04/06/2026
“2026 ජගත් පරිසර දිනය”
“දලුලන්න ඉඩදෙන්න”
පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)
#දලුලන්නඉඩදෙන්න
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Marine Environment Protection Authority-Sri Lanka, Government Organization, 177, Nawala Road, Colombo 5, Colombo.
04/06/2026
“2026 ජගත් පරිසර දිනය”
“දලුලන්න ඉඩදෙන්න”
පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)
#දලුලන්නඉඩදෙන්න
04/06/2026
🌊 මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනට ඔබත් එකතු වන්න! 🌊
2026 ජගත් සාගර දිනය (World Oceans Day 2026) සැමරීම නිමිත්තෙන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් සංවිධානය කරනු ලබන විශේෂ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ පෝර්ට් සිටි (Port City, Colombo) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
අනාගත පරපුර වෙනුවෙන් සුපිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සාගර පරිසරක් නිර්මාණය කිරීමටත්, අපගේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමටත් ස්වේච්ඡා සේවකයන්, කිමිදුම්කරුවන්, පරිසර හිතකාමීන් සහ සාගරයට ලැදි ඔබ සැමට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🤝🐋
📅 දිනය: 2026 ජූනි 06 වනදා
9️⃣ වේලාව: පෙ.ව. 9.00 සිට
📍 ස්ථානය: පෝර්ට් සිටි, කොළඹ (Port City, Colombo)
📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න:
සම්පත් විජේතුංග – 074 263 5613
සාගරය සුරකින්න, අපි හැමෝම එකතු වෙමු! 🤿🐠
04/06/2026
“2026 ජගත් පරිසර දිනය”
“දලුලන්න ඉඩදෙන්න”
පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)
“ජාතික පරිසර සතියේ අද (04) හතරවන දවසයි,
වෙරළ කලාප පවිත්‍ර කිරීමේ දිනයයි”.
“2026 ජගත් පරිසර දිනය”
“දලුලන්න ඉඩදෙන්න”
පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)
එක්සත් ජාතීන්ගේ අනුමැතියෙන්,
ලක්දෙරණේ තරුණ බලකාය
පරිසරය රැකගන්න පෙරමුණට!
දේශගුණික විපර්යාසයන්ට සහ
වායු දූෂණයට එරෙහිව
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා
එක්ව ක්‍රියාත්මක වන
අපේ තරුණ ජවයට
ඔබත් දෑත් දිගු කරන්න
#දලුලන්නඉඩදෙන්න
04/06/2026
🗓️ Countdown තව දින 04 යි!
2026 ජගත් සාගර දිනය සමරන්න සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සූදානම්. නිල්වන් මහා සාගරය ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය වලින් තොර සුරක්ෂිත කලාපයක් කිරීමට ඔබත් අදම අත්වැලක් වන්න. 🤝🐳
03/06/2026
අනාගත පරපුර වෙනුවෙන් උල්පත් සුරකිමු!"
දේශගුණ විපර්යාස හමුවේ සිඳී යන දිය උල්පත් නැවත පණගැන්විය හැක්කේ අපේ වන ගහනය රැකගැනීමෙන් පමණි. ජලය සුරකිමු, ජීවය සුරකිමු. අපේ වැව් පද්ධතිය සහ ගංගා පද්ධතිය රැකගැනීමට අදම අත්වැල් බැඳගනිමු!
வருங்கால சந்ததியினருக்காக நீரூற்றுகளைப் பாதுகாப்போம்!
நமது காடுகளைப் பாதுகாப்பதன் மூலம் மட்டுமே, பருவநிலை மாற்றத்தால் வற்றிவரும் நீறுக்களை எமக்கு மீட்டெடுக்க முடியும். தேசிய சுற்றுச்சூழல் சட்டத்தில் கொண்டுவரப்பட்டுள்ள புதிய திருத்தங்கள் மூலம், நீர் மாசுபாட்டிற்கு எதிரான சட்டங்கள் கடுமையாக அமுல்படுத்தப்படுகிறது.
நீரைச் சேமிப்போம், உயிரைக் காப்போம். எமது ஏரி மற்றும் நதி அமைப்புகளைப் பாதுகாக்க இன்றே கைகோர்த்துக்கொள்வோம்!
Protecting Springs for the Future Generation!" In the face of climate change, the only way to revive drying water springs is by protecting our forest cover. Save water, save life. Let us join hands today to protect our reservoir and river systems!
#දලුලන්නඉඩදෙන්න
ජගත් සාගර දිනය වෙනුවෙන්.
අධිකාරියේ සභාපතිතුමාගේ සටහන
03/06/2026
අද ජාතික පාරිසරික සතියට අදාළ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයයි.
ජලය කියන්නේ ජීවයේ රිද්මයයි. අපේ ගංගා, ඇළ දොළ, වැව් අමුණු සහ භූගත ජල මූලාශ්‍ර කර්මාන්ත අපද්‍රව්‍ය හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීම අපගේ වගකීමක්. අප විසින් තිරසර දියවර ජාතික වැඩසටහන හඳුන්වා දුන්නේ ඒබැවින්. ජල මූලාශ්‍ර අවට ගස් වැවීමෙන් සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් හෙට දවස වෙනුවෙන් දිය බිඳක් ඉතිරි කරමු. පිවිතුරු ජලය - සුරැකි හෙටක්!
ஒரு துளி நீரை சேமிப்போம் வாழ்கையை வெல்வோம்!
நீரே வாழ்வின் தாளம். தொழிற்சாலைகளின் கழிவுகள் மற்றும் நெகிழிகளால் நமது ஆறுகள், ஓடைகள், ஏரிகள் மற்றும் நிலத்தடி நீரூற்றுக்கள் மாசுபடுவதை தடுப்பது எமது பொறுப்பாகும். அதனால் தான் நாம் தேசிய நிலைபெறு "தியவர” என்ற நிகழ்ச்சி திட்டத்தை ஆரம்பித்தோம். நீர் நிலைகளில் மரங்களை நாட்டி நீரை சிக்கனமாக பயன்படுத்துவதன் மூலம் நாளைக்காக சிறிதளவு நீரைச் சேமிப்போம். சுத்தமான நீரை பாதுகாக்கும் ஒரே நாடு!
Water is the rhythm of life. It is our collective responsibility to prevent our rivers, streams, lakes, reservoirs, and groundwater sources from being polluted by industrial waste and plastics. This is precisely why we introduced the 'Sustainable Waters' National Program. Let us secure a drop of water for tomorrow by planting trees around our water resources and using water sparingly. Clean water – a secured future
#දලුලන්නඉඩදෙන්න
03/06/2026
🐠 ජගත් සාගර දිනය 2026
තව දින 05 යි! 🐚
සිතන්න, අප ආශ්වාස කරන ඔක්සිජන් වායුවෙන් අඩකට වඩා ප්‍රමාණයක් ලබා දෙන්නේ මේ මහා සාගරයයි. ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් සාගරය දූෂණය වීම වැළැක්වීම අපේ යුතුකමකි.වගකීමකි
එන්න, සාගරයේ හෙට දවස වෙනුවෙන් අදම පෙළගැසෙමු!
02/06/2026
“2026 ජගත් පරිසර දිනය”
“දලුලන්න ඉඩදෙන්න”
ජාතික පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)
ලෝකය වෙනස් කරන්න කලින් මුලින්ම
ආකල්ප වෙනස් කරමු!
පරිසරය සුරැකීම කියන්නේ
නීතියකට හෝ රාමුවකට විතරක්
සීමා වෙච්ච දෙයක් නෙමෙයි
එය අපේ ජීවන රටාවේ
සැබෑ වෙනසක් විය යුතුයි
නිරන්තර පැවැත්මක් සහ
හරිත දැක්මක් කරා යන
මේ ගමනේදී,
අපේ කුඩා ආකල්පමය වෙනස
හෙට දවසේ දැවැන්ත පෙරළියකට
පදනම වේවි ඒ වෙනස
ඔබේ ආකල්පයෙන්ම
ආරම්භ කරන්න ඔබ සූදානම්ද?
#දලුලන්නඉඩදෙන්න
“2026 ජගත් පරිසර දිනයට හරිත උත්තමාචාරය”
අනුරාධපුරයේ වනාන්තර පහක්(05) "වනස්පති" ජාතික වැඩපිළිවෙළ යටතේ රක්ෂිත බවට පත්වෙයි!
මිහිතලයේ හුස්ම සුරකින "වනස්පති" වනාන්තර රක්ෂිතකරණ ජාතික වැඩසටහන යටතේ, මෙවර ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුවිශේෂී වනාන්තර පහක් නිල වශයෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව, සමස්ත හෙක්ටයාර 2,169ක සරුසාර භූමි ප්‍රමාණයකින් යුත් මෙම වනාන්තර 5 මෙලෙස ආරක්ෂිත කලාප බවට පත්වේ.වන සතුන්ට සුපොෂීත කලාපයක් වන මෙහි ජලපොෂක පද්ධතින් රැසක්ද දක්නට තිබේ.
රිටිගල වනාන්තරය,අලියා වැටුණු වැව වනාන්තරය,බුලාගල වනාන්තරය,කෝන් කැටියාව වනාන්තරය සහ කලලංචිය වනාන්තරය.
නිරන්තරයෙන් අලි-මිනිස් ගැටුම්වලින් පීඩා විඳින අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙම නව රක්ෂිතයන් එක්වීම සැබවින්ම බලාපොරොත්තුවේ කිරණකි.
සතුන්ගේ පාරම්පරික නිවහන සුරක්ෂිත කිරීම හරහා වනජීවී පැවැත්ම තහවුරු වනවා සේම, කලාපයේ අලි-මිනිස් ගැටුමට තිරසර සහ දිගුකාලීන ස්ථිර සාමකාමී විසඳුමක් උදාවීමටද මෙයින් මඟ පෑදෙනු ඇත.
ජාතික පරිසර සතිය - 2026 (මැයි 30 සිට ජුනි 05 දක්වා)
#දලුලන්නඉඩදෙන්න
| Monday | 09:00 - 16:15 |
| Tuesday | 09:00 - 16:15 |
| Wednesday | 09:00 - 16:15 |
| Thursday | 09:00 - 16:15 |
| Friday | 09:00 - 16:15 |