෙම සමනලයා සාමාන්‍යයෙන් හිස පහළට සිටින සේ ගස් කඳන් මත රැඳී සිටියි. ඔවුන් පියාපත් එකට නවන විට, ඔවුන්ගේ සිරුරේ හැඩය සහ වර්ණය වියළී ගිය කොළයකට සමාන වන අතර, එමඟින් විලෝපිකයන් නොමඟ යවයි. මෙය සොබාදහමේ විස්මිත ආරක්ෂක යාන්ත්‍රණයකි.

මෙම සමනලයා පියාපත් විවර කළ විට පමණක් පෙනෙන නිල් පැහැති වර්ණ රටාව පියාපත්වල උඩු පැත්තේ ඇත. මෙය වියළි කොළයක වර්ණයට හාත්පසින්ම වෙනස් දීප්තිමත් නිල් පැහැයක් වන අතර, එය නිල් කැලෑ කොළයාට අද්විතීය අලංකාරයක් ලබා දෙයි.

# වාසස්ථාන හා ජීවන රටාව

ශ්‍රී ලංකා නිල් කැලෑ කොළයා වනාන්තර මායිම්වල සහ ඇළ දොළ අසල ඇති විවරයන්හි සැරිසරන අතර, ඝන වනාන්තර තුළ වාසය කිරීමට ප්‍රිය කරයි.

ආහාර පුරුදු:
මෙම සමනලයා පෝෂණය සඳහා යැපෙන්නේ අධික ලෙස ඉදුණු පලතුරු සහ ගස් යුෂ මත පමණි.

සත්කාරක ශාක:
ඔවුන්ගේ කීටයන්ගේ ප්‍රධාන සත්කාරක ශාක වන්නේ "Strobilanthes diandra" (නෙළු) සහ "Strobilanthes lupulina" ය.

අභිජනනය:
පිරිමි සතුන් තම සහකරුවන් සොයා ගැනීම සඳහා දිය පහරක විවරයක ඇති පත්‍ර මත වාඩි වී සිටිති.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ මෙම නිල් කැලෑ කොළයා, අපේ දිවයිනේ සුවිශේෂී ජෛව විවිධත්වය සහ සොබාදහමේ විස්මිත අනුවර්තන හැකියාවන් ලොවට කියාපාන කදිම නිදසුනකි.

තොරතුරු අන්තර්ජාලයෙනි.

Image credit : Chathura Udayanga

11/10/2025

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙලා ද?📏🌍

1. **පෙර වර්ගඵලය:**
- කල පරිදි, ශ්‍රී ලංකාවේ වර්ගඵලය පෙරට වර්ග කිලෝමීටර් 65,610 ක් ලෙස ඇතුව තිබුණි.

2. **වර්තමාන වර්ගඵලය:**
- මේ වන විට එම වර්ගඵලය වර්ග කිලෝමීටර් 67,240 දක්වා වැඩි වී තිබේ. 📈
- මෙම ප්‍රමාණ ග්‍රාමීය වැඩිවීම, නගරයන්ගේ හා ජනබල ප්‍රමාණය, භූමි සංවර්ධනය හා නව භූමි සංයෝජන වැනි සිදු වූ ප්‍රතිචාරවලින් ඇතිවෙයි.

3. **වර්ගඵලය වැඩිවීමේ හේතු:**
- 🏗️ නව සංවර්ධන ප්‍රදේශ නිර්මාණය කිරීම
- 🏙️ නාගරිකරණ ප්‍රවණතා වැඩි වීම
- 🌱 භූමි ආරක්ෂණ වැඩසටහන් සහ ව්‍යාපෘති

05/10/2025

රජතුමා දළදා මාලිගාවේ අඹරාව ඇදේට හැදුව හේතුව ...
✨️🙏☸️

මෙහි ඇති පින්තුරය දැක්කාම ඒ දළදා මාලිගාවේම කොටසක් කියලා ඔබ දන්නවා.දළදා වහන්සේ වඳින්න යන ඔබ හේවිසි මණ්ඩපය අසලට යන්නේ මේ ස්ථානය පසුකරමින්.මේ ස්ථානයට කියන්නේ අඹරාව කියලා.අඹරාව ගැන මා මීට පෙර ලියා තිබෙනවා.ඒත් අඹරාව ගැන නොලියුණු කොටසක් තියෙන නිසා එය සටහන් කරන්නයි මේ සුදානම.

අඹරාව බිම් ගෙයක් වගෙයි. ඒ අඹරාවෙන් ගියාම තමා දළදා මාලිගාවට යන්නේ.අඹරාව දිග අඩි 29 යි අඟල් 8යි.පළල අඩි 8 යි.අඹරාව කියන්නෙ කරත්තයක ආරුක්කු හැඩයට ඇති වහලයයි. ඒ කරත්ත වහලයට සමාන නිසා මෙතැනටත් අඹරාව කියල කියනව.

අඹරාවේ මුදුන් වහල කවාකාර යි. ඒ නිසා බිම් ගෙයක වගේ හැඩයක් තියෙන්නේ. මෙහි ඉතා ලස්සන සිතුවම් තියෙනවා.එහි බිත්තියේ ඇඳලා තියෙන්නේ අතින් මල් ගත්තු වන්දනාකරුවන්ගේ සිතුවම්.නෙළුම්මල් අතැති තුප්පොට්ටිකරුවන් අටදෙනා බැගින් මෙහි දෙපැත්තේ සිතුවම් කර තිබෙනවා.පියස්සේ මහනුවර යුගයේ නෙළුම්මල් මෝස්තර දකින්න පුළුවන්.

පළමුවැනි විමලධර්මසූරිය රජතුමා ඉදිකළ මහනුවර තෙමහල් දළදා මාලිගාව සෙනරත් රජතුමාගේ කාලයේ පෘතුගීසින් සම්පුර්ණයෙන්ම විනාශ කරදැම්මා.ඉන් පස්සේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයි අද දකින්න ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදිකළේ.එතකොට ඒ වීර පරාක්‍රම න⁣රේන්ද්‍රසිංහ රජතුමා තමයි මේ අඹරාව ඉදිකළෙත්.ඒක එතුමාගේ අදහසක්.

මෙහි විශේෂයක් තියෙනවා.මේ අඹරාව කෙලින් ඇතිබව අපට පෙනෙනවා.ඒත් අඹරාව එක කෙලින්ම නොවේ තියෙන්නේ.අඹරාව ඉදිකර ඇත්තේ ඇදේට..මා ඒ ගැන හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාගෙන් ඇහැව්වා.

" මේ අඹරාව තනි කෙලින්ම හැදුව නැති හේතුවක් තිබෙනවා.මෙය කෙලින් හැදුවානම් උළුවහු තුනකට හරියටම මැදි වෙනවා.දළදා වහන්සේ වැඩසිටින මාලිගාවේ පහළ මාලයේ මහ අරමුදලට (හේවිසි මණ්ඩපය අසලින් ඇතුළුවන දොරටුව ඇති තැන) ඇතුළුවන උළුවස්ස, උඩුමාලේ වැඩසිටින කුටියේ උළුවස්ස හා අඹරාවට ඇතුළුවන තැන උළුවස්සට කෙලින්ම පිහිටන්නේ නැති වෙන්නයි මේ අඹරාව ඇදකරලා හදලා තියෙන්නේ.එය බැලු බැල්මට කිසිම කෙනෙකුට හොයන්න බැහැ.ඒත් සිදුවි ඇත්තේ එයයි.අනික මේ අඹරාව ඉහළින් ඉදිකර තියෙන්නේ පල්ලේමාලේ විහාරය."

හිටපු දියවඩන නිලමේතුමා කිව්වේ එහෙමයි.

ඉතින් මේ අඹරාව උඩ ඉදිකළ පල්ලේමාලේ බුදුමැදුරට ඔබ ගොස් ඇති.මේ බුදුමැදුර තියෙන්නේ පත්තිරිප්පුව ළඟ. ඒ කියන්නේ මාලිගාව ඇතුළෙන් පත්තිරිප්පුවට ගොඩවෙන තැන දකුණු පැත්තට වෙන්න තමයි පල්ලේමාලෙ විහාරය පිහිටලා තියෙන්නේ. මේ බුදුගේ හදලා තියෙන්නේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා. මෙම විහාරයට ගොඩවෙන්න තියෙන්නේ සදකඩ පහනකින් අලංකාර වූ පඩිපෙළකින්.

දළදා වහන්සේ වෙනුවෙන් මහත් භක්තියකින් වැඩකරපු පාලකයකුවු කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා ඉදිකරවු මේ බුදුමැදුර රාජාධිරාජසිංහ රජතුමා විසින් වැඩිදියුණු කර තිබෙනවා.මේ බුදු මැදුර ඇතුලේ විශේෂ රූප දෙකක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ ශාසනික ප්‍රබෝධයේ නිර්මාතෘවරයාවු වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ හා රාජසිංහ රජතුමාගේ සිතුවම් දෙක.

දළදා වහන්සේ මහනුවර වැඩමවාගෙන ඒමට පෙර වැඩසිටියේ ⁣කුරුවිට දෙල්ගලමුව රජමහා විහාරයේනේ. ඒ වසර හතළිස් ගණනක්.ඉතින් පළමුවන විමලධර්මසූරිය රජතුමා මහනුවර දළදා මාලිගාවක් ඉදිකිරිමෙන් පසු දෙල්ගමුවේ සිට මහනුවරට දළදා වහන්සේ වැඩමවා ගෙන ආ බව කියන කරඬුව තියෙන්නේ මේ පල්ලේමාලෙ විහාරයේ.එය ඓතිහාසික වටිනාකකමක් ඇති කරඬුවක්.පල්ලේමාලේ විහාරය මින් පෙර ගිව්ව නිසා ඒ ගැන තව විස්තර ලියන්නේ නැහැ.

ඉතින් ඇසළ පෙරහැරට ඇතා පිට තැන්පත් කිරිමට පෙරහර කරඬුව වඩම්මවාගෙන අඹරාව යටින්. ඉහල මාලෙ ඉඳල පහළට කරඬුව වඩම්මනකොට එනකොට හේවිසි කණ්ඩායම මෙතැනදි හේවිසි පදය වෙනස් කරනව.ඒකට කියන්නෙ අඹරා හේවිසිය වාදනය කරනව කියල.

අඹරා හේවිසි පදයෙන් පස්සෙ වේග හේවිසි පදයක් වාදනය කරලා බුද්ධ පූජා හේවිසිය වාදනය කරනව කරඬුව ඇතු මත ඇති රන්සිවිගෙයෙහි තැන්පත් කරන තුරුම ඒ හේවිසිය වාදනය කරනවා.

🅚 🅐 🅝 🅓 🅨

ᵀʰᵉ ᵐᵒˢᵗ ˢᵃᶜʳᵉᵈ ᶜᶦᵗʸ

සටහන
© ✍️ ධර්ම ශ්‍රී තිලකවර්ධන
📸 Kingsley Perera

Photos from සිහල දීපය's post 21/09/2025

සිංහල බස හෝඩියේ ව්‍යාප්තිය...

18/09/2025

1929 වනවිට බ්‍රිතාන්‍ය ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය. මෙහි පුළුල් අමානය‍යේ සහ පටු ආමානයේ මාර්ගත් යෝජිත දුම්රිය මාර්ග අතරට මාතර හම්බන්තොට මාර්ගය, මඩකලපුව සිට නින්දවූර් මාර්ගයත් කළුතර සිට අගලවත්ත දක්වා මාර්ගයත් දක්වා ඇත.

( ස්තූතිය මුල් හිමිකරුට )

Photos from සිහල දීපය's post 21/07/2025

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්ගේ
හා අනුනාහිමිවරුන්ගේ ආදාහනයට
රාජ්‍ය ගෞරව හා අනුග්‍රහය ලැබෙන්නේ මෙහෙමයි


අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන්ගේ අපවත්විමෙන් ශාසනයට සිදුවු පාඩුව පිරිමසාලිය නොහැක්කකි.ජාතික ආගමික හා සමාජයීය කටයුතුවලදි සෘජුු ලෙස අභීතව අදහස් ප්‍රකාශ කළ උන් වහන්සේ වැනි සංඝපීතෘන් වහන්සේලා අද සමාජයේ වැඩ සිටින්නේ අතලොස්සකි.අනුනාහිමිගේ අපවත්විමේ පාඩුව දැඩිලෙස දැනෙන්නේ ඒ නිසාය.අනුනාහිමියන් පිළිබඳව බොහෝ අදහස් පළවෙන නිසා අස්ගිරි මල්වතු අනුනාහිමි නමක්ගේ ආදාහනයේදි හිමිවන ගෞරවය පිළිබඳව මෙහිලා සටහන් කිරිමට සිතුවෙමි.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්, අමරපුර උත්තරීතර මහනාහිමි, හා රාමඤ්ඤ මහනාහිමි අපවත්වුණාම ආදාහනය සිදුකරන්නේ රාජ්‍ය ගෞරව සහිතවයි.ඒ කියන්නේ ත්‍රිවිධ හමුදා ගෞරවාචාර මැද්දේ.1956 ට පෙර එලෙස ත්‍රිවිධ හමුදා උත්තමාචා ර මහනාහිමිවරුන්ගේ ආදාහනවලදි පිරිනැමුනෙේ නැහැ.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හැර සියම් නිකායේ තව පාර්ශව කිපයක්ම තිබෙනවා.ඒ වගේම අමරපුර නිකායේත් පාර්ශව බොහෝ තිබෙනවා.ඒ පාර්ශවල මහනාහිමිවරුන් වැඩ සිටියත් උන් වහන්සේලාට ආදාහනයේදි ⁣රාජ්‍ය ගෞරව හිමිවන සම්ප්‍රදායක් නැහැ.උන් වහන්සේලාගේ ආදාහනවලදි රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා .
මහනාහිමිවරුන් සිව්නමට හා මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන්ට මේ අන්දමින් රාජ්‍ය ගෞරව සහිතව අක්තපත්‍ර ලබාදීමේ ක්‍රමය හා මහනාහිමිවරුන් සිව්නම අපවත්වු පසු ආදාහනයේදි ත්‍රිවිධ හමුදා සහිතව රාජ්‍ය ගෞරව ලැබුණු ආකාරයයි මේ ලියන්නේ.
මේ ක්‍රමය ආරම්භ වුණේ මල්වතු පාර්ශවයෙන්.ඒ කියන්නේ මල්වතු පාර්ශවයේ විසිවැනි මහනායක ධුුරය හෙබවු වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණසරණ සරණංකර මහනාහිමිට තමයි මුලින්ම රාජ්‍ය ගෞරව සහිතව පදවියේ අක්ත පත්‍රය ලැබු⁣ණේ.ඒ වගේම ත්‍රිවිධ හමුදා ගෞරව සහිතව ආදාහනයක් මුලින්ම සිදුකළෙත් එම මහනායක හාමුදුරුවන්ගේ.

මේ කියන වැලිවිට මහනාහිමිපාණන් වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ ගිහි පරපුරේ සවෙනි මුනුපුරායි.

වික්‍රමසිංහ තිලකරත්න වාසල මුදියන්සේ රාලහාමි පුංචි බණ්ඩාර යන ගිහි නාමයෙන් හැදින්වු මුන් වහන්සේ පැවිදි වි ඇත්තේ 1880 දි මල්වතු මහ විහාරයේදි.වැලිවිට සංඝරාජයන් වහන්සේගේ නමින්ම හැදින්වු කීපනමක්ම වැඩ හිටියා.ඒ අනුව ඒ නාමය ලද සිව්වැන්නා මුන් වහන්සේයි.
.
වැලිවිට ශ්‍රී සරණංකර අනුනාහිමියන් මල්වතු පාර්ශවයේ මහනායක ධුරයට පත්වන්නේ 1955 ජුලි14 වෙනිදා.ඒ රඹුක්වැල්ලේ ශ්‍රී සෝභිත මහනාහිමියන් ගේ අපවත්විමෙන් පසුවයි.ඒ දක්වාම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් එම පදවියට පත්වු පසු අක්තපත්‍ර ලබාගන්නේ මහනාහිමියන් මහනුවර කච්චේරියට වැඩම කරලයි.
වැලිවිට සරණංකර මහනාහිමියන්ගේ බොහෝම ක්‍රියාකාරි ශිෂ්‍යයන් වහන්සේ නමක් වැඩ හිටියා .උන් වහන්සේ තමයි වැලිවිට ශ්‍රී විපස්සි නාහිමියෝ.රජසමයේ මෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම මහ පදවියේ අක්තපත්‍රය ලබාදිය යුතුයැයි විපස්සි නාහිමියෝ කල්පනා කළා. කච්චේරියට ගිහින් මහනායක පදවියේ අක්තපත්‍රය ගන්න එක මහනාහිමිට අගෞරවයක් .විපස්සි නාහිමියෝ ඒ බව ලංකාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට හා අගමැති සර් ජෝන් කොතලාවල මහතාට කරුණු පැහැදිලි කර දුන්නා.

ඒ අනුව වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමියන්ට පදවියේ අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දි සුදානම් කළා.අක්ත පත්‍රය පිරිනැමුණේ ලංකාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා අතින්.අගමැති සර් ජෝන් කොතලාවල, ඇතුළු මැති ඇමතිවරු,. දියවඩන නිලමේ කුඩා බණ්ඩාර නුගවෙල ඇතුළු නිලමේවරුන් හා විශාල පිරිසක් ඊට සහභාගිවුණා.උත්සවය සුදානම් කළේ රාජ්‍ය අනුග්‍රහයෙන්.ඒ සදහා මඟුල් මඩුව ඉතා ඉහළ ආකාරයෙන් සරසා තිබුණා.අන්න එදා සිට තමයි මල්වතු අස්ගිරි මහනායක, අනුනායක හිමිවරුන්ට පදවි පිරිනැමිමේදි රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ.ඒ අනුව අදත් ක්‍රියාත්මක වන රාජ්‍ය නායකයා අතින් සන්නස් පත්‍ර පිළිගැන්විමේ සම්ප්‍රදාය ආරම්භ වුණේ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමිගෙන්.

වැලිවිට සරණංකර මහනාහිමියෝ අපවත් වුණේ 1956 සැප්තැම්බර් 20 වෙනිදා. මහනාහිමිපාණන් වහන්සේ නමක් අපවත්වු පසු ඉහළම රාජ්‍ය ගෞරවයෙන් එම ආදාහනය සිදුකළ යුතු බව උන් වහන්සේගේ ශිෂ්‍ය වැලිවිට විපස්සි නාහිමියන් ලංකාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඇතුළු රාජ්‍ය ප්‍රධානින්ට දැනුම් දුන්නා.ඒ අනුව ලංකාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ,හා අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් ආදාහනොත්සවයේ කටයුතු සුදානම් කළා.
ඒ අනුව රාජ්‍ය ගෞරව සහිතව ආදාහනොත්සවය සිදුකිරිමට තීරණය කළා. ත්‍රිවිධ හමුදා ගෞරව මැද මහනාහිමියන් ගේ ආදාහනය සිදුකළේ 1956 සැප්තැම්බර් 26 වෙනිදා.ඒ බෝගම්බර ක්‍රීඩාංගණයේදී.ඒ ආදාහනෝත්සවයට පළමුව මහනාහිමිගේ දේහය මඟුල් මඩුවේ තැන්පත් කළා.එතැන් සිට විශාල පෙරහරකින් බෝගම්බර පිටිය දක්වා ආදාහන පෙරහර ගමන්කළා.
මහනාහිමියන්ට ගෞරව පිණිස ලංකාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා, අගමැති එස්.ඩබ්ලිව් .ආර්.ඩි.බණ්ඩාරනායක මහතා ,සෞඛ්‍ය ඇමැතිනි විමලා විජයවර්ධන ඇතුළු මැති ඇමැතිවරුත් ආදාහන පෙරහරේ පයින්ම ගමන් කිරිම මෙහි විශේෂත්වයක්.ඒ වගේම මේ ආදාහනෝත්සවයට තුන් නිකායේම මහනාහිමිවරුන්,අනුනාහිමිවරුන් ,නාහිමිවරුවැඩම කළා.ඒ වගේම මහනාහිමියන් අපවත්වු දිනයේ පටන් රටේ සතර වටින්ම ගිහි පැවිදි විශාල පිරිසක් මහනුවරට පැමිණියා.
ආදාහනෝත්සවයට තානාපතිවරුන්, විදෙස් රාජ්‍ය නිලධාරින්ද සහභාගිවුවා.බෝගම්බර පිටියේදි මහනායක හිමියන්ට ගෞරව පිණිස ත්‍රිවිධ හමුදා ආචාර වෙඩිමුර 19ක් පැවැත්වුවා.ත්‍රිවිධ හමුදා ආචාර වෙඩිමුර සහිතව රාජ්‍ය සහිතව මහානායක හාමුදුරුවෝ නමකගේ ආදාහනෝත්සවයක් මුල්වරට සිදුකළේ ඒ අන්දමිනුයි.ඉන් පසු තමයි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අපවත්වු පසු ත්‍රිවිධ හමුදා ⁣වෙඩිමුර හා රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පුජෝත්සව සිදුකිරිම ආරම්භ වු⁣ණේ.පසුව එය සම්ප්‍රදායක් බවට පත්වි අනෙක් නිකායේ දෙකේ මහනාහිමිවරුන්ටත් ඒ ගෞරවය හිමිවුණා.

මහනායක හිමිනමක් අපවත් වූ විටද නිලමේවරුන්ට රාජකාරියක් පැවරී තිබෙනවා. මහනායක හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වැඩමවීමට පැයකට කලින් දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් දේහය අසල මුරට සිටිම චාරිත්‍රයක්. ඉන්පසුව දේහය වඩම්මවන ආදාහන පෙරහරේද නිලමේවරුන් ගමන් කළ යුතුයි. ඒ සුදු පැහැති නිල ඇඳුමෙන් සැරසීය. ඇසළ පෙරහරේ ගමන් කරන ආකාරයට නිලමේවරුන්ට ආදාහන පෙරහරේ අත් දෙක දෙපසට වනමින් ගමන් කළ නොහැකියි. ආදාහන පෙරහර ආරම්භ වූ මොහොතේ සිට ආදාහනය සිදුකරන ස්ථානයට යනතුරු නිලමේවරුන් දෙඅත් පිටුපසට බැඳගෙන ගමන් කළ යුතුයි. නිලමේවරුන් ඒ ආකාරයෙන් ගමන් කරන්නේ දේහයට ඉදිරියෙන්. අනුනායක හිමිවරුන්ගේ සන්නස් ප්‍රදානයේදීද නිලමේවරුන් සැරසෙන්නේ සුදු නිල ඇඳුමෙන්.
ඉතින් තුන් නිකායේ මහනායක හාමුදුරුවෝ නමකට අක්තපත්‍ර පිරිනැමිමේදි රාජ්‍ය නායකයා අතින් අක්තපත්‍රය ලැබීමත්, ආදාහනයේදි රාජ්‍ය ගෞරව ලැබිමේ ක්‍රමයත් ආරම්භ වුයේ මල්වතු පාර්ශවයේ මහනායක වැලිවිට ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේගෙන් බව ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා.ඒ වගේම ඒ සදහා ලංකාණ්ඩුකාරයා දැනුවත්කර කටයුතු සම්පාදනය කළ වැලිවිට සරණංකර මහනාහිමිගේ ශිෂ්‍ය (1963 දි අපවත්වු )වැලිවිට විපස්සි නාහිමියන්ට තුන් නිකායේම ගෞරවය හිමිවිය යුතුවෙනවා.

නමුත් අස්ගිරි මල්වතු අනුනාහිමිවරුන් අපවත්වු පසු හිමිවන්නේ රාජ්‍ය ගෞරව නොව රාජ්‍ය අනුග්‍රහයයි.එය පූර්ණ ලෙස ලබාදෙනවා.මහනාහිමියන්ගේ ආදාහන පෙරහරේදි මෙන් දියවඩන නිලමේ හා බස්නායක නිලමේවරුන් අනුනාහිමිගේ ආදාහන පෙරහරේ නිල ඇදුමෙන් සැරසි ගමන් කරන්නේ නැහැ.නමුත් ආදාහන කටයුතු සදහා ඔවුන්ගේ පුර්ණ සහය ලබාදෙනවා.

ධර්ම ශ්‍රී තිලකවර්ධන
Dharmasrige - උරුමාලංකාරය
#නුවරලිපි

05/05/2025

බාලගිරි දෝෂයෙ තියෙන දුක හිතන කතාව
━━━━━━━━━━━━━━

අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කිව්වම යන්නෙ අපේ සොඳුරු ළමා කාලයට.

දැන් මේ දෝෂය ගැන ගොඩක් සැළකිලිමත් නොවුනට ඉස්සර කාලෙ නම් අලුත උපන් දරුවෙක් ඉන්න ගෙදරක දොරේ "බාලගිරි දෝෂය අද නොවේ හෙට" යන වාක්‍ය අනිවාර්යයෙන් සටහන් වී තිබුණා.

දැන් අපි යමු, බාලගිරි කියන්නෙ යක්ශයෙක් නෙවේ කියන්න හේතුව බලන්න.

"බාලගිරි දෝෂය අද නොවේ හෙට"

මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදීම මෙරට අතීතයේ සිටම පැවත එන විශ්වාසයකි.

දැන් ඔයාලට කල්පනාවට එනවා ඇති
ගිරි දේවිය යනු කවුරුන්ද?
────────────── ☉

ඇය පිළිබඳ විස්තර රාශියක්,

ගිරිදෙවි අස්න
ගිරිදේවි උපත
ගිරිදෙවි කව

යන පොත පතින් දැනගත හැකිය. එම ග්‍රන්ථවල සඳහන් ආකාරයට ඇයගේ වගතුග මෙසේය. ඇය දඹදිව දන්තපුරයේ විසු සිංහකූමාර රජු සහ ඇගේ දේවිය වූ හංසවති බිසවගේ දියණියක් වූවාය. අනාවැකි කරුවෙක් ඇය ගැන මෙසේ අනතුරක් ප්‍රකාශ කළේය.

ඇය තමන් වැඩිමහල් සොහොයුරා වූ දල කුමාරයා සමග සංවාසයේ යෙදෙන බවයි. එම නිසා ඇයව තම වැඩි මහල් සොයුරාගෙන් ඈත් කර තැබීමට සිතා, දෙමව්පියෝ කුඩා කුමරිය දළ කුමරාට නොපෙනෙන සේ ගල්කුලක සඟවා කුඩා කලසිටම ආරක්ෂා කිළා. මේ නිසා ඇය ගිරි දේවිය වූවාය.

ගිරි දේවිය කොහමද එතකොට බාලගිරි යක්ශනිය වුණේ?
────────────── ☉

තරුණ වියට පත් දළ කුමරාට මෙසේ ලෙනක සඟවා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අසන්නට ලැබුණේය. කීපවරක්ම බැලීමට අවසර ඉල්ලූ නමුත් අවසර නොලැබීම නිසා දළ කුමරා බොරු ලෙඩක් හදා ගත්තේය. අවසානයේ අවසර ලැබිණි. ගිරි දේවිය දැකිමෙන් උන්මාදයට පත් වූ දළ කුමරා කෙසේ හෝ ඇය පොළබවාගෙන නිමිත්ත කී පාඨකයින් කී පරිදිම සංවාසයේ යෙදුනේය. ගිරිදෙවි අස්නේ එය මෙසේ දැක්වේ.

"රන්දම් සේ අත්දෙක අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු කැන්දන"

තම සොයුරා අතින් කෙලෙසුණු නිසා ගිරි දේවිය අවසානයේදි දිවිනසා ගත්තාය. ගෙළ වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය. මේ වන විට ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සඟවන ලද්දේය. ඒ නිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකි විය. ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය.

මෙසේ මිනිසුන්ට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේ යැයි කියවේ.

ගිරි දේවිය වරෙක දේවතාවියකි, වරෙක යක්ෂණියකි. එසේම දළකුමරා වරෙක දෙවියෙකි, වරෙක යක්ෂයෙකි. ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පළාත්වල පුද ලබති.

දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත් කිරිමේ බලයක් ඇත. එම බලය ලැබුණේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු, බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ. සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුණක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරීමටයි. ඔහුට ඇස්වහ කටවහ නැති කිරිමට බලයක් ඇති බව ගැමි විශ්වාසයි.

ගිරිදේවිය මෙන්ම ගරායක්ෂයා පිළිබඳව ඇතැම් ග්‍රන්ථවල අවතාර 12 ක් සඳහන් වේ

මදනගිරි
හපුමල් ගිරි
බාලගිරි
මෝලන් ගිරි
භූතගිරි
නීලගිරි
රත්නගිරි
හඳුන්ගිරි
පට්ටගිරි
කොටගිරි
අඳුන් ගිරි

වැව් බැඳි රාජ්‍යයේ අනුරාධපුර – පොලොන්නරුව ද්‍ දිස්ත්‍රික්කවල අපූරු යාතුකර්මයක් තද ඉඩෝර කාලවල වෙයි. මෙය වර්ෂාව ලබා ගැනිමට කරන එකකි. දළකුමාරයාගේ සහ ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක් අඹා අඳුර වැටෙත්ම දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි. අනතුරුව කවි කීයමින් නටා මොහොතකින් නිරුවත් රූප දෙක එතැන හුදකලා කර ගමට පියමං කරති. මෙය දළකුමාරයාගේ හ ගිරිදේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ.

ගිර්දේවිය බලිය නිර්වස්ත්‍රව තබා යාමෙන් මැටී රූප දෙක කාටවත් ඇසගැසෙන්නට පෙර සේදී යාමට වර්ෂාවක් ඇදහෙලන බව තවමත් රජරට වාසින් අතර පවතින විශ්වාසයකි. අනුරාධපුර ත්‍රීකුණාමලය මායිම් ගම්මානවල යාන් ඔය මහදිවුල්වැව තිරප්පනේ කිවුලකඩවල කුඩා ගම්මානවල හා කැලෑපතර මේ යාතුකර්මය දැකිය හැක. ළදරුවන් නිතර නිතර අධික ශබ්දයකින් දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි.

කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම,

නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම
මව්ගෙන් කිරි ඉල්ලා ඇඬුම
වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම
ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬීම

ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.

ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් 12 දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගිරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව පොත පතෙහි සඳහන් වේ.

"දෙදරුවන් වඩා උකුලේ නලවම්වා
ළඳරුවන් වඩා ඉඳගෙන අඬවම්වා
සොඳුරු වන් මෙපුද දැක සෙත සලසම්වා
නුදුරුවන් නීල ගිරි නම් කිරි අම්මා"

මෙවැනි කවිවලින් මේ ගිරි යක්‌ෂ යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම, බිය කිරීම ආදී දෑ කරන බව ද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන බව සිහිනෙන් පෙනීමට දරුවන්ට සලස්‌වන බවත් පොතපතෙහි සඳහන් වේ.

"බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා
විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා
සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා
මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා"

මෙම කවි ද ශාන්තිකර්ම වලදී කියවීමෙන් ඒ බව තහවුරු වේ. මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට,

නිතර රතන සූත්‍රය භාවිතය
රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම

කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එළඅබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ.

තවද "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි.

✍️රුසිරු පරණගම




මුල්හිමිකරුට ස්තූතියි
උපුටා ගැනීම

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo
01