සකි සඳ - Saki Sanda

සකි සඳ - Saki Sanda

Share

දැනුමට යමක්

23/11/2023

ඊයේ රාත්‍රියේ වික්ටෝරියාව වාන් දාපු විදිහ 🏞️🌧️

වික්ටෝරියා කාර්‍යයභාරය ඉංජිනේරු ඇහැලපිටිය මහතාට ස්තුතියි.
- උපුටා ගැනීමකි
-

Follow us ❤

22/11/2023

පින්වත් ඔබ හැකි අයුරින් උපකාර කරන්න ❤🙏

09/11/2023

ජීවිතේට වටිනා ඔවදනක් ❤🥰💐

අද කාලේ දෙමව්පියන් දරුවන්ට ගුණධර්ම සාරධර්ම උගන්වන්නේ නෑ රැල්ලට ණය වෙලා හරි තියෙන අධ්‍යාපන ක්‍රමය පස්සේ දුවවනවා. අද කාලේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය කටපාඩම් අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්න පුළුවන් කෙනා ජය ගන්නවා.තාර්කිකව අවබෝධයෙන් ඉස්සරහට යන්න හදන ළමයා අසරණ වෙනවා. ඉස්සර තිබ්බේ පන්සල මූලික වුන අධ්‍යාපන රටාවක්.ළමයට සාරධර්ම ගුණධර්ම,දහම, අධ්‍යාපනය හැමදේම පන්සලෙන් දරුවට ලැබෙනවා.🙏❤

දැන් ඉන්න ළමයි කටපාඩම් දැනුමක් විතරයි දන්නේ ඒ අස්සේ තාක්ෂණය දියුණු වෙලා ඒක අවභාවිතා කරන අය වැඩි. ඉතින් මනස විකෘති වෙනවා.දහමකට ගරු කරන්න දන්නේ නෑ වැඩිහිටි කෙනෙක්ට වත් ගරු කරන්න දන්නේ නෑ 🥺දෙමව්පියන්ට දරුවන්ට මානසික පීඩාත් වැඩි. අන්තිමට ගුණයක් තේරෙන්නේ නැති ළමයා දෙමව්පියන් හදපු ගෙදරින්ම ගහලා පන්නලා දානවා.නැත්නම් බේබද්දෙක්, සල්ලාලයෙක්, කුඩුකාරයෙක්,මුදලට විකිණෙන ගණිකාවක් වගේ මට්ටම් වලින් දෙමව්පියන් වත් දන්නේ නැතුව ඉහළට ගිහින් තියෙයි.රටට ලෝකෙට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ එහෙම දරුවෙක් ගෙන්.🤐

අද කාලේ දෙමව්පියන් දුවට,පුතාට කසාද බන්දලා දෙන්න හොයන්නෙත් ⁣ඩිග්‍රි තියෙයිද, සල්ලි තියෙයිද,දේපල තියෙයිද,වාහන තියෙයිද, දෑවැද්ද කොහොමද වගේ දේවල් වලින්.
අන්තිමට ඩිවොස් නඩු බැදලා මාසෙන් දෙකෙන් අවුරුද්දෙන්. ඇයි ඒ ගතිගුණ ගැලපිලා නෑ අදහස් ගැලපිලා නෑ. අන්තිමට බීලා ඇවිත් ගහනවා. නැත්නම් පිරිමි අය නම් වෙන ගෑනු පස්සේ යනවා,ගෑනු අය නම් වෙන පිරිමි අය පස්සේ යනවා. තමන්ගේ නෝනාව වෙන පිරිමි අයට විකුණනවා. 😐
දෙමව්පියන් ගෙන් දරුවන්ට වෙන්න තියෙන යුතුකම්,දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙන්න තියෙන යුතුකම් දන්නේ නෑ. සැමියා ගෙන් බිරිඳට වෙන්න තියෙන යුතුකම් දන්නේ නෑ. බිරිඳ ගෙන් සැමියාට වෙන්න තියෙන යුතුකම් දන්නේ නෑ. එයාලගේ තියෙන ගුණ දකින්න වත් උගන්නලා නෑ.මේ දූෂිත සමාජ රටාවෙන් මිදිලා නිවරිදි දෙමව්පියෙක් වෙන්න දරුවට ගුණධර්ම සාරධර්ම පුරුදු කරන්න. නැත්නම් දවසක දෙමව්පියන් දරුවන් දෙගොල්ලොම අසරණයි.

දහම මූලික කරගත් ගුණධර්ම සාරධර්ම සපිරි නිරෝගීමත් දරුවෙක් සමාජයට දයාද කරමු ❤

Follow us ❤
-

05/11/2023

ඇවිද්ද පය දහස් වටියි කියලා තියෙන්නේ නිකන්ද 👇❤

-

31/10/2023

කෘත්‍රිම රසකාරක කන්නේ බලාගෙනයි අඩු ආයුෂ භුක්ති විදන්න වෙයි...

E951 කෘත්‍රිම පැණි රසකාරකය උග්‍ර පිළිකා කාරයක්.
මෙය සහිත නිශ්පාදන හැමතැනම. මේ bubble gum එකෙත් බලනකොට E951 තියෙනවා. පාරිභෝගිකයන් මේවා ගැන දන්නෙ නෑ.
පුලුවන් තරම් මේවා ගැන හොයා බලන්න.

හැකිතාක් රසායනික නැති දේවල් පරිහරණය කරන්න නැත්නම් දරුණු ලෙඩ වලින් පීඩා විදින්න වෙයි.

-

Photos from සකි සඳ - Saki Sanda's post 28/10/2023

රත්නපුර සුමන සමන් දේවාල භූමියේ අනන්ත අප්‍රමාණ වූ ඒ මහා බුදුගුණ උදෙසා ගුණ උපහාරයක් වශයෙන් සිදු කරන්න යෙදුන මහා පහන් ආලෝක පූජාව 🪔 🪔 🪔

ඔබ සැමත් සියතින් දෝතින් අතහිත දී කරගත් පින්කමක් සේම අනුමෝදන් වෙත්වා 🙏❤
සියලු යහපත අභිවෘද්ධිය උදාවෙලා සියලු බාධා දුරු වෙලා උතුම් නිර්වාණබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වාසනාම වේවා !!!🙏🙏🙏

-
-

Follow us 🔥

25/10/2023

නමෝ බුද්ධාය 🙏🙏🙏

යහපතක්ම වේවා ඔබ සැමටම !!!
තෙරුවන් සරණයි !!!

-

24/10/2023

හැමෝටම ගොඩක් වැදගත් වෙයි 👇

තමන්ගෙ ෆොටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.

අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාගෙන ගොඩාක් fb එකවුන්ට් දකින්නට ලැබෙනවා.. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ.

ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්.

තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද?

මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්.

මුලින්ම fb එකට ලොග් වෙන්න. (UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න. ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න.

ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.

ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.

ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harrasment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..

ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි.

හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න.

එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි.


-

23/10/2023

අවශ්‍ය කෙනෙක්ට බලන්න share කරන්න.


-

Photos from සකි සඳ - Saki Sanda's post 21/10/2023

උගන්ඩාව පුරාම සිඝ්‍රගෙන් පැතිර යන ශ්‍රී සද්ධර්මය 🙏🙏🙏

“දසබලධාරී තථාගතයාණන් වහන්සේ නම් වූ ශෛලමය පර්වතයෙන් පැන නැඟී ආ, නිර්වාණය නම් වූ ඒ මහා සමුද්‍රය ඉම කොට ඇති, ආර්ය අෂ්ඨංගික මාර්ගය නම් වූ ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව සියළු ලෝ සතුන් ගේ මහා දුක නිවාලමින්, බොහෝ කාලයක් සුවසේ ම ගලා බස්නා සේක්වා!!!”

උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏❤


-

21/10/2023

Mother country ❤💎🥰

-

20/10/2023

Nature ❤🥰🔥

-

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo