Sri Lanka Atomic Energy Board

Sri Lanka Atomic Energy Board

Share

was established by Act # 04 of 2014

2014 අංක 40 දරණ පරමාණුක ශක්ති පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයකි.

එම පනතට අනුකූලව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාතික සංවර්ධනය සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීමටත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, අයනීකරණ විකිරණ හා ප්‍රභව සම්බන්ධ නියාමන කටයුතු සිදු කිරීමටත් වගකිය යුතු වේ. The Atomic E

Photos from Sri Lanka Atomic Energy Board's post 29/01/2026

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විෂය පථය යටතට ශ්‍රී ලංකා පරමාණු බල ශක්ති මණ්ඩලය පත්වීමත් සමග ආයතනයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර ඉදිරි සැලසුම් සඳහා මාර්ගෝපදේශකත්වය ලබාදීම මෙහි මූලික අරමුණ විය.
එතුමා ඇතුළු නිලධාරීන් පිරිස සභාපති, අචාර්ය තුෂාරා රත්නායක මහත්මිය හා ජේෂ්ඨ නිලධාරීන් විසින් පිිළිගන්නා ලදී.
ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සතු විද්‍යාගාර මගින් න්‍යෂ්ටික තාක්ෂණය සම්බන්ධ කරගෙන සිදු කරනු ලබන පර්යේෂණ හා සේවාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. වෛද්‍ය , කාර්මික, කෘෂිකාර්මික හා පාරිසරික වැනි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ එම තාක්ෂණය යොදා ගත හැකි ආකාරයන් එම ක්ෂේත්‍රයන් හා සම්බන්ධ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කිරීමට තීරණය විය.
විශේෂයෙන්ම න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යොදාගැනීම්, ආරක්ෂාව හා සුරක්ෂාව පෙරදැරිව ලබාදීමට මණ්ඩලය මගින් ලබාදෙන සේවා පිළිබඳවත්, අප රට තුල න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය පිළිබඳ වැඩසටහන ඉදිරියට යා යුතු අන්දමත් සාකච්ඡා විය.

Photos from Sri Lanka Atomic Energy Board's post 03/01/2026
Microsoft Virtual Events Powered by Teams 17/12/2025

You are cordially invited to join our upcoming WEBINAR ON THE INTERNATIONAL NUCLEAR SCIENCE OLYMPIAD (INSO), where we will highlight
INSO 2025 and introduce the competition's latest updates, eligibility criteria, and opportunities for participants for the upcoming 2026 INSO.
There will also be an opportunity to hear from the 2025 Nuclear Science Olympiad Ambassador.

📅 DATE: 18 December 2025
⏰ TIME: 09:00 AM - 11:00 AM (CET)
💻 FORMAT: Microsoft Teams Online webinar
🎟️ REGISTRATION: https://tinyurl.com/5crfc6fe [1] [1 [1]]

AGENDA:

* Reflections on INSO 2025
* INSO Eligibility & IAEA Support
* Inspiration from the Field: A 2025 Ambassador's Journey
* Career Pathways : Opportunities in nuclear science and technology
* Academic & Professional Growth Through INSO Participation
* Q&A Session

The session will feature expert speakers and members of the INSO leadership and organising committees:

MS. MAYA AL AZRI - Chair, INSO Steering Committee, Minister's Counsellor for Innovation, Ministry of Education, Oman, Director, Innovation and Scientific Olympics Department
DR. SITI NUR AIN SULAIMAN - INSO 2025 Local Organising Committee Member and Special Project Officer, Malaysia, Higher Education Officer, National University of Malaysia
MS. MARINA BINTI MISHAR - Section Head, IAEA, Department of Technical Cooperation - Division for Asia and the Pacific
MR. WANG YUNZE - 2025 Nuclear Science Olympiad Ambassador, Raffles Institution, Singapore
MS. HELENA ZHIVITSKAYA - KM Specialist (Knowledge Organisation Systems), IAEA

This webinar is an excellent opportunity for students, educators, and science enthusiasts to learn more about the INSO 2026 competition and
engage directly with organisers during the live Q&A. We look forward to your participation.

Microsoft Virtual Events Powered by Teams Microsoft Virtual Events Powered by Teams

Photos from Sri Lanka Atomic Energy Board's post 16/12/2025

☢️ ORPAS පසු විමසුම් මෙහෙයුම – 2025 ශ්‍රී ලංකාව (ORPAS Follow-up Mission Sri Lanka -2025)
අප රට තුල වෛද්‍ය, කාර්මික හා පර්යේෂණ ක්ෂේත්‍ර යන්හි විවිධ කටයුතු සඳහා අයනීකාරක විකිරණ තාක්ෂණය භාවිතා කරයි. එහිදී විකිරණ සමග වැඩ කරන සේවකයන් අනවශ්‍ය ලෙස අයනීකාරක විකිරණයට නිරාවරණය පාලනය කිරීම වෘත්තීය විකිරණ ආරක්ෂාව (Occupational Radiation Protection) ලෙස හඳුන්වයි. මේ සඳහා වන නීති රීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ලබා දෙන තාක්ෂණික සේවා, ශ්‍රී ලංකාව තුල තාක්ෂණික සේවා සපයන්නා ලෙස (Technical Service Provider (TSP)) ලෙස ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය (SLAEB) මගින් ලබා දේ.
එලෙස ලබා දෙන සේවා අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ලබා දෙනවා ද යන්න ඇගයීමට ORPAS (Occupational Radiation Protection Appraisal Service) මෙහෙයුමක් සිදු කරන ලෙස. මණ්ඩලයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකාව විසින් 2019 වර්ෂයේ දී, ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සිය (IAEA) වෙතින් ඉල්ලීමක් සිදු කරන ලදී,
ඒ අනුව 2019 වසරේ සිදුකරන ලද ORPAS මෙහෙයුම මඟින්, SLAEB විසින් ලබා දෙන සේවා වන් මෙන් ම ඒ සදහා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නීති රෙගුලාසි හා විකිරණ තාක්ෂණය යොදාගන්නා ආයතන එම ක්‍රියා පිළිවෙත්, ජාත්‍යන්තර ප්‍රමිතීන් ට අනුව නිසි පරිදි සිදු වන්නේ ද යන්න ජාත්‍යන්තර විශේෂඥ කමිටුවක් විසින් ඇගයීම සිදු කරන ලදී. එම ORPAS මෙහෙයුමෙන් නිර්දේශ 37ක්, යෝජනා 46ක් සහ හොඳ පුරුදු 2ක් හඳුනා ගන්නා ලදී.
එම නිර්දේශ හා යෝජනා පදනම් කර ගෙන, IAEA සහයෝගය සහිත ව ක්‍රියාත්මක කල ජාතික හා කලාපීය තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘති සහ ජාතික හවුල්කාර ආයතනවල සහයෝගය යටතේ, ශ්‍රී ලංකාව තුල වෘත්තීය විකිරණ ආරක්ෂාව සැපයීමේ වැඩසටහන සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ගැනීමට හැකි විය.
එහි ප්‍රගතිය ඇගයීම සඳහා, 2025 නොවැම්බර් මාසයේ දී ORPAS පසු විමසුම් මෙහෙයුම (ORPAS Follow-up Mission) ශ්‍රී ලංකාවේ පැවැත්වූ අතර, එය ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය (SLAEB) සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන කවුන්සිලය (SLAERC) එක් ව සම්බන්ධීකරණය කරන ලදී.
මෙම පසු විමසුම් මෙහෙයුමේ දී, 2019 ලබා දුන් බොහෝ නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කර අවසන් කර ඇති බව ORPAS විශේෂඥ කණ්ඩායම විසින් හඳුනා ගන්නා ලදී. එමගින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය, කාර්මික හා පර්යේෂණ ක්ෂේත්‍රවල සේවය කරන විකිරණ සේවකයන්ගේ ආරක්ෂාව වැඩිදියුණු වී ඇති බව තහවුරු විය.
ORPAS මෙහෙයුම, ජාත්‍යන්තර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ජාතික පද්ධති තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් ඉතා වටිනා වේදිකාවකි.
තාක්ෂණික සේවා සපයන්නා ලෙස ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය ඉදිරියටත් IAEA සහ සියලු ජාතික හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ විකිරණ ආරක්ෂාව ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට කැප වී කටයුතු කරයි.









18/11/2025

You are cordially invited to the first-ever ‘INSTA-ANENT-INSO’ WEBINAR,
IN ASSOCIATION WITH THE ANENT WEBINAR
SERIES, ON THE ‘BEST PRACTICES THROUGH SECONDARY EDUCATION IN THE
RESPECTIVE COUNTRIES ’ AT 09:00-10:30 AM (CET) ON 19 (WED.) NOVEMBER
2025.

This Webinar is a part of collaborative commitments of the INSTA, the
ANENT and the INSO so as to share nuclear knowledge in the region and
coordinated via the activity of the IAEA TC RAS/0/091 on Nuclear
Sciencem and Technology education.

* Presenters are in general experts from the Members of the INSTA, the
ANENT and the INSO network.
* We encourage practitioners, educators, teachers and students to be
partaken in this Webinar to have direct online interactions with experts
of the respective field.

SPEAKERS:
* Mr. Kuit Vui Ket (Chris Kuit), Chemistry and Science Teacher at
SANZAC National Secondary School, Sabah, Malaysia

* Ms. Abigail C. Dagasdas, Senior Science Research Specialist at the
Philippine Nuclear Research Institute (PNRI), the Philippines

* Dr. Tan Zi Liang, Research Fellow at the Singapore Nuclear Research
and Safety Institute (SNRSI), Singapore

MODERATOR:

* Dr. Yaser Kasesaz, Communication Officer of the ANENT, National
Liaison Officer (NLO) of the IAEA Technical Cooperation Programme (TCP)
for Iran
* Associate Professor at the Nuclear Science and Technology Research
Institute (NSTRI), the Atomic Energy Organisation of Iran (AEOI)

👉 DATE & TIME: 19 (WED. ) NOVEMBER 2025, 09:00 AM (CET)

👉 FREE REGISTRATION: https://tinyurl.com/2u3u7yc9 [1]

🛑 ANENT WEBSITE: ANENT | Where We Learn and Share Nuclear Knowledge
(anentweb.net) [2]

🛑 INSTA WEBSITE: ABOUT US - INSTA [3]

🛑 INSO WEBSITE: Home | International Nuclear Science Olympiad (INSO)

Photos from Sri Lanka Atomic Energy Board's post 03/11/2025

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග සහයෝගීතාවෙන් සංවිධාන කළ විකිරණ තාක්ෂණය මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ගුණාංග වැඩි දියුණු කර ප්‍රයෝජනවත් කාර්මික යෙදවුම් නිෂ්පාදනය කිරීම පිළිබඳ ආසියා - ශාන්තිකර කලාපීය ව්‍යාපෘතියේ අවසාන සම්බන්ධීකරණ රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේස්න මැතිතුමා කොළඹ රාමඩා හෝටලයේ දී අද දින එක් විය.

ප්ලාස්ටික් තාක්ෂණය හේතුවෙන් සිදුවන පරිසර දුෂණය වර්තමානයේ ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇත. ඊට පිලියමක් ලෙස ප්‍රයෝජනවත්ව න්‍යශ්ටික තාක්ෂණය යොදා ගැනිමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අන්තර්ජාතික පරමාණුක බලශක්ති එජන්සිය විසින් NUTEC Plastic වැඩසටහන හදුන්වා දි තිබේ. විකිරණ තාක්ෂණය මගින් බහු අවයවික රසායනික වෙනස්කම් කිරීමේ හැකියාව පවතී. ඒ හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ගුණාංග වැඩි දියුණු කර ප්‍රයෝජනවත් කාර්මික යෙදවුම් නිෂ්පාදනය කිරීම සිදුවේ.

‍මෙම අවස්ථාවට පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් පිරිසක් සහභාගී වුහ.

The Sri Lanka Atomic Energy Board, operating under the Ministry of Science and Technology, in collaboration with the International Atomic Energy Agency (IAEA), organized the final coordination meeting of the Asia-Pacific Regional Project on “Improving the Properties of Plastic Wastes through Radiation Technology and Producing Useful Industrial Applications” today at the Ramada Hotel, Colombo.

Environmental pollution caused by plastic waste has become a global crisis. As a sustainable solution, the International Atomic Energy Agency, a specialized agency of the United Nations, has introduced the NUTEC Plastics Programme to promote the productive use of nuclear technology. Radiation technology enables the chemical modification of polymers, thereby enhancing the properties of plastic wastes and transforming them into valuable industrial materials.

The event was attended by a group of local and international representatives, including the Chairman of the Atomic Energy Board, Dr. Thushara Ratnayake, along with other distinguished participants.

Photos from පරමාණුක සටහන් - Atomic Notes's post 25/10/2025
Photos from Sri Lanka Atomic Energy Board's post 17/09/2025

Awareness programme for Dhammissara National College A/L Student at SLAEB,

Photos from Sri Lanka Atomic Energy Board's post 09/09/2025

🌟 ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික වෛද්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා සිදු කල IAEA විශේෂඥ මෙහෙවර

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB), අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සහ ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) සමඟ එක්ව, 2025 සැප්තැම්බර් 1 සිට 5 දක්වා ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික වෛද්‍ය පහසුකම්වල තත්ත්ව සහතික කිරීම සහ තත්ත්ව පාලනය (QA/QC) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂඥ මෙහෙවරක් සාර්ථකව නිම කරන ලදී.

න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව යනු පිළිකා, තයිරොයිඩ් ආබාධ, හෘදය, මොළය වැනි ඉන්ද්‍රියන්ගේ ඇතිවන රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට ආරක්ෂිතව විකිරණශීලී ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් භාවිතා කරන වෛද්‍ය ක්ෂේත්‍රයකි.

රෝගියාගේ ශරීරයට ඇතුළත් කරන F-18, I-131, Tc-99 වැනි විකිරණශීලී ද්‍රව්‍ය මගින් පිට කෙරෙන විකිරණ, පෙට් (PET), ගැමා කැමරා (SPECT) වැනි ස්කෑන් ක්‍රම මගින් අනාවරණය කර ගෙන ශරීර අන්තරයේ තොරතුරු හා ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දත්ත ලබාගත හැකි අතර, වෛද්‍යවරුන්ට මුල් රෝග විනිශ්චය සහ ඵලදායී ප්‍රතිකාර සඳහා ප්‍රබල සහයක් ලබා දෙයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා හා ආබාධ සුව කිරීම සදහා විකිරණශීලී අයඩීන් (I-131) බහුල වශයෙන් භාවිතා කරයි.

මෙලෙස න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ විකිරණශීලී ද්‍රව්‍යය භාවිතා කරන බැවින්, ශක්තිමත් ආරක්ෂක පියවර අත්‍යවශ්‍ය වේ. රෝගියා ගේ ශරීරය තුලට ඇතුළත් කෙරෙන විකිරණශීලී ද්‍රව්‍යය නිසා රෝගියාට සිදු වන බලපෑම හැකි තරම් අඩු මට්ටමක පවත්වා ගෙන නිවැරදි ප්‍රතිඵල සහ හොඳ ම සත්කාර ලැබෙන බවට සහතික කිරීමටත්, සෞඛ්‍ය සේවකයින් මෙන්ම පරිසරය ද සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමටත් තත්ත්ව සහතික (QA) සහ තත්ත්ව පාලන (QC) වැඩසටහන් වැදගත් වේ.

මෙම විශේෂඥ මෙහෙවර සඳහා Dr. Francesco Giammarile සහභාගී විය. ඔහු රජයේ සහ පෞද්ගලික රෝහල් වල න්‍යෂ්ටික වෛද්‍ය ඒකක වල විශේෂඥයින් හමුවී, රෝගීන්ගේ ආරක්ෂාව, විකිරණ ආරක්ෂාව සහ උපකරණ භාවිතය පිළිබඳ පවතින පිළිවෙත් සමාලෝචනය කළ අතර, න්‍යෂ්ටික වෛද්‍ය සේවාවන්හි QA/QC වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා වටිනා නිර්දේශ ලබා දෙනු ලැබීය.

මෙම මෙහෙයුම සදහා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ජාත්‍යන්තර විශේෂඥතාව ලබා දුන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශෙය් ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) රජයේ සහ පෞද්ගලික රෝහල් වල න්‍යෂ්ටික වෛද්‍ය ඒකක සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. මෙම කටයුත්තට පිළිකා රෝග විශේෂඥයින්, විකිරණවේදීන්, වෛද්‍ය භෞතික විද්‍යාඥයින්, විකිරණ ශිල්පීන්, හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ක්‍රියාකාරී ව සහභාගී විය.

මෙම විශේෂඥ මෙහෙවර මගින් විකිරණ ආරක්ෂක පිළිවෙත් ශක්තිමත් කිරීම, කාර්ය මණ්ඩල පුහුණුව වැඩි දියුණු කිරීම, උපකරණ ක්‍රමාංකනය වැඩිදියුණු කිරීම සහ රෝගී සත්කාරයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී. ලබා දී ඇති නිර්දේශ ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික වෛද්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික වැඩිදියුණු කිරීම් සහ අනාගත සැලසුම් යන දෙකටම මඟ පෙන්වීමට උපකාරී වනු ඇත.

ජාතික තාක්ෂණික සේවා සපයන්නා ලෙස, විකිරණ ආරක්ෂාව සහ සුරක්ෂාව සහතික කරමින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) සතු වේ.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ සහය ඇති ව සිදු කරන SRL9012 යන ජාතික තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද මෙම විශේෂඥ මෙහෙයුම, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ න්‍යෂ්ටික තාක්‍ෂණය භාවිතය පුළුල් කිරීම, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ ආරක්ෂිත සංස්කෘතිය ශක්තිමත් කිරීම සහ තවදුරටත් විශේෂඥ මෙහෙයුම් සහ ජාතික පුහුණු වැඩසටහන් සඳහා පහසුකම් සැලසීම සඳහා වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) හි අඛණ්ඩ උත්සාහයේ කොටසකි.

Photos from Ministry of Energy Sri Lanka's post 16/07/2025
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


60/460, Base Line Road, Orugodawatta
Colombo
10300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15