13/10/2026
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2026
===================================
අරණායක ආසනයේ ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක අට්ටාපිටිය වසමේ පින්කනටිය වෙල් යායේ පැතිබැම්ම ඉදිකිරීමේ කටයුතු අට්ටාපිටිය ජයතිලකාරාම විහාරවාසී චන්දාන්නද ගරු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා අනුශාසනයෙන් අද දින ආරම්භ විය.
මෙම අවස්ථාව අරණායක ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක රෝහණ කුමාර සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
එමෙන්ම මෙම අවස්ථාව සදහා ජාතික ජනබලවේගයේ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් මල්වත්තගේ සහෝදරයා,අට්ටාපිටිය ප්‍රජා සංවර්ධන සභා සභාපති චමිලා සහෝදරිය හා වසමේ රාජ්‍ය නිලධාරීන් ඇතුලු වසමේ ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයින්ද කොට්ඨාස සභා සාමාජිකයින් ද සම්බන්ධවිය