26/05/2023
Lawyers for Truth and Justice
"සත්‍ය සහ යුක්තිය සදහා නීතිඥයෝ"
යුක්තිගරුක නීතිගරුක සමාජයක් උදෙසා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සහ සිවිල් පුරවැසි අයිතීන් සුරක්ෂීත කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වැඩි දියුණු කිරීමට අවශ්‍ය වෘත්තීය දායකත්වය ලබා දීමේ අරමුණින්....
""අරගලයේ නීතිඥයෝ සංවිධානය"" වඩාත් පුළුල් සමාජීය,සිවිල් සහ දේශපාලන මැදිහත් විමක් උදෙසා "සත්‍ය සහ යුක්තිය සදහා නීතිඥයෝ"නමින් අලුත් මුහුණවරකින් නව ජවයකින් කොළඔ සමාජ සහ සාමුහික කෙන්ද්‍රයේදි අද (05.26.2023) පලමු මාධ්‍ය හමුව සංවිධානය කර තිබිනි.
එහිදි නීතිඥ අමිල එගොඩමහවත්ත,(සභාපති)
නීතිඥ මනෝජ් නානායක්කාර,(කැදවුම්කරු)
නීතීඥ ලිහිනි ප්‍රනාන්දු ,(ලේකම්)
නීතීඥ නීත් උදේශ(ජාතික සංවිධායක) ලෙස පත්විය.
සත්‍ය සහ යුක්තිය සදහා නීතීඥයයෝ - සංවිධානය පිහිට වීයේ මුලික අරමුණු සහ පරමාර්ථ වන්නේ…
01) යුක්තිගරුක නීතිගරුක සමාජයක් උදෙසා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සහ සිවිල් පුරවැසි අයිතීන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වැඩි දියුණු කිරීමට අවශ්‍ය වෘත්තීය දායකත්තවය ලබා දීම.
02) යහපත් දේශයක් උදෙසා සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික කරුණු තුලදි පුළුල් සිවිල් මැදිහත් විමකට ඇවැසි නීතිමය රාමුව තුල ප්‍රජාව බලගැන්වීම උදෙසා රාජයට සහ ආණ්ඩුවට බලපෑම් කළ හැකි සිවිල් නිදහස් වටපිටාවක් නිමර්මාණය කර ගැනීම සදහා කැපවීම.
03) මානවහිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට තහවුරු කරනු ලබන මුලීක අයිතිවාසිකම් කඩවු අවසථවලදි අගතියට පත් පාශ්‍රවයන්ට මෙන්ම වින්දිතයන්ට නීතිමය අධාර ලබා දීම සහ ඒ වෙනුයවන් පුළුල් සමාජ කතිකාවතක් නිමර්මාණය කර ගැනීම.
04) ස්ත්‍රි, පුරුෂ සමාජ භාවය හෝ ආගමික,ජාතින් සහ සංසකෘතික වශ්‍යයන් හෝ ලිංගිකත්තවය පදනේ කර ගනිමින් සිදු කරන ජාතිවාදි,ආගම්වාදි සහ මානව පැවැත්තමට හානිකර තත්වයන් වර්ධනය කිරීම සීමා කිරීමට අවශ්‍ය සිවිල් පුරවැසි බලය බලගැන්වීම.
05) මහජනතාව සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් නීතිමය රාමුව තුල (විධයක,ව්‍යවස්ථාදායක, හෝ අධිකරණය) උල්ලංඝනය වන අවස්ථාවන්වලදි එයට ඇවැසි නීතිමය රැකවරණය බලාත්තමක කිරීම සදහා වු පුළුල් නිදහස් වේදිකාවක් නිමර්මාණය කිරීම.
06) සිවිල් අයිතිවාසිකම් වැඩි දියුණු කර ගැනිමේ පදනමින් පුරවැසි බලය බලගැන්වීමට අවැසි නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සහ ව්‍යවස්ථාදායකට ඒ සම්බන්ධයෙන් සිය අදහස්,යෝජනා සහ ඉල්ලීම් කළ හැකි සිවිල් පුරවැසි යාන්ත්‍රනයක් සහිත පුළුල් එකගත්‍තා වැඩපිළිවලක් සකස් කිරීම.
07) භාෂනයේ සහ ප්‍රකාශ්‍නයේ අයිතීන් උල්ලංඝනයවි, රාජ්‍ය මර්දනයට ලක්වන අවසථා වලදි ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඒ වෙනුවෙන් පවතින නීතිමය ප්‍රතිපාදන තුල මැදිහත්ත වීම සහ යුක්තිය සාධාරණත්තවය ලබා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීම.

26/05/2023