02/11/2023
තැඹිලි ඇපල් ආක්‍රමණය කරයි | Rupavahini News Follow on:Official website - http://www.runews.lkOfficial website - http://www.rupavahini.lkOfficial YouTube Channel - https://www.rupavahini.lk/youtube
Achieving national prosperity through development of the plantation industry.
02/11/2023
තැඹිලි ඇපල් ආක්‍රමණය කරයි | Rupavahini News Follow on:Official website - http://www.runews.lkOfficial website - http://www.rupavahini.lkOfficial YouTube Channel - https://www.rupavahini.lk/youtube
02/11/2023
පොල් වගාවේ මයිටා මඩින්න NEOSEIULUS BARAK එයි
READ MORE >>>https://tinyurl.com/hy78jp4k
01/11/2023
2023 තැඹිළි අපනයනය 117%කින් ඉහළට
READ MORE >>> https://tinyurl.com/34tdnyum
කිතුල් කර්මාන්තයේ අභිවෘද්ධියට යටියන්තොට කිතුල් මැදුර ඇරඹේ..
09/10/2023
කිතුල් කර්මාන්තයේ අභිවෘද්ධියට යටියන්තොට කිතුල් මැදුර ඇරඹේ..
---------------------------------------
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් එහි නියුතු ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථානය පසුගිය දා ( ඔක්තෝබර් 7) යටියන්තොට, තැලිගම ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිනී ගරු රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ ඉල්ලීම පරිදි වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මිලියන 08ක මූල්‍ය ප්‍රතිපාදන මත කිතුල් සංවර්ධන මණ්ඩලයේ මැදිහත්වීමෙන්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගීතාවයෙන් ඉදිකල මෙම මධ්‍යස්ථානය හරහා කිතුල්ගල ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ විභවතාවයත් උපයෝගී ගනිමින් , කිතුල් සත්කාර සංචාරක ගම්මාන වැඩපිළිවෙළත් උපයෝගී කොට ගනිමින් කිතුල් ප්‍රවර්ධනය උදෙසා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් 10 දෙනෙකුට සිය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට අවස්ථාව හිමිකර දී තිබෙයි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිනී රාජිකා වික්‍රමසිංහ, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය , කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතිඥ ගිහාන් පෙරේරා ඇතුළු රාජ්‍ය නිළධාරින් , කිතුල් කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් , යටියන්තොට ප්‍රදේශවාසීන් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ.
ජාත්‍යන්තර කෝපි දිනය _ ඔක්තොම්බර් 01
30/09/2023
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතුහිමියන් ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ වැඩසටහන සාර්ථකව නිමකෙරේ..
------------------------------
ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක මූලික කොට ගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතුහිමියන් ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ වැඩසටහන යටතේ නේවාසිකව පැවැත්වූ න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩමුළු සාර්ථකව නිම කරමින් ඊට සහභාගිවූවන් සදහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවැත්විණි.
ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, ගාල්ල සහ කළුතර වතුහිමියන්ගේ සංගමය , පහත රට වැවිලිකරුවන්ගේ සංගමය , කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , කුඩා තේවතු සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය , ශ්‍රී ලංකා තේ මණ්ඩලය ආදී ආයතන රැසක මූලිකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සහ තේ සෑදීමේ ක්‍රියාවලිය , ශිල්පීය තේ පැකට් කිරීම, විකිණීම, අලෙවිකරණය ප්‍රවර්ධනය, ශ්‍රී ලංකාවේ ශිල්පීය තේ වල නීතිමය පැතිකඩ, තේ වෙළඳපොලේ තේ තැරැව්කරුවන්ගේ භූමිකාව, ශිල්පීය තේවල තත්ත්වය ප්‍රමිති සහ නඩත්තුව, ගෝලීය තේ කර්මාන්තය පිළිබඳ දළ විශ්ලේෂණය, ශිල්පීය තේ වල වත්මන් ප්‍රවණතා සහ අනාගත විෂය පථය, ශිල්පීය නිෂ්පාදන හැඳින්වීම , ශිල්පීය තේ සහ විශේෂිත තේ වර්ග වෙන් කිරීම, ලංකා තේ වල විවිධ ලක්ෂණ සහ පැතිකඩ , තේ රස බැලීම සහ අගය එකතු කිරීම ආදී සාම්ප්‍රදායික තේ නිමැවුම් කර්මාන්තයේ සිට නව තාක්ෂණය මුසුකොට ගත් අගය දාම එකතු කිරීමේ තේ නිෂ්පාදන ක්‍රියාවලියත් , තේ අලෙවිය සම්බන්ධ ඩිජිටල් අලෙවිකරණ මාර්ගගත ව්‍යාපාර මෙන්ම තේ සංචාරක ව්‍යාපාරය වැනි අනෙකුත් තේ ආශ්‍රිත නව ව්‍යාපාර ඉසව් පිළිබඳවත්, වූ දැනුම හා තොරතුරු අන්තර්ගත විය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්ම කීර්ති , ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති පුෂ්පික සමරකෝන් , අධ්‍යක්ෂ , ප්‍රධාන විධායක නිළධාරි ආචාර්ය ප්‍රසාද් ධර්මසේන , ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩි මෙල්, තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ , කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී.ජී. මහීපාල , පහතරට වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.පී.ජයන්ත ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
25/09/2023
- 2023.09.25 -
කුරුදු නිෂ්පාදකයන් වෙනුවෙන් අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනයක්
'Cinnamon Fiesta' අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ වසරේ මුල් කාර්තුවේ “ශ්‍රී ලංකා කුරුඳු” සඳහා යුරෝපීය කොමිසම විසින් ප්‍රථම වරට GI (භූගෝලීය දර්ශක) සහතිකය ලබා දී ඇත.
කුරුදු අපනයනය ප්‍රවේශයන් අගය එකතු කළ නිෂ්පාදන හරහා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට කුරුදු නිෂ්පාදකයන් දැනුවත් කරමින් තවදුරටත් උනන්දු කරවීම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණයි.
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |