22/05/2023
මෝටර් වාහන වේග සීමා නියෝග සංශෝධනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උස්වැටකෙයියාව හෙප්පමුල්ල මාර්ගය ආශ්‍රිතව අදාළ වේග සීමාවන් මාර්ගය මත ලකුණු කිරීමේ සමාරම්භක අවස්ථාව 2023.05.17 දින 2023 ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගාමීව සිදුකරන ලදී.
20/05/2023
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා කොළඹ නගර සභාව ඒකාබද්ධව මෙහෙය වන පාසල් මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒකකය (Road Safety Educations Children Park) සඳහා පාපැදි 20 ක්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලින් ලබා දීම හා පාසල් සිසුන් 60 දෙනෙකු, මාර්ග නීති සම්බන්ධයෙන් පුහුණු කිරීමේ වැඩසටහන 2023.05.19 දින “7 වන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට” (7th UN Global Road Safety Week) සමගාමීව සිදු කරන ලදී.
12/05/2023
මෝටර් වාහන වේග සීමා නියෝග සංශෝධනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා 2023.05.10 දින ගම්පහ දිස්ත්‍රික් කමිටුව රැස්වන ලදී.
11/05/2023
මහර වෙසක් කළාපයට සමගාමීව, විරිදු ගායනා හා වීඩීයෝපට යොදාගනිමින් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන.
25/04/2023
අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව ආසන්නයේ දැවැන්ත ගසක් පෙරලීම නිසා මාර්ගය අවහිරවී තිබිණි. එහි දී සිදුවීමට ගිය විශාල ජීවිත සහ දේපල විනාශයක් වළක්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් දුම්රිය ගමන් ගන්නා මාර්ගයට පැමිණ දුම්රියට අනතුර පිලිබඳ සංඥා කරමින් දුම්රිය නතර කිරීමට කටයුතු කළ තංගමලේ වතුයායේ මුරකරුවකු ලෙස සේවය කරන හපුතලේ එච්.එම්. විජයරත්න මහතා ජීවිතය පවා පරදුවට තබමින් සිදුකළ වීර ක්‍රියාවට උපහාර දැක්විම සඳහා විශේෂ උත්සවයක් හපුතලේ දුම්රිය ස්ථානයේදී සංවිධානය කර තිබිණි.
විජයරත්න මහතා විසින් සිදුකරන ලද වීර ක්‍රියාව අගය කරමින් ඔහු විසින් කරන ලද මෙහෙවර වෙනුවන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන්නට ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කරන ලදී.
21/04/2023
සියලු මුස්ලිම් බැතිමතුන් හට ප්‍රීතීමත් රාමසාන් උත්සවයක් වේවා. සියලුදෙනා එක්ව ආරක්ෂිතව රාමසාන් සමරමු.
17/04/2023
රිය පැදවීමේදී අන් අයගේ ජීවිත වලට වටිනාකමක් දීම සඳහා සෑමවිටම වේග සීමා පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනය කරන්න.
12/04/2023
මේ අලුත් අවුරුද්දේ නෑගම් යන ඔබත්, පවුලේ සැමත්, මාර්ග නීති පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනයේ යෙදෙමින් අලුත් අවුරුද්දේ සතුට භුක්ති විඳින්න.
ඔබ සැමට සාමය සතුට ආරක්ෂාව සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
10/04/2023
ඔබ යම් කිසි දෙයක් සඳහා ප්‍රමාද වී, කලබලකාරී ලෙස මාර්ගය භාවිත කරයි නම්, එම තප්පරය තුළ ඔබගේ ජීවිතය පවා අහිමි විය හැකි බව නිතර සිහි තබා ගන්න.
31/03/2023
රිය ධාවනයේදී ඔබේ අවධානය ගිලිහෙන එක තත්පරයත් ඔබට මරණය ගෙන දිය හැකියි. එම නිසා නිරතුරුවම අවධානයෙන් රිය ධාවනයේ යෙදෙන්න.